ත්‍රස්තවාදයේ ප්‍රධාන ඉලක්කය වන්නේ මහජනතාවට වඩාත් හුරුපුරුදු ස්ථානවල පහර දීමය
Posted on October 29th, 2023

පාලිත ආරියරත්න

සාමාන්‍යයෙන් ත්‍රස්තවාදයේ ප්‍රධාන ඉලක්කය වන්නේ මහජනතාවට වඩාත් හුරුපුරුදු ස්ථානවල පහර දීමය. එය තමාට විරුද්ධ ජාතියේ සොහොන් බිමේ සිට පන්සල් ආරාම දක්වා ක්‍රියාත්මක වෙමින් පවතී. මේබව පසුගිය ලෝක ඉතිහාසය අධ්‍යනය කෙරිමෙන් පවා තේරුම් ගත හැකි කාරණයකි.ත්‍රස්තවාදියා විසින් තමන්ට විරුද්ධ ජාතියේ පැවැත්ම විනාශ කිරීම ඔවුන්ට ඇති ආරක්ෂාව පිළිබඳ හැඟීම විනාශ කිරීම කිනම් හෝ ක්‍රමයකින් ක්‍රියා කරයි. අප මාතෘ භුමියේ තිබෙන පන්සල්, දාගැබ් , වෙහෙර විහාර පමණක් නොව ධාතුන් වහන්සේලා තැන්පත් කොට ඇති. ස්ථාන පවා ක්‍රමක් ක්‍රමයෙන් සමහර තැන්වලදී නීතියට මුවාවී හෝ සිදුකරන්නේ, ඉහත කි ත්‍රස්ථ මානසිකත්වය මතයමය. ලෝකයේ ප්‍රබල ත්‍රස්ථ කල්ලි මේවා කොතෙක් දුරකට සිදුකරනවද යතොත් තමා විසින් ගිල ගැනිමිට යන දේශයේ අතීත ශ්‍රී විභූතිය ඇති කෞතුකාගාර පවා ගිනිබත් කරමින් තමන්ගේ දෙවියන්ගේ සුල මුල ගෝසා කොට කියති.තවද ත්‍රස්ථයන්ගේ ප්‍රධාන ඉලක්ක හා ඔවුන්ගේ ගොදුර සොයාගැනීමට රාජ්ජය මන්දිර, තානාපති කාර්යාල හෝ හමුදා ස්ථාපිත වැනි වැදගත් ආර්ථික හෝ දේශපාලන සංකේත වන ගොඩනැගිලි හෝ වෙනත් ස්ථාන වෙත ඔවුන් ද ඇතුළත් වේ. අතීතයේ සිට අපේ රටේ ක්‍රියාත්මක වූ ත්‍රස්ත ක්‍රියා සියුම්ව ක්‍රියාත්මක වී අද සිංහලයාගේ අමු සොහොන් පවා අකා මකා දමමින් උතුරු නැගෙනහිර පමණක් නොව තුම්පනයට ගියද මේ යුධ මානසිකත්වයෙන් යුතු ත්‍රස්ථයන් සියුම්ව දේශපාලනය ඔස්සේද කරමින් සිටින බව බෞද්ධ අබෞද්ධ කව්රුත් දැනසිටීම කාලෝචිත බව හා නුවනට හුරු බව දැන ගත යුතයි. මහජනතාවට වඩාත් හුරුපුරුදු ස්ථානවල පහර දීම ත්‍රස්ථ ක්‍රියාවකි. එමෙන්ම නීති විරෝධී හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ක්‍රියාවක් වේ.

  • පාලිත ආරියරත්න

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress