ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිරීක්‍ෂණ චාරිකාවක
Posted on October 5th, 2023

Ministry of Defence  – Media Centre

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා අද (ඔක්. 05) කොළඹ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මෙහෙයුම් මැදිරියේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය.

පවතින අයහපත් කාලගුණ තත්ත්වය මත ඇති විය හැකි ආපදා තත්වයන්ට ගත හැකි ක්‍රියාමාර්ග හා ඇතිවිය හැකි අනතුරු අවම කරගැනීමට ගත හැකි පියවරයන් පිළිබඳව එම මධ්‍යස්ථානයේ නිලධාරීන් සමඟ අමාත්‍යවරයා සාකච්ඡා කරන ලදි.

තවද, ආපදාවන්ට ලක්වන මහජනතාවට කඩිනමින් සහන සැලසීමට අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ගන්නා ලෙස අදාල පාර්ශවයන් වෙත උපදෙස් ලබාදෙන ලද අමාත්‍ය තෙන්නකෝන්, ආපදා සහන කටයුතු හමුවේ මුහුණ දෙන ගැටළු හා ඒවා නිරාකරණය කර ගනිමින් සහන සැලසීමට අවශ්‍ය පහසුකම් ශක්තිමත් කිරීමට පියවර ගන්න බව මෙම අවස්ථාවේ සඳහන් කළේය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress