උතුර සහ නැගෙනහිර බැඳීම-7
Posted on August 24th, 2023

විමල් පටබැඳිගේ – ශාස්ත‍්‍රවේදී, නීතිඥ, විශ‍්‍රාමික සොලිසිටර්

6 වෙනි කොටසෙන්

…. ”යාපනේ තරුණ කොන්ග‍්‍රසය” ලෙස නම් කරන ලද යාපනේ ශිෂ්‍ය සංගමය63 උතුරු පළාත සහ නැගෙනහිර පළාත අතර යම් දේශපාලන සම්බන්ධයකට මග සැලසී ය. (වර්තමානයේ හෝ යාපනේ කතෝලික/කි‍්‍රස්තියානි සංවිධානය ඉන්දියාවේ දෙමළ කතෝලික/කි‍්‍රස්තියානි සංවිධානයේ මෙහෙය වීමෙන් මිදී ඇති බවක් නොපෙනේ.* වාර්ගික නියෝජනය වෙනුවට 1929 ඩොනමෝර් ප‍්‍රතිසංස්කරණ හඳුන්වා දුන් නියෝජිත නියෝජනය පිළිබඳව දුරදිග නො බලා ගත් තීරණ සමග යාපනේ තරුණ කොන්ග‍්‍රසය යාපනේ අනෙක් වෙල්ලාල වාර්ගික දේශපාලන ව්‍යාපාර තුළ වියැකී ගියේ ය.

7 වෙනි කොටස

”බි‍්‍රටිෂ් රාජ්” මෙන් පාලන බලවතුන් වීමේ අරමුණ සඳහා කොළඹින් ද දෙමළ වාර්ගික නියෝජනයක් දෙන ලෙස ඉංගිරිසි කොලනි පාලකයන්ට කළ ඉල්ලීම අසාර්ථක වීමෙන් පසු රාමනාදන් ආරම්භ කළ ”තමිලක්කම්” ව්‍යාපාරය සහ ජී. ජී. පොන්නම්බලම්ගේ 50 ට 50 ව්‍යාපාරය සාමාන්‍ය දෙමළ ජනයා වෙනුවෙන් නොව ලංකාවේ දෙමළ ”බි‍්‍රටිෂ් රාජ්” පාලකයන් වීමේ යාපනේ වෙල්ලාලයන්ගේ ”අභිලාශය” වෙනුවෙන් වූ වාර්ගික කුලවාදී ව්‍යාපාර විය. ඉංගිරිසි කොලනිවාදීන් සමග සබඳතා පැවති, උගතුන් වූ ඔවුන්ගේ බසට, එදිනෙදා භාවිතයට ප‍්‍රමාණවත් ලෙස දෙමළ භාෂාව පමණක් දැන සිටි යාපනේ සාමාන්‍ය දෙමළ ජනයා නැඹුරු වීම ස්වාභාවිකය. වෙල්ලාලයන්ට දෙමළ සෙසු කුලවල ජනයා වහලූන් ලෙස තබා ගැනීමට වහල් හිමි තත්වය දෙමින් බලය දෙන ලද තේසවලමෙයි නීතිය ද හේතු විය.(* ජී. ජී. පොන්නම්බලම් 1939 වසරේ නාවලපිටියේ දී ප‍්‍රචාරක රැුස්වීමේ කළ දෙමළ වර්ගවාදී කථාව මගින් දිවයිනේ වර්ගවාදී දේශපාලන ඉතිහාසයේ පළමු සිංහල දෙමළ ගැටුමක් අවුලූවා රට ම ගිනි තැබීමට මුල් වූ බව වාර්තා වී ඇත. (චෙල්වනායගම්ගේ මෙහෙයවීම නිසා සිදු වූ 1958 ගැටුමට වසර දහනවයකට පෙර ය.* 

පොන්නම්බලම් රාමනාදන්, ජී.ජී. පොන්නම්බලම් ආදී දෙමළ වෙල්ලාල ප‍්‍රධානීන් ඡුන්ද අයිතිය පුළුල් නොකරන ලෙස සහ ඡුන්ද බලය දෙන්නේ නම් ‘වෙල්ලාල’ කුලයේ පිරිමින්ට පමණක්, එනම් වෙල්ලාල වුව ද කාන්තාවන්ට සහ වෙල්ලාල නොවෙන (දෙමළ පහත් කුල* ජනයාට ඡුන්ද බලය නොදෙන ලෙසත්, මුස්ලිම් ප‍්‍රධානීන් කාන්තාවන්ට ඡුන්ද බලය නොදෙන ලෙසත් ඉල්ලා සිටිය දී සහ සමහර සිංහල ප‍්‍රධානීන් ”වඳුරන්ට දැලිපිහි දීම වැනි” යයි අකැමැත්ත දක්වද්දී ඩොනමෝර් කොමිසමේ නිර්දේශ අනුව සියලූ වැඩිහිටි පුරවැසියන්ට ඡුන්ද බලය දෙමින් විසිවෙනි සියවසේ තෙවෙනි දසකයේ වාර්ගික නියෝජනය වෙනුවට නියෝජිත නියෝජන ක‍්‍රමය ආදේශ කිරීම තුළින් ද්‍රවිඩ වෙල්ලාලයන් අතර පැවති බල තරඟය උත්සන්න කිරීම සිදු විය. ”බි‍්‍රටිෂ් රාජ්” මෙන් පෙනී සිිටීම සඳහා පැළඳ සිටි ”රෙදි ඔටුන්න” (විශේෂ තලප්පාව* දැරීම නියෝජිත නියෝජන ක‍්‍රමය තුළ ගිලිහෙන්නට විය. 

මන්ත‍්‍රණ සභාව තුළ සිංහල සහ දෙමළ 50 ට 50 නියෝජිත නියෝජනය සඳහා ඉල්ලීම් කළ ජී. ජී. පොන්නම්බලම්ගේ සමස්ථ ලංකා දෙමළ සංගමය (්කක ක්‍ැහකදබ ඔ්පසක ක්‍දබටරුිිු්ක්‍ඔක්‍* ලංකාවේ පළමු වාර්ගික දේශපාලන පක්‍ෂය විය. එය ලංකාවට ඩොමීනියන් තත්වයට (1948 අර්ධ නිදහසට* පෙර වර්ගවාදය/ජාතිවාදය බලගැන්වීමක් විය. (ඔහුගේ මුණුපුරු පරම්පරාව ද වර්ගවාදයේ අන්තයේ ”නව නාසිවාදීන්” වී ඇත.* මින් පෙර රටේ පාලන බලතල ලබාගැනීම සඳහා වූ සංවිධාන මිස වාර්ගික දේශපාලන පක්‍ෂ තිබුණේ නැත. 

මැලේසියාවේ ”භූමිපුත‍්‍ර ව්‍යාපාරය” ස්වදේශික පදනම මත විය. එරට අත්හැර පැමිණ ලංකා දෙමළ සංගමයේ දේශපාලනය තුළ කලක් නිරතව සිටි (මැලේසියානු බි‍්‍රතාන්‍ය කොලනි පුරවැසි* එස්. ජේ. වී. චෙල්වනායගම් 1949 දී ”ලංකා දෙමළ රාජ්‍ය පක්‍ෂය” (ඉලංකෛ තමිල් අරසු කච්චි ු ක්‍ැහකදබ ඔ්පසක ීඒඑැ ඡු්රඑහුක්‍ඔීඡු* දිවයින තුළ දෙමළ රාජ්‍යයක් බිහි කිරීමේ අරමුණ ඇතිව ආරම්භ කළේය. ව්‍ය.ව. 13 වෙනි සියවසේ පවා නොතිබුණු, විශේෂයෙන් ම 1449 වසරෙන් පසු, 1795 වසරේ ඉංගිරිසි කොලනිවාදී ආක‍්‍රමණිකයන් යාපනේ අර්ධද්වීපය අල්ලා ගනු ලැබූ කාලයේ හෝ නොතිබුණු ”දෙමළ රාජ්‍යයක්” නිරිමාණය කිරීමේ ඉලක්කය වූ වාර්ගික උද්යෝග පාඨයෙන් යාපනේ සෙසු වෙල්ලාල ප‍්‍රධානීන් අභිබවා ගියේය. (ඉලංකෛ තමිල් අරසු කච්චි නමින් දෙමළ ජනයාට ඇමතූ අතර අනෙක් ජනයා සහ ලෝකය හමුවේ ”ෆෙඩරල් පක්‍ෂය” නමින් පෙනී සිටියේය. එය දකුණු ඉන්දියාවේ දෙමළ රාජ්‍යයක් සඳහා වූ සංවිධානය ජස්ටිස් පාටි නමින් හැඳින්වීම වැනි ය.* සමහරෙකු විසින් ”යාපනේ ගාන්ධි”, යනුවෙන් සහ තවත් කෙනෙකු විසින් ”දෙමළ ජනතාවගේ මෝසෙස්” (ලක්‍ෂ්මන් වික‍්‍රමසිංහ බිෂොප්, වත්මන් ජනපතිගේ පියාගේ සහෝදරයා* ආදී විශේෂණවලින් වර්ණ ගන්වනු ලැබූ චෙල්වනායගම් මෙහෙය වූ දෙමළ වර්ගවාදී/ජාතිවාදී ව්‍යාපාරය තුළ දෙමළ වෙල්ලාල කුලවාදී දේශපාලනය රැුකවරණ ලැබීය. ”යාපනේ ගාන්ධි” මගින් දෙමළ හින්¥ භක්තිකයන් සහ ”දෙමළ ජනතාවගේ මෝසෙස්” මගින් දෙමළ කි‍්‍රස්තියානි භක්තිකයන් දෙමළ වර්ගවාදය/ජාතිවාදය තුළ ගොනු කිරීම දැඩි විය. 

උතුරු නැගෙනහිර දේශපාලන දැඩි බැඳීම ආරම්භ වූයේ චෙල්වනායගම්ගේ දෙමළ රාජ්‍යයක් සඳහා වූ දෙමළ වර්ගවාදී සටන් පාඨ තුළිනි. (තමිලක්කම් ව්‍යාපාරය, පනහට පනහ ව්‍යාපාරය/සමස්ත ලංකා දෙමළ සංගමය සහ දෙමළ රාජ්‍යය පක්‍ෂය යන දේශපාලන ව්‍යාපාර බිහි කළ, ඒවායේ ප‍්‍රධාන විධායක අධ්‍යක්‍ෂලා වූ වෙල්ලාල දෙමළ ප‍්‍රධානීන් තිදෙනා ම ඉංගිරිසීන් විසින් නිර්මාණය කරන ලද බැරිස්ටස්ලා (ඊ්රරසිඑදරි* වූහ. තේසවලාමෙයි නීතිය අනුව ඒ ”දෙමළ රාජ්‍යයේ” පාලකයන් වීමේ අයිතිය සහ වරප‍්‍රසාදය වෙල්ලාලයන්ට පමණක් හිමි බව ඔවුන් දෙමළ ජනතාවට පමණක් නොව සමස්ථ ලෝකයට ම රහසක් කොට ඇත. ඔවුන් කොළඹ ඉතා සුඛොපභෝගී ජීවිත ගත කළ, ඉංගිරිසි කොලනිවාදීන් නිර්මාණය කරන ලද, ඔවුන් ඉතා කුළුපගව ඇසුරු කළ, දේශපාලන අද්වකාත්ලා වූහ. ”දෙමළ කොලනි ඒජන්තලා” (ඔ්පසක ක්‍දකදබස්ක ්ටැබඑි* වූහ. ”දෙමළ කළුසුද්දෝ” වූහ.* (ඉන් වසර දසක කීපයකට පෙර, වෙල්ලාල කුල නො වෙන මලබාර් ද්‍රවිඩ/දෙමළ ජනයාට හිමි වහල් සමාජය බව තහවුරු කිරීමට පොන්නම්බලම් රාමනාදන් ඉංගිරිසි කොලනි පාලකයන් 1806 නීති ගත කළ තේසවලමෙයි නීතිය මගින් වෙල්ලාලයන්ට හිමි කරන ලද අයිතිවාසිකම් සහ වරප‍්‍රසාද පිළිබඳව කරුණු දක්වමින් පි‍්‍රවිකවුන්සිලයේ පිහිට පතා ඇත.(* බි‍්‍රතාන්‍ය කොලනි පුරවැසියන්ට හිමි වූ අවසාන අභියාචනා අධිකරණය-1972 ජනරජ ව්‍යවස්ථාවෙන් අහෝසි කරනු ලැබීය.*

ඉන්දියාව සහ ලංකාව ඇතුළු ලෝකයේ බි‍්‍රතාන්‍ය කොලනිවල වාසය කළ, කරවන ලද ද්‍රවිඩ/ දෙමළ ජනයා 18 වෙනි සියවස අවසාන කාලයේ සිට ”ඉන්දීය මූලය සහිත බි‍්‍රතාන්‍ය පුරවැසියෝ” වූහ. ලංකාවේ පදිංචි කරවන ලද/පදිංචි වූ මලබාර් ද්‍රවිඩ/දෙමළ ජනයා ”ලංකා පුරවැසි” බවට පත් කරනු ලැබුවේ ඉංගිරිසි කොලනිවාදීන් 1948 දී ”ලංකා කොලනියේ” වගකීම් අත්හල පසු ය.

1948 වසරේ බි‍්‍රතාන්‍ය කොලනිවාදීන් රට සහ පුරවැසියන් පිළිබඳ වගකීම සහ වගවීම අත්හැරීම සහ ඉන් මිදීම සමග, ඔවුන් විසින් ගෙන්වීමෙන් සහ පැමිණීමෙන් දිවයිනේ නේවාසික වූ ඉන්දිීය (මුස්ලිම් භක්තිකයන් ද ඇතුළු* ජනයාගේ ”බි‍්‍රතාන්‍ය කොලනි පුරවැසි” භාවය අහෝසි විය. ඉන්දියාව ඔවුන් ඉන්දීය පුරවැසියන් ලෙස සැලකුවේ නැත. ඉංගිරිසි පාලකයෝ වසර සියයක පමණ කාලයක් වහල් සේවාවේ යොදාගත් ”ඉන්දියානු දෙමළ” ජනතාව අනාථ කළහ. මේ ගැටළුව විසඳාගැනීමට කොලනි පාලනයෙන් මිදුණු සෑම රටකට ම වාගේ සිදු විය. කෙන්යා, ඝානා, උගන්ඩා ආදි අපි‍්‍රකානු රටවලින් ”වහාම පිටවීමේ නියෝගය” අනුව ඉන්දිියානු විශාල පිරිසක් භාර ගැනීමට බි‍්‍රතාන්‍ය පාලකයන්ට සිදු විය. 1948 දී ලංකාවේ එවැන්නක් නොවීය. සකලවිධ ”කළුසුද්දන්” දණ නමා ආචාර කොට ඇත. ඉංගිරිසි කොලනි පාලකයෝ ඔවුන් ”කූලීන්” ලෙසම සලකා අත්හළහ. වෙල්ලාලයන් ”පරෙයි” ආදී ‘කුල’ ජනයා ‘හීනජන්මී’ (මබඑදමජය්ඉකැි* ‘හන’ (ලේබලය* තබා බැහැර කළ අතර ඉංගිරිසි කොලනි පාලකයන් තම භාෂාවට ”පරයා” (ච්රස්ය* එක් කොට තමන් අකැමැති රටවලට සහ පුද්ගලයන්ට ඒ ”හන” තබමින් ඇත.

ඉංගිරිසි කොලනි පාලකයන් වගකීම් අත්හල විට මේ නේවාසිකයෝ තවදුරටත් ”බි‍්‍රතාන්‍ය කොලනි පුරවැසියෝ” නො වූහ. කිසි ම රටක පුරවැසියෝ නො වූහ. සෙසු රාජ්‍යවලට මෙන් ම ලංකා රාජ්‍යයට ද පුරවැසි අයිතිය තීරණය කිරීමට සිදු විය. ඉංගිරිසීන් විසින් සහ ඉන්දීය පාලකයන් විසින් නො සලකා හරින ලද, ”ඉන්දියානු දෙමළ” ජනයාගෙන්, පියා ලංකාවේ උපන්, 145,000 පිරිසක් 1948 පුරවැසි නීතියෙන් (ඔයැ ක්‍ැහකදබ ක්‍සඑස‘ැබියසච ්ජඑ දෙ 1948* පුරවැසි අයිතිය ලැබීය. වෙල්ලාලයන් ප‍්‍රමුඛ ”ලංකා දෙමළ” සංඥා නාමයෙන් වෙන් ව සිටි පිරිසට ද ලංකා පුරවැසි භාවය නීත්‍යනුකූලව හිමි වූයේ 1948 පුරවැසි නීතිය අනුව ය. සමස්ථ ලංකා දෙමළ සංගමයේ (්ක්‍ඔක්‍* නායක ආණ්ඩුවේ ඇමති තනතුරක් දැරූ ජී.ජී. පොන්නම්බලම් පනතට පක්‍ෂ විය. ඉන්දියාව තමන්ගේ රටේ උපන් දෙමළ ජනයා නො සලකාහැරි අතර ඉංගිරිසීන් තමන්ගේ ලාභය වෙනුවෙන් ”කූලීන්” (වහලූන්* ලෙස ආනයනය කරන ලද දෙමළ ජනයාගේ වගකීම භාරගැනීමට සදාචාර සම්පන්න වූයේ නැත. පසුව සිරිමා ශාස්තී‍්‍ර ගිවිසුම මගින් ගැටළුව නිරාකරණය කරගැනීමට හැකි වුව ද වෙල්ලාල දේශපාලන නායකයන් කළ බාධක අපමණ ය. (ඉන්දියාවට යාමට නියමිත ව/සූදානම් ව සිටි ලක්‍ෂ පහක පමණ පිරිසක් වසර කීපයකට පසු දේශපාලන ලන්සුවක් බවට පත් වී පුරවැසි බවට පත් විය.* පුරවැසි අයිතිය සම්බන්ධ නීතිය වෙල්ලාල දේශපාලකයන් විසින් රටේ පුරවැසියන් බෙදා වෙන් කිරීමට ”දේශපාලන ආයුධයක්” ලෙස යොදාගනු ලැබීය. ඔවුන් ඒ ”දේශපාලන ආයුධය” උතුර, නැගෙනහිර පමණක් නොව දිවයිනේ විසිරී සිටින සියලූ දෙමළ ජනතාව බද්ධ කිරීමට භාවිත කිරීම නතර කොට නැත. බි‍්‍රතාන්‍යය සහ ඉන්දියාව විසින් සාරධර්ම ඉවත ලා ”සරණාගතයන්” බවට පත් කරනු ලැබූ ”ඉන්දියානු දෙමළ” ජනයා ”ශී‍්‍ර ලංකා පුරවැසියන්” බවට පත් වූයේ 1948 ලංකා පුරවැසි නීතිය මගිනි.

….. 8 වෙනි කොටසට

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress