උතුර සහ නැගෙනහිර බැඳීම-6
Posted on August 21st, 2023

විමල් පටබැඳිගේ – ශාස්ත‍්‍රවේදී, නීතිඥ, විශ‍්‍රාමික සොලිසිටර්

5 වෙනි කොටසෙන්

යුරෝපීය ආක‍්‍රමණිකයන් විසින් ගෙනෙන ලද, ඉන්දියානු මලබාර්, ද්‍රවිඩ/දෙමළ වාර්ගිකයන් කුලීකරුවන් සහ ඔත්තුකරුවන් ලෙස සිංහල නිදහස් සටන් මැඩලීම සඳහා ඉංගිරිසි ආක‍්‍රමණික හමුදා සහායකයන් වී ඇත. නිදහස් සටන් මර්ධනයට ඉංගිරිසි කොලනිවාදීන්ට සහාය වූ දෙමළ අයට ප‍්‍රසාද දීමට ටොරිංටන් සාමි කොලනි ලේකම්ගෙන් (Colonial Secretory අවසර ඉල්ලීමෙන් සනාථ වෙයි.

6 වෙනි කොටස

1817-1818 සහ 1848 නිදහස් සටන් මර්ධනය කරමින් කළ සිංහල බෞද්ධ ජනසංහාරවලට අමතර ව ක‍්‍රවුන්ලෑන්ඞ් (එන්ක්‍රෝච්මන්ට්*  ඕඩිනන්ස් සහ සිලෝන් වේස්ට් ලෑන්ඞ්  ඕඩිනන්ස් ආදි නීති මගින් සිංහලයන් මවුබිමේ අනාථයන් කොට, යාපනේ, වන්නිය, නුවරකලාවිය ඇතුළු උතුරු පළාත සහ තමන්කඩුව, කුරුඳුගමුරට, අම්පාර (දිගාමඬුල්ල* ඇතුළු නැගෙනහිර පළාත දෙමළකරණය කිරීම සහ සිංහල බෞද්ධ ජනයා දෙමළකරණය කිරීම ආදී කි‍්‍රයා මගින් සිංහල බෞද්ධ ජන සංහාරය කළ ඉංගිරිසි/බි‍්‍රතාන්‍ය කොලනිවාදීන්, හිට්ලර්ට පෙර ලෝකයේ අංක එකේ නාසිවාදීන් වී ඇත. හිට්ලර්ගේ නාසිවාදයෙන් පසු යුරෝපය සහනයක් ලබා ඇතත් සිංහල බෞද්ධ ජනයා මෙතෙක් නාසිවාදයෙන් මිදී නැත.

සමහර උගතුන් ප‍්‍රකාශ කරන ලෙස 13 වෙනි සියවසේ සිට මේ පළාතේ දේශපාලන කටයුතු සමග යාපනේ බද්ධවීම ආරම්භ වූ බවට හෝ එවැන්නකට පසුතලයක් හෝ තිබුණු බවට ඓතිහාසික සාධක කිසිවක් නැත. දිවයිනේ සම්පූර්ණ භූමිය තුළ සිංහල රාජ්‍ය පාලනය පැවති බවට සාධක එමට ය. ක්වේරෝස්, බෝල්දිඅස්, වෙලන්ටයින්, ටි‍්‍රනිඩාඬේ ආදීන් පැහැදිලි ව කරන සඳහන් අනුව ව්‍ය.ව. 15 වෙනි සියවසේ දෙවෙනි භාගයේ සිට ව්‍ය.ව. 19 වෙනි සියවස දක්වා කාලය තුළ සිංහල රාජ්‍ය පාලනය මිස, යාපාපටුනේ, යාපන අර්ධද්වීපයේ පවා ස්වාධීන ද්‍රවිඩ/දෙමළ පාලනයක් තිබුනේ නැත. 

ඉංගිරිසීන් කුදුමහත් කටයුතු සඳහා සහ ව්‍ය.ව. 1817-1818 සහ 1848 සිංහල නිදහස් සටන් අවස්ථාවල ගෙනා අයට අමතර ව සහ ඔවුන් යටතේ පැවති ඉන්දියානු කොලනිය සහ ලංකා කොලනිය අතර ආරම්භ වූ නිදහස් සංචරණය නිසා වරින් වර දකුණු ඉන්දියාවෙන් පැමිණි පිරිස් උතුරු ප‍්‍රදේශයේ පදිංචි වී/පදිංචි කොට ඇත. එමෙන් ම 19 වෙනි සියවසේ 1833 කෝලබෲක් යෝජනාවලින් පසු, විශේෂයෙන් ම 1848 සිංහල විමුක්ති සටනින් පසු ඉංගිරිසි කොලනි පාලනය බාධා රහිත ව පවත්වා ගැනීමට, නැගෙනහිර පළාතේ කි‍්‍රයාත්මක කළ ද්‍රවිඩ කොලනි පිහිටුවීම ඇතුළු ඉංගිරිසි කොලනිවාදීි පාලන සංවිධානය හා කි‍්‍රයාකලාපය අනුව උතුරු පළාත සහ නැගෙනහිර පළාත අතර යම් සම්බන්ධයක් ඇති වෙයි. එය ද්‍රවිඩ වාර්ගික දේශපාලන සම්බන්ධයක් නොවේ. ඉංගිරිසි කොලනිවාදී පරිපාලන සම්බන්ධයකි. ඉංගිරිසීන් මුහුදුබඩ ප‍්‍රදේශය (ඵ්රහඑසපැ ඡුරදඩසබජැ* පැහැරගත් පසු සහ 1815 සෙන්කඩගල (නුවර* සිංහල රාජ්‍යය කොන්දේසි සහිතව පවරාගත් පසු පරිපාලන, අධිකරණ, මිනුම් ආදී සියලූ කටයුතු සඳහා දකුණු ඉන්දියාවෙන් ගෙන ආ මලබාර්, ද්‍රවිඩ/ දෙමළ වාර්ගිකයන් යොදගනු ලැබීම සහ නැගෙනහිර පළාතේ ඉංගිරිසි පරිපාලන නිලධාරීන් යාපනේ සිටි ආණ්ඩුවේ ඒජන්ත (ඨ්* ඩයික්ගේ අධීක්‍ෂණය යටතට පත් කරනු ලැබීම මගිනි. එමෙන් ම ඉංගිරිසීන් පැහැරගත් නැගෙනහිර පළාතේ ඉඩම් අක්කරය සිලිම් 2 බැගින් මිළදී ගැනීමෙන් ද යම් සම්බන්ධයක් ඇති විය. කෙසේ වෙතත් එය ආර්ථික, ආගමික, අධ්‍යාපනික සහ පරිපාලනමය වශයෙනි. දේශපාලනික වශයෙන් හෝ භෞමික වශයෙන් නොවේ. පරිපාලන වශයෙන් ඉංගිරිසි කොලනිවාදී දේශපාලන රාමුව තුළ ය.

යුරෝපීය ආක‍්‍රමණිකයන් දකුණු ඉන්දීය ”මලබාර්” වැසියන් ගෙනවිත් යාපනේ අර්ධද්වීයේ, මන්නාරම මුහුදු තීරයේ සහ කිලාලි කලපුවට යාබද වන්නි බිම් තීරුවේ පදිංචි කරවා ඇත. ඉංගිරිසි ආක‍්‍රමණිකයන් බෝට්ටු පුරවා මලබාරයෙන් ද්‍රවිඩ/දෙමළ වාර්ගිකයන් ගෙනා බවට 1805 දී කැප්ටන් රොබට් පර්සිවල් සක්‍ෂි දරයි.62 ඔවුන් හඳුන්වනු ලැබුවේ ”මලබාර්” නාමයෙනි. මුහුදුබඩ ප‍්‍රදේශයේ (ඵ්රහඑසපැ ඡුරදඩසබජැ* බලවතුන් වූ පසු ඉංගිරිසි ආක‍්‍රමණිකයන් ව්‍ය.ව. 1806 වසරේ පනවන ලද තේසවලාමෙයි නීතිය එය සනාථ කරයි. පුර්තුගීසීන් සහ ලනදේසීන් විසින් ගෙනවිත් මන්නාරමේ සහ ආශි‍්‍රත මුහුදු බඩ තීරයේ පදිංචි කරවන ලද මලබාර් ද්‍රවිඩ ජනයාට මේ නීතිය අදාල කොට නැත. ඉංගිරිසි කොලනිවාදීන් ”යාපනේ මලබාර් නේවාසිකයන්” සඳහා පමණක් බලගන්වා තේසවලාමෙයි නීතිය පැනවීමෙන්, 19 වෙනි සියවස ආරම්භයේ පවා ද්‍රවිඩ/දෙමළ වාර්ගික නොවෙන විශාල ජන කොටසක් යාපන අර්ධද්වීපයේ පදිංචිව සිටි බව සහ යාපනේ භූමි ප‍්‍රදේශයට පමණක් මලබාර් ද්‍රවිඩ/දෙමළ පදිංචිය සීමා වූ බව පෙන්නුම් කරයි. යුරෝපීයයන් විසින් ගෙනවිත් පදිංචි කරවන ලද සහ බි‍්‍රතාන්‍ය කොලනි පුරවැසියන් ලෙස පැමිණ පදිංචි වී සිටි ද්‍රවිඩ/දෙමළ ජනයා වසර සියයකට වැඩි කාලයක් පුරා ”මලබාර්” නමින් හඳුන්වා ඇති බව රාජ්‍ය ලේඛන සනාථ කරයි.  

ජන සංඛ්‍යා ලේඛන ජෙනරාල් තනතුර දැරූ පොන්නම්බලම් අරුණාචලම් ව්‍ය.ව. 1901 වසරේ ඒ හැඳින්වීම් නාමය වෙනස් කළේය. එක ම වර්ගයට අයත් ජනයා ”ලංකා දෙමළ” සහ ”ඉන්දියානු දෙමළ” යනුවෙන් රාජ්‍ය ලේඛනවල ඇතුළත් කොට භේදයක් නිර්මාණය කළේ ”මලබාර්” වෙල්ලාල කුලයේ අය විසිනි. සෙසු ලාංකික ”බි‍්‍රතාන්‍ය කොලනි පුරවැසියන්ට” අහිමි, තේසවලාමෙයි නීතිය යටතේ ”වහල් හිමි” අයිතිය සහ විශේෂ වරප‍්‍රසාද හිමිකම් ලබා සිටි වෙල්ලාලයන් එතැන් සිට ”ලංකා දෙමළ” බවට පත් කොට ඇත. ඉන් පෙර ”ලංකා දෙමළ” නම් වූ ජන කොටසක් ලංකාවේ සිටියේ නැත. කෝපි, තේ, රබර් වගාව සඳහා ගෙනෙන ලද සහ ඔවුන්ට පෙර වසර දසක තුනකට පමණ පෙර ගෙනෙන ලද/පැමිණි ද්‍රවිඩ භාෂා කථා කරන ජන වර්ගයේ මවුබිම දකුණු ඉන්දියාව නිසා මෙවැනි භේදයක් නිර්මාණය කිරීමට හේතුව ”කුලෝන්මාදය” මිස වෙනත් සාධාරණ හේතුවක් වූ බව දැකිය නොහැකි ය. (සියලූ ආකාරයේ කම්කරු වැඩ සඳහා ගෙනෙන ලද සහ 1833 කෝල්බෲක් කොමිෂමෙන් පසු කාලයේ පමණ සිට කෝපි, තේ සහ රබර් වගාව සඳහා, විශේෂයෙන් ම කොරමණ්ඩල ප‍්‍රදේශයෙන් ”කූලීන්” ලෙස ගෙනා වෙල්ලාල නොවෙන ”පහත් කුල” යනුවෙන් හඳුන්වනු ලබන ජනයා සමග එක ම වාර්ගික හැඳින්වීමක් යටතේ ලේඛන ගත වීමෙන් ¥ෂ්‍ය වෙතැ’යි සිතුවේ දැ’යි නොදනිමි.* එමෙන් ම වෙල්ලාලයන් ඇතුළු ද්‍රවිඩ/දෙමළ ජනයාගේ සහ මුස්ලිම් භක්තිකයන්ගේ මවුබස දෙමළ භාෂාව වුව ද, මලබාර් භූමි මූලය සහිත මුස්ලිම් භක්තිකයන් ද්‍රවිඩ/දෙමළ වර්ගයෙන් බැහැර කිරීමට හේතුව ආගමික විශ්වාසය හැර වෙනත් හේතුවක් වී දැ’යි පැහැදිලි නැත. කෙසේ වුව ද, ”ලංකා දෙමළ” කණ්ඩායම මෙන් ම ”ඉන්දියානු දෙමළ” සහ මුස්ලිම් භක්තිකයන් ද දකුණු ඉන්දියානු මූලය සහිත බි‍්‍රතාන්‍ය කොලනි පුරවැසියන් වූ බව නොසලකා ඇත. දකුණු ඉන්දියාවේ සිට පැමිණි/ගෙනා එකම ජනවර්ගයක ජනයා බෙදා වෙන් කිරීම අනුමත කළ ඉංගිරිසි කොලනිවාදී පාලකයන් එක් කොටසක් උසස් ලෙසත් තවත් කොටසක් පහත් ලෙසත් සම්මත කොට වෙනස් ලෙස සලකා (ාසිජරසපසබ්එැ* ඇත. 20 වෙනි සියවසේ ආරම්භය (1901* වෙන තෙක් ”ලංකා දෙමළ” නාමයෙන් හඳුන්වනු ලැබූ ජන කොටසක් ලංකාවේ සිටියේ නැත.

ඉංගිරිසි කොලනිවාදීන් දිවයිනේ සිදු කළ පාලන ප‍්‍රතිසංවිධාන අනුව සිංහල ජනයා සහ දෙමළ ජනයා වෙනුවෙන් වූ එක ම නියෝජිත තනතුරට පත් කරන ලද, එකල ලංකා ජාතික සංගමයේ මුල් පෙළේ කි‍්‍රයාකාරියෙකු වූ පොන්නම්බලම් රාමනාදන් දෙවෙනි වාරය සඳහා තනතුරට යළි පත්වීම් නොලැබීමෙන් පසු පාරම්පරික ඥාතීන් වූ දකුණු ඉන්දියාවේ ද්‍රවිඩ ජනයා අතර කලක් ගත කළේ ඇති වූ අමනාපය හෝ හා කණගාටුව නිසා ද නො එසේ නම් නිජබිම/මවුබිම වූ නිසා දැ’යි පැහැදිලි නැත.

ව්‍ය.ව. 19 වෙනි සියවසේ අවසාන කාලයේ සිට දකුණු ඉන්දියාවේ ද්‍රවිඩ නිදහස් ව්‍යාපරයක් වීය. එය ලංකාවේ පැවති ලංකා ජාතික සංගමයේ ප‍්‍රතිසංස්කරණ යැදීමේ ව්‍යාපාරය වැනි එකක් නොවී ය. එකල මදුරාසි ප‍්‍රසිඩන්සි පාලනය යටතේ පැවති දකුණු ඉන්දීය භූමිය ”ද්‍රවිඩස්ථාන්” ලෙස නිදහස් ද්‍රවිඩ රටක් සඳහා විය. ඉංගිරිසීන් විසින් ප‍්‍රතික්‍ෂේප කරනු ලැබීම නිසා එය අසාර්ථක විය. 20 වෙනි සියවසේ මුල් කාලයේ ආරම්භ කොට ”ජස්ටිස් පාටි” (න්‍මිඑසජැ ඡු්රඑහ* නමින් හඳුන්වා දෙන ලද සංවිධානය නිදහස් දෙමළ රාජ්‍යයක් සඳහා වූ ව්‍යාපාරයක් විය. එහි උත්තේජනය දකුණු ඉන්දියාව සමග ඉතා සමීප ජන්ම සම්බන්ධතා පැවති යාපනේ දෙමළ ප‍්‍රධානීන් කෙරෙහි බලපෑ බව නිසැක ය. 

මිෂනාරි සහ තමිලක්කම් ව්‍යාපාරය මගින් ආරම්භ කරන ලද පාසල්වල සේවය සඳහා දකුණු ඉන්දියාවෙන් ගෙන්වා ගත් සහ දකුණු ඉන්දියාවට ගොස් අධ්‍යාපනය ලබා පැමිණි (පවුල් නෑ සබඳතා පැවති* දෙමළ උගතුන් ගද්‍ය පද්‍ය කාව්‍ය රචනා නිර්මාණය කරමින්/කරවමින් 19 වෙනි සියවසේ අවසාන කාලයේ යාපනේ අර්ධද්වීපයේ දෙමළකම ගොඩ නැගීමේ ප‍්‍රවණතාවය තුළ නිරත වූ බව දැකිය හැකි ය. දකුණු ඉන්දියාවේ නිදහස් දෙමළ රාජ්‍යයක් සඳහා වූ උද්ඝෝෂණ තහනම් කරනු ලැබීමෙන් නිරායාශයෙන් ම එය ලංකාවට අපනයනය විය. 

විසිවෙනි සියවසේ මුල් කාලයේ වෙල්ලාල උගත් සමාජය තුළ සහ ඉංගිරිසි කොලනි පාලකයන් අතර ප‍්‍රධාන තැනක් ලැබ සිටි පොන්නම්බලම් රාමනාදන් නොබෝ කලකින් ආපසු දිවයිනට පැමිණ දෙමළ සමාජය දැනුවත් කිරීම සඳහා නිරත වී ඇත. විශේෂයෙන් ම 1923 පමණ කාලයේ පොන්නම්බලම් සහෝදරයන් වූ රාමනාදන් සහ අරුණාචලම් ආරම්භ කළ ”තමිලක්කම්” ව්‍යාපාරය මගින් දෙමළ ජනයා අතර ආරම්භ වූ වාර්ගික පෙළගැස්ම සහ යාපනේ කතෝලික/ කි‍්‍රස්තියානි ආගමික සහ පාසල් සංවිධානයේ අනුග‍්‍රහය සහිතව 1924 වසරේ ආරම්භ කළ, පසුව ”යාපනේ තරුණ කොන්ග‍්‍රසය” ලෙස නම් කරන ලද යාපනේ ශිෂ්‍ය සංගමය උතුරු පළාත සහ නැගෙනහිර පළාත අතර යම් දේශපාලන සම්බන්ධයකට මග සැලසී ය. (වර්තමානයේ හෝ  යාපනේ කතෝලික/කි‍්‍රස්තියානි සංවිධානය ඉන්දියාවේ දෙමළ කතෝලික/කි‍්‍රස්තියානි සංවිධානයේ මෙහෙය වීමෙන් මිදී ඇති බවක් නොපෙනේ.* වාර්ගික නියෝජනය වෙනුවට 1929 ඩොනමෝර් ප‍්‍රතිසංස්කරණ හඳුන්වා දුන් නියෝජිත නියෝජනය පිළිබඳව දුරදිග නො බලා ගත් තීරණ සමග යාපනේ තරුණ කොන්ග‍්‍රසය යාපනේ අනෙක් වෙල්ලාල වාර්ගික දේශපාලන ව්‍යාපාර තුළ වියැකී ගියේ ය. 

…. 7 වෙනි කොටසට

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress