උතුර සහ නැගෙනහිර බැඳීම-3
Posted on August 11th, 2023

විමල් පටබැඳිගේ – ශාස්ත‍්‍රවේදී, නීතිඥ, විශ‍්‍රාමික සොලිසිටර්

2 වෙනි කොටසෙන්

ඓතිහාසික තොරතුරු සහ පුරාවිද්‍යා සාධක අනුව ව්‍ය.ව. 13 වෙනි සියවසේ සිට ව්‍ය.ව. 16 වෙනි සියවසේ මුල් කාලය තුළ ද යාපාපටුනේ, යාපන අර්ධද්වීපයේ, පවා ස්ථාවර ද්‍රවිඩ/දෙමළ පදිංචියක් හෝ පාලනයක් පැවති බව තහවුරු නොවේ.

3 වෙනි කොටස

ව්‍ය.ව. 19 වෙනි සියවසට පෙර යුරෝපීය ආක‍්‍රමණිකයන් සිතියම් මගින් දැන සිටියේ නුවරකලාවිය සහ වන්නි ප‍්‍රදේශය (පළමු පළාත් බෙදීමෙන් උතුරු පළාතට ඇතුළත් කරන ලද භූමිය* අලි ඇතුන් සහ වන මෘගයන් බහුල ව ගැවසෙන, ඝණ වනාන්තර සහිත කඳුකර ප‍්‍රදේශයක් ලෙස ය. (* එමෙන් ම ව්‍ය.ව. 19 වෙනි සියවසේ අවසාන කාලයේ ද නැගෙනහිර පළාතේ තඹලගම (තම්පලකාමන්*, කොටසර (කොට්ටියාර්* සහ මඩකලපුව ඝණ වනාන්තරයක්25 (* ලෙස පැවති බව ඉංගිරිසි පාලන නිලධාරීන් වාර්තා කොට ඇත. 

උතුරු සහ නැගෙනහිර පළාත් දෙකට ඇතුළත් යාපාපටුන, කොට්ටියාර්, තිරිකුණාමලය, මඩකලපුව, කල්පිටිය, අරිප්පු, මන්නාරම ආදී ප‍්‍රදේශ ද සහිත සම්පූර්ණ භූමිය ව්‍ය.ව. 18 වෙනි සියවසේ අවසානය දක්වා වූ කාලයේ ද සිංහල රජුගේ පාලන අධිකාරිත්වය යටතේ පැවති බව බෝල්දිඅස්26 (* සඳහන් කරයි. එමෙන් ම එය ලන්දේසීන් පවා පිළිගත් කරුණකි.(* යාපාපටුන සහ බටහිර නැව්තොටු ආශි‍්‍රත ප‍්‍රදේශවල බලවතුන් වූ ලන්දේසීන් 1766ට පෙර රටේ වෙළඳ කටයුතු සඳහා අවසර ලබාගැනීමට වාර්ෂිකව සෙන්කඩගල රාජ්‍යයට පුද පඬුරු ගෙන ගොස් ඇත. ලන්දේසීන් අත්පත් කරගෙන සිටි ප‍්‍රදේශවල ලන්දේසි නිලධාරීන් පවා නියමිත පරිදි සෙංකඩගල රාජ්‍ය භාණ්ඩාගාරයට වාර්ෂිකව බදු ගෙවන ලද බව සර් ජෝන් ඩොයිලි එළිදරවු කරයි.(* 

පුර්තුගීසි විසුරේ දොන් කොන්ස්ටන්ටිනෝ ඩි බ‍්‍රගන්සාගේ නියමය අනුව පුර්තුගීසි භටයන් ව්‍ය.ව. 1561 වසර ආරම්භයේ දකුණු ඉන්දියාවෙන් (පුම්කාලේ* ද්‍රවිඩයන් බොහෝ පිරිසක් ගෙනවිත් වන්නියට අයත් මන්නාරම් ප‍්‍රදේශයේ පදිංචි කරවා ඇත. ඒ ප‍්‍රදේශයේ (පුම්කාලේ* බිෂොප් විසින් කතෝලික භක්තිකයන් බවට පත් කරන ලැබූ ඔවුන් තන්ජෝරයේ නායක් පාලකයන්ගේ හිංසා පීඩාවලින් මිදීමේ සහ ඉඩම් ලබා ගැනීමේ අශාවෙන් පුර්තුගීසීන් සමග පැමිණි බව ටි‍්‍රනිඩාඬේ සඳහන් කරයි. (* ද්‍රවිඩ භූමියෙන් මිනිසුන් ගෙනාවේ පුර්තුගීසි නායකයන්ගේ, වෙළෙන්දන්ගේ සහ හමුදාවේ කුදුමහත් සේවා කටයුතු සපුරා ගැනීමේ සහ ආරක්‍ෂිත භූමියක් පිහිටුවා ගැනීමේ ද අරමුණු ඇතිව ය. මෙය යුරෝපීයයන් වන්නියේ මලබාර්/ද්‍රවිඩ කොලනි පිහිටුවීමේ වාර්තාගත පළමු අවස්ථාව ය. එමෙන් ම පුර්තුගීසීන් ව්‍ය.ව. 1619 දී පැහැරගත් යාපාපටුන මුදාගැනීම සඳහා සෙනරත් රජු 1623 හමුදා යැවීමෙන් පසු කිලාලි කලපුවේ දකුණු තෙරට යාබද වන්නි ප‍්‍රදේශයේ උතුරු බිම් තීරය වගා කටයුතු සඳහා තමන් ගෙන්වා ගත් ද්‍රවිඩයන්ට බෙදා දුන් බව ව්‍ය.ව. 1645 දී සඳහන් කරන දොන් පිලිප්පේ මස්කරඤ්ඤා30 (* ඒ බිම් කොටස් බෙදීමේ දී ඉතා පැහැදිලි ලෙස ම සිංහල ”ගම” යන වචනය භාවිත කොට ඇත. ව්‍ය.ව. 17 වෙනි සියවසේ මුල් භාගයේ ද මේ ප‍්‍රදේශය සිංහල ජනාවාස පිරි භූමියක් වූ බව එළිදරවු කරයි. එමෙන් ම යාපාපටුනට ආසන්න වන්නි ප‍්‍රදේශයේ උතුරු සීමාවේ බිම් තීරුවේ ද්‍රවිඩ ජනයා පදිංචි කරවීම හෙළි කරයි. බොහෝ විට යාපන අර්ධද්වීපයේ තම බලය රැුකගැනීම සඳහා සිංහල රාජ්‍යයට එරෙහි ව මිනිස් පවුරක් ලෙස පිහිටුවා ගැනීමක් විය හැකි ය. 

කෝටටේ ධර්මපාල රජු (1551-1597* විසින් කරන ලද ප‍්‍රදානයක් අනුව ඔහු මියගිය පසු පුර්තුගීසීන් යාපාපටුන තමන්ට අයිති බව කියා ඇත. එහෙත් සීතාවක රාජ්‍යය සහ සෙන්කඩගල රාජ්‍යය ප‍්‍රධාන බාධක විය. ආර්ථික වාසි සඳහා වරින් වර වන්නිය ආක‍්‍රමණය කළ පුර්තුගීසීන් වන්නිවරයෙකු යටත් කිරීමෙන් පසු ඔහුගේ ප‍්‍රදේශය හරහා සතුරන්, සිංහල හමුදා ගමන් කරතොත් ඒ බව පුර්තුගීසීන්ට දැනුම් දීමට ගිවිසුමෙන් බැඳ ගැනීම31(* 17 වෙනි සියවසේ ද වන්නිය සම්පූර්ණයෙන් ම පුර්තුගීසීන්ට යටත් නොවූ, සිංහල ප‍්‍රදේශයක් වූ බව රිබෙයිරෝ එළිදරවු කරයි. 

ලන්දේසි කාලයේ පවා වන්නිය සම්පූර්ණයෙන් ඔවුන්ගේ යටත් ප‍්‍රදේශයක් නොවී ය. 1766 වසර තෙක් ඔවුන් යටතේ පැවතියේ (පුර්තුගීසීන්ගෙන් අල්ලාගත් මන්නාරමට අමතරව* වන්නියේ හෙට්ටිකුලම්පත්තුව (ඉංගිරිසීන් ලකුණු කළ වවුනියා දිස්ති‍්‍රක්කයේ චෙඞ්ඩිකුලම* පමණ කි. (* අනෙක් ප‍්‍රදේශ සිංහල රජුගේ අණසක යටතේ පැවතුණි. ව්‍ය.ව. 1766 සිංහල සහ ලන්දේසි ගිවිසුම එය සනාථ කරයි.33( * එමෙන් ම දෙවෙනි විමලධර්මසූරිය (1687-1707* සහ කීර්ති ශී‍්‍ර රාජසිංහ (1747-1781* රජුන් ලන්දේසී බල ප‍්‍රදේශ තුළ වූ වැලිගම සහ කැළණිය ප‍්‍රදේශවල ද ඉඩම් පැවරීම් සිදු කොට ඇත.(* ව්‍ය.ව. 18 වෙනි සියවසේ අවසන් කාර්තුව තෙක් වන්නි ප‍්‍රදේශයේ ලන්දේසි හෝ වෙනත් විජාතික පාලනයක් පැවති බව ඓතිහාසික වාර්තා සහ තත් කාලීන සිතියම් සනාථ නොකරයි. 

ව්‍ය.ව. 13 වෙනි සියවස සහ 19 වෙනි සියවස අතර කාලය තුළ දිවයිනේ නැගෙනහිර ප‍්‍රදේශය, තිරිකුණාමලය, මඩකලපුව සහ අම්පාර (දිගාමඬුල්ල* දිස්ති‍්‍රක්ක හා සම්බන්ධ ඓතිහාසික, සංස්කෘතික සහ සමාජ කරුණු නැගෙනහිර පළාතේ වෙන් වූ දෙමළ දේශපාලනයක් හෝ දෙමළ ආධිපත්‍යයක් පැවති බව තහවුරු නොකරයි. යාපන අර්ධද්වීපෙට යාබද ඊශාණදිග ප‍්‍රදේශය, නැගෙනහිර සහ ගිනිකොනදිග ප‍්‍රදේශවල දේශපාලන ගැටළු සමග බද්ධ වීම සඳහා ඊශාණදිග භූමි ප‍්‍රදේශය තුළ ව්‍ය.ව. 13 වෙනි සියවස තුළ හෝ 19 වෙනි සියවසේ අවසාන කාලය වෙන තෙක් ද්‍රවිඩ වාර්ගිකයන් ස්ථිරව පදිංචි වී සිටි බවට සාධක නැත. යුරෝපීය ආක‍්‍රමණිකයන්ගේ මැදිහත් වීමට පසු විශේෂයෙන් ම ඉංගිරිසි කොලනිවාදී පාලනය යටතේ දිවයිනේ ඊශාණදිග ප‍්‍රදේශයේ පමණක් නොව නැගෙනහිර පළාතේ ද ද්‍රවිඩ/දෙමළ කොලනි පිහිටුවීම ආරම්භ විය.

යාපන අර්ධද්වීප දකුණු සීමාව සහ නැගෙනහිර පළාතේ උතුරු සීමාව අතර ප‍්‍රදේශය තුළ කුරුඳුගමුරට=කුරුන්දි=කුරුන්දන්වූර්,35 (* මානාවතුරට = මානාමත්ත (*, ඡුාවාගච්ඡෙරිරට, මාරච්චිරට, බලතඩිරට, මඩුවල්ලියාරට, කනුකිනියාරට, පදී (පදවිය*, ගිරිකණ්ඩ, කෝකාලයරට, පුල්මුට්ටේ, තිරියාය, පල්ලවවංක, මුලතිව් ආදී ප‍්‍රදේශ, රැුටිය, රටලදු, රටලද්දා, දිසාවේ ආදී පදවි නාමයෙන් හඳුන්වන ලද රාජ්‍ය පාලන නිලධාරියෙකු යටතේ පැවති සිංහල බෞද්ධ ජනාවාස බව ගම්පොළ රාජ්‍ය යුගයට අයත් ශී‍්‍ර ලංකා කඩඉම්පොත, සෙංකඩගල (මහනුවර* රාජ්‍ය යුගයට අයත් ති‍්‍ර සිංහලේ කඩඉම්පොත ආදී කඩඉම්පොත්වලින් (* සහ මහාවංසය, පූජාවලිය, නිකාය සංග‍්‍රහය ආදි ඓතිහාසික ලේඛනවලින් සහ පුරාවිද්‍යා සාධකවලින් හෙළි වෙයි. 

ගම්වල ගොඩනගා තිබූ, ¥රාතීතයේ සිට පැවති පුරාණ වැව් සහ වෙහෙර විහාර සියල්ල ම වාගේ විනාශ වෙමින් සහ විනාශ කරමින් පැවති බව ඉංගිරිසි පාලන නිල වාර්තාවලින් එළිදරවු කෙරෙයි. ව්‍ය.ව. 19 වෙනි සියවසේ අවසාන කාලයේ ආණ්ඩුවේ ඒජන්ත ජේ.පී. ලූවිස් මේ සම්බන්ධ තොරතුරු අති විශාල ප‍්‍රමාණයක් වාර්තා කොට ඇත.38(* බෞද්ධ පුරාවිද්‍යා භූමි ලෙස නිශ්චිත ලෙස හඳුනා ගනු ලැබූ ස්ථාන පනහක් පමණ ලේඛන ගත කොට ඇත. ව්‍ය.ව. 2012 දී මුලතිව් දිස්ති‍්‍රක්කයේ කුරුන්දන්වූර් (කුරුන්දන්කුලම්* නමින් හඳුන්වනු ලබන, මිහිඳු හිමියන් පවා වැඩසිටි ලෙස සැලකෙන, පුරාණ කුරුඳුගමුරට (කුරුන්දි* ප‍්‍රදේශයේ ඛල්ලාටනාග රජු (ව්‍ය.ව.පූ. 109-103* විසින් ගොඩනගන ලද,39 (* ව්‍ය.ව.පූ. යුගයේ සිට පැවති අංග සම්පූර්ණ බෞද්ධ විහාර සංකීර්ණයක නටබුන් සහ පුරාණ සිංහල ප‍්‍රාකෘත (බ‍්‍රාහ්මී* සෙල්ලිපි සොයාගෙන ඇත. සමීක්‍ෂණ මගින් ස්ථාන තව තවත් සොයාගනිමින් ඇත. (යාපනේ, වන්නිය, මන්නාරම සහ නැගෙනහිර පළාතේ ප‍්‍රදේශ සම්බන්ධ සත්‍ය ඉතිහාසය සනාථ කරන සාධක ලැබෙන හෙයින් පුරාවිද්‍යා පර්යේෂණ කැණීම් සහ ගවේෂණවලට එරෙහි ව සමහර වර්ගවාදී ද්‍රවිඩ/දෙමළ සංවිධාන සහ දේශපාලකයන් බාධා කරමින් විරෝධතා දක්වමින් ඇත. වර්ගවාදීන්, ජාතිවාදීන් මානව ශිෂ්ටාචාර විරෝධීන් වී ඇත.* වංසකථා ඇතුළු පුරාණ ලේඛනවල කුරුන්දි, කුරුඳුගමුරට ආදී ලෙසින් සඳහන් කොට ඇති සිංහල රාජ්‍ය පාලන ඒකකයට අයත් වූ භූමි ප‍්‍රදේශය, ඉංගිරිසි කොලනිවාදීන් විසින් වර්තමාන මුලතිව් දිස්ති‍්‍රක්කය නිර්මාණය කිරීමට යොදාගෙන ඇත. ඉංගිරිසීන් මුහුදුබඩ පළාත අහෝසි කොට සීමා වෙනස් කොට වන්නි ප‍්‍රදේශය යළි නිර්මාණය කිරීමට පෙර සහ මලබාර් කොලනි පිහිටුවීමට පෙර නැගෙනහිර පළාතේ උතුරු සීමාවේ සිට යාපන අර්ධද්වීප සීමාව (කිලාලි කලපුව* දක්වා වූ භූමි ප‍්‍රදේශය, දිවයිනේ ඊශාණදිග ප‍්‍රදේශය සිංහල බෞද්ධ ජන්ම භූමියක් විය. 

…… 4 වෙනි කොටසට

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress