ඉදිරි මාස කිහිපය තුළ සමාජ ආරක්ෂණ දැල ශක්තිමත් කිරීමට රජය ක්‍රියා කරන බව අග්‍රාමාත්‍ය දිනේශ් ගුණවර්ධන මහතා පවසයි
Posted on December 16th, 2022

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

.දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේදී 2022/12/15 දින පැවති පක්ෂ විපක්ෂ  මහජන නියෝජිත හමුවකදී අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ සමාජ ආරක්ෂණ දැල ශක්තිමත් කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය ආයතන සහයෝගය දෙන බවට ස්ථිර ප්‍රතිඥාවක්   දැනටමත් ලබාදී  ඇති බවයි.

කොපමණ දුෂ්කරතා තිබුණත් සමාජ ආරක්ෂණ වළල්ලේ පහසුකම් අඩු නොකොට පවත්වාගෙන යාමට රජය අයවැයේදී  ක්‍රියා කළා. පසුගිය කාලයේ  පොදු ලක්ෂණය වූයේ ආදායම් ඉපයීමේ මාර්ග අඩුවීමයි. රැකිරක්ෂා අහිමිවීම,ආයෝජන සඳහා ඇති සැලසුම් ක්‍රියාත්මක කිරීමට නොහැකි වීම සහ ඒ සඳහා උනන්දුව අඩු වීම, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සංවර්ධන කටයුතු ඇනහිටීම මෙම තත්වයට බලපෑ අතර පසුගිය මාස ගණනාව තුළ අප මුහුණදුන් මූල්‍ය හා ආර්ථික පසුබෑම තුළ පළාත් පාලන ආයතන පමණක් නොව මුළු රටම පොදු තීරණයකට පරිවර්තනය කිරීමට රජයට සිදුවිය.

 ඒ අනුව මූල්‍ය ආයෝජනයන් දැඩි පාලනයකට නතු කෙරුණි. එහි ප්‍රතිඵලය වූයේ බොහෝ ආයතනවලට ලැබිය යුතු ආදායම් මාර්ග අවහිර වීමයි. ඇතැම් විට තමන් ජනිත කරගන්නා ආදායම් මාර්ග සංවර්ධනය සඳහා යොදා ගැනීමේ සීමාවකට පරිවර්තනය කෙරිණී. එය රජයක් ලෙසත් දෙපාර්තමේන්තු සංස්ථා ලෙසත් පළාත් පාලන ආයතන වලටත් බලපෑම් ඇති කරනු ලැබීය.

 එළැඹෙන ජනවාරි මාසයේ සිට මෙම තත්ත්වයේ යම් කිසි ලිහිල් බවක් ඇති කිරීමට රජය අපේක්ෂා කරයි. ජනාධිපතිතුමා ඇතුළු රජය ඒ සම්බන්ධයෙන් දැනටමත් තීන්දු තීරණ කිහිපයක් ගෙන තිබේ. එහිදී පළාත් පාලන ආයතනවලට ද තමන්ගේ කටයුතු කරගෙන යෑමට තිබූ බාධාවන් බොහොමයක් ඉවත් කිරීමට හැකිවනු ඇතැයි විශ්වාස කරණ බව ද අග්‍රාමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.  දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ නගරාධිපති නාවලගේ ස්ටැන්ලි ඩයස්,   විපක්ෂ නායක සුනේත්‍රා රණසිංහ, නියෝජ්‍ය නගරාධිපති කීර්ති උඩවත්ත ඇතුළු නාගරික මන්ත්‍රීවරු  සහ  රජයේ නිලධාරීහු ද මෙම අවස්ථාවට සහභාගි වූහ

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress