වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පරීක්ෂණ 40කට අධික ප්‍රමාණයක් සිදු කෙරෙන්නේ නෑ. අත්‍යවශ්‍ය ඖෂධ 120ක් හිඟයි
Posted on October 25th, 2022
රවී කුමුදේශ් සභාපති සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය
👉අත්‍යවශ්‍ය ඖෂධ 120ක් හිඟයි
👉වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පරීක්ෂණ 40කට අධික ප්‍රමාණයක් සිදු කෙරෙන්නේ නෑ
👉සෞඛ්‍ය පහසුකම් සදහා ලැබී ඇති ණය සහ ආධාර, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අකාර්යක්ෂම බව නිසා අපතේ යනවා.
👉සෞඛ්‍ය අර්බුධයට හේතුව, ආර්ථික අර්බුධයට වඩා අකාර්යක්ෂම බව සහ තාක්ෂණික මාෆියාවන්ට යට වීමයි.
අත්‍යවශ්‍ය ඖෂධ 120කට වඩා වැඩි ප්‍රමාණයක් සපයා ගැනීමට නොහැකි තත්වයකට ඖෂධ සැපයීම් අංශය කඩා වැටී ඇත. රට පුරා රෝගීන්ගේ රෝග හදුනා ගැනීම සහ ප්‍රතිකාර කිරීමට අත්‍යවශ්‍ය වෛද්‍ය පරීක්ෂණ 40කට අධික සංඛ්‍යාවක් සිදු කල නොහැකි තත්වයකට වෛද්‍ය පර්‍යේෂණ අයතනය බිඳ වැටී ඇත.
මෙම පරීක්ෂණ හා ඖෂධ හිගයට අදාල හේතුව ආර්ථික අර්බුධය හෝ මුදල් අහේනියම නොවන අතර නිළධාරීන්ගේ අකාර්යක්ෂමතාවය සහ ක්‍රමවේදයන්ගේ පවතින අනවශ්‍ය සංකීර්ණ බවයි. එම තත්වයද හිතා මතා ඇති කර ගත් තත්වයක් නොවන අතර පරීක්ෂණ පෞද්ගලික රසායනාගාර වෙත යොමු කිරීමේදී සහ ඖෂධ බාහිර වශයෙන් මිලදී ගැනීමේදී විශාල වාසි සලසා ගන්නා පාර්ශව විසින් අර්බුධය විකුණාගෙන කන තත්වයක් සෞඛ්‍ය සේවාව තුල ඇතිව තිබේ. මෙම තත්වය වැලැක්වීම සදහා නිසි මග පෙන්වීමක් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නොලැබෙන අතර, බොහෝ ඉහල නිලධාරීන්ද මෙම ක්‍රමයේම ඉත්තන් හෝ ගැත්තන් බවර පත්ව තිබේ.
සෞඛ්‍ය සේවාවේ අත්‍යවශ්‍ය ඖෂධ හා රසායනාගාර ප්‍රතික්‍රීයක මිලදී ගැනීම සදහා සදහා අධාර ලබා දීමට අසියානු සංවර්ධන බැංකුව (ADB), ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව (AIIB), ලෝක බැංකුව සහ ඉන්දියන් ණය ආධාර (Credit Line) හරහා මුදල් ලබා ගැනීමට හැකියාව පවතින අතර, චීනය වෙනම ආධාරයක් ද ලබා දී තිබේ. නමුත් උක්ත කිසිදු ආධාරයක් හෝ කාර්යක්ෂම ලෙස පරිහරණය කිරීමට අසමත් වීම, මෙම සෞඛ්‍ය අර්බුධයට අදාල ප්‍රධානතම හේතුවයි.
බිම් මට්ටමේ සෞඛ්‍ය වෘත්තිකයින්ගේ පැමිණිලි, වෘත්තීය සමිති යෝජනා පසෙකලමින්, තමන්ට පෞද්ගලිකව ලැබෙන ලාභය උදෙසා වැඩ කරන සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහල පරිපාළණ නිළධාරීන් දස දෙනෙකුගේ සේවය රජය විසින් තවත් වසරකින් දිගු කිරීම හරහා නිරායාසයෙන් ලැබීමට තිබු කාර්යක්ෂමතාවයද තවත් වසරකින් දික්කොට ඇති බැවින් රෝගීන් දිනපතා බිලි දෙනවා හැර වෙනත් විකල්පයක් පෙනෙන්නට නැත.
වෛද්‍ය පර්යේෂණ ආයතනයේ සිදු නොකරන පරීක්ෂණ
1. PSA
2. TSH
3. T3
4. T4Antigen
6. Testesterone
7. Vitamin B12
8. Projesterone
9. Vitamin D
10. Cortizole
11. Tracloimas
13. VMA
14. Cyclosphorin
15. Metanephrin
16. Anti Cardio Tropanin
17. CMV IgG
18. CMV IgM
19. Mumps IgG
20. Rubella IgG
21. Hb A1C
22. Celluloplasmin
23. Electrolytes
24. BJ Protein
25. ANA
26. Varcella IgG PCR
27. EBV PCR
28. BKV PCR
29. Pavo IgM PCR
30. Pavo IgG PCR
31. Hepatitis A IgG
32. Hepatitis A IgM
33. Hepatitis C Ab
34. Hepatitis B Antibody Profile
35. Hepatitis Anitigen
36. Hepatitis Co Antigen
37. C3
38. C4
39. ASOT
40. AFB
41. CEA
42. Thyroglibulin
රට පුරා සියළු රෝහල්හී රෝගීන්ට අඛණ්ඩව ප්‍රතිකාර කිරීමට ඉතා අතවශ්‍ය මෙම වෛද්‍ය පරීක්ෂණ, අතිශය සුවිශේෂි රෝග රැසක් හදුනා ගැනීම, වසංගත ඇතුළු රෝග රැසක් ඇතිවීම වලක්වා ගැනීම ඉතා වැදගත් වේ. මෙම පරීක්ෂණ බොහොමයක් පෞද්ගලික අංශයේ පවා සිදු නොකරන අතර, එසේ සිදු කලද ඉතා විශාල මිලක් ගෙවීමට සිදු වේ.
පරීක්ෂණ කිහිපයක් පිළිබද තොරතුරු
👉 *PSA පරීක්ෂණය*
පුරස්ථි ග්‍රන්ථි විශේෂිත ප්‍රතිදේහජනක (PSA) යනු පුරස්ථි ග්‍රන්ථියේ පිළිකා හඳුනා ගැනීමට උපකාර වන රුධිර පරීක්ෂණයකි.
👉 *TSH / T3 / T4 පරීක්ෂණ*
ශරීරය ලෙස තයිරොයිඩ් හෝමෝන නිපදවන තත්වයන් හදුනා ගැනේ. තයිරොයිඩ් රෝගය සඳහා ප්‍රතිකාර නිරීක්ෂණය කිරීම ද මෙම පරීක්ෂණ මගින් සිදුවන බැවින්, එක් වතාවක් පරීක්ෂාව නොකිරීම මගින්, රෝගීන්ගේ දීර්ග කාලීන ප්‍රතිකාර අපතේ යා හැකිය.
👉 *VMA පරීක්ෂාව*
වැනිලිල්මැන්ඩලික් අම්ලය (VMA) පරීක්ෂණය මූලික වශයෙන් භාවිතා කරනුයේ උදරයේ ස්කන්ධයක් ඇති ළමුන්ගේ නියුරොබ්ලාස්ටෝමා හෝ රෝගය පිළිබඳ වෙනත් රෝග ලක්ෂණ හඳුනා ගැනීම සහ ඉවත් කිරීම සඳහා ය. දරුවෙකුට නියුරොබ්ලාස්ටෝමාවක් ඇති බවට වෛද්‍යවරයකු සැක කරන විට හෝ එම හැකියාව බැහැර කිරීමට අවශ්‍ය වූ විට VMA පරීක්ෂණය ඉල්ලා සිටී. මෙම පරීක්ෂාව පෞද්ගලික අංශයෙන් සිදු කර ගැනීම සදහා රුපියල් 25000/-ක් පමණ වැයවේ.
👉 *Hepatitis පරීක්ෂණ*
විවිධ අවශ්‍යතාවයන් සදහා පරීක්ෂණ වර්ග 10ක් පමණ මේ යටතේ සිදු කරණු ලබයි. කහ උණ රෝගය හදුනා ගැනීමටත්, ඇතැම් රෝග කාරක සමාජය තුල පැතිරීම වැලැක්වීමටත්, රුධිර පාරවිලයනය, අභ්‍යන්තර අවයව බද්ධ කිරීම වැනි ශල්‍යකර්ම පෙර මෙම පරීක්ෂාව අනිවාර්‍යෙන්ම සිදු කල යුතුය
රවී කුමුදේශ්
සභාපති
සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය