ඉන්දුනීසියාවේ බෞද්ධ සංගම්වලින් ශ්‍රී ලංකාවට ඖෂධ සහ වෛද්‍ය උපකරණ තොගයක්
Posted on October 20th, 2022

උපුටා ගැන්ම  හිරු පුවත්

ඉන්දුනීසියාවේ බෞද්ධ සංගම්වලින් ශ්‍රී ලංකාවට ඖෂධ සහ වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කර තිබෙනවා.

ඉන්දුනීසියානු බෞද්ධ නියෝජිත සංගමය (WALUBI), ඉන්දුනීසියානු ථෙරවාද බෞද්ධ කවුන්සිලය (MAGABUDHI), කාන්තා ථෙරවාද බෞද්ධ සමූහය (WANDANI) සහ ථෙරවාද තරුණ බෞද්ධ සංගමය (PATRIA) යනාදී ඉන්දුනීසියානු බෞද්ධ සංගම් විසින් ජූනි සහ අගෝස්තු යන මාසවල ශ්‍රී ලංකාවේ ජනතාවට ඇමරිකානු ඩොලර් 19,296.11ක සමස්ත වටිනාකමකින් යුත් ඖෂධ සහ වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කර ඇති බවයි විදේශ අමාත්‍යංශය කියාසිටියේ.

තානාපති කාර්යාලය විසින් මෙම ඖෂධ තොගය විදේශ කටයුතු අමාත්‍යංශය, සෞඛ්‍ය අමාත්‍යංශය, ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සහ එක්ස්පෝලංකා යන ආයතන සමඟ සම්බන්ධීකරණයෙනුයි ශ්‍රී ලංකාවට එවා ඇත්තේ.

මෙම පරිත්‍යාගය ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා තානාපති සහ ආසියාන් හි තානාපති වන යසෝජා ගුණසේකර වෙත තානාපති කාර්යාල පරිශ්‍රයේ දී නිල වශයෙන් භාරදී තිබෙනවා.

මෙම පරිත්‍යාගය භාරගත් තානාපති යසෝජා ගුණසේකර කියාසිටියේ, මෙවැනි දුෂ්කර අවස්ථාවක දී ශ්‍රී ලාංකික ජනතාවට බෙහෙවින් අවශ්‍ය වන ඖෂධ පිරිනමමින් තමන් විදහා දැක්වූ ත්‍යාගශීලීත්වය පිළිබඳව ඉන්දුනීසියාවේ බෞද්ධ සංගම් වෙත කෘතඥතාව සහ අවංක ස්තුතිය පුද කරන බවයි.

ජාතික පිළිකා ආයතනය (අපේක්ෂා රෝහල) සමඟ සම්බන්ධීකරණය වී කටයුතු කරන ඉන්දුනීසියාවේ බෞද්ධ සංගම්, එම රෝහලට විශේෂාකාරයෙන් අවශ්‍ය වන ඖෂධ සහ වෛද්‍ය උපකරණ පරිත්‍යාග කිරීමට ද කටයුතු කරමින් සිටිනවා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress