රනිල්ව පත්කළේ ආර්ථිකයයි, ප්‍රජාතන්ත්‍රවාදයයි ස්ථාපිත කරන්න විතරයි… 13 ක්‍රියාත්මක කරන්න රනිල්ට සදාචාරාත්මක අයිතියක් නැහැ – සාගර කියයි
Posted on July 23rd, 2023

Lanka Lead News

අරගලයෙන් පසු රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයට පත්කළේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහාය ඇතිව රටේ ආර්ථිකය ස්ථාවර කර, ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතීඥ සාගර කාරියවසම් පවසන්නේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනත් කිසිදු ව්‍යාපාරයකට සහාය දැක්වීමට එකඟ නොවූ බවද ඔහු වැඩිදුරටත් පවසයි.

සාගර කාරියවසම් මෙම අදහස් පළ කළේ රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම, පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු පිරිසක් සහභාගී වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දඹදෙණිය ආසන බල මණ්ඩල රැස්වීමට එක්වෙමිනි.

මේ අතර, ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ සිට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා දක්වා කාලය තුළ ක්‍රියාත්මක නොකළ 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සදාචාරාත්මක අයිතියක් නොමැති බවද සාගර කාරියවසම් මන්ත්‍රීවරයා පසුගියදා ප්‍රකාශ කර තිබිණි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress