22 සමඟ ගෙන ඒමට නියමිත 13 බලාත්මක කිරීමේ වැඩ පිළිවෙලට එරෙහිව සරත් වීරසේකර පාර්ලිමේන්තු කණ්ඩායම් නායක රැස්වීමේදී දැඩිව කරුණු දක්වයි
Posted on October 4th, 2022

 Lanka Lead News

ඊයේ පැවැති පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමට සහභාගි වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා අදහස් දක්වමින් 22 වැනි ව්‍යවසථා සංශෝධනය තුළින් 13 වන ව්‍යවස්ථා සංශෝධන ප්‍රතිපාදන ඇතුළු කිරීමට තිබෙන ඉඩ සම්බන්ධයෙන් දැඩි ලෙස කරුණු දක්වා ඇති බව වාර්තාවේ.

ඒ සම්බන්ධයෙන් සරත් වීරසේකර මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින්,

ඊයේ පැවැති පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන සාකච්ඡා කරනකොට මම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට කිව්වා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට ලැබුණු ජනවරම අලුත් ව්‍යවස්ථාවක් සඳහා මිස සංශෝධන සඳහා නොවන බව. ඒ සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා මනෝහර ද සිල්වා මහතා, රොමේෂ් ද සිල්වා මහතා වැනි ව්‍යවස්ථා විශාරදයන් සහිත කමිටුවක් පත් කර වසර දෙකක් ගත කර මේ වන විටත් සූදානම් කර භාර දී තිබෙනවා. එහෙම තියෙද්දී ඇයි අපි ඒ ගැන අධ්‍යයනය නොකර සංශෝධනය කරන්න හදන්නේ කියා මම ප්‍රශ්න කළා.

ඒ වගේම මම කිව්වා, මම 13 ව්‍යවස්ථා සංශෝධනයට සම්පූර්ණයෙන්ම විරුද්ධයි එය ඉන්දියාව විසින් අපට බල කළ නිසා ගෙන ආ ව්‍යවස්ථා සංශෝධනයක් බව. මේ ව්‍යවස්ථා සංශෝධනය නිසා අපේ රට සම්පූර්ණයෙන්ම ෆෙඩරල් වීමට ආසන්නයි. ජනාධිපතිවරයාගේ විධායක බලය නිසා අපේ රටේ ඒකීය ස්වභාවය යම්තාක් දුරට පවත්වාගෙන යනවා. එබැවින් බලතල දියාරු කිරීමට යම් සංශෝධන සිදු කළහොත් බෙදුම්වාදීන්ට ඔවුන්ගේ අරමුණ ඉටු කර ගැනීමට උපකාරීවන බව මම පෙන්වා දුන්නා.”

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress