බුදු සමය හා මාක්ස්වාදය – part-V
Posted on October 9th, 2023

චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B., Ph.D

(ඥානසාර හිමියන්ගේ මස් රාත්තල හා ලාල් කාන්තගේ පිරිත් නූල නිසා භීතියට පත්වූ සේපාල්)

JVP බිමල් රත්නායක  බොරුකාරයෙක්!

මෙම ලිපි මාලාවේ හතරවෙනි කොටස ලිවීමට පසු, බොදු බල සේනා සංවිධානයේ ඥානසාර හිමියන් විසින් පැවැත්වූ මාධ්‍ය සාකච්චාව දැකීමෙන් පසු, මෙම පස්වෙනි කොටසේ ලියන්නට සිතා සිටි දේ වෙනස් කිරීමට සිදුවිය. ඊට හේතුව බිමල් රත්නායක නම් JVP නායකයා බයිබල් බෙල්ට් එකේ වෙන්නප්පුවේදී කල අසත්‍ය (දුෂ්ඨ?) කතාවක් ඥානසාර හිමියන් විසින් එලිකල නිසාය. 

වල් බූරු  නිදහස

අනුර කුමාරට හා සජිත් ප්‍රේමදාසට හෘදය ශාක්ෂියක් නැතැයි යනුවෙන් උදාහරණ දෙමින් නාගානන්ද කොඩිතුවක්කු විසින් කරණ නිගමනය JVP නායක සෙට් එකටම  අදාල බව මේ බිමාල්  වැනියන්ගේ වංචනික හැසිරීමෙන් එලිවේ. මෙවැනි කතා නිසා කතෝලික ජනයාට ඥානසාර හිමියන් ගැන ද්වේෂයක් ඇතිවන බව මේ ගොනා දන්නේ නැද්ද? Face Book, You Tube යනාදිය මඟින් ලෝකයේ සෑම පුද්ගලයෙකුටම ලැබුණ තම අදහස් නිර්භය ලෙස  ප්‍රකාශ කිරීමේ නිදහස (self-empowerment) කියන්නේ වල් බූරු  නිදහසකටද?  තවත් රට ගොනෙක් වන පානදුරේ ලාල් පෙරේරා JVP ට ගෙන දෙන්නේ බලවත් අපකීර්තියකි. ලාල් කරණා  වනචාරී ප්‍රකාශවලට පිළිතුරු නොදිය යුත්තේ එක් ජාතකකතාවක එන බෝධිසත්ව සිංහයා අශූචි තැවරුණු ඌරන්ගේ අභියෝගය ප්‍රතික්ෂේප කලා මෙන්මය.

උසාවිය ගැන ගොන්කතා කීමෙන් තමන් කරන්නේ උසාවියට අපහාස කිරීමක් බව මේ  JVP පානදුරේ ලාල්ට කවුරුන්හෝ අවවාද කලයුතුය. කොලයක් බලාගෙන මේ කරගෙනයන අසත්‍ය ප්‍රකාශ වලට එරෙහිව ඥානසාර හිමියන් විසින් ඔහුගෙන් වන්දි ඉල්ලා එන්තරවාසියක් (letter of demand) එන දිනය ඈතක නොවේයයි මම සිතමි. එවිට ඔහුගේ වචන වලට අනුව සඳුන් ගසක් වන JVP පක්ෂය, ඔහුට සමන් වැලක් මෙන් එහි එතෙන්නට දේවියයි ඔහු දවල් හීන දකිනවා විය යුතුය. JVP වෙනුවෙන් දිවා රෑ කඩේ ගිය සේපාල්ව හිරභාරයට ගත් විට ඔහු අනාථවූ හැටි අපි දුටුවෙමු.

සුනිල් හඳුන්නෙත්ති

JVP නායකයින් අතර හඳුන්නෙත්ති වෙනස් පුදගලයෙකු විය. ඔහු පාර්ලිමේන්තුවේ සිටිය යුතු අයෙක් යැයි මතයක් පවා  ගොඩනැඟුනේ ඒ නිසාය. ආගම අබිං, දුටුගැමුණු රජතුමා ගඩොල් මෝඩයෙක්, සර් ඩී. බී ජයතිලක ඇබිත්තයෙක් යනාදී මාක්ස්වාදීන්ගේ කතා ඉදිරියේ ඊට වෙනස් ආකල්ප JVP සමහර නායකයින්ට තිබී ඇත. තම දරුවන් බෞතීස්ම නොකරන්නැයි විජේවීර සිය ක්‍රිස්තියානි බිරිඳට පැවසුවායයි කතාවක් ඇත. විමල් වීරවංශ මෙන්ම සෝමවංශ අමරසිංහද චතුරාර්ය සත්‍යය පිළිගත් අය ලෙස පක්ෂයෙන් වෙන්විය. JVP ධර්මසේකර පසුව අනාගාරික ධර්මසේකර නමින් බණ දේශනා කලේය. ඔහුගේ අවංක කම ගැන වාසුදේව නානායක්කාර පවා ගුණගැයුවේය. සමහර වාමාංශික නායකයින් වයසට ගිය විට දඹදිව වන්දනාවේද යන්නේය. කොමියුනිස්ට් පක්ෂයේ M. G. මෙන්ඩිස් නම් බෝන් අගේන් කාරයෙක් විය.

සුනිල් හඳුන්නෙත්ති විසින් <බුද්ධ දර්ශණයෙන් රාජ් පාලනයට මඟ> යනුවෙන් හාමුදුරුවරුන් සමඟ යූටියුබ් සාකව්චාවක්ද පසුගිය දිනක පවත්වන ලදී. JVP/NPP පිරිසට රාජ්‍ය බලයට මැදිහත් වීමට ලැබී ඇති අවස්ථාව, රනිල්-පොහොට්ටු පාලනයක් යටතේ රටම විනාශවී යෑමේ අනතුරකින් බේරා ගැනීම සඳහා හරවා ගත හැකි මඟ  එය බව අනිත් JVP නායකයින්ටත් අවභෝධ වන්නේ නම් එය රටේ වාසනාවය. මෙහිදී විජේවීරගේ පුතා උවිඳු, ඔවුන්ට ආඩම්බර වියහැකි ආදර්ශයකි.

එහෙත් බිමාල්, නලින් හේවගේ වැනි JVPකාරයින් බෝගස් කපන්න, බුදු පිළිම කඩාදමන්න කතා කරද්දී, තව කෙනෙක් (විජිත හේරත්?) ගමේ වෙහෙරක කොත පැලඳවීමට සහභාගීවී තුවාල විය. මෙවැනි කෝලම් නාඩගම් අස්සේ හඳුන්නෙත්තිට බෞද්ධ රාජ්යපාලනයක් කල හැකිද?  මේ පරස්පර විරෝධී සිග්නල් නිසා මහජනයා JVP ගැන අන්දමන්ද වී සිටීම පුදුමයක් නොවේ. කලාවැව සැදූ භරණ නම් ශිල්පියා විසින් අව්කන බුදුපිලිමය නෙළුවේ <අව්ව කන්න> යයි මතක් කර දෙන්නට තරම් ටිල්වින් සිල්වා නිර්ලජ්ජී විය. මෙය පොසොන් කියන්නේ ලංකාවට ප්රථම විදේශ ආක්රමණය යයි එක් බොරු බෞද්ධ නායකයෙක් කිව්වාට සමානය.

අනුර කුමාරත් වඳ කොත්තු අල්ලාගෙන තාමත් කතා කිරීම රටේ ජනාධිපති වෙන්නට යන අයෙකුට තරම් නොවන ලදරු හැසිරීමක් යයි ඥානසාර හිමියන් පෙන්වා දුන්නේ මේ බොරු හා වෛරී ප්රකාශ නතර කරණ ලෙස අනතුරු අඟවමින්ය. බොහෝ රහස් එලිකරණ කීර්ති රත්නායක පසුගියදා චමුදිතගේ  වැඩසටහනකදී කියා සිටියේ JVP එකට ඉන්දියන් මුදලාලිලා මුදල් සපයන බවත්, සෝමවංශ අමරසිංහ ඉන්දියාව හරහා ලන්ඩනයට පලාගියා මෙන් ඉන්දියාව අමනාපකර ගැනීමට JVP එකට නොහැකි බවත්ය. මේ බව නොදැන නලින්ද ජයතිස්ස විසින් පාස්කු ප්රහාරය ඉන්දියන් රෝ එකේ ජොබ් එකක් යයි කීම නිසා ඔහුට තහනමක් දමා ඇතැයි කීර්ති පැවසුවේය. මේ අනුව දේශපාලන වාසිය රටට හෝ සත්යයට වඩා වටිනා බව අනිකුත් පක්ෂ මෙන්ම JVP ටද පොදුය!

(648) ගනේමුල්ල සංජීව ඇල්ලුවා නෙමේ අහුවුණා. Airport කවුන්ටරය මාරුවෙලයි වැඩේ ලීක් උනේ.@TruthwithChamuditha – YouTube

ලාල් කාන්ත ඩබල්ගේම්කාරයෙක්ද?

ලාල් කාන්ත පිරිත් නූලක් බැඳගත් විට යූටියුබ්, ෆේස්බුක් <නිරාගමික රැළ> අන්දමන්ද වී ගියේය. ඔවුන් ගලේ පැහැරූ හොර බළලුන් බවට පත්විය. මෙහිදී බළලාගේ කරේ ගෙජ්ජියක් බඳින්නට ඉදිරිපත්වූයේ දළදා වංශයේ අයිතිකරුවූ සේපාල් අමරසිංහය. සේපාල් සිය අතීත <ඥානසාර මචං වෛරය>  හා සිංහල බෞද්ධ හීනමානය හරහා ලාල් කාන්තව කොටුකර ගන්නට සමත් විය. ලාල් කාන්ත වංචාකාරයෙක්සේ (බොරුවට පිරිත් නූලක් බැඳගෙන ඥානසාර හිමියන් රැවටූ) පෙන්වීමට ලාල් කාන්තට නොදැනෙන ලෙස ශූක්ෂම ලෙස ඔහු ක්‍රියාකලේය. ලාල් කාන්ත හැර අනිකුත් JVP නායකයින්  විශ්වාස කල නොහැකි යයි ඥානසාර හිමියන් විසින් කල ප්‍රකාශය සේපාල් විසින් කල්තියා අනුමාණ කරගෙන සිටියාද කියා  සිතෙන්නේ ඔහු විසින් අළුතින් ආරම්භකල JVP ඉතිහාස වැඩ සටහන නිසාය.

(638) ගලගොඩඅත්තේ ඥානසාර හිමි / bodu bala sena news / news today / media conference with bodu bala sena – YouTube

සේපාල්ගේ ඩබල්ගේම් එක

ලාල් කාන්තගේ පිරිත් නූල ගැන සේපාල් වීඩියෝ දෙකක් නිකුත් කලේය. ලාල් කාන්ත හාමුදුරුවන් සමඟ අඩියකුත් (සුරාපානය) ගැහුවාද කියා උපහාසයෙන් කතා කරණ මුල් වීඩියෝවේ ලාල් කාන්තගේ පිරිත් නූල් බැඳගැනීමේ ක්‍රියාව ගැන චෝදනා මුඛයෙන් කම්පාවන සේපාල්, දෙවෙනි වීඩියෝවේදී ගසන්නේ වෙනත් පදයකි. වෙනකක් තියා මීට පෙර ඔහුගේ වාග් විලාශයට වෙනස්ව ඔහු පුරුදු පරිදි නිකම්ම ඥානසාර යයි කියනවා වෙනුවට, හාමුදුරුවන්ට  <ඥානසාර හාමුදුරුවෝ> කියා පවා ආමන්ත්‍රණය කරයි!

ඔවුන් ඥානසාර හිමියන්ගේ සහජ දක්ෂකම, රටට ඇති වටිනාකම ගැන කතාකරණ ගමන්ම පිරිත් නූලේ ඇති දේශපාලන බලය සම්ච්චලයට ලක්කලේ ඕමාර් කය්යාම්ගේ අනුගාමිකයින් දෙන්නෙක් වගේය (හෙට මැරුණත් හිතට සැපයි අද ජොලි කරලා). රට පුරා රතන සූත්‍රය සජ්ජායනා කරණ ලෙස කාදිනල්තුමා විසින් කල ඉල්ලීම ඔවුන්ට අමතකවිය. සේපාල්ගේ ආච්චී සේපාල්ට පිරිත් නූල් බැන්ඳේ නැද්ද?  ඇමෙරිකාවේ ඔරිගන්වල සිටි රාජනීස් නම් දාර්ශනිකයා මෙන් තොප්පියක් දමාගෙන මේ දිනවල ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්කගේ ඕස්ට්‍රේලියානු පෙම්  සයිකොලොජි හා සෙක්ස් ජෙලසි ගැන දේශනා දෙන සේපාල්ට (රාජනීස්ටද මෙවැනි සෙක්ස් චෝදනා එල්ලවිය) පිරිත් නූලෙන් හා පිරිත් වලින් තමාට යම් ආරක්ෂාවක් මානසික සහනයක් ලැබේයයි යන සිතුවිල්ල සිංහල බෞද්ධයෙක් සංස්කෘතියේ සයිකොලොජිය බව ඔහුගේ ආච්චී කියාදී නැතිසේය.

ලාල් කාන්තට දිරච්ච ලණුවක් දීමට අපොහොසත්වූ සේපාල් වාරණ ආනන්ද ජයකොඩි නම් අහිංසක පුද්ගලයා හරහා JVP ඉතිහාසය හාරා අවුස්සමින් සිටී. ඔහු මේ මඟින් JVP ට කරන්නේ කඩේ යාමක්ද, නැත්නම් හානියක්ද කියා වාරණට නොතේරෙනවා විය හැකිය. උදාහරණයක් වශයෙන්, D. I. G ධර්මසේකර (පසුව අනාගාරික ධර්මසේකර), පොඩි අතුල (වික්ටර් අයිවන්), ලොකු අතුල (නිමලසිරි ජයසිංහ), මහින්ද විජේසේකර, දැන් කාලයක සිට ජිනීවා නුවර හිරවී සිටින සුනන්ද දේශප්‍රිය, දැන් ඕස්ට්‍රේලියාවේ වසන ලයනල් බෝපගේ යන අයගේ කෙරුවාවල් පෙන්වා දෙන්නේ වර්තමාන නායකයින්ගේ එකිනෙකාට පටහැනි කතා හා ක්‍රියාවන් සමඟ ඇති සමානකම්ය. රනිල්, චන්ද්‍රිකා, මහින්ද හා ගෝඨාභයගේ පවා සුරතලෙක්වූ වික්ටර්  අයිවන් නම් දැන් කියන්නේ 1971 කැරැල්ල මෝඩ ක්‍රියාවක් බවය!

උපුල් ශාන්ත සන්නස්ගල

සේපාල් සමඟ තරඟයට මෙන් සන්නස්ගල ඔහුගේ JVP ඉතිහාස කතාව ආරම්භකරන්නේ කල්යානන්ද පෙරේරා සමඟය. එය සේපාල්ගේ වාරණ කතාවට වඩා වෙනස් වුවත් දෙන්නාම මතක් කර දෙන්නේ ලෝභ-ද්වේෂ-මෝහයෙන් පිරි මිනිස් පංචස්කන්ධවල හැසිරීමය. එහිදී JVP අය අනිකුත් දේශපාලක  අයගෙන් වෙනස් නැත. සුනිලා අබේසේකර හා කෙලී සේනානායක අතර තිබූ ප්‍රේම සම්බන්ධය ගැන විජේවීර දැක්වූ විරෝධය හා පසුව ඔවුන්ගේ මධ්‍යම පන්තික හැසිරීම නිසා ඔවුන් CIA ඒජන්තලා වශයෙන් හංවඩු ගැසීම දෙස වාරණ හා කල්යානන්ද යන දෙන්නාම බලන්නේ සානුකම්පික අන්තවාදී නොවන ආකල්පයකින්ය. යම් ස්ත්‍රියක් හා පුරුෂයෙක් එකට ඩාන්ස් කරනවා නම් එය පක්ෂයේ විනයට විරුද්ධවීමට හේතුව කුමක්ද? තම දරුවන් පිටරට යවා ඉගැන්වීම හැර, අන් හැම අංශයකින්ම අසාමාන්‍ය දිවිපැවැත්මක් රටට පෙන්වන JVP ක්‍රියාකාරීන් අතරින් සාමාන්‍ය මිනිසෙක් සේ එලිපිටම පෙනෙන්නේ ලාල් කාන්ත පමණය. සිගරැට් එකක්වත් නොබොනවා කියන JVP නායකයින් අතර අරක්කු අඩියක් ගසා විනෝද වන්නේ ලාල් කාන්ත පමණද?

(645) විජේවීර නටන්න එපා කිව්වට සකබර්ග් නටෝල ගත්තා! – YouTube

අසත්‍ය ප්‍රකාශ කිරීම නමැති නිරාගමික සමාජ මාධ්‍ය නිදහස

70 දාහක් පමණ පිරිසක් JVP වෙනුවෙන් අසත්‍ය ප්‍රචාර කිරීම සඳහා යොදවා ඇතැයි  කියැවේ. වඳුරන්ට දැලිපිහි දුන්නා මෙන් තමන්වම කපාගන්නවා වෙනුවට මේ නිරාගමික බලකාය ඉතාමත් වනචාරී ලෙස හසිරෙමින් සිටී. චමීර පෙරේරා, පානදුරේ ලාල් පමණක් නොව සමහර ලෝයර් කට්ටන් පවා කතාකරණ ආකාරය (වාග් විලාශය) අනුව සවුදි අරාබියේ නම් ඔවුන්ගේ දිවකපා දමන දඬුවම ලබන්නේය.

සමාජ මාධ්‍ය (youtube, facebook, websites) විසින්ම තමන්ට <කෙලවා ගෙන> දැන් කනවෝ, කනවෝ, ප්‍රජාතන්ත්‍රවාදය විනාශවෙනවා, යයි ලෝයර් සාලිය පීරිස්ලා, සිරස නිවෙස් ෆස්ට් පවා කරණ ඝෝෂාවට පිලිතුරක් දර්ශන හඳුන්ගොඩට පරිණත අපරාධ නීතීඥ තිරන්ත වලලියද්ද විසින් පසුගියදා ලබාදෙන ලදී. අළුතෙන් ගෙන එන නීතිය අනුව යමෙක් වරදකරුද යන්න තීරණය කරන්නේ මහෙස්ත්‍රාත් උසාවියෙන් බව ඔහු පැහැදිලි කලේය. මේ අනුව ටියුෂන් ගුරුවරයෙකුද වන සාලිය පීරිස් ඇතුළු ලෝයර් නඩය (සුමන්තිරන්, ජයම්පති වික්‍රමරත්න ඇතුළු) වලිගේ පාගාගෙන, මහජනයා උවමනාවෙන්ම නොමඟ යැවීම කාළකන්නි ක්‍රියාවකි. කුඩුකාරයින්ගේ හියුමන් රයිට්ස් වෙනුවෙන් පෙනී සිටීම මේ ලෝයර්ලාට කෝටි ගණන් ලැබෙන රන් ආකරයක් බව කීර්ති රත්නායක පෙන්වා දෙන්නේය. පෙඩරල් පප්පෙක්වූ G.L. පීරිස් නීතී මහාචාර්යවරයා පවා මේ කරුණේදී  අන්ධයෙක් මෙන් හැසිරෙණු පෙනේ.

ඥානාසාර හිමියන් JVP නායකයින්ට කල විවෘත අභියෝග

ප්‍රසිද්ධ මාධ්‍ය සාකච්චාවක් පවත්වා JVP නායකයින්, අනුගාමිකයින් හා ඒ වෙනුවෙන් කඩේයන සේපාල්, භරත තෙන්නකෝන්, සුදත්ත තිලකසිරි, බෘනෝ-අභිෂේකා කෙලීලා යනාදීන්ට ඥානසාර හිමියන් විසින් අනතුරු ඇඟවීමක් කරණ ලදී.

  1. මින් ඉදිරියට බොදු බල සේනා සංවිධානය හා එහි නායකයා සම්බන්ධයෙන් කරණ අසත්‍ය ප්‍රකාශ නතර කල යුතුය;
  2. ඕනෑම චෝදනාවක් ඇත්නම් ඒ සම්බන්ධයෙන් ප්‍රසිද්ධ විවාදයකට පැමිණ ඒවා ඔප්පු කල යුතුය. (ඉන්දික තොටවත්ත හිරේට ගැනීම සම්බන්ධයෙන් කතාකරණ සේපාල් අමරසිංහ විසිනුත් යෝජනා කරන්නේ පානදුරා වාදය (1873) මෙන් මෙසේ වාද කිරීම ආරම්භකල යුතු බවය);
  3. එක රටක්-එක නීතියක් ජනාධිපති කාර්ය සාධක බලකායේ වාර්තාවේ නිර්දේශ වලට එකඟ වනවාද නැද්ද යන්න JVP විසින් රටට ප්‍රකාශ කලයුතුය.

1990 දශකයේ සිට 2023 අග දක්වාම එකම මතවාදයක සිටි, එම මතවාදය බෞද්ධ මාර්ගය අනුව ක්‍රියාවට නැංවීමට සටන් කල දැනට රටේ සමාජ දේශ-පාලන කරලියේ ඉතුරුව ඉන්නා එකම පංචස්කන්ධය ඥානසාර හිමියන් පමණය. උන්වහන්සේගේ දේශපාලන උපදේශකයින්වූ චම්පික රණවක, අතුරැලියේ රතන හිමි, ඔමල්පේ සෝභිත හිමි වැන්නන් නොයෙක් කරණම් ගසා ඇත. BBS සමඟ එක්වූ බොහෝ අනිකුත් තරුණ හාමුදුරුවරුද ඊට හානිවනසේ හැසිරෙමින්  ක්‍රියාකර වෙන්වී ගියේය.

රතන හිමියන් දළදා මාලිගාවේ කල උපවාසයෙන් අපවත්වීම වැලැක්වූයේ ඥානසාර හිමියන් වුවත්, පසුව රතන හිමි, ඥානසාර හිමියන්ට ලැබුණ මන්ත්‍රීධූරය පවා හොරකම් කර ගත්තේය. අරගලයේ පින්ඩපාතේ ගිය සෝභිත හිමිට අනුව රටේ සිංහල බෞද්ධ බලවේගය (බුරියානි හා ඩොලර් බත් පැකට් බලයෙන් පසු) විනාශ වී ගියේය. ඒකාලයේ රට බේරාගැනීමට උපවාසයක් පවා කල මේ හිමියන් දැන් කාදිනල් සරණං ගච්චාමීවී සිටී. අනිත් අතට,  බුදු දහමේ දුක කියන්නේ මෙම වෙනස්වන සුළු ස්වභාවයට නොවේද?

JVP පක්ෂයේ අනාගතය

වර්ෂ 75 පුරා කළු සුද්දන් විසින් රටට කල විනාශය නිසා දැන් බංකොලොත් වී ගොස් ඇති රටක, දේශපාලන පක්ෂ අතරින් අඩුම කැමැත්තක් නැති පක්ෂය JVP එකය (මෙය සමාන කල හැක්කේ නරක දේශපාලන දර්ශන අතරින් අඩුවෙන්ම නරක එක නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය යයි චර්චිල් කල ප්‍රකාශය සමඟය), කළු සුද්දන් කල මේ විනාශයේදී 1930 දශකයේ සිට මාක්ස්වාදීන්ද හවුල්වී 1980 වන විට දියවී ගියේය. ඔවුන්ගේ බංගවේවා ක්‍රමයේ බලපෑම  හා පන්ති සටන නමැති මෙවලම නිසා රටේ දුප්පත් හා කුලභේදයෙන් පීඩා විඳි ජනයා 1971 සිට JVP අනුගාමිකයින් ලෙස වෛරී, ද්වේෂ සහගත විෂබීජ වලට ගොදුරු විය. මැයි දින පෙලපාලිය යූනියන් ප්ලේස් සාප්පු වලට ගල් ගසන දිනයක් වුනේ, ඉන්ගිරිස් කතාකරමින් විස්කි බොමින්, ඇල්ශේෂන් බල්ලන් සුරතල් කරමින් රැ කල් ගෙවු නායකයින්ගේ දෙබිඩි ජීවිතය නිසා නොවේද?

මුරදේවතා සංකල්පය

සුනිල් හඳුන්නෙත්ති හා ලාල් කාන්තගේ හැසිරීම් වලින් පෙනෙන්නේ ලංකාවේ මුරදේවතා සංකල්පය පිළිගැනීමට ඔවුන් සුදානම් බවය. ලංකාව සිංහල බෞද්ධ සංස්කෘතිය මත ගොඩ නැඟුණ ශිෂ්ටාචාරයක් බව කාදිනල්තුමාගේ සිට වී ආ වන් (we are one) යන ඉන්දික තොටවත්තට නඩුදාන මුස්ලිම් පිරිස පවා පිලිගනී. එසේ නම් අනුර කුමාරට, හරිනි අමරසූරිය, බිමාල්, ටිල්වින් වැන්නන්ට එය අවභෝධකර දෙන්නට නොහැකි කුමක් නිසාද?

ජන සභා සංකල්පය

ලංකාවේ දැනට තිබෙන අර්බුදයෙන් ගොඩ ඒමේ මාර්ග මොනවාද යන්න වටහා ගැනීම රොකට් සයන්ස් එකක් නොවේ. විශේෂයෙන් 1978 න් පසු රටට කල විනාශය නිසා මේ වන විට ගමක්, නගරයක්, ගෙයක් පාසාම ඉහවහා ගොස් ඇති ලොකු මාළුවා පොඩි මාළුවා ගිලා ගන්නා න්‍යායයෙන් ගොඩ ආ හැක්කේ බොදු බල සේනා සංවිධානය විසින්ද යෝජනා කල හැම පුරවැසියෙක්ම පොලිස්කාරයෙක් වියයුතුය යන අදහස අනුවය.

වංචාව, දුෂණ, අපරාධ නැතිකල හැක්කේ ගම් මට්ටමින් ජන සභා ක්‍රමයක් පිහිටුවීම මඟින්ය. ඒවා පක්ෂ දේශපාලනයෙන් තොර නියෝජන ක්‍රමයක් අනුව සංස්ථාපිත කලයුතුය [මේ පිලිඹඳ සවිස්තර විග්‍රහයක්, ලංකාව: කළුසුද්දන්ගේ පාලන සමය, 1948-2019, (රුසියා ප්‍රකාශකයෝ, 2023) යන පොතේ සටහන් කර ඇත. රට කැබලි නොකර සිස්ටම් චේන්ජ් කිරීම   (බුදු දහම හා ජන සභා සංකල්පය) යන කොටසේ එය  ආවරණය කර ඇත].

රටක භූගෝල විද්‍යාවට පටහැනි නීති පැනවිය නොහැක

රටේ ඇති ගංවතුර, නායයෑම්, පරිසර දූෂණය, කෘෂිකර්ම අර්බුද, අලි-මිනිස් ගැටුම්, ජන වර්ග අතර ගැටුම් යනාදී හැම දෙයක්ම ලංකාවේ භූගෝල විද්‍යාවට පක්ෂ දේශපාලකයින් ද්‍රෝහී වීමේ විපාකය. මුළු රටම ජල ද්‍රෝණි අනුව සීමා මායිම් කර බෙදා ජන සභා හා අනිකුත් සිවිල් පරිපාලන ඒකක හඳුනාගත යුතුය. නිව්සීලන්තය වැනි කුඩා රටක් මෙන්ම USA, Canada වැනි විශාල රටවල්ද මෙසේ ගංඟා හා භූගත ජල ද්‍රෝණි හඳුනාගෙන ඇත.

අරගලයේදීයෝජනාකලේදමෙවැණිජනසභාක්රමයකි. මේනිසාමෙමඅදහසක්රියාවටනැංවීමට JVP පෙනීසිටියයුතුය. බලයේ  සිටිආණ්ඩු, ගොඨාභයගේ  චන්දප්රකාශණයපමණක්නොවරනිල්ජනාධිපතිවිසින්දමේඅනුවයමින්ජනසභාකාර්යාලයක්පවාපිහිටුවාඇතත්එයජනතාවරවටනඇස්බැන්ඳුමක්පමණය. ඇත්තවශයෙන්මජනතාවබලගැන්වීමක්(empowerment of people at the village level) ඔවුන්ගේප්ලෑනටඅයත්නැත.

දැනටපවතිනමාක්ස්වාදීදෘෂ්ටිකෝණයවෙනුවටජනසභාසංකල්පයයටතේNPP යනඅදහසටවඩා  අර්ථවත්හාමහජනයාපිළිගන්නාසැලැස්මක්ඉදිරිපත්කිරීමටJVP ටඅවකාශයක්ලැබේ. සර්වෝදය, සණස, හිටපුගණකාධිපතිගාමිණීවිජේසිංහයනඅයදසහභාගීකරගැනීමටඉඩසලසාගතහැකිවන්නේය. මෙමක්රියාවලියආරම්භකිරීමේමුල්පියවරවශයෙන්ඥානසාරහිමියන්දේශපාලනඅභියෝගයක්සේනොසිතාඋන්වහන්සේසමඟමිත්රශීලීසංවාදයක්කලහැකිය. එයඩලස්ලාසමඟපැවැත්වූසාකච්චාමෙන්අතරමංවූදේශපාලකයින්ටතේපැන්සංග්රහයක්දීමක්වැන්නක්නොවේ. ඥානසාරහාමුදුරුවන්දේශයපාලනයටඑන්නේහුදෙක්උපදේශකයෙකුවශයෙන්පමණය.

1971 දෙසැම්බර්මාසයේදීජාතිකවිමුක්තිපෙරමුණවෙනුවෙන්සටන්වැදීඅත්අඩංගුවටපත්වූතරුණයින්ගේකතාවාර්තාකරගැනීමටරජයෙන්පත්කලනිලධාරීන් 200 න්එක්අයෙකුවශයෙන්හිරගෙවල්/කඳවුරුවලටයද්දී, එමව්යාපාරයවෙනුවෙන්අවංකවජීවිතයකැපකල  සියගණනක්මටහමුවියඔවුන්ගේනායකයින්ගේදුර්වලකම්නිසාඑයඅසාර්ථකවුවත්, ඔවුන්පෙනීසිටියේසිස්ටම්චෙන්ජ්එකක්වෙනුවෙනි. 1978 දීමාරටින්පිටවුයේදසිස්ටම්එකේ  වෙනසක්නොවෙනබවපෙනීගියනිසාය. 2023 දීඑයනියමාකාරයටකලහැක්කේහඳුන්නෙත්තිපවසනආකාරයේබෞද්ධරාජ්යප්රතිපත්තිඅනුගමණයකරමින්පමණය.

ගුණදාසඅමරසේකරමහතාසභ්යත්වරාජ්යයක්කරායනපොතේපවසන්නේදමෙවැනිඅදහසක්මය (ජනසභාසංකල්පය). ලංකාවේපැවතිගමවැවදාගැබයනසාමාජිකආර්ථිකදේශපාලනත්රිත්වයද(Trinity) එයය. රාජාණ්ඩුවක්සමඟපැවතිමෙමමොඩලයනූතනනියෝජිතප්රජාතන්ත්රවාදයනමැතිබොරුවටවඩාමහජනහිතකාමීනීතිපද්ධතියක්සහිතවිය. යමෙකුටමරනදඬුවමදියහැකිවූයේරජුටපමණය. රජුගේඅත්තනෝමතිකබලයපන්සලෙන්හාජනයාගේබලයෙන්පාලනයවිය.

ග්ලෝබල්වෝමින් (global warming) ගැනකතාකරන්නටපෙරසිට E. F. Schumacher විසින්බුඩිස්ට්ඉකොනොමික්ස්, ඉස්මෝල්ඊස්බියුටිෆුල් (Small Is Beautiful, 1973) යනුවෙන්යෝජනාකලේදජනසභා/ගම්සභාවිසඳුමය. එයපසුකලෙකහියුමන්ස්කේල් (Human Scale, 1980/2017) යනුවෙන්කර්ක්පැට්රික්සේල්විසින්ඉදිරියටගෙනගොස්ඇත. වෙනකක්තබාමොන්ටෙස්කිවිසින්කියාසිටියේදආණ්ඩුබලය (governmental power) තුනකටබෙදාමධ්යම  පාලකපන්තිසංවිධානයකටභාරදීමක්නොව, ආණ්ඩුබලයරටපුරාකුඩාඒකකරාශියකටවිසුරුවාහැරීමය. මෙමඅළුත්සොයාගැනීමමොන්ටෙස්කිඔළුවෙන්හිටගැනීමක්(Montesquieu standing on his head) ලෙසදේශපාලනවිද්යාඥයින්විසින්හඳුන්වාදීතිබේ.

ක්‍රිස්තියානි පල්ලි සංවිධාන ක්‍රමය (වතිකන් හෝ වෙනත්) හා සසඳනවිට ගමේ පන්සලක නායක හාමුදුරුනමක් සිය දායක සභාවේ අනුදැණුම ඇතිව සර්වාධිපත්‍ය බලයක් භුක්තිවිඳීම (sovereignty) (මහානායකහිමියන්ගේ චක්‍රලේඛන නොමැතිව) මෙම අළුත් මොන්ටෙස්කි අර්ථ නිරූපණයට අනුකූල නොවේදගමේ පන්සල්වල මෙම සර්වාධිපති බලය මඟින් (මුර දේවතා සංකල්පය) රජුන් තැනීම, රැකීම, මඟ පෙන්වීම හා ඉවත් කිරීම යන ඓතිහාසික වගකීම ඉටු කරන ලදී.

මෙය මෙම ලිපි මාලාවේ අවසාන ලිපියය

wijeychandra@gmail.com

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress