ජනපති ගෝඨාභයට ලණු දුන් ආර්ථික ඝාතකයා කවුරුන්දැයි දැන් පැහැදිලියි… ස්තුතියි ලංකා ලීඩ් – පාඨකයන්ගෙන් ලංකා ලීඩ් වෙත ප්‍රශංසා
Posted on July 15th, 2023

 Lanka Lead News

ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා විසින් අධිකරණයට ඉදිරිපත් කළ ලියකියවිල්ලක අඩංගු වූ කරුණු අනුව ජනපති ගෝඨාභයට ලණු දුන් ආර්ථික ඝාතකයා කවුරුන්දැයි පැහැදිලි වූ බව ලංකා ලීඩ් පාඨකයන් රාශියක් අදහස් දක්වා ඇත.

ඒ අනුව ඉන්දියාවේ ශ්‍රී ලංකා තානාපති මිලින්ද මොරගොඩ සහ හිටපු මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි අදාළ චෝදනාවෙන් නිදහස් වනවාද යන්න පාඨකයෝ ප්‍රශ්න කරති.

ඊට අදාළ පොදු පිළිතුරක් ලබාදෙමින් ලංකා ලීඩ් සඳහන් කළ යුත්තේ ඒ පිළිබඳව සොයා බැලීම සඳහා පාර්ලිමේන්තුව මගින් ස්වාධීන කමිටුවක් පත්කළ යුතු බවය.

නමුත් හොරාගේ අම්මාගෙන් පේන අහන සාගර කාරියවසම් කමිටුව මගින් එම අවශ්‍යතාව ඉටුකර ගත නොහැකි බව ඉතා පැහැදිලි බවද සඳහන් කළ යුතුය.

කෙසේ වෙතත් ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතාගේ පාපෝච්චාරණය අනුව හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට වඩා බලයක් ඔහුට තිබූ බව පැහැදිලි වේ. කබ්රාල් මහතාගේ ඉල්ලා අස්වීමෙන් පසුව නව අධිපති පැමිණෙන තෙක් නිලධාරීන් කැඳවා මහ බැංකුව පවත්වාගෙන ගියේ තමා බවද ඔහු සඳහන් කරයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress