ජාතියේ මහා ඇදුරාණන්ට මෙය උපහාරයක් වේවා!
Posted on October 11th, 2023

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි

ජැක්සන් ඇන්තනි ජාතියට පහලවූ මහා යුග පුරුෂයකි.
ඔහුගේ රංගන කුසලතාවයන් සම්බන්ධව එකිනෙක කතාකලොත් අපිට මහා ග්‍රන්ථයක් නිර්මාණය කල හැකියි. ඔහු නළුවෙක් පමණක්ද නොවෙයි. ගායෙකයෙකු පමණද නොවෙයි.ඔහු චිත්‍රපට අධ්‍යක්ෂක වරයෙක් පමණද නොවෙයි.ඔහු පරිසර ගවේෂකයෙකුද පමණක් නොවෙයි, පරිසරය හා පරිසර වේදනය සම්බන්ධව උගන්වන ගුරුවරයෙකුද පමණක්ද නොවෙයි, ඔහු දේශ ගවේශකයෙකු පමණක්ද නොවෙයි ඒ ඒ සමාජයන්ගේ සංස්කෘතික අගයන් හැදිනගෙන ඒවා රටපුරා සිටින මිනිසුන්ට බෙදා දුන් දිසාපාමොක් අදුරෙක් පමණක්ද නොවෙයි, ඉතිහාස ගවේශකයෙකු පමණක්ද නොවෙයි, ඉතිහාසයේ සිදුවීම් තර්කානුකුලව මිනිස් මනස තුල ආරෝපනය කල මනොචිකිත්සකයෙකු පමණක්ද නොවෙයි, කතෝලික ආගම මනාව හදාරා බයිබලය ඉතා හොදින් කියවා, ඒ ඒ යුගයන්හි සිටි බයිබලය නිර්මාණය කල ප්‍රාඥයින් සතු දැනුම උකහා ගත්තෙකු පමණක්ද නොවෙයි, ශ්‍රී ලාංකීය සමාජය, ඒ හා බැදුන බෞද්ධ සංස්කෘතිය ගැඹුරින් හැදෑරුවෙකු පමණක්ද නොවෙයි. එය කලාත්මක කෘතීන් පෝෂණය කිරීමට යොදාගෙන රට ජාතිය ආගම යන ජාතියේ ශක්තිමත්ම අස්ථි පන්ජරය පෝෂණය කල අයෙක් පමණක්ද නොවෙයි……………….ඔහුව ඇගයීම.සංසාර ගමන මෙන්ම මෙහි නිමක් නැත ඔහු දන්නා දේ දන්නා කිසිවෙකු මෙරට නොසිටි බැවින්දෝ ඔහුව ඇගයීමට මෙරට කිසිදු විශ්ව විද්‍යාලයකට ශක්තියක් නොතිබිණි. එබැවින් ඔහුට නිලවශයෙන් ආචාර්ය පදවියක් කිසිවෙකු නුදුන්නද, ඔහු ජනතාව අතර සිටි මහාචාර්යවරයෙකි. ඔහු, ඔහු යා යුතු ගමන මනාව සංවිධානය කරගෙන, තවත් ඉදිරිපියවරක් තබා ඇත. අපි ඔහුට ශුභ පතමු.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress