නීතිය සහ පාර්ලිමේන්තුව ඉදිරියේ සිංහල අවතක්සේරු වීද? ආයුර්වේද පනතින් හෙළි වේ
Posted on August 2nd, 2023

මතුගම සෙනෙවිරුවන්

 තරාදියක් අතේ එල්ලාගෙන ඇස්බැඳගෙන සිටින නීතියේ දෙවඟන වූ කලි අධිකරණයේ ස්වාධීනත්වයේ සංකේතයයි.අධිකරණ විනිසුරුවන් ඉදිරයේ දී සෑම පුරවැසියෙකුම එක සමාන වෙයි.යුක්තිය පසිඳලීම පිණිස විත්තිකරුවන් සහ පැමිණිලිකරුවන් ඉදිරයේ පෙනී සිටින විනිසුරවන් සාධාරණ අපක්ෂපාතී විය යුතු යැයි තිබෙන මතය කෙතරම් දුරට ආරක්ෂා කර ඇත්දැයි අප සිතා බැලිය යුතුය.සිවිල් නඩු අපරාධ නඩු ආදියේ දී විත්තිකරුවෙකුට හෝ පැමිනිලිකරුවෙකුට සිදුවන යම් අසාධාරණයක් වෙත් නම් ඒ ඒ පුද්ගලයන්ට ඒවා අදාල වේ. නමුත් රටේ පූලික නීතිය සම්බන්ධව අසාධාරණයක් වෙත් නම් එය මුලු රටටම බලාපායි.වැරදි දේ යළි යළිත් සිදුවන විට එම වැරදි යලි හරිගැස්සීමටද නොහැකි වෙයි.

           පාර්ලිමෙන්තුව යනු නීති සම්පාදනය කරන ආයතනයයි. ජනතා පරමාධිපත්‍ය නියෝජනය කිරීම සඳහා තේරී පත්වූ නියෝජිත මන්ත්‍රීවරුන් ගේ කාර්ය භාරය විය යුත්තේ නීති සම්පාදනයේ දී එය රටට ජාතියට සහ ආගමට බලපාන්නේ කෙසේද යන්න සලකා බැලීමයි.නමුත් පාර්ලිමේනුතව නියොජ්නය කරනු ලබන බොහෝ මන්ත්‍රීවරුන් සභාගත කරන ලද පනත් කෙටුම්පත් අධ්‍යනය කරනුනේ නැත. ඇතිම් විට නොයෙකුත් අරමුණු ඔස්සේ ගෙනෙන සංශෝධන රැසක් එකවර කියවා තේරුම් ගැනීමේ අපහසුව නිසාද විය හැකිය. අනෙක් කරුණ නම් බොහෝ පනත් කෙටුම්පත් ඉංග්‍රීසි බසින් පළව තිබේමයි.විශේසයෙන්ම අමාතය මණ්ඩල සංදෙශ ආදිය සකස් කරනු ලබන්නේ ඉංග්‍රීසි භාෂාවෙනි. මේ සියලු කාරණා නිසා පනතක නීත්‍යානුකූල බව සලකා බැලීමට ඔවුනට අවස්තාව හිමි නොවේ. ඒයට තවත් ප්‍රධාන හේතුවක් වනුයේ නීතිපති දෙපාර්තමෙන්තුව විසින් මෙම කෙටුම්පත් අනුමත කර එවීමේ දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනූකූලදැයි සලකා නොබැලිමයි. පසුගියදා ඉදිරිපත කළ මහ බැංකු පනත එක උදාහරණයකි. එහි සංශෝධන 80 කට වඩා ඇතුළත් වූ බව ැක්වෙයි. 2023 මැයි 15 දින ගැසට් කරන ලද ආයුර්වේද සංශේදන පනතද මෙලෙස කඩිමුඩියේ හෝ වෙනත් අරමුණකින් හෝ ඉදිරිපත් කරන ලද්දකි.එම පනතට විරුද්ධව පාරම්පරික වෛද්‍යවරුන් පිරිසක් අධිකරයට පෙත්සම් ඉදිරිපත් කළහ.ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරයේ  සිවු දිනක් තිස්සේ විභාගයට  ගත් මෙම නඩුකරය තුළ සාක්ච්ඡා කරන ලද ප්‍රධාන කරුණු අතර පාරම්පරික කර්මය ශූන්‍ය කිරීමට ගත් තැත මුල් තැනේ තිබේ.ඊට අමතරව සමගාමී ලැයිස්තුවට ඇතුලත් විෂයක් වන දේශීය වෙදකම පිළිබඳ පනත් කෙටුම්පත් සංශොධනයකදී පළාත් සභා විමසිය යුතු බවද ව්‍යවස්ථාවේ දක්වා තිබේ.මෙයද සලකා බලා නැත. මෙහිදී ඉදිරිපත් වූ  වැදගත්ම තර්කය විස්න් මතු කරනු ලබන්නේ මෙම ලිපියේ මුලින් සඳහන් කරන ලද පසුබිමයි. නීති ක්ෂේත්‍රය සහ පාර්ලිමෙන්තුව මෙතෙක් කල් මේ රටේ ජනතාවගේඇස්වසා ආණුඩුක්‍රම ව්‍යවසථාවට පටහැනිව පනත් කෙටුම්පත් සංශොෟදනය කර ඇති බව මෙම තර්කයෙන් පැහැදිලි වේ තිබේ.

          1972 ජනරජ ආණුඩුක්‍රම ව්‍යවස්ථාව ඇති කිරීමට ප්‍රථම මේ රටේ ක්‍රියාත්මක වූයේ සොල්බිරි ව්‍යවස්තාවයි. සෙල් බරි ව්‍යව්ෂාතව යටතේ ඉදිරපත් කළ ආඥ පනත් සහ පනත් බොහෝ විට ඉංග්‍රීසි බාෂාවෙන් ගැසට් පත්‍රයේ පළ විය. ඇතැම් විට සිංහල පර්වර්තනයක්ද රජයේ මුද්‍රණාලයෙන් පිට කරනු ලැබිණ.නමුත් එය නීතිමය ලියවිල්ලක් නොවේ.1961 ආයුර්වේද පනතද එසේමය.එය ඉදිරිපත් කර තිබෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙනි.පෙර කීපරදි රජයේ මුද්‍රණාලයෙන් පළ කරන ලද පරිවරත්නයක්ද විය.2023 ආය්රුවේද සංශෝධන පනත් කෙටුම්පත් විභාගය අවස්තාවේ දී මෙම නඩුවට ඉදිරිපත් වූ නීතඥ මහ්මයෙකු නගන ලද එක් තර්කයක් වූයේ ආයුර්වේදම් නම් වචනයක් දෙමළ බසේ නැති බවයි. එවිට මෙම වචනය මුල් ලියැවිල්ලේ එනම් 1961 ආය්රුවේද පනතේ දෙමළ භාෂාමය පිටපත හා සසඳා බැලිය යුතුය. නමුත් සසදා බැලීමට එවැනි පටපක් නැත. සිංහල භාෂාමය වැරදැද්ද සලකා බැලීමට එනම් සංශොෟදනයේ දී ඉදිරිපත් වූ ආයුර්වේද සංග්‍රහ නමැති වචනය සකා බැලීහමට මුල් සිංහල ගැසට්ටුවක්ද නැත. අධිකරණය ගොලුවන්නේ මෙවැනි අවස්තාවකදීය.

     1972 ව්‍යවස්ථාවේ 10.(1) හා 1978ව්‍යවස්තාවේ 23(4 ) අනුව ආණුඩුක්‍රම ව්‍යව්ෂථාවෙ ක්‍රියාත්මක වීම ආරමභ වීමට පෙරාතුව බලාත්මක  වූ සියලු නීති සහ අනු නිති හැකිතාක් ඉක්මනින් සිංහල සහ දෙමළ භාෂාවලින් ගැසට් පත්‍රයේ පළ කරනු ලැබිය යුත්තේය යනුවෙන් (දාසය වන සංශොෟදනයෙන් අනතුරුව ) දක්වා ඇති බව මෙහිදී සඳහන් කළ යුතුය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress