බිලියනපති බදු හොරු
Posted on February 21st, 2023

| Lanka Lead News

සිරි ලංකාවෙ ලොකුම වී මෝල් හිමියා පසුගිය වසර 5 තුල ගෙවා ඇති ආදායම් බදු මුදල රුපියල් 0 (බින්දුව) යි..

සිරි ලංකාවේ දෙවන විශාලතම වී මෝල් හිමියා වසරකට ගෙවා ඇති ආදායම් බද්ද රුපියල් ලක්ෂ 9 යි..

සිරි ලංකාවේ බිලියන ගණනින් ආදායම් උපදවන කැසීනෝ බලපත්‍ර 4ක් 5ක් ඇත.. ඒ අය ගෙවන ආදායම් බදු මුදල රුපියල් 0 (බින්දුව) යි..

සිරි ලංකාවේ රේස් බයි රේස් සූදුකරුවා ගෙවන්නේ ලක්ෂ 6ක් වූ බලපත්‍ර ගාස්තුව පමණි.. බිලියන ගණනින් ආදායම් ලබන ඒ මුදලාලිලාද ගෙවන ආදායම් බදු මුදල රුපියල් 0 (බින්දුව) යි..

සිරි ලංකාවේ ප්‍රධානතම අපනයනකරුවා වාර්ශිකව සාමාන්‍යයෙන් ඩොලර් මිලියන 150ක ඇඟලුම් අපනයනය කරයි.. ඔහු ආදායම් බදු දෙපාර්තමෙන්තුවට පෙන්වන්නේ ඩොලර් මිලියන 1 ක අපනයන පමණි..

සිරි ලංකාවේ ලොකුම තේ අපනයනය කරන සමාගම රටේ ඩොලර් මිලියන 600ක පමණ තේ අපනයනයෙන් ඩොලර් මිලියන 400ක අපනයනයක් සිදු කරයි.. එම සමාගම 2021 ආදායම් බදු ගෙවා ඇත්තේ ඩොලර් මිලියන 145ක අපනයන ආදායම් සදහා පමණි..

සිරි ලංකාවේ සුපිරි වෙළඳ සැල් ශාඛා 428ක් ඇති විශාලතම සුපිරි වෙළඳ සමාගම 2020 වසරේ ගෙවා ඇති ආදායම් බදු ප්‍රමාණය රුපියල් 0 (බින්දුව) යි..

සිරි ලංකාවේ නිමි ඇඳුම් වෙළදාමේ යෙදෙන ශාඛා 48ක්, ශාඛා 20ක් සහ ශාඛා 18ක් හිමි ප්‍රධානතම සමාගම් 3ම වාර්ශිකව ගෙවන ආදායම් බදු ප්‍රමාණය රුපියල් 0 (බින්දුව) යි..

සිරි ලංකාවේ පමණක් නොව මාලදිවයිනේද මහල් නිවාස සංකීරණ ඉදිකරන ප්‍රධානතම සමාගම මේ දක්වා ගෙවා ඇති ආදායම් බදු ප්‍රමාණය රුපියල් 0 (බින්දුව) යි..

ඉහත දත්ත කිහිපය ලබා ගත්තේ රනිල් රාජපක්ෂ ආණ්ඩුවේම මන්ත්‍රී මහින්දානන්ද අළුත්ගමගේ 2022 සැප්තැම්බර් 08 වෙනිදා සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද ගැසීම සදහා පැවති විවාදයේදී සිරි ලංකාවේ පාර්ලිමෙන්තුවේ හැන්සාඩ් ගත කරන ලද කතාවකිනි..

මේ ගලන ගඟෙන් දිය දෝතක් පමණි… මෙරට බදු ගෙවිය යුතු බිලියනපතියන්ගෙන් අති බහුතරය බදු හොරුන්ය..

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress