13-Aමර උගුල හා ජනාධිපති රනිල් (ව)කරකවන <කොටි>වලිගය – part 3 (C)
Posted on February 19th, 2023

C. Wijeyawickrema, LL.B., Ph.D

දැන හෝ නොදැන ලංකාවේ අගමැතිවරු/ජනාධිපතිවරු දමිළ බෙදුම්වාදයට ඉණිමං බැඳීම

ඇල්ලේ  ගුණවංශ හාමුදුරුවන් කියන, බුදු අම්මෝ නොව, <ඕ මයිගෝඩ් බෞද්ධයින්> විසින් දැන් කාලයේ නිතරම මතුරන්නේ දශරාජ ධර්මය, බෞද්ධ රාජ්‍ය පාලන ප්‍රතිපත්ති හා බුද්ධාගම රකිනවා යන ප්‍රලාපය!

The End of P!

ටැමිල්නාඩ් කොටි නායක නෙදුමරන් විසින් ප්‍රභාකරන් (P) ජීවත්ව සිටිනවා යයි කීමත්, ලංකාවේ කොළඹ වැල්ලවත්තේ ජීවත් වෙමින් ප්‍රභාකරන් මළ බවට ශාක්ෂියක් නැතැයි කියන ශිවාජිලිංගම් නම් හිටපු කොටි  මන්ත්‍රීත්, මහින්ද- රනිල්-සිරිසේන- චන්ද්‍රිකා යන හැම දෙනාටම කරන්නේ විහිළුකාර අභියෝගයකි. ඉන් හොඳටම අමාරුවේ වැටෙන්නේ රනිල් මහතාය. ඊට හේතුව ඔහු 13-A දෙන්නට කඩිමුඩියේ ක්‍රියාකරන්නට සිතුවේ ඔහුත්  නෙඩුමරන්ගේ කතාව (ආරංචිය) දන්නා නිසායයි ප්‍රභාකරන්ව දෙවියෙකුසේ සළකණ දෙමළ පිරිස් අතර මතයක් පැතිර යා හැකි හෙයිනි.

සොල්හයිම් ගේන P  අවතාරය

එරික් සොල්හයිම් ඇතුළු ප්‍රභාකරන්වාදීන් පිරිසක් (P crowd, where is Paskaralingam?) රනිල්ගේ සහායට කොළඹට ගෙන්වා ගැනීම/පැමිණීම මේ දූෂමාණ ප්‍රවෘතියට, කොටිවාදී දෙමළ ජන පිරිස්වල පැත්තෙන් බලනවිට ලොකු උත්තේජනයකි. ලංකාවේ දෙමළ ජන සංහාරක් සිදුවෙනවා යයි උතුරේ මහඇමතිවූ හැටියේ සිටම දිගින් දිගටමයෝජනා පාස් කල, දැන් අළුතෙන්ම සිංහලයා දෙමළාගෙන් බිහිවුනා යයි කෑගසන, විග්නේෂ්වරනුත්, රාසමානික්කම් කොල්ලා හා සුමන්තිරන් ගොයියාත් මොනවා හිතනවා වියහැකිද?

පුදුමයට කරුණ නම් රණවිරුවන් දහස් ගණනක් දිවිපිදූ 30 අවුරුදු යුද්ධයක් ජයගත් මහින්ද රාජපක්ෂත්, 13-A ට විරුද්ධව මාරාන්තික සටනක් කර 60,000 ක් ජීවිත බිලිදුන් අනුර කුමාරලාත් දැන් එකම් බෝට්ටුවේ සිට 13-A ගැන කරණ හොරගල් ඇහිලීමය. 13-A+ ට පක්ෂද නැද්ද ඉදිරියේ ගොළුවන් සේ හැසිරීමය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිගේ අතීත ක්‍රියාකලාපය කුමක්ද?

*8. ජනාධිපති මහින්ද රාජපක්ෂ (2005-2015)

2009 අප්‍රේල් වන විට ප්‍රභාකරන්ගෙන් මුදවා ගත් දෙමළ වැසියන් මහින්ද ජනාධිපතිට ඇමතුවේ මහරජාණනි අපිව බේරා ගන්න කියාය. චන්ද්‍රිකා ආණ්ඩුකාලයේ අගමැති වශයෙන් ඇගේ දේශ ද්‍රෝහි ක්‍රියාවලට අඩතියන්නට ඔහුට සිදු විය. උදාහරණයක් වශයෙන් PTOM, ISGA ජරමර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නට සිදුවූයේ ඔහුටය. ඔහු මේවා කරන්නේ අකමැත්තෙන් බව චන්ද්‍රිකා දැන සිටියාය. ඇය ඔහුට කබල් අමාත්‍යාංශ දුන්නත්, පල නොකියා පලා බෙදුවත්, දිමියෙකු මෙන් පක්ෂය විකා ගෙන කල් මැරීම ඔහුගේ උපාය මාර්ගය විය. ඔහු කැබිනට් රහස් ලීක් කරනවාය යනු චන්ද්‍රිකාගේ කල්පනාව විය. විරුද්ධ පක්ෂයේ නායක කම හා පසුව අගමැතිකම අනුරට දීම ඇගේ ආශාව විය. jvp කාරයින්ට ඕනැවුණේ එය කදිරගාමර්ට දෙන්නය. මෛත්‍රීපාල සේනානායකලා, කළුගල්ලලා මෙන්  ඔහු පක්ෂය අතහැර ගියේ නැත.

ජනාධිපති ධූර අපේක්ෂකයාවීම සඳහා කල සටනින් ඔහු දිණුවේය. එහෙත් ජනාධිපති චන්දයේදී ඇය හෝ අනුර ඔහුට චන්දය දුන්නාද යන්න පවා සැක සහිත වන්නේ ඔවුන් ඔහුගේ චන්ද රැස්වීමකටවත් නොගිය නිසාය. නූලෙන් බේරී චන්දය දිණූ ඔහුට පසුව මුහුණ දෙන්නට සිදුවූයේ මංගල සමරවීර හා අනුර යන ඇමතිලාගේ ප්‍රශ්ණය. චන්දයේදී මංගල ඔහුට උදව් කලේ අගමැතිකම දේවිය කියා සිතාය. අනුර කිව්වේ ඔහුට සීගිරි ලලනාවන් (පුරාවිද්‍යා ඇමතිකම) භාර දුන් බවය. විදේශ ඇමති වශයෙන් මංගල ක්‍රියාකලේ ඔහු පසු කාලයක යහපාලන ඇමතිවශයෙන් කල ජාති ද්‍රෝහී  ක්‍රියාවලට පුහුණු වෙන ආධුනිකයෙකු මෙන්ය (trainee).

මේ යුද්ධය නම් කවදාවත්ම දිණන්න බැ!

කොටි හිතවාදී ඇමෙරිකාවේ වසන මහාචාර්යවරයෙකුවූ H.L. සෙනෙවිරත්න 2005 මහින්ද-රනිල් ජනාධිපතිවරණය හැඳින්වූයේ ජාතික-ආර්ථික  දෙන්නෙකුගේ සටනක් ලෙසය. විදේශ බලවේග සිටියේ රනිල්ගේ, ආර්ථික පැත්තේය. ඉතාමත් සුළු බහුතරයකින් ජාතික මහින්ද චන්දය දිණුවේය.

චන්ද්‍රිකාගේ කාලයේ, රනිල්ගේ සටන් විරාම ගිවිසුම යටතේ රට කොටින්ගේ කෙළිබිමක් විය. උදාහරණයක් වශයෙන්  ඇය රූපවාහිනිය භාරදුන් කඩවසම් වසන්ත රාජා, හාමුදුරුවරුන්ගේ ගිලන් පසයට හැලි අරක්කු දමා අසුවූ බව කොලට් සේනානායක හා නාරද කරුණාතිලක විසින් මේ ගැන ලියූ පොතක සඳහන් කර ඇත. ජනාධිපති කාර්යාලයේ පියුන්ලා පවා කොටි ඔත්තුකරුවන්දැයි මහින්ද ජනාධිපති වරයාට විශ්වාස කළ නොහැකි විය.

දකුණු ඉන්දියාවද ඇතුළු ද්‍රවිඩ අධිරාජ්‍යය

මේ යුද්ධය දිණන්න පුළුවන් යයි කී එකම ඉහළ නිලධාරියා ගෝඨාභය පමණක් යයි පසුකාලයක එරික් සොල්හයිම් විසින් ලිව්වේය. ලලිත් ඇතුලත්මුදලිගේ යුද ප්ලැන සරත් ෆොන්සේකා විසින් ක්‍රියාවට නැඟුවේ මහින්ද-ගොඨාභය-බැසිල් දුන් දේශපාලන නායකත්වය යටතේය. 2005 ට පෙර රටේ සිටි පාලකයින්ට යුද්ධය හිඟන්නාගේ තුවාලයක් වැනිවූවා පමණක් නොව ඔවුන් P සමඟ love & hate සෙල්ලමක යෙදී සිටියේය. මෙසේ විදේශ න්‍යාය පත්‍ර උඩ P සමඟ හැංගිමුත්තන් සෙල්ලම් කරනවා වෙනුවට  සතුරා සමූල ඝාතනය කල යුතුය යන තීරණයකට  ඒමට මහින්දලාට සිදුවූයේ P විසින් මහින්ද පිටුපසින් සිටි ජාතික බලවේගය අවතක්සේරු කිරීම නිසාය. සාමදානයෙන් ගණුදෙනුව බේරා ගන්නට මහින්ද දැරූ උත්සාහය P අවඥාවෙන් බැහැර කලේය. ප්‍රේමදාස හා චන්ද්‍රිකා විසින් දෙවරක්ම උතුරු පලාත P ට බදු දීමට යෝජනා කලත් වෙනම රටක්, ටැමිල්නාඩ්ද ඇතුළු ද්‍රවිඩ අධිරාජ්‍යයක රජුවීම නමැති මුලාවෙන් P අන්ධ විය. මාවිල් ආරු ඇනිකට් එක වැසීම  එහි ප්‍රතිඵලයක් මෙන්ම P ගේ ගමනක අවසානයේ ආරම්භය විය.

බටහිර රාජ්‍ය පාලකයින්ට කල අපහාසය (humiliation by Gotabhaya)

යුද්ධකරන්නේ ලබ්බෙන්ද කියා මුලින් චම්පික රණවකට කඩාපැන්න මහින්දට P ගේ කෲර හැසිරීම ඉදිරියේ නැඟ ආ සිංහල බෞද්ධ මහජන බලවේගයට හිස නැමීමට සිදුවිය. P ට අත්වූ ඉරණම බටහිර දේශපාලන නායකයින්ට අදහා ගත නොහැකිවිය. ඔහුව ගලවාගෙන යාමට බ්‍රිතාන්‍ය හා ප්‍රංශ විදේශ ලේකම්ලා දෙන්නා, හිලරි ක්ලින්ටන් සමඟ කල කුමණ්ත්‍රනය (ඇමෙරිකන් යුද නැවක් ත්‍රිකුණාමළය අසල රඳවා) ගෝඨාභය විසින් ඔවුන්ට දරුණු අපහාසයක්, හීනමානයක් දණවමින් බකල් කලේය. වියට්නාම් පරාජයෙන් පසු මෙවැනි අපහාසයක් බටහිර රටකට සිදුවූයේ නැත. මහින්ද-ගෝඨාභය දෙන්නාගෙන් පලිගැනීම බටහිර න්‍යායපත්‍රයවූයේ මේ නිසාය. දැන් කැනඩාව ඔවුන්ට කරන කෙනෙහිලිකම්  වලට හේතුවද මෙයය.

ඕස්ට්‍රේලියාවේ වසන මයිකල් රොබට්ස් විසින් ලංකාවෙබ් වෙබ් අඩවියට එවූ ලිපියක P ගේ විනාශය ගැන අළුත් යයි සිතන ආචාර්ය උපාධි මතයක්  සඳහන් කර ඇත. ඒ අනුව P පැරදුනේ යුද හමුදාවේ බල පරාක්‍රමය නිසා නොව P ගේ ගොන්කම නිසාය. මෙවැනි බටහිර  අය ලංකාවේ රණවිරුවන්ට  නිසි අගයක් දීමට අකමැතිය (THE SRI LANKAN INSURGENCY: A REBALANCING OF THE ORTHODOX POSITION A thesis submitted for the degree of Doctor of Philosophy by Peter Stafford Roberts Department of Politics and History, Brunel University April 2016).

දයාන් ජයතිලක රණවිරුවන් පාවා දීම

ඉන්දියන් අගමැති මන්මෝහන් සිං, බැන්කිමූන් මේ සඳහා ඉදිරිපත්වූ අය වුන අතර මහින්ද රාජපක්ෂ එම උගුලට අසුවිය. පසුව සරත් ෆොන්සේකා ඊට සහභාගීකර ගැනීමට තානාපති රොබට් බ්ලේක් සමත්විය. යුද්ධයෙන් පසු සාමය කළමනාකරණය කර ගැනීමට අසමත්වීම (mismanagement) මහින්ද ජනාධිපති බෙදුම්වාදයට දුන් රුකුලක් විය. ඔහු විසින් දයාන් ජයතිලකට රැවටී  යුද ජයග්‍රහණය කෙළෙසා ගත්තේය. මේ යුද්ධය නම් කවදාවත් දිණන්න බැ කියූ ක්‍රිස්තියානි මාක්ස්වාදී කළු සුද්දෙක් 2009 මැයි 18 දා P පරදා සති  දෙක තුනකින් පසු ජිනීවා ගොස් 13-A + දෙනවා යයි පොරොන්දුවීම 2002 රනිල්ගේ CFA පාවා දීම හා 2015 මංගල සමරවීරගේ ලංකාවේ යුද අපරාධ සිදුවූවා යයි පිලිගැනීම වැනිම රට පාවා දීමකි.  දැන් 2023 වනවිට 2009 මයි 18 දා යුද්ධය පැරදුනා හා සමානය.

යුද්ධය දිනා ගැනීමට දායකවූ හාමුදුරුවරුන්ගේද සහාය ලබාගෙන උතුරේ අහිංසක ජනයාගේ අභිවෘධිය සඳහා ඔහු විසින් ක්‍රියාකල යුතුව තිබුණේය. පාරවල් වෙනුවට ලිං, පාසැල්, වැසිකිලි, රක්ෂා ආදිය කුල භේදය නිසා පීඩා විඳි සියේට 60 ක් පමණ ජනතාවට ලබා දිය යුතුව තිබුණි. පසුකාලයක යුද හමුදාවේ රත්නප්‍රිය වැනි නිලධාරීන් මෙම ජනයාගේ සිත් දිනාගත් ආකාරයෙන් එවැනි වැඩපිලිවෙලක් මුල සිටම ආරම්භ කලා නම් යුද තුවාල සුවකිරීමට මහත්සේ උපකාර වන්නේය.

බිම් බෝම්බ ඉවත් කිරීමේ පාත් ෆයින්ඩර් කොන්ත්‍රාත් එක මෙන් ගමේ අභිවෘධියටත් ක්‍රියා නොකලේ ඇයි? 1930 ස් ගණන් වල සිටම පහත් කුලවල යයි සැළකූ ජනයා සිටින ගම්මාන පාරක්, වැසිකිළියක් වත් නොදමා නොසළකා හැරීම අදටත් කෙරී ගෙන යන ආකාරය යාපනේ චේගුවේරා වැනි අරුන් සිද්ධාර්ථන් විසින් පෙන්වා දේ.  යුදහමුදාව උතුර අල්ලා ගත් පසු දුටු දෙයක් නම් උතුරට ඩොලර් ආධාර ලබාගත් දෙස් විදෙස් ngo කාරයින් කිසිම සංවර්ධනයක් කර නැති බවය!

විග්නේශ්වරන්ගේ දෙමළ ජෙනෝසයිඩ් කතාව

තමන් වටා ඉන්නා සතුරන් ගෙන් ගැලවීම වෙනුවට ඔහු නැවතත් කලේ දයාන් ජයතිලකගේ මිත්‍ර මධ්‍යස්ථ දමිළමාක්ස්වාදී විග්නේශ්වරන්ට බන්දේසියක තබා උතුරු පලාත භාරදීමය. උපතේ සිටම කොළඹින් සියළුම දේ ලබාගත් විග්නේශ්වරන් සිය තනතුර භාරගෙන ප්‍රථමයෙන්ම කලේ සිංහල ආණ්ඩු දෙමළ සමූල ඝාතනයක් කරනවා යයි යෝජනා පාස් කර ජීනිවා යැවීමය! තම පුතුන් දෙන්නාම සිංහල ස්ත්‍රීන් හා විවාහවී සිටිනා විග්නේශ්වරන්ගේ ජෙනෝෂයිඩ් කතාව සමානකල හැක්කේ හිට්ලර්ගේ පුත්තු දෙන්නෙක් යුදෙව් ස්ත්‍රීන් දෙන්නෙක් හා විවාහවූවා  වැනි කතාවකටය. බොරු සිරිසංඝබෝ ලා ලෙස ක්‍රියාකරන්නට ගොස් ප්‍රේමදාස හා චන්ද්‍රිකා පිළිවෙලින් ජීවිතය හා ඇසක් නැතිකර ගත්තේය. ප්‍රජාතන්ත්‍රවාදී වෙස්සන්තර කෙනෙක් වෙන්නට ගොස් මහින්ද රට අමාරුවේ දැම්මේය. දැන් 2023 දී ඔහු 13-A+  සම්බන්ධයෙන් අන්ද මන්දව හැසිරීමට සිදුවී තිබීම ඓතිහාසික ඛේදජනක යකි.

*9. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන (2015-2019)

ඔහුගේ කාලයේදී සිදුවූයේ අසාද් සාලිට ආණ්ඩුකාරකමක් දීමත්, ස්ත්‍රීන් දෙන්නෙක් දෙපැත්තෙන් තබාගෙන නිදහස් උත්සවයට ඒමට ඉඩදීමත්ය. ජාතික ගීය දෙමළෙන් ගයන්නට දීමෙන් සිදුවූයේ තිබෙන සංහිඳියාවත් බකල්වී යාමය. මේ නිසා දැන් උතුරේ එය දෙමළෙන් පමණක් කියන අතර දකුණේ භාෂා දෙකෙන්ම කියැවේ. ඔහුගේ කාලයේ සිදුවූ තවත් දෙයක් නම් චන්ද්‍රිකාගේ නීලන්-ජී එල් පැකේජ් ඩීල් හෙවත් රට රාජ්‍ය ප්‍රදේශ 10 කට බෙදන පෙඩරල් ජරමරය, ඔරුමිත්ත්නාඩු වශයෙන් නැවත ඉපදීමය. මේවා ගැන කිසිම දැනුමක්, අවභෝධයක් ඔහුට නොවීය.

*10. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ (2019-2022)

ඔහු බෝන් අගේන්කාරයින්ගේ හා ඇමෙරිකන් තානපතිනියගේ ගොඳුරක් බවට පත්වූයේ ඔහුගේ විහින්මය. ගඩාෆිට අත්වූ ඉරණමෙන් ඔහු බේරුණේ ඔහු P ගෙන් රටබේරා ගැනීමට කල කැපවීම හා පින නිසාය. බොදු බල සේනා සංවිධානයේ ගලබොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ නායකත්වයෙන් එක රටක් එක නීතියක් කාර්ය සාධක බලකායක් පත් කිර්‍රිම, නැඟෙනහිර පලාත් ආණ්ඩුකාරයා ලෙස අනුරාධා යහම්පත් පත්කිරීම, නැඟෙනහිරට පුරාවිද්‍යා කාර්යසාධක බලකායක් පත්කිරීම බෙදුම්වාදීන් ඔහුට විරුද්ධව නැඟීසිටීමට හේතුවිය.

*11. අගමැති /ජනාධිපති රනිල් වික්‍රමසිංහ (1993/2001/2015/2018/2022->)

රනිල් මැතිඳුන් දෙමළ බෙදුම්වාදයට කර ගැසු අන්දම ඔහුගේ ජුගුබ්සාජනක හැසිරීම හා ගැටගැසුණ රටේ ඛේදවාචකයකි. උදාහරණයක් වශයෙන්, කැළණියේ පන්සලේ ප්‍රධාන දායකයා වශයෙන් ඉන්නා ගමන්ම ඔහු ලෝක ක්‍රිස්තියානි ඩිමොක්ක්‍රැටික් සංගමයේ ආසියානු ශාඛාවේ උපසභාපති විය. අන්තිමේදී දායක සභාවෙන් ඔහුව ඉවත් කරණ ලදී. පොසොන් කියන්නේ ලංකාවට සිදුවූ ප්‍රථම ආක්‍රමණය යයි කියන ගමන්ම ලිච්චවි පාලනයක්, අංගුලිමාල දමණයක් හා චතුරාර්ය සත්‍යය ගැන අදහස් ප්‍රකාශ කරයි. ඔහුගේ මව බෞද්ධ විජේවර්ධන පවුලේ දානපතිනියක්වීමත්, පියා ක්‍රිස්තියානි මාක්ස්වාදියෙක්වීමත් නිසා ඔහු දෙලොවක් අතර අතරමංවූවෙක් වූවා විය හැකිය

අරුම පුදුම ලෙස රටේ ජනාධිපතිවන්නේ පරණ පව් සෝදාගත් පංචස්කන්ධයක් යයි බුදු අම්මෝ බෞද්ධයින් තුල තිබූ බලාපොරොත්තුව  සුන්වී ගියාසේය. 13-A+ නමැති සර්පයා තම කලිසම් සාක්කුවේ දමා ගත්තේ මොන කරුමයකටද කියා සිතෙන්නේ ඔහුගේ දේශපාලන ඉතිහාසය දෙස බලන විටය. රට කැබලි කිරීමේ තරඟයක ඔහුත් චන්ද්‍රිකාත් නියැලී සිටින අතර චන්ද්‍රිකා පරදවා ජය ගැනීම ඔහුගේ ව්‍යායාමය  විය හැකිය. එහි ඓතිහාසික වාර්තාව මෙසේය:

*a. 13-A ට විරුද්ධව jvp කාරයින් ගෙනගිය සටන විජේවීරගේ පන්ති පහෙන් එකක්වූ ඉන්දියානු ව්‍යාපත්වාදයට සම්බන්ධය. ඒ අනුව JRJ කල මර්ධන වැඩ පිළිවෙලේදී රනිල්ගේ නම ගැවෙන්නේ බටලන්ද වධකාගාරය හා ඒ ගැන පත්කල කොමිෂන් වාර්තාවෙන්ය.

60,000 ක් පමණ තරුණ ජීවිත නැතිවූයේ unp-jvp දෙපැත්තේම වරදින්ය. හිට්ලර් යුදෙව්වන් ඝාතනය කිරීමෙන් ලොවට නැතිවූ බුද්ධි සංචිතය අති විශාලයයි සැළකේ. එවැනි දෙයක් ලංකාවේ සිංහල තරුණයින්ට දෙවරක්ම සිදුවිය. මියගිය අය බොහෝ විට අවංකවම රට ජාතිය වෙනුවෙන් කැපවූ අයය. හොරු පණ බේරාගත්තේය. ඉන් සමහරු පසුව මහාචාර්යවරු විය.

*b. JRJ ජීවත්ව සිටියදී රනිල්ට බෙදුම්වාදය ගැන හොට දමන්නට ඉඩක් නොතිබුණේ ලලිත් ඇතුලත් මුදලි, ගාමිණී දිසානායකලා බලවත් ඇමතිවරුන්වූ නිසාය. ඔහුට මඟ පැදුණේ ඔවුන්ගේ හා ප්‍රේමදාසගේ ඝාතනවලට පසුව ඇතිවූ හිඩැස නිසාය.

*c. 1994-2000 චන්ද්‍රිකාගේ පැකේජ් ඩීල් ජරමරයට රනිල් එකඟවිය. ඒ අනුව විධායක ජනාධිපති තනතුර අහෝසි කර විධායක අගමැති කෙනෙක් හා රට union of regions වලට බෙදීමට නියමිතව තිබුණි. අන්තිම මොහොතේදී චන්ද්‍රිකා අගමැති තනතුර තමන්ට තබාගන්නට සූදානම්වීම නිසා රනිල් පැකේජ් ඩීල් එකට පාර්ලිමේන්තු සභා ගර්භය තුල  ගින්දර තැබුවේය. විධායක ජනාධිපති ධූරය අහෝසිකරනවා නම් ඒ සමඟ 13- A ද ඉවත් නොකලොත් රට කැඩීයාම සිදුවන බව මොවුන් දෙන්නාම දැන සිටියේය.

*d. 2001 පාර්ලිමේන්තු මතිවරණයෙන් පසු නැවත වරක් අගමැතිවූ රනිල් චන්ද්‍රිකා සමගත්, රට සමඟත් ගැටුමක් ආරම්භ කලේය.

2002 ජනවාරි 2 දා මිලේනියම් සිටි නිවාස සංකීර්ණයට කල පොලිස් කඩා පැනීම මඟින්, සතුරාගේ භූමියට ඇතුළුව ඒ වනවිට සාර්ථක ලෙස සතුරා බියට පත් කරමින් සිටි යුද හමුදාවේ රහස් දුර විහිදුම් බල ඇනිය රනිල් විසින් P ට පාවා දෙනලදී. පසුව P විසින් ඊට සහභාගීවූ නිලධාරින් එකින් එකා කොළඹටම පැමිණ ඝාතනය කරණ ලද්දේ CFA යටතේ රටපුරාම නිදැල්ලේ හැසිරීමට P ගේ ඔත්තුකරුවන්ට ඉඩ ලබාදීම නිසාය.

Millennium City incident – Wikipedia

2002 CFA කොන්දේසි අනුව යුද හමුදාවට උතුර නැගෙනහිරදී බැරැක්ක තුලටවී සිටිය යුතුවූ අතර P ගේ පිරිස් වලට දේශපාලන කටයුතු සඳහා රටේ ඕනැම තැනක නිදැල්ලේ හැසිරිය හැකිය. මෙය ලෝකයේ පුදුම පාවාදීමක් ලෙස යුද වාර්තාකරු පෝල් හැරිස් විසින් ලොවට එලිකලේ මේ නිසාය.

2002 පෙබරවාරි 22 දින රනිල් අගමැති, චන්ද්‍රිකා ජනාධිපතිටහ් නොදන්වා එරික් සොල්හයිම් ගෙනා කොළයකට එය කියවන්නේ වත් නැතිව අත්සන් කර P සමඟ සටන් විරාමයකට ආවේය. මෙම CFA ගිවිසුම ලෝකයේ මහා පාවාදීමක් (greatest give away) ලෙස ස්කොට් ජාතික පෝල් හැරිස් විසින් නම් කරණ ලදී. මේ නිසා ඇන්ටන් බාලසිංහම්ගේ ඉල්ලීම මත පෝල්ට ලංකාවේ පදිංචිවීමට නොහැකිවන ලෙස ඔහුව රටින් නෙරපීමට විදේශ අමාත්‍යව සිටි G.L පීරිස් ක්‍රියාකලේය.

LankaWeb – Crimes and sins of the Englishman Paul Harris

*e. චන්ද්‍රිකා හා රනිල්ගේ මෙම පෙඩරල් සමය තුල වැඩේ කරටම ගෙන ක්‍රියාකලේ විදේශ ඇමති G.L. පීරිස්ය. 2002 දෙසැම්බර් ඔස්ලෝ ප්‍රකාශණයට අනුව LTTE සංවිධානය පෙඩරල් ක්‍රමයකට එකඟවූ බවත්, එය ඒකීය රාජ්‍යයක් වෙනුවට පිළිගත් <පැරඩයිම් චේන්ජ්> එකක් බවත් පීරිස් පැවසුවේ, කොටි න්‍යායාචාරී බාලසිංහම්ට කොළඹදී හිස් එක්සලන්සි (His Excellency) යයි අමතමින්ය. එහෙත් P එය ප්‍රතික්ෂේප කලේය.

*f. රනිල් අගමැති විසින් නෝර්වේ ලණුව ගිලගෙන රට අමාරුවේ දානවායයි තීරණයකල චන්ද්‍රිකා, 2003 නොවැම්බර් මාසේ මුල අගමැති රනිල් රටින් පිට සිටියදී ඔහුගේ ඇමතිධූර  සිය  යටතට පවරා ගත්තේය

*g. 2004 කරුණා අම්මාන් සිය පණ බේරාගෙන දකුණට පැනයාමත් සමඟ P වියරු හා සිහිවිකල් භාවයකට පත්වූවා සේය. උපුල් විජයවර්ධන විසින් අයිලන්ඩ් පුවත් පතට ලියූ ලිපියකින් පෙන්වා දුන්නේ කරුණා අම්මාන් P ගෙන් කඩා වෙන්වී යාම වලක්වන ලෙස රනිල් නෝර්වේ කාරයින්ගෙන් ඉල්ලා සිටි බවය! මෙය සිදුවූවා නම් P කරුණාව ඝාතනය කර දමන්නේය.

*h. ඉන් පසුව උදාවූයේ රනිල්-GL වෙනුවට චන්ද්‍රිකා කරගැසූ, ISGA (Oct 2003), P-TOMS (June 2005) යන P ගේ යකාගේ කතාය. රටක නායකයෙකුට රෙද්දක් (සාරියක්) ඇඳගෙන මේවා අනුමතකල නොහැකි වුනත් ඇය මහින්ද ලවා ඒවා පාර්ලිමේන්තුවටද දැම්මේය. ඇමෙරිකාව පවා මේ  ISGA යෝජනාව පිස්සු කතාවක් ලෙස සැළකුවේය. මේ අළුත් උද්දච්ච යෝජනා අනුව 1985 දී JRJ විසින් ප්‍රතික්ෂේප කල තිම්පු යෝජනා බෙදුම්වාදය අඳුරේ දණ ගානවා වැනිය. ISGA සංදේශයට අනුව එය 1815 කන්ද උඩරට ගිවිසුම මෙන් උතුරු නැඟෙනහිර P ට භාරදීමකි. P-TOMS යෝජනාවට අනුව ෂුනාමි සහනාධාර ඩොලර් පාලනය සහමුලින්ම P ගේ අතට පත්වේ.

මෙම අකලංචි ඉදිරියේ රනිල් හොරගල් අහුලමින් ජනාධිපතිවරණයක් ගැන සිහින මවමින් සිටියත් JVP එක උසාවියට ගියේ මේවා රටේ ඒකීය භාවයට විරුද්ධබව පෙන්වා දෙමින්ය. අන්තිමේදී ඔවුන් ආණ්ඩුවෙන් ඉවත් විය.

 Sri Lanka’s top court blocks sections of tsunami aid deal between government, rebels – Sri Lanka | ReliefWeb

*i. 2005 චන්දයෙන් පැරදුනදා සිටම රනිල් ක්‍රියාකලේ ආණ්ඩුවේ යුද කටයුතු අඩපණ කිරීමේ අරමුණෙන්ය. ලංකාවට යුද ආධාර නොදෙන ලෙස ඔහු විදේ රටවලින් ඉල්ලා සිටියේය. අන්තිමේදී ආණ්ඩුවට ඉතිරිවූයේ චීනය පමණය.  ඔහුත් ඔහුගේ ගෝලබාලයනුත් යුද හමුදාවට නින්දා අපහාස කලේය. සල්ලි තියෙනවානම්  ඕනැම ගොනෙකුට යුද්ධ දිණන්න පුළුවන් යයි කිරිඇල්ලේ පැවසුවේය.

යුද හමුදාපති සැල්වේශන් ආමි එකේ ලොක්කා වැනිය,  කිළිනොච්චි කියා මැදවච්චි යනවා, අලිමංකඩ කියා පාමංකඩ යනවා යනු රවි කරුනානායකගේ කතාය. තොප්පිගල කියන්නේ කැලයක් යන රනිල්ගේ කියමන මේවායින් හොඳම එකය. විරුද්ධපක්ෂයේ මේ ක්‍රියාකලාපය  ගැන කළකිරුණු කරු ජයසූරිය ඇතුළු කණ්ඩායමක් ආණ්ඩුවට සහයෝගය දීමට තීරණය කලේය.

*j. යුද්ධයට විරුද්ධව කල ද්‍රෝහී ක්‍රියා නිසා තමන්ට නැවතත් චන්දයකින් ජනාධිපති වෙන්නට නොහැකි බව දත් රනිල්, 2010 දී සරත් ෆොන්සේකා ඉදිරියට ගෙනාවේ ඇමෙරිකන් හා බටහිර ඩොලර් ආධාරද සමඟය. P ව විනාශකල හිටපු හමුදාපති සරත්ට උතුරේ TNA කාරයින් පවා චන්දය දුන්නේය.

ඇමෙරිකන් ක්‍රමයට අනුව සිතන විට, ෆොන්සේකා දිණුවානම් හමුදා කුමන්ත්‍රණයකින් ඔහු ඉවත් කොට රනිල්ට රටභාරදීම සිදුවන්නට හොඳටම ඉඩ තිබුණු බව පෙනෙන්නේ 2015 න් පසු සිරිසේන ජනාධිපතිව පඹයෙක් කල ආකාරය ගැන සිතන විටය.  ෆොන්සේකාව දමණය කිරීම එතරම් පහසුවන්නේ නැත. චන්දය දිණු පසු සිරිසේන මහතා රනිල්ට දිගටම සර් කියන්නදැයි රනිල්ගෙන් ඇසුවේය. එහෙත් චන්ද ප්‍රතිපල එන්නටත් කලින් ෆොන්සේකාව මුණ ගැසීමට රනිල්ට හෝටලයේ පෝලිමේ ඉන්නට සිදුවිය!

*k. 2015 යහපාලන මරාලය යටතේ මහබැංකුව කැඩුවා මෙන්ම සිදුවූ විශාලම පාවාදීම නම් සිරිසේන ජනාධිපතිටත් හොරෙන් මංගල සමරවීර ජිනීවා ගොස් ඇමෙරිකන්-බටහිර යුද අපරාධ යෝජනාව පිලි ගැනීමය. මේ නිසා රුසියාව, චීනය වැනි රටවලට පවා ලංකාව වෙනුවෙන් කල හැකි දෙයක් නොවීය.මෙවැනි දේවල් සිදුවෙන ලෝකයේ එකම රට ලංකාවය. රාජපක්ෂලාගෙන් පලිගන්නට රට පාවාදුන්නේය. 2019 ගෝඨාභය රජය එය ප්‍රතික්ෂේප කලත් හානිය වී හමාරය. එය දයාන් ජයතිලක 2009 මැයි මස ජීනීව ගොස් කල හානියට සමානය.

*l. රනිල්-සුමන්තිරන් ගෙනා ඔරුමිත්ත්නාඩු හුටපටය චන්ද්‍රිකාගේ 2000 නීලන්-GL පෙඩරල් ප්ලෑනමය. එහෙත් එයට කෙලින්ම ඔහුගේ නම ගාවන්නට ඔහු කැමති නොවීය. සිරිසේන ජනාධිපති විසින් යහපාලන බොම්බයක් දමා රනිල් අගමැති කමෙන් ඉවත් නොකරන්නට ඔරුමිත්තනාඩුව රටේ ව්‍යවස්ථාව වෙන්නට ඉඩ තිබුණේය.

මෙය මෙම ලිපි පෙලේ අවසාන ලිපියය. මේවා ඇත්තවශයෙන්ම ලිපි නොව ඉතිහාසය පිළිඹඳ වාර්තාය. සිංහල කතාකරණ පරම්පරාවල දැනගැනීම සඳහා  අපක්ෂපාතීව, ප්‍රසිද්ධ වාර්තාවලින් ගත් සත්‍ය තොරතුරු මෙහි අඩංගුය. 13-A+ ගැන රනිල් ජනාධිපති නටන නාඩගම තේරුම් ගැනීමට මෙම වාර්තා උපකාර වේවි යනු මගේ බලාපොරොත්තුවය. දේශපාලක හා ngo නඩ මේ වේලාවේ පලාත් පාලන චන්දයක් ඉල්ලන්නේ රට ගැන සිතා නොව ඔවුන්ගේ හොද්ද බොරකර ගන්නට අවස්ථාවක් ඇතැයි සිතාය. ඒ වෙනුවට ඔවුන් කලයුතු 13-A ට විරුද්ධවීමත් රටතුල වගා සංග්‍රාම යනාදිය (දෙවන ලෝක යුද්ධය කාලයේ මෙන්) ගෙවතු මට්ටමින් දියත් කිරීමය. රටේ පන්සල් හා හාමුදුරුවරු පක්ෂ භේද පසෙකට දමා ඊට නායකත්වය දිය යුතුය.

1949 සිටම රටබෙදීම කොළඹ ක්‍රිස්තියානි දෙමළ කල්ලියකගේ ව්‍යාපාරයක් විය. එයට සියේට 60 ක් පමණවන වෙල්ලාල නොවන ජනයා පමණක් නොව අනිකුත් දෙමළ ජනයාගේද සහායක් නැත. මේ බව 2018 දී ගෝඨාභයට යාපනෙන් ලැබුණ චන්ද ප්‍රමාණයෙන් එලිවිය. කාටවත් චන්දය නොදැමූ පිරිසද විශාලය. යාපනේ චේ ගුවේරා වැනි අරුන් සිද්ධාර්ථන්, සම්බන්ධන්, රාසමානික්කම්, සුමන්තිරන්, පොන්නම්බලම්ලාට බලවත් අභියෝගයක්ව පවතී. සිංහල ඕ මයිගෝඩ් බෞද්ධ දේශපාලකයින් වෙනුවට හාමුදුරුවරු යාපනයට ගොස් පෙදුරුතුඩුව හා දෙවුන්දර තුඩුව  යාකල යුතුය. දැනට කැනඩාවේ වසන චන්ද්‍රේ ධර්මවර්ධන, විද්යෝදය හිටපු උපකුලපති වරයා විසින් පෙන්වා දෙන අයුරු ජපානයේ මෙන් විදුලි දුම්-රිය කින් යාපනය හා කොළඹ/ගාල්ල පැය දෙකතුනකින් යා කල හැකිය. සිංහල-දෙමළ-ඉංග්‍රිසි භාෂා ක්ෂණික  පරිවර්තන සෙල්ෆෝන් හරහා කරගත හැකිය. How can you unite by dividing!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress