කෘෂි රැකියාවලට විදේශ ගත වුවන්ට රජයෙන් ඉඩම් අක්කර දෙකක්
Posted on January 2nd, 2024

උපුටා ගැන්ම  හිරු පුවත්

කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ රැකියා සඳහා විදේශගත වන සියලුම ශ්‍රමිකයින් යළි දිවයිනට පැමිණි පසු කෘෂි ව්‍යවසාකයින් බවට පත්කිරීම සඳහා අක්කර දෙකක ඉඩමක් ලබාදීමට රජය පියවර ගන්නා බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පවසා තිබෙනවා.

අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ ඉඩම් අමාත්‍යාංශය සමඟ එක්ව මෙම තීරණය ගෙන ඇති බවයි.

ඔහු මේ බව පවසා ඇත්තේ නව වසරේ රාජකාරී ආරම්භ කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ ඊයේ (01) පැවති වැඩසටහනට එක්වෙමින්.

මෙලෙස විදේශයන්හි කෘෂීකාර්මික ක්ෂේත්‍රයට අදාළ දැනුම මෙරටටද ලබා ගැනීම සඳහා මෙම පියවර ගන්නා බවයි වාර්තා වන්නේ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress