කුරුන්දි පුදබිමෙන් අප පන්නන්න හදනවා..- කුරුන්දි විහාරාධිපති
Posted on July 30th, 2023

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

උතුරේ සිටින අන්තවාදී පිරිස් විසින් මුලතිව් කුරුන්දි විහාරයෙන් තමන් වහන්සේව පන්නා දමා එහි අයිතිය ලබා ගැනීමට උත්සහ දරමින් සිටින බවට කුරුන්දි විහාරාධිපති උතුරු පළාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය ගල්ගමුවේ ශාන්තබෝධි හිමියන් පවසති.

එම අන්තවාදී පිරිස් තමන් වහන්සේට නින්දා අපහාස සිදු කරමින් ජීවිත තර්ජන එල්ල කරමින් සිටින බවට ශාන්තබෝධී හිමියන් සඳහන් කරති.

සිංහල ජනතාව උතුරු පළාතේන් පන්නා දැමීමට අන්තවාදී දේශපාලකයන් විසින් මේ වන විට මෙහෙයුමක් දියත් කරමින් සිටින බවටද උන්වහන්සේ චෝදනා කරති.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress