ද්විත්ව පුරවැසි ගැටලුවට පාර්ලිමේන්තුවෙන් තීන්දුවක් ගන්න බැහැ – කථානායක කියයි
Posted on October 25th, 2022

Lanka Lead News

ද්විත්ව පුරවැසිභාවය දරන මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් තීරණයක් ගත යුත්තේ මැතිවරණ කොමිෂන් සභාව මිස පාර්ලිමේන්තුව නොවන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.

ද්විත්ව පුරවැසිභාවය දරන මන්ත්‍රීවරුන් අධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කිරීමේ හැකියාව රටේ ඕනෑම පුරවැසියෙකුට ඇති බව ද කථානායකවරයා පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙතුන් දෙනෙකුට ද්විත්ව පුරවැසිභාවය ඇතැයි තමන්ට දැනගන්නට ලැබී ඇති බවත්, ඒ හැර තවත් මන්ත්‍රීවරුන් සිටී දැයි තමා නොදන්නා බවත් ඔහු සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් නීතියෙන් ලබාදෙන තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීම හැරෙන්නට තමාට වෙන කිසිවක් කළ නොහැකි බවද කථානායකවරයා පවසයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress