13 වැනි සංශෝධනයේ සුල මුල ධර්ම ශ්‍රී හෙළිකරයි (වීඩියෝ)
Posted on August 24th, 2023

 Lanka Lead News

13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කරළියට පැමිණියේ 1987 දී වුව ද 13 වැනි සංශෝධනයට මුලපිරීම සිදුවන්නේ 1983 වසරේ දී බව දේශපාලන විශ්ලේෂක, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවරම් මහතා පවසයි.

අන්තර්ජාල නාලිකාවක් හරහා මේ පිළිබඳව සවිස්තර ඉදිරිපත් කිරීමක් සිදුකරමින් ඒ මහතා පවසන්නේ 1977 දී විශාල ජනවරමකින් බලයට පත්වූ ජේ.ආර්. ජයවර්ධන මහතා 1982 වන විට ජනතාව අතර විශාල ලෙසින් අප්‍රසාදයට පත්ව සිටි බවයි.

ඊළඟ වසරේ මැතිවරණයෙන් පරාජය වන බව දැන සිටි ජයවර්ධන මහතා ජනමත විචාරණයක් පවත්වා එමගින් ඉතා දූෂිත ලෙස තම බලය රඳවා ගැනීමට සිදු කළ ක්‍රියාව සහ 1983 දී කළුජූලිය නිර්මාණය කිරීම හරහා තමාට අභියෝගයක් වූ ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු වාමාංශක පක්ෂ තහනම් කිරීම මගින් බලය රැකගත් ආකාරයත් ඔහු මෙහිදී හෙළිකරයි.

එමෙන්ම 83 කළුජූලිය මගින් දෙමළ ජනතාවට එල්ල වූ බලපෑමත් එයට ඉන්දියාවේ මැදිහත් වීම පිළිබඳව ද ධර්ම ශ්‍රී කාරියවසම් මහතා මෙහිදී හෙළිදරව් කරයි.

සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න…

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress