‘රණවිරු අපි වෙනුවෙන් අපි’ ජාතික එකමුතුවෙන් රුවන්වැලි සෑ මළුවේ දී විශේෂ අධිෂ්ඨාන පූජාවක්
Posted on July 23rd, 2023

Lanka Lead News

රටෙත්, සම්බුද්ධ ශාසනයේත් සුරක්ෂිතභාවය උදෙසා ‘රණවිරු අපි වෙනුවෙන් අපි’ ජාතික එකමුතුවෙන්  අනුරාධපුර රුවන්වැලි මහා සෑය අභියස සලපතල මළුවේ දී අද(22) දින විශේෂ අධිෂ්ඨාන පූජාවක් පැවැත්විණි.

මෙම අධිෂ්ඨාන පූජාව සඳහා ආබාධිත රණවිරුවන් 500 කට අධික පිරිසක් සහභාගී වූ අතර, එම අවස්ථාවට ජාතික සංවිධාන නියෝජනය කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සහ ඉංජිනේරු කීර්ති වික්‍රමරත්න මහතා ද සහභාගී වී සිටියහ.

එම අධිෂ්ඨාන පූජාව පහළින්…

මේ තාක් ලොවට පහළවූ සියලුම බුදු රජාණන් වහන්සේලාගේ අධිෂ්ටානය පරිදි බුද්ධ ශක්තියේ ආනුභාවයෙන් ද, මෛත්‍ රීබෝධ්සත්වයින්වහන්සේ ඇතුලු සියලු බෝධිසත්වයින්වහන්සේලාගේ අධිශ්ටානය පරිදි උන්වහන්සේ ලා පිරූ පාරමීදම් වල ආනුභාවයෙන් ද,ගෞතම සම්බුද්ධ සාසනය චිරාත් කාලයක් පැවතීම උදෙසා මේ රට ආරක්ශා වේවා !!

මේ තාක් සම්බුද්ධ සාසනයේ චිරස්ථිතිය උදෙසා වරින් වර යුධ වැදුනු සොල්දාදුවන්ගේ අධිශ්ටානය පරිදි නැවැත කිසිම දිනක ආක්‍රමණවලට හසු නොවන ආකාරයට මේ රට ආරක්ශා වේවා !!

යුධ වැදී මිය ගිය සහ ජීවත්ව සිටින සොල්දාදුවන්ට මේ රටත්, සම්බුද්ධ සාසනයත් රකින්න තව තව ශක්තිය ලැබේවා !! එදා ගැමුණු කුමරුගේ අදිටන පරිදි (මාගේ මේ ව්‍යායාමය සම්බුද්ධ සාසනයේ චිරස්ථිතිය උදෙසාම පමණයි) අපගේ වෑයම රටේත්, සම්බුද්ධ සාසනයේ ත් චිරස්ථිතිය උදෙසාම වේවා!!

ආබාධිත හා ජීවතුන් අතර සිටින අය රැකගන්න සුදුසු නායකත්වයන් රට තුල තව බිහිවේවා!!

මෙම අධිෂ්ඨාන පූජාව රණවිරු අපි වෙනුවෙන් අපි ජාතික සංවිධානයේ සභාපති බලලත් නිලධාරී ජයලාල් නිශ්ශංක මහතා විසින් සංවිධානය කරනු ලැබීය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress