ඓතිහාසික කුරුන්ධි විහාර පරිශ්‍රයේ ආරක්ෂාව තහවරු කර ගැනීම
Posted on October 28th, 2022

ගයන් ද මෙල් ලේකම්  – ‘ස්පර්’ සංවිධානය, වික්ටෝරියා, ඕස්ට්‍රේලියාව.

බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමා,

135, අනගාරික ධර්මපාල මාවත, කොළඹ 07

ගරු මැතිතුමනි,

ඓතිහාසික කුරුන්ධි විහාර පරිශ්‍රයේ ආරක්ෂාව තහවරු කර ගැනීම

වසර 27කට වැඩි කාලයක් ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඉහළ නැංවීමට, භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කිරීමට සහ අපගේ ආරක්ෂක හමුදාවන්ට සහ යුද්ධයෙන් පීඩාවට පත් දුප්පතුන්ට උපකාර කිරීමට සැමවිටම පියවර ගන්නා දේශප්‍රේමී ශ්‍රී ලාoකිකයින්ගෙන් සැදුම්ලත්  ‘ස්පර්’ නමින් හදුන්වන අප සoවිධානය,  ඓතිහාසික කුරුන්ධි විහාර පරිශ්‍රය වෙත මෑතක සිට අන්තවාදී දේශපාලනික පෙලඹවීම් මත යම් ප්‍රචණ්ඩකාරී කණ්ඩායම් නීති විරෝධී ලෙස මැදිහත්වීමේ හේතුවෙන් විහාරස්ථානයේ සංරක්ෂණ කටයුතු අඩාල වී ඇති අයුරු ගැන සලකා බලා, පහත සඳහන්කර ඇති කරුණු පිළිබඳව ඔබගේ කාරුණික අවධාණය යොමු කිරීමට කැමැත්තෙමු. 

  1. කුරුන්ධි විහාර පරිශ්‍රය ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වශයෙන් වැදගත් ස්ථානයක් ලෙස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් තහවුරු කර තිබීම.
  2. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් කරන ලද ප්‍රකාශය නීතිමය ආයතන මගින් අනුමතකර, පරිශ්‍රය සංරක්ෂණය කිරීමට උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ට නීතිමය ආරක්ෂාව සැපයීම.
  3. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ එම ප්‍රකාශය පිළිබඳව පළාත් පාලන ආයතන, පොලිසිය සහ ප්‍රදේශයේ ආරක්ෂක ආයතන නිසි සේ දැනුවත් කිරීම.
  4. සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා කර සංරක්ෂණ කටයුතු සම්බන්ධව වැඩ කටයුතු කරගෙන යාමට ආරක්ෂිත පරිසරයක් සකස් කිරීම.

අපගේ ජාතියේ අනන්‍යතාවයට සෘජුවම බලපාන සාධක ලෙස බෞධ දර්ශනය සහ සිංහල භාෂාව පිළිගැනීමේ වැදගත්කම පිළිබඳවත්, අපේ ජාතික වටිනාකම්වලට අතිරේකව, අපේ සංස්කෘතික උරුමයන් සංරක්ෂණය කළ යුතු බවට ඔබ එකඟවනු ඇතැයි අපට සැකයක් නැත.

දේශප්‍රේමී ශ්‍රී ලාංකිකයන්ගේ ගෞරවාදරයට  පාත්‍ර වූ දේශපාලනඥයකු ලෙස,  අනතුරට ලක්ව ඇති ශ්‍රී ලංකාවේ ජාතියට සහ අනාගත පරපුරට අහිමි වන අපගේ ඓතිහාසික ස්ථාන  ආරක්ෂා කර ගැනීමට ඔබ දායක වනු ඇතැයි අපි විශ්වාස කරමු

ස්තුතියි!


ගයන් ද මෙල්
ලේකම්  – ‘ස්පර්’ සංවිධානය, වික්ටෝරියා, ඕස්ට්‍රේලියාව.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress