ඉන්දියානු ‘රෝ‘ සංවිධානය මෙරට මෙහෙයුම් සිදුකරන්නේ කෙසේ ද? – රෝ සංවිධානයේ සාමාජිකයකු අනාවරණය කරයි
Posted on February 16th, 2023

Lanka Lead News

භූ දේශපාලනික රහස් හෙළිදරව් කිරීම් අතින් පසුගිය දශකයේදී ලෝකය උඩුයටිකුරු කළ එඩ්වඩ් ස්නෝව්ඩන් වඩාත් ලොව ප්‍රකට වූයේ ඔහු විසින් CIA සංවිධානය ගැන කළ විශේෂ හෙළිදරව් කිරීම් නිසාය.

CIA සංව්ධානය විසින් දෙස් විදෙස් භූදේශපාලන නායකයන්ගේ දුරකථන ඇමතුම්, ඊ මේල් සහ සමාජ ජාලා ගිණුම වලට හොර රහසේ ඇතුල්වී තොරතුරු සොරා ගන්නා බව මෙන්ම ශුද්ධෝත්තම පාප් වහන්සේද CIA ඉලක්කයක් වූ බව ස්නෝව්ඩන් කළ හෙළිදරව් කිරීම් නිසා ඇමෙරිකාවේ දතකට පූට්ටු වූයේ එම තොරතුරු සාක්ෂි සහිතව ලෝකය හමුවේ අනාවරණය වූ බැවිනි.

කෙසේ වෙතත් ස්නෝව්ඩන් වැනිම පුද්ගලයෙක් පසුගිය දා ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන ඉන්දියානු රෝ සංවිධානයේ රහසිගත මෙහෙයුම් පිළිබදව ආන්දෝලනාත්මක අනාවරණයක් සිදුකර තිබේ.

නමින් ගෞරව් වන ඔහු රෝ සංවිධානයේ ඉහළ ස්ථරය නියෝජනය කළ ඉන්දීය ජාතිකයකු වන අතර, ඔහු හෙළි කළ කරුණු අතිශය රහසිගත කරුණු වුවද එහි ඇති ප්‍රවෘත්තිම වටිනාකම නිසා සහ සමාජය දැනගත යුතු කරුණු ලෙස සලකා මෙලෙස පළ කරන්නෙමු.

ඔහු පවසන ලෙස ලංකාව කිසිම දිනක ඉන්දීය භූමිය තුළ රහසිගත මෙහෙයුම දියත්කොට නොමැති වූවද ඉන්දියාව ශ්‍රී ලංකා භූමියේ නිරන්තරව රහසිගත මෙහෙයුම වල නියලී සිටියි. රෝ බුද්ධි අංශ නියෝජිත ගෞරව් වසර ගණනාවක් පුරා මෙරට රහසිගත මෙහෙයුම් දියත් කොට තිබේ.

මෙරට සිදුවූ දැවැන්ත ඛේදවාචකයක් වූ පාස්කු ප්‍රහාරයෙන් පසු ඔහුව යළි ඉන්දියාව වෙත කැඳවා තිබේ.

2019 මැතිවරණ උණුසුම තුළ ද ඔහු ලංකාවට පැමිණ ඇති අතර, එම ගමනේ මූලික අරමුණ වී ඇත්තේ රාජපක්ෂ පවුල බලයට ගෙන ඒම සදහා ඔහුට පැවරුණු කාර්ය ඉටුකිරීමට ය.

ඔහු සදහන් කරන ලෙස ලංකාවේ සමාජ සහ දේශපාලන බලයක් හිමි පුද්ගලයන් තමන් වෙත නංමවා ගැනීම සදහා රෝ සංවිධානය නිරන්තරයෙන් මෙහෙයුම් දියත් කරයි.

මෙරට කැබිනට් ඇමතිවරු, පාර්ලීමේන්තු මන්ත්‍රීවරු, ආගමික නායකන්, අධිකරණ නිළධාරීන්, රාජ්‍ය ආයතන වල ස්ථිර ලේකම්වරු , ජනමාධ්‍යවේදීන්, හමුදාවේ සහ පොලීසියේ ඉහළ නිළධාරීන්, වෛද්‍යවරු, සිවිල් ක්‍රියාකාරීන් පිරිස් මුදල් සහ වෙනත් වරදාන ලබා දී රෝ සංවිධානය වෙත ඇද ගැනීම සදහා, ගෞරව් කැපවී වැඩකොට තිබේ.

ඔහු එම නම් ලැයිස්තුව ද හෙළිදරව් කොට තිබේ.

කොරෝනා වසංගතය පැමිණීමත් සමග ලංකාව බිඳ වැටෙන බව රෝ සංවිධානය නිෂ්චිත ලෙසම දැන සිට ඇති අතර, ආර්ථිකයේ කඩා වැටීම වේගවත් කිරීමට ඔවුන් සැලැසුමක් ද දියත්කොට තිබේ.

පාර්ලිමේන්තුවට නොදන්වා ‘රට බංකොළොත්‘ බවට මහ බැංකු අධිපති කළ ප්‍රකාශය ද රෝ සංවිධානයේ කුමන්ත්‍රණයක් බවයි ඔහු හෙළිදරව් කර ඇත්තේ.

2022 වසරේ ලංකාවේ පැනනැගුණු අරගලය තුළ ද රෝ සංවිධනය විශාල කාර්ය භාර්යක් සිදු කොට අති අතර, රෝ සංවිධානය තොරාගත් කන්ඩායම් කිහිපයකට මුදල් ආධාර ලබා දී ඇත. එමෙන්ම ඇතැම් මාධ්‍ය ආයතන වලටද මුදල් පොම්ප කර ඇති බවත් ඔහු හෙළිදරව් කරයි.

ගෞරව් පවසන පරිදි රෝ සංවිධානය ශ්‍රී ලංකාවේ ශක්තිමත් ජනමූල සිංහල නායකයන් බිහි වනවාට කැමති නැත.

මේ වන විට රෝ සංවිධාන ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වී සිටින්නේ පූර්ණ බලතල සහිතව පළාත් සභා ක්‍රමය ක්‍රියාත්මක කිරීම සදහාය. එසේ නොකළ හොත් ලංකාව අස්ථාවර කිරීමට රෝ සංවිධානය සැලසුම් කොට තිබේ. මේ සදහා රාමනාථපුරම් සරණාගත කදවුර සහ රෝහින්ගයා සරනාගත කඳවුරු තුළ ‍තෝරාගත් පිරිසක් අදාළ False flag ops සදහා පුහුණු කොට ඇති බව ද ඔහු තොරතුරු හෙළි කරයි.

ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යංශය මුළුමනින්ම පාහේ මේ වන විට රෝ සංවිධනයේ පාලනයට නතු වී ඇති බවත්, ඔවුන්ගේ Paid agent කෙනෙක් ලෙස කටයුතු කරන කාන්තා නිලධාරිනියක් ගැන ද සියලු තොරතුරු ඔහු හෙළිදරව් කොට තිබේ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress