නීතිඥ සංගමයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකරට මානසික බාධක
Posted on July 13th, 2023

Lanka Lead News

සරත් වීරසේකර මහතා විසින් ජූලි මස 7 වැනි දා පාර්ලිමේන්තුවේ දී සිදුකළ ප්‍රකාශයක් පිළිබඳව අදහස් දක්වන නිතිඥ සංගමයේ සභාපති කවුශල්‍ය නවරත්න මහතා සඳහන් කරන්නේ කුරුන්දි විහාර ගැටලුව සම්බන්ධයෙන් ඒ මහතා වරප්‍රසාද යටතේ අධිකරණයට බලපෑම් කරන බවයි.

ඒ මගින් අදාළ ප්‍රශ්නය පිළිබඳව සරත් වීරසේකර මහතා තවදුරටත් කතා කිරීම වැළැක්වීම සඳහා නීතිඥ සංගමය උත්සාහ කරන බවට දේශපාලන විචාරකයෝ අදහස් පළ කරති. නම සඳහන් කිරීමට අකමැති වූ  නිතිඥ මහතකු සඳහන් කළේ නිතිඥවරුන් අධිකරණයේ දීම අධිකරණයට අපහාස කිරීම ගැන නීතිඥ සංගමය කතා නොකරන බවයි. ඒ පිළිබඳව වැඩිදුරටත් විමසීමේ දී ඔහු සඳහන් කළේ මිරිහාන බස් ගිණි තැබීමට අදාළ චූදිතයන් අධිකරණයට ගෙන ඒ මේ දී නීතිඥවරුන් නැගිට අත්පුඩි ගැසීම මගින් අධිකරණයට බලපෑමක් මෙන්ම අපහාසයක් ද සිදු වූ බවයි

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress