13 ගැන දෙමළ දේශපාලකයන්ගේ සැබෑ අරමුණ පොදුජන පෙරමුණේ හිටපු නාගරක මන්ත්‍රීවරියක් හෙළිකරයි
Posted on August 4th, 2023

Lanka Lead News

ජනාධිපතිවරු 7 දෙනෙකු අත නොතැබූ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා උතුරු හා නැගෙනහිරට පොලිස් හා ඉඩම් බලතල ලබාදීමට ජනාධිපතිවරයා සර්ව පාක්ෂික සමුළුව කැඳවූ බවත්, ඒ පිළිබඳව තමන් පුදුමයට පත්වූ බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු නාගරික මන්ත්‍රී ෂර්මිලා ගෝනවල මහත්මිය පවසයි.

සිරස නාලිකාවේ පැවති සටන වැඩසටහනට එක් වෙමින් ඇය මේ බව පැවසුවාය.

මීටපෙර දෙමළ පක්ෂ නායකයන් මෙරට බුදු දහමට ප්‍රමුඛත්වය ලබාදීමට එකඟවී තිබූ බවත් ඔවුන් බහුතරවාදය හා බහුත්වාදය යන කාරණා සඳහා එකඟතාව පළකර තිබූ බවත් පවසන ෂර්මිලා ගෝනවල මහත්මිය මෙවර පැවැති සර්ව පාක්ෂික සමුළුවේ දී ඔවුන්ගේ එම අදහස වෙනස් වී ඇති බවත් පවසයි.

සැබෑ ප්‍රශ්නය තේරුම් නොගෙන භූ දේශපාලනික අවශ්‍යතා සපුරමින් තවත් පරම්පරාවක් යුද්ධයකට තල්ලු කිරීමට සූදානම් වන්නේ එක් පැත්තකින් ජාතිවාදී දේශපාලකයින් සහ අනෙක් පැත්තකින් අවස්ථාවාදී බලලෝභීන් බවත් ඇය මෙහිදී චෝදනා කළාය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress