2566 ක අපේ උරුමය වන මේ රට, දැය සහ සමය බේරා ගැනීමේ නාමයෙන් ත්‍රයිනිකායික මහ නාහිමිවරුන් ඇතුළු මේ රටේ සියළුම සන්ඝයා වහ්න්සේලා සහ දේශ ප්‍රේමීන් වෙත ඉදිරිපත් කෙරෙන සන්දේශයකි.
Posted on January 24th, 2024

දේශමාන්‍ය ආචාර්‍ය සුදත් ගුණසේකර

(අග්‍රාමාත්‍ය සිරිමාවෝ බන්ඩාරනායක මැතිනියගේ හිටපු ස්ථිර   ලේකම් සහ හෙළ අභිමානි ජාතික සභාවේ සභාපති. මහනුවර).

12.01.2023

ගරුතර නා හිමිවරුන් ප්‍රමුඛ දේශප්‍රේමී සන්ඝයා වහ්න්සේලා සහ සියළුම දේශප්‍රේමීන් වෙතය.

මේ සින්හල දේශය, ජාතිය සහ බෞද්ධ උරුමය බේරාගැනීමට එකාවන්ව අපි එක්වෙමු

අද මේ රට පත්ව ඇත්තේ මේ රටේ ඉතිහාසයේ කිසිම දවසක නොවූ විරූ අතිශයින්ම භයානක දේශපාලන, ආර්ථික හා සමාජික අර්බුධයකට බව අමුතුවෙන් කිවයුතු නොවේ. අද මේ රටේ, රට ගැන හෝ ජනතාව ගැන හෝ සිතන රජයක් හෝ පාලකයෙක්ද නැත. පාලකයින් සිතන්නේ ඔවුන්ගේ ආත්මාර්ථය ගැන පමණි. මීට හොඳම උදාහරණය 2019 ජනාධිපති මැතිවරණයේදී (69,24.255) ක් චන්ද ලබාගෙන ජයග්‍රහණය කළ ජනාධිපතිවරයා සහ  2020 මහ මැතිවරණයේදී (68,53,699) ක් දෙනාගේ දහසක් පැතුම් පොදි බැඳගෙන රට ගොඩගැනීමට පොරොන්දුවී චන්දය ලබාගත්, ගෝඨාභය ජනාධිපති වරයා සහ සියළුම මැති ඇමතිවරුන් තමන්ගේ පදවි, බලතල සහ වරප්‍රසාධ රැකගැනීම සඳහා එම 69 ලක්ෂයම ප්‍රතික්ෂේපකළ ප්‍රතිවාදියා වූ රනිල් වික්‍රමසින්හට සාපරාදීව මෙන්ම නිර්ලජ්ජිතව එම ජනවරම පාවාදීමය.එසේම  එදා එම 69 .ලක්ෂයම තමන්ට  දුන් ජනවරම තමන්ම මැතිසබයෙන් පත්කොටගත්  නව ජාධිපතීවරයා විවුර්තව උල්ලන්ඝණය කරද්දීත් ඒ කිසිවක් නොදුටු,   නොඇසෙන,නොපෙණෙන, අන්ධයින්,බිහිරන් සහ ගොලුවන් මෙන් මුනිවත රකිණ පොදුපෙරමුණේ දේශපාලන නඩයය. එසේ පහලවූ නව ජනාධිපති වරයා එම 69.2 ලක්ෂයේ ජනවරමට පයින්ගසා ඔවුන් පාවාදී, ඊට ප්‍රතිවිරුද්ධව චන්දය දුන් දෙමළ සහ වෙනත් පිරිස් සහ ලෝකය පුරා සිටින සින්හල බෞද්ධ විරෝධි පිරිස් සහ මේ රට ගිලගැනිමට දිවා රෑ කෙළහලමින් සිටින ඉන්දියාවේ අවශ්‍යතා සපුරමින් මේ රටත්,ජාතියත් පාවා දෙමින් රටේ සම්පත් සියල්ල ලෝක බැන්කුවට හා ඉන්දියාවට උකස්කරමින් විකුනමින් ජාති ද්‍රෝහී දේශද්‍රෝහී අන්දමින් ක්‍රියා කරමින් එක්සත් ජාතීන්ගේ සන්ගමයේ රැකියාවකට සූදානම් වෙමින් සිටී.මේ සාපරාධි පාවාදීම් දිවා රෑ මෙසේ සිදුවෙද්දී 69.2 ලක්ෂයක් චන්දය ලබාගත් පොදුපෙරමුණේ නිවට මැති ඇමැතීන්, බිහිරන් අන්ධයින් සහ ගොලුවන් මෙන් උඩ බලාගෙන ඊලඟ චන්දය දෙස කෙළහලමින් සිටී.

වසර 2566 ක ශ්‍රේඨ ඉතිහාසයක් ඇති සින්හල බෞද්ධ ජාතිය සීග්‍රයෙන් විනාශයේ අඝාධයටම යන හැටි දැක දැකත්, කර කියාගත හැකි කිසිවක් හෝ එම විනාශයෙන් ඔවුන් බේරාගැනීමට සින්හල නායකයෙක් නැති සොවින් සුසුම්හෙලමින් සිටී.

පැමිණ ඇති විපතින් රට දැය සමය බේරා ගැනීම සඳහා එළඹෙන මැතිවරණයකදී නව රජයක් තෝරා ගැනීම සඳහා හෝ චන්දය දීමට පවා සුදුසු, ජනතා දුක හා අපේක්ෂාවන් නිවැරදිව තේරෙන එසේම් ඒවා ඉටුකළහැකි දේශපාලන පක්ශයක් හෝ ජන නායකයෙක්ද නැත. එමනිසා කුමන මැතිවරණයක් තිබුණද මිනිසුන්ට චන්දය දීමට කිසිවෙකු නැති බව රටපුරා ඇති පොදු ජනමතයයි. එහි අවසාන ප්‍රතිඵලය වන්නේ ඉදිරියේදී කුමන මැතිවරණයක් තිබුණද, අද රට තුල පවතින දේශපාලන වාතාවරණය අනුව, එය වහාම වෙනස් නොකලොත්, තවත් අඩුම තරමින් දසක දෙකකටවත් දැනට පවතින දේශපාලන, ආර්ථික හා සමාජ අස්ථිරතාව සහ අරාජකත්වය පවතිනු නිසැකය. එය වූ කළී වසර 2566 පුරා අඛණ්ඩව පැවති මේ සින්හල බෞද්ධ රට හා ජාතිය ඇතුළු අපගේ සමස්ථ උරුමයම සදහටම අපට අහිමිවිය හැකි දැඩි අවදානම් සහිත තත්වයකි. අප එය දකින්නේ හුදු දෙශපාලනික, ආර්ථික හා සමාජ අර්බුධයක සීමාවන් ඉක්මාගිය, මේ රටේ සින්හල බෞද්ධ ශිෂ්ඨාචාරයේ පදනමට එරෙහිව ගොඩනැගුණු අති විශාල ගෝලීය කුමන්ත්‍රණයක් වෂයෙනි. මෙකී කුමන්ත්‍රණ රට අභ්‍යන්තරයෙන් මෙන්ම බාහිරින් යන දෙආකාරයකින්ම ජනිතව ඇති බව පෙනේ.

මේ රටේ පවතින සෑම සින්හල බෞද්ධ ළකුණකටම සියලුම බටහිර යටත් විජිතවාදි රටවල් මෙන්ම ඔවුන්ගේම ආධිපත්‍ය යටතේ ක්‍රියාත්මකවන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සන්විධානය වැනි ජාත්‍යන්තරයයි කියාගන්නා සියළුම බටහිර සන්විධාන ද්වේෂ කරයි රටේ ආගන්තුක සුළු ජනකොටස් වන දෙමල මුස්ලිම් වරුන්ගේ සහ රාජ්‍ය විරෝධී දෙමළ ත්‍රස්ථවාදීන්ගේ මානව අයිතිවාසිකම් ගැන හඬාවැටෙන ඊනියා ජාත්‍යන්තර ප්‍රජාව මේ රටේ ශිෂ්ටාචාරය බිහිකොට වසර 2566 ක් පුරා සියළු පරසතුරු ආක්‍රමණවලින් තම රට  රැකගත් එසේම සමස්ථ ලෝකයටම ශ්‍රේශේෂ්ඨ ශිස්ඨාචරයාක් බිහිකොට දුන් එහි මුල් අයිතිකරුවන් මෙන්ම නියම භූමිපුත්‍රයින් වන 75% ක් වන සින්හලයින්ගේ අයිතිවාසිකම් ගැන එක වචනයක් හෝ කථා නොකරන්නේ ඔවුන් මානවයන් නොවන නිසාද.එසේ නොමැතිනම් සින්හලයින් මානවයින් කොටසක් වශයෙන් ඔවුන් නොසලකන නිසාද? එසේත් නැත්නම් අතීත වයිරය සහ ඊර්ෂියාව නිසාද?

බටහිර ජාතීන් මෙන්ම අසල්වැසි ඉන්දියාවද දිවා රෑ මේ රටේ ස්වාධීනතවය,නිදහස සහ පරමාධිපත්‍ය තුට්ටුවක නොසලකා  අනවශ්‍ය අන්දමින් බලපෑම් කිරීමෙන් සහ මේ රටේ සිටින දෙමල  ජනයා ඉන්දියාවේ වැසියන් වශයෙන් සලකා නිර්වස්ත්‍රව කටයුතු කිරීමෙන්ද ඒ බව සක්සුදක් සේ  පැහදිළිවෙයි. 1505 සිට 1948 දක්වා පමණක් නොව ඉන් පසුවද, ඔවුන්ම පළමුව ඔසවා තබා, කිරිපොවා, පසුව යුධමය ආධාරද ලබාදී පෝෂණය කළ  එල්.ටී.ටී ත්‍රස්ථවාදීන් ලවාවත් සම්පූර්ණ කරගැනීමට නොහැකිවූ මේ රටේ ශිෂ්ඨාචාරයේ සින්හල බෞද්ධ ළකුන විනාශකර  දමා මේ රට දෙමළ රටක් බවට  පත් කිරීම මේ සැමගේ එකම සිහිනය බව සක්සුදක් සේ පැහැදිළිය.මේ සිහිනය 1799 දී පළමුවම දුටුවේ ආණ්ඩුකාර නෝත්ගේ ලේකම් ක්ලෙග් හෝර්න්ය .අනතුරුව 1818 සිට කතෝලික පල්ලියද මේ සඳහා දිගටම ක්‍රියාකොට ඇත.මේ අවස්ථාවේ ඉන්දියාව ක්‍රියා කරණ ආකාරය දෙස බලන විට ප්‍රත්ත්‍යක්ෂ වනුයේ වසර 5000 ක් පුරා තමන්ට සැබෑ කර ගැනීමට නොහැකිවූ සිහිනය මෙවැනි බළල් අතකින් හෝ සැබෑවන්නේනම් සතුටුවන බවය.ඉන්දියානු සිඟාලයාද  අජ අණ්ඩකෝෂය වැටෙන තුරුම පසුපසින් එන නියාය.එහෙත් එය කිසි දිනක සිදු නොවන්නා සේම බටහිර ජාතීන් සහ ඉන්දියාව කොතරම් වලිකෑවද ඉර හඳ පායන තුරු මේ සින්හල බෞද්ධ රට කිසිම ජගතෙකුට විනාශකළ නොහැක යන අධිෂ්ඨානයෙන් සන්නද්ධවී අපි එකට එක්වී ලක්මවත් සින්හල ජාතියත්  බේරාගැනීමට අධිෂ්ඨානයෙන් යුතුව සටන් කරමු.

මෙම සියළු අර්බුධයන්ගෙන් ගොඩ ඒම සඳහා කෞටිල්‍යන් විසින් නිර්ධිෂ්ඨිත, සර්වකාලීන රාෂ්ට්‍රපාලන ඔසුව වූ 1. රක්ෂ (රට පරසතුරුරන්ගෙන් ආරක්ෂාකර ගැනීම), 2.පාලන (රට තුල නීතිය හා සාමය ආරක්ෂාකරගනිමින් පාලනය කිරීම හා 3.යෝගක්ෂේම (රටවැසි ජනතාවගේ ශුභසෙත සැලසීම යන ත්‍රිවිධ උපායන් ප්‍රඥාවන්තව හා අප්‍රමාදව ක්‍රියාවට නැන්ගවීමෙන් මේ සටන නිසැකවම ජයගත හැක යනු අපගේ දැඩි විශ්වාශයයි.

 එසේ වුවද ඒ අනුව රට,ජාතිය හා සසුන ගොඩ ගැනීම හෝ ජනතාව සුඛිත මුදිත කිරීම සඳහා රාෂ්ට්‍රපාලනය පිළිබඳ මනා නිපුනතවයක් ඇති,  රට, ජාතිය සහ ආගම ගැන අචල ආදරයක් ඇති,  ජනතාවගේ යහපත මුල්තැන තබා කටයුතු කරණ කාර්‍යශූර, අවන්ක දේශපාලකයින්ද එමෙන්ම එබඳුම විචක්ෂන මානව හිතවාදී රාජ්‍ය නිලධාරීන් පිරිසක්ද අත්‍යාවශ්‍යය.එසේම තම රට වැසියන්, තමන්ගේම සුජාත දරුවන් මෙන් හිතන, සළකන, ධර්මාසෝක චින්තනයෙන් බැඳුණු එබඳුම පාලකයෙක් සහ රජ‍යක්ද තිබිය යුතුය.

අවාසනාවට මේ වන විට මේ රටේ එබඳු මානව හිතවාදී රජ‍යක්ද  නැත. අණුරූපී රාජ්‍යසේවයක්ද නැත. එසේම වර්තමානයේ තිබෙන කිසිම දේශපාලන පක්ෂයක මෙන්ම රාජ්‍ය තන්ත්‍රය තුලද එවැනි සන්ස්කෘතියක්ද නැත. එසේවීමට හේතුව, වර්තමාන පරම්පරාව 1818 සහ 1848 අධිරාජ්‍ය විරෝධී සටන්වලින් නොමැරී ජීවත්වූ බෙළහීන පරම්පරාවකින් පැවත එන, එසේම 1815 සිට 1948 දක්වා වසර 133 ක් තිස්සේ සුද්දන් විසින් පූර්ණ මනස් ශෝධනයකට ලක්කොට බටහිර ගැති මානසික වහළුන් බවට පත්කළ කළු සුද්දන් පිරිසක් වීමය. අනෙක් හේතුව වනුයේ1948 දී නිදහසක් ලැබුවායයි කිවද එදා සිට මේ රට පාලනය කළේද, අදද රට පාලනය කරන්නේද එම කලුසුද්දන්ගේ රජදහන වන කොලඹ කේද්‍රකොටගත් එම කලුසුද්දන් සහ බාහිර බලවේග විසින් මෙහෙයවනු ලබන මේ රටට හෝ ජාතියට ආදරයක් නැති, ජාතිවාත්ශල්‍යක්ද නැති ජාවාරම්කාර දේශපාලන ණ්ඩායම් විසිනි. ත්වද එම කළු සුද්දන් 1948 සිට 1972 දක්වාම මේ රට පාලනය කලේද සෝල්බරී ව්‍යවස්ථාව නම්වූ සුද්දා විසින්ම ලියනලද  ඔවුන්ගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක නීති රීති අනුවය.1972 මේ රට ජනරජයක් කිරීමත් සමඟ එම ව්‍යවස්ථාවේ ඇල් මරුණද සෝල්බරී ව්‍යවස්තාවේ හොල්මන් තවමත්  ඒතුළ තිබෙන නිසා අදටත් පූර්ණ නිදහසක් මේ රටට ළැබී නැත..

මේ රට නව ලෝකයක් කරා ගෙනයාමට ඇති ප්‍රධාන බාධාවද එය වේ. ලන්කාව කියන්නේ කොළඹ නොවන බවවත් මොවුන් නොදනී.එමනිසා මෙම කොළඹ කේද්‍රීය පාලන ග්‍රහනයෙන් මිදී සමස්ථ දිවයිනම ආවරනය වන දේශප්‍රේමි ජන නායකයින්ගෙන් සමන්විත ග්‍රාම කේන්ද්‍රීය රජයක් සහ ජනහිතකාමී පාලන ක්‍රමයක් මේ රටේ  ස්තාපිත වනතුරු මේ රට ගොඩගත නොහැකි බව අපගේ දැඩි විශ්වාසයයි. අනෙක් අවාශනාව නම් වර්තමාන ලන්කා දේශපාලනයේ කිසිම නායකයෙකුට රට ගැන හෝ රටේ ප්‍රශ්න ගැන ගැන පැහැදිළි දැක්මක් හෝ වැඩපිලිවෙලක්ද නැතිවීමයි. මොවුන් කීසිවෙකු තුල රටට හෝ ජාතියට ආදරයක්ද නැත. එසේම රට ගැන හෝ රටේ සැබෑ ඉතිහාසය ගැන හෝ රටේ බහුතර ජනතාවගේ ප්‍රශ්න ගැන හෝ ඔවුන් දන්නේද නැත. ඔවුන් සෑම දෙනාම තුල දක්නට, ඇති පොදු ලක්ෂණ වණුයේ කොළඹ සන්ස්කෘතිය සහ ධන, බල තන්හාව වටා ගොඩ නැගුණු හුදු ආත්මාර්ථය පමණි.

රට වැසියන්ගේ මූලික අවශ්‍යතාවන් වන කුසට අහරක්, ලෙඩට බේතක්  පමණවත් සපයා නොදී,රට තුල කිසිදු රැකියා වර්ධනයක්,  නිශ්පාදනයක් සහ ආදායම වැඩිකෙරෙන කිසිදු සන්වර්ධනයක්ද නොකොට, රටේ සියළුම සම්පත් පිට රැටියන්ට කුණුකොල්ලයට විකුනමින්,තම තමන්ගේ අතයට මඩි තර කරගනිමින්, පිට රටින් ගිණි පොලියට ණය ගනිමින්,  ඒ ණය වලින් කොළඹ සමාජයට අවශය සුඛෝපභෝගි භාණ්ඩ සහ මේ රටේ වැවිය හැකි අල, බතල, පලතුරු පවා පිටරටින්ම ගෙන්වමින් ඒ ණය  සහ පොලී ගෙවීමට නානප්‍රකාර Vat වැනි, බලු බදු දුප්පතුන්ගෙන් අයකරමින් ඒ සඳහා 18න් ඉහල සියලු දෙනාටම TIN දෙමින්,ධනකුවේරයින්ට බදු සහන සපයමින් ඔවුන්ගෙන් බදුද නොගනිමින්, උන්ගේ ධනය පිටරට ගිනුම්වල පොලී වීමට අරිමින් පහසුකම් ලබාදෙමින්, ජනතාව තලමින් පෙළැමින්,නොමරා මරමින්   සමස්ථ රාජ්‍ය සේවයම අක්‍රීය කරමින් දේශපාලකයින්ගේ ලෝකය කිරෙන් පැණියෙන් උතුරුවමින් ඔවුන් සුර සැප විඳිමින් රට ජාතිය මොහොතක් පාසා අඝාධයෙන් අඝාධයටම ගෙනයයි.

එමනිසා ඉහත සඳහන් පිළිලයන්ට වහාම පිලියම් නොයෙදුවහොත් තව දසක 2 ක් ගත විමට පෙර, ජේ ආර් ජයවර්ධන ජනාධිපති වරයා වරෙක කී පරිදි සින්හල ජාතිය නියත වශයෙන්ම මේ රටෙන් අතුරුදන්වන බවනම් ස්ථිරවම කිව හැක. අපගේ අදහස අනුව මේ මහා ජාතික ව්‍යශනයට  වහාම පිලියම් නොයෙදුවහොත්, දසක 2 කින් අතූරුදන් වීම කෙසේ වෙතත්  නුදුරු අනාගතයේදි ස්ථිර වශයෙන්ම සින්හලයින්, සුලු ජාතියක්වී වසර 3000 වනවිට මේ රටේ ජාතිය දෙමළ වීම නම් ඒකාන්තය. එවිට මේ රට තුල සහ ලොව පුරා තවමත් සිටින ප්‍රභාකරන්වාදී දෙමලුන්ගේද, ඉන්දියාවේද එසේම සින්හල බෞධයින්ගේ අවසානය බලා සිටින බටහිර යටත්විජිත වාදීන්ගේද සිහිනය වන ඊළාමය මේ මිහිපිට සින්හල බෞධ ශිෂ්ඨාචාරයේ අළුමත පහළවනු ඇත.

එමනිසා එම ව්‍යශනයෙන් මේ රටත්, සින්හල ජාතියත් බුදු සසුනත් අරක්ෂාකොට ගැනීම සඳහා ගරු සන්ඝ රත්නය සහ සියළුම දේශප්‍රේමී සින්හලයින් පෙරමුණ ගතයුතු කාලය දැන් එළඹ ඇත. මේ රටේ ඉතිහාශය පුරාම සිදුකළ පරිදි, එකී අයිතිහාසික කාර්ය භාරය ඉටුකිරීමේ, අභීත නායක්ත්වය දීමට ඔබවහන්සේලාගේ කාලයයි මේ.

“කාලෝ අයන්තේ භන්තේ.”  

 ඔබ වහන්සේලාගේ එම සත් කාර්‍යය පහසුවීම සඳහා 1956 දී විද්‍යාලන්කාර ප්‍රකාශනය, බෞද්ධ සාශන කොමිෂන් සභාව සහ එක්සත් භික්ෂු පෙරමුණ  ප්‍රධාන දේශහිතයිෂීන් සහ ජාතිහිතයිෂීන් එක්ව පෙරමුණගෙණ මේ රටේ සිදුකරණලද ඒ  අයිතිහාසික දේශපාලන සමාජ විප්ලවය ආදර්ශකොට ගෙන පහත සඳහන් වැඩ පිළිවෙල ක්‍රියාත්මක් කිරීමට අපි යෝජනා කරමු.

1 පළමු පියවර, අප මෙහි පහතින් යෝජනාකොට ඇති සැලස්මේ දැක්වෙන පරිදි රට, ජාතිය හා සසුන බේරාගැනීමේ 2024 යෝජිත 30,000 හක පැවිදි, ගිහි හමුදාවක් පිහිටුවා ගැනීමේ යෝජනාව ගරුතර සන්ඝරතනයෙන් අනුමත කරගැනීම. 

2දෙවනුව එම 30,000 තෝරාගෙන අවසන් වූ පසු ත්‍රයිනිකායික මහානාහිමිවරුන් වහන්සේලා සහ සියළුම ප්‍රදේශ නියෝජනය වනපරිදි තෝරාගත් ත්‍රයිනිකායික හිමිවරුන් 50කගේ ප්‍රධානත්වයෙන් මහනුවරදී පැවැත්වෙන මහ සභාවකදී ඊලඟ මහ මැතිවරණයට තරඟ කරණ කණ්ඩායම ඉහත 30 000 හේ ගිහි 15 000 අතුරින් තෝරා ගැනිම අනුමත කිරීම සහ එසේ තෝරාගත් අයට සන්විධායක  පත්වීමේ ලිපි භාර දීම

3තෙවනුව එම රැස්වීමේදීම 1956 කලාක් මෙන් සියළුම දේශපාලන පක්ෂ සභාපති, ලේකම් වරුන් කැඳවා අප පෙරමුණේ මැතිවරණ ප්‍රකාශය අනුව රට ගොඩ නැගීමට දිවුරා එකඟවන පිරිසකට දිවයිනේ මුළු ආසන සන්ක්‍යාවෙන් 50% කට නොඅඩු ගණනක් අප සන්ව්ධානයට වෙන්කල යුතුය යන පොරොන්දුව අනුව එම කණ්ඩායමට අප සන්විධානයේ සහාය දෙන බව ප්‍රකාශකිරීම සහ එසේ එකඟ වන්නේනම් එම කණ්ඩායම සමඟ මැතිවරණ ගිවිසුම අත්සන් කිරීම

4 සිව්වනුව පැමිණ සිටින කිසිම කන්ඩායමක් අපගේ මැතිවරණ ප්‍රකාෂණය අනුව තරඟ කිරීමට එකඟ නොවන්නේනම් ඉහත අන්ක 2 යටතේ තෝරාගත් ආසන සන්විධායකයින් ශ්‍රී ලන්කා ජාතික ජනරජ පෙරමුණේ” කණ්ඩාමේ අපේක්ෂක්යින් වශයෙන් මැතිවරණයට ඉදිරිපත් කෙරෙණු ඇත.එසේ වූ විට අප පක්ෂයේ 30, 000 ම  ඇප කැපව මැතිවරණය මෙහෙයවනු ඇත. එසේම මේ සටනඨ ඇපකැප වූ සියළුදෙනාම ‘ශ්‍රී ලන්කා ජාතික ජනරජ පෙරමුන්ණේ සහ රටේ හා ජාතියේ ජයග්‍රහණය සඳහා මහසයුර ගොඩ ගැළුවාසේ එකාවන්ව සටනට අවතීරණය වණු ඇත.

5පස්වණුව අප පක්ෂය මැතිවරණය ජයග්‍රණය කලහොත් අමාත්‍ය වරුන් 17 කට නොවැඩි අමාත්‍ය මණ්ඩලයක් සහිත ආණ්ඩුවක් පිහිටුවණු ඇත.එහෙත් ජනාධිපති වරයා කිසිම අමාත්‍ය ධුරයක් නොඋසුලණු ඇත. එම රජය පිහිටවියයුත්තේ පවතින ව්‍යවස්ථාව යටතේ බැවින් නව ව්‍යවස්ථාව සම්මත කරණතුරු රජයේ සියලුම කටයුතු පවතින ව්‍යවස්ථාව අනුව සිදු කෙරෙණු ඇත. කෙසේ වුවද නවපාර්ලිමේන්තුවේ පළමු රැස්වීමේදීම ජාතික ලැයිස්තුව අහෝසිකෙරෙණ යෝජනාව සම්මත කෙරෙණු ඇත.

ඉන් පසු වහාම ක්‍රියාත්මක වනපරිදි ජනතාවගේ දැවෙන ප්‍රස්නවන හඳුනාගෙන ඒවා කඩිනමින් විසඳීමට පියවර ගණු ළැබේ

ඒ සමඟම දේශීය සන්ස්කෘතිය පදනම්කොටගත් නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් මාස 6ක් ඇතුලත සම්මත කොටගෙන ඒ යටතේ දේශප්‍රේමී පාලකයින්ගෙන් යුතු සභ්‍යත්ව රාජ්‍යයක් ගොඩනගා ගැනීමට පියවර ගණු ඇත. තදනන්තරව වසර 10ක් ඇතුලත මේ රටේ රටවැසි සියළුම ජනකොටස්වලට සතුටෙන් හා සාමයෙන් ජීවත්විය හැකි සාමකාමි,නිදහස්, නිවහල්,  සව්භාග්‍යමත්,  අභිමානවත් නව දේශයක්  ගොඩ නැගීමේ මහාර්ඝ වැඩපිළිවෙල ආරම්භකරණු ලැබේ

එම අයිතිහාසික මෙහෙවර ක්‍රියාත්මක කිරීම සඳහා අප විසින් සකස්කරණලද වැඩ පිලිවෙල මේ සමඟ ඉදිරිපත් කරමු.

මෙහිදී මේ රට බහු ජාතික, බහු වාර්ගික, බහු භාෂික සහ බහු ආගමික යන මිත්‍යා මත අපි මුළුමනින්ම බැහැරකරමු. අපගේ ඒකායන මතය මෙය සින්හල බෞද්ධයිගේ මාතෲ භුමිය සින්හලේ බවය.එබැවින් මේ රටේ ජාතිය සින්හලය.ලන්කා යන නම්ද ඈත අතිතයේ සිටම ව්‍යවහාරවී ඇති බැවින් ශ්‍රී ලන්කා යන නමද අපි භාවිතා කරමු.1972 සිට මේ රට ශ්‍රීලන්කාව කියා ව්‍යවස්ථාගතකොට ඇත. ඒ අනුව සින්හලයින්ද ශ්‍රී ලාන්කික වශයෙම් වෙනස්වී ඇත. ඇත. එමනිසා මේ රටේ සියළුම රට වැසියන් (පුර වැසියන් නොවේ) ශ්‍රී ලාන්කිකයින් වසයෙන් හැඳින්වේ.වේ. වන සින්හල, දෙමල මුස්ලිම් සහ වෙනත් ඔනෑම් කෙනෙකුට මේ රටේ රටවැසි නීති රීත්හිවලට අනුගතව සිටිනාතුරු ඔවුන්ද ශ්‍රී ලාන්කිකයෝ වෙත්. එහෙත් දෙමළ හෝ මුස්ලිම්  මේ රට තුල ජාතීන් වශයෙන් නොසැලකේ. මන්ද දෙම්ළ ජාතිය සිටින්නේ ඉන්දියාවේය. ළෝකය පුරාම මුස්ලිම්වරුන් ජාතිය හැඳින්වෙන්නෙ ඔවුන් ජීවත්වන රටේ නමිනි. කෙසේ වුවද ඔවුන්ගේ ආගම්, භාෂා සහ සිරිත් විරිත් භාවිතයේ සහ ඇදහීමේ පූර්ණ නිදහස අපි ආරක්ෂා කරමු.

.                                      යෝජිත වැඩපිළිවෙල

යෝජිත නව දේශපාලන සන්විධානයේ නම

ශ්‍රී ලංකා ජාතික ජනරජ පෙරමුණ ( ශ්‍රී. ලං. ජා. ජනරජ. පෙ.)

ශ්‍රී ලංකා ජාතික ජනරජ පෙරමුණේ පාර්ශවකරුවන් ගණන 10 කි.  ඒ මෙසේය. (සඟවෙදගුරු ගොවිකම්කරු සිටු-නිළදරු, මා-වියතුන්,(මා-මාධ්‍ය) මානවමානවිකා)

මෙකී සියළුම සමාජ ස්ථරයන් එකාබද්ධව දීප ව්‍යාප්තව ගොඩ නැගෙන මෙම දස බලය,මේ තුන් සින්හලේ තුල දැනට පවතින අභ්‍යතර දේශපාලන අවුල් වියවුල්, ආර්ථික වාර්ගික හා සමාජ ගැටළු, දේශපාලනයේ මෙන්ම රාජ්‍ය සේවයේ අකාර්‍යක්ෂමතාවය, නාස්තිය හා දුෂනය, බටහිර බලවතුන්ගේ සහ ඉන්දියාවේ අනවශ්‍ය බලපෑම්, දරුණු අන්දමින් ක්‍රියාත්මක වන පසුබිමක රට තුල එම තත්වයෙන් රට ගොඩගැනීම සඳහා දේශප්‍රේමී,ජාතිහිතයිෂී, දේශාභිමානි දේශපාලන සන්විධානයක් හෝ රාජ්‍ය සේවයක් නොමැති නිසා ඒ හිදැස පුරවා මේ රට, සින්හල ජාතිය සහ සම්බුදු සසුන අද පත්ව ඇති එම භයානක තත්වයෙන් මුදා ගෙන ආරක්ෂා කරගැනීම, මේ රට ආර්ථික වශයෙන් නගාසිටුවීම, එය දැහැමෙන් සෙමෙන් පාලනය කිරිමෙන්, සාමකාමි,සව්භාග්‍යමත්,  දේශයක් බවට පත්කොට යලිත් මේ රට වසර 10ක් තුල ලෝකයේ අභිමානාවත්  රටක් බවට පත් කිරීම යන පස් වැදෑරුම් අරමුණු ශාක්ෂාත් කරගැනීමේ පුලුල් වැඩපිලිවෙලක් මෙහෙයවන ජාතික ගාමක බලයද වේ.

පෙරමුණේ ජාතික සටන් පාඨය

මේ රට තෙවරක් බුදුන්ට පුදන ලදුව ඒ රම්‍ය දිවයිනත්, සින්හල ජාතියත් එසේම බුදු සසුනත් මතු පන්දහසක් වසර ආරක්ෂාකිරීමේ වගකීම බුද්ධ පුත්‍රයින් වහන්සේලාට පැවරි ඇත.

එම නිසා රට රැකීමේ සටන් පාඨය වශයෙන්

                                        සිවුරේ බලය දැන්වත් පෙන්විය යුත්තේ”

(මෙම සටන් පාඨය තෝරාගණු ලැබුයේ පහත සඳහන්

ගරු මර්සිලීනු ජයකොඩි පියතුමාගේ රන් පැදිය ඇසුරෙණි).                   

                                    ඇත්තක් ඇති සැටියෙන් කිවයුත්තේ

                                    සිවුරයි පණදී රට            රැකගත්තේ       ?

                                    සිවුරෙයි හෙලයේ   අනුපණ ඇත්තේ

                                    අදත් නසින්නේ මේ රට        මත්තේ

පෙරමුණේ ලාන්චනය                  ධර්ම චක්‍රය.

පෙරමුණේ පුවත්පත                    ජනබලය ‘

අරමුණ

වර්ෂ 1815 සිට වසර 133 ක රිජු බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදි පාලන ග්‍රහණයෙන් සහ වසර 443 (1505-1948) ක රිජු බටහිර අධිරාජ්‍යවාදි පාලනයෙන් මිදී, 1948 ඊනියා නිදහස ලබා, මේ වනවිට වසර 76 ක් ගතව ඇතත් අද වන තුරුම, එදා සිට පැවති සෑම රජයක් විසින්ම මේ වන තුරුම මේ රට පූර්ණ නිදහස්, නිවහල්. සාමකාමි, සව්භාග්‍යමත් රටක් වශයෙන් ස්ථාපිත නොකළ නිසාත්, එසේම මේ රටටත්, ජාතියටත් බුදුසසුනේ චිරශ්ථිතියටත් කළයුතු තම යුතුකම් නිසිපරිදි ඉටුනොකළ නිසාත්, වර්තමානයේ, මේ රටත්, සින්හල ජාතියත්, බුදුසසුනත් එසේම අපගේ මුතුන්මිත්තන් විසින් කි. පූ. 543 සිට ජීවිත පරිත්‍යාගයෙන් ගොඩනගාගත් රටත් සින්හල බෞද්ධ සන්ස්කෘතියත් අද අපට අහිමිවන තැනට පත්ව ඇති අභාග්‍ය සම්පන්න හා භයානක තත්වයෙන් බේරාගැනීම සහ අනාගත පරම්පරාව වෙණුවෙන්  එය සුරක්ෂිතකොට තැබීම සඳහාත්, රට,ජාතිය,ආගම,අපේකම හා දේශීයත්වය අගේ කරණ,දේශීයත්වයට ආදරය ඇති, තුන් සින්හලේ සින්හල බෞද්ධ අභිමානය යළිත් ගොඩනගා ආරක්ෂා කරමින් මේ රට, කවුටිල්‍ය අර්ථ ශාස්ත්‍රයේ දැක්වෙන රක්ශ,පාලන සහ යෝගක්ශේම යන ත්‍රිවිධ රාජ්‍ය උපායන් අනුව සියලු බාහිර හා අභ්‍යන්තර පරසතුරු උවදුරුවලින් ආරක්ෂාකොට යළිත් නිදහස්, නිවහල්, බහුජන හිතසුව පිණිසවූ,අභිමානවත්, නීතිගරුක හා සාමකාමී එසේම සව්භාග්‍යමත් දේශයක් බවට දැන්වත් පත්කිරීමට හැකි  පාලක පිරිසක් මේ රටේ රාජ්‍ය බලයේ පිහිටවිය යුතු කාලය එලඹ තිබේ.

එසේ තෝරාගනු ලබන පාලාකයින් ශ්‍රී දළදා වහන්සේ සහ රට ජාතිය සිය පණ දෙවැනිකොට ආරක්ෂා කරණ බවට, ත්‍රයිනිකායික මහානාහිමිවරුන්, කාරක සභා හිමිවරුන් සහිත සන්ඝ සභාවක් සහ දියවඩන නිළමේ සහ සතර මහ දේවාලවල බස්නායාක නිළමේ වරුන් අතුලු තුන් සින්හලේ නියෝජනයවන, ශ්‍රී දළදා මාලිගා චතුරස්‍රයෙදී පැවැත්වෙන, මහජන සභාවක් ඉදිරියේ දිවුරා සපථ කළ යුතුය. ඒ වූ කලී නූතන සින්හල රාජ්‍ය සභ්‍යත්ව රාජ්‍යයේ පදනමවේ

තවද, පවතින ලෝක භූ දේශපාලන අරගල මධ්‍යයේ, මේ රට ඉන්දියාවේ 29 වන ප්‍රාන්තය හෝ ලෝක බලවතුන්ගේ ඉන්දීය සාගරයේ කෙළිබිමක් වීමට බොහෝ ඉඩකඩ ඇති බැවින් සින්හල රටත් සින්හල ජාතියත් මේ මිහිතලෙන් අතුරුදන් වීමට පෙර, දැන්වත් මේ පින් බිම, සින්හල දේශය, අපගේ මාතෲ භුමිය, සින්හල ජාතිය සහ සම්බුද්ධ සාශනය සහ තදාණුබද්ධ සින්හල බෞද්ධ ශිෂ්ඨාචාරය බේරාගැනීම සඳහා දේශමාමක, ජාතිමාමක වැඩපිලිවෙලක් සහිත වසර 10 කින් මේ රට ආසියාවේ ආශ්චර්‍යක් බවට පත්කළ හැකි සින්හල බෞද්ධ රජයක් අප්‍රමාධව පිහිටුවා ගැනීමේ අවශ්‍යතාව ඉතිහාසයේ පෙර කවරදාකටත් වඩා අද ඉස්මතුව ඇත.

ඒ සඳහා පළමුවෙන්ම මේ සින්හල රටේ අයිතිහාසික අනන්‍යතාවයට හානියක් සිදුකළ නොහැකිවීම සඳහා ආණ්ඩු වෙනස්වීම් සමඟ කිසිදිනක කිසිවෙකුට වෙනස්කළ නොහැකි ජාතික ප්‍රඥප්තියක්ද අප සකස්කොට ඇත.

ශ්‍රී ලංකා ජාතික  ජාතික ප්‍රඥප්තිය

එක්සත්, සව්භාග්‍යමත් ප්‍රබල ශ්‍රී ලාන්කික ජාතියක් ගොඩ නැගීම සඳහා මේ රටේ සියළු දෙනාම ඒකමතිකව පිළිගත යුතු ජාතික සම්මුති මාලාවක් පහත දක්වම

                                      1 වන කොටස

1 ශ්‍රී ලංකාව ″කි.පු. 307 සිට අඛණ්ඩව පැවති පරිදි සින්හල බෞද්ධ රාජ්‍යයකි.

2.එය සින්හල ජාතියේ අයිතිහාසික මව්බිමය. කි.පූ. 543 සොයාගත්තෝද, එහි සිෂ්ඨාචාරය බිහිකලෝද එසේම අද දක්වාම සියලු පර සතුරු ආක්‍රමණයින්ගෙන් එය ජීවිත පරිත්ත්‍යාගයෙන් ආරක්ෂාකොට ගත්තෝද ඔවුහුමය. එබැවින් ඉතිහාසය පුරාම එය හැඳින්වුයේ සින්හලේ, සිහලද්වීප වශයෙනි.එසේම ලන්කා, ලන්කාඩ්වීප කියාද එය හඳුන්වා. ඇත.1972 සිට එය ශ්‍රී ලන්කා කියාද හඳුන්වයි. එම නිසා එකී නම්වලින් හැර වෙනත් නමකින් එය හැඳින්වීම දඬුවම් ළැබිය හැකි වරදකි.

3ශ්‍රි ලංකාව ඒකචත්‍ර රාජ්‍යයකි.(ලෝක ඉතිහාශය ආරම්භවූ දා සිටම ඉන්දීය සාගරයේ පිහිටි සින්හලද්වීපය නම්වූ, වර්ගසැතපුම් 25,332 (65,610 කි.මී)පමණ වු මේ දිවයින, ඒකචත්ත්‍ර රාජ්‍යයක් වශයෙන් පැවත ඇත. ඒ අඛණ්ඩ සම්ප්‍රදායයි. 

4 රටේ නම සින්හලේ හෙවත් ශ්‍රී ලංකාව) විය යුතුය. (ජාත්‍යන්තර කටයුතු හඳුන්වා ඇත්තේ ඒ නමිනි. ඒ හැර ඉලන්කයි, ඊළම් ආදි වෙනත් වචනවලින් එය හැඳින්වීම රාජද්‍රෝහී හා සාපරාදී අපරාධයකි. දෙමළෙන් ලන්කා යන අරුතින් ඉලන්කෙයි කියාද සින්හලයින්ගේ රට යන අරුතින් ඊළම් කියාද දකුනු ඉන්දියානුවන් අතර භාවිතා වී ඇත. ඉතිහාශය පුරාම නම් 23 කින් පමණ විවිධ ජාතීන් විසින් (තම්බපන්නී වශයෙන් එක්වරක් හැර ) මේ රට හඳුන්වා ඇත්තේ  සින්හලයින්ගේ රට යන අර්ථයෙන්මය. සිලෝන් (Ceylon) කියා ඉන්ග්‍රීසීන් කීවේද සින්හල්යින්ගේ රට යන අර්ථයෙන්මය.

1815 මාර්තු 2 උඩරට ගීවිසුම අනුව ඉන්ග්‍රීසීන්ට භාරදී ඇත්තේ සින්හලේ නම්වූ රාජධානියයි. එබැවින් ඇත්ත වශයෙන්ම රටේ නිවැරදි නම ලබාගත යුතුව තිබුණේ,1948 දී රටේ පාලනය භාරගත් අමණ සින්හල නායකයින් විසින්මය.

5 මේ  රට ලෝකයේ තිබෙන එකම සින්හල බෞද්ධ රාජ්‍යයයි”.

5 මේ රටේ ජාතිය සින්හල

6 රටේ රාජ්‍ය භාෂාව සින්හල විය යුතුය

7 මේ රටේ රාජ්‍ය ආගම බුද්ධාගම විය යුතුය.

8 මේ රටේ ජාතික කොඩිය 1815 තිබුණ සින්හලේ කොඩියයි.

9 ජාතික ගීයනමෝ නමෝ මාතා යනුවෙන් ආරම්භවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් ගීය වේ. ජාතික ගීය දිවයින පුරාම ගායනා කළ යුත්තේ රටේ රාජ්‍ය භාෂාව වන සින්හලෙන් පමණි.

10. මුලු රටටම බලපාන පරිදි එක නීතියක් –සින්හල රටේ සින්හල නීතියක් එය 1815 ට පෙර තිබුණු සින්හල නීතිය සහ වර්තමාන රෝම ලන්දේසි නීතියේ සම්මිස්‍රණයකි

11. මේ රටේ සැබෑ නිදහස් දිනය වණුයේ මැයි 22 ජනරජ දිනය විය යුතුය

12 මේ රටේ,ජනාධිපති, අගමැති, අග්‍රවිනිස්චයකාරතැන, නීතිපති, ත්‍රි විධ හමුදාපතිවරුන්, සහ පොලිස්පති    හැමවිටම සින්හල බෞද්ධයින්ම වියයුතුය.

13 මේ රටේ තිබිය යුත්තේ ජාතික දේශපාලන පක්ශ දෙකක් හෝ උපරිම 3 ක් පමණි. ආර්ථික ප්‍රතිපත්ති වල වෙනස්කම් අනුව ජාතික දේශපාලන පක්ෂ දෙකක් හෝ තුනක්   තිබිමට ව්‍යවස්ථාවෙන් අවසර දිය හැක.

14 මේ රටේ මධ්‍යම කඳුකරය, ශ්‍රී ලන්කාවේ හදවත මෙන් රැකගත යුතුය. එහි වනාන්තරයට හෝ පාන්ශු ජල සම්පත් වලට හානි සිදුකරණ්නන්ට මරණ  දඬුවම දිය යුතුය

1. මධ්‍යම කඳුකරයේ මු. ම. අඩි 5000 ඉහල සෑම ප්‍රදේශයක්ම. අධිරක්ශි ප්‍රදේශ වශයෙන් ප්‍රකාශකිරීම. කිසිම වගාවක් හෝ ජනාවාශයක් මේ තුල  සපුරා තහනම් කළ යුතුය.

11. අඩි 3500-5000 අතර විශාල තේ වතු තිබුණද ඒ තුළද සෑම වර්ගයේම ජනාවාශ තහනම් කළයුතුය.

111.කඳුකරයේ සියළුම ජනාවාශ අඩි 3500 යේ සීමාවෙන් පහල ප්‍රදේශ වලට සීමා කළයුතුය.

1ව්.කඳුකරයේ   1000-3500 අතර ප්‍රදේශය ශ්‍රී ලන්කා හදබිම අධිකාරියේ නිර්දේශිත ගම්මිරිස්,කරාඹු,කෝපි,එනසල්, පලතුරු වැනි මිශ්‍ර භෝග සහ, ගෘහස්ථ සත්ව පාලනය (gava, eLu.kukul saha miimasi) සහිත කුඩා ගොවිපල ව්‍යාපාර සඳහා වෙන්කළ යුතුය.මධයම කඳුකරය වටේ දිවෙන මෙම තීරුවේ උඩරට ඉඩම් නැති ගොවියන් සහ උඩරට තේ වතු වලින් ඉවත් කෙරෙන දෙමල කම්කරුවන්ද මිශ්‍ර ගම්මාන වශයෙන් පදින්චි කළයුතුය. එසේ පදින්චි කිරිමට අපේක්ෂිත ගොවි පවුල් ගනන 2,50,000 කි. මෙසේ කිරීමෙන් උඩරට දෙමළ ප්‍රශ්නාය අවසන්වණු ඇත

15 මේ රටේ ජාතික ආර්ථිකයේ මුල්තැන ගොවිතැනට දිය යුතුය.ඉනුත් වී වගාවට ප්‍රමුඛත්වය දිය යුතුය. ඒ සඳහා අවශ්ය ජලය,පොහොර, කෘෂිරසායනික, ව්‍යාප්ත සේවා  අලෙවි පහසුකම් සහ සහතික මිල ක්‍රමයක් ආදි සියළු සේවා සහ පහසුකම් rajayen ලබා දිය යුතුය.

15 රටේ ආර්ථිකය, සන්වර්ධනය, සන්ස්කෘතිය සහ අධ්‍යාපනය ආදිය පිලිබඳ ආණ්ඩු මාරුවීමත් සමඟ වෙනස් නොවෙ‍න ජාතික ප්‍රතිපත්තියක් තිබිය යුතුය.

17 රටේ රාජ්ය පාලනයේ සියළු කටයුතු රටේ සින්හල ජාතිය ප්‍රමුඛ සියළුම ජනවර්ග, ආගම් නායකයින් නියෝජනයවන, සහ රාජ්‍ය තන්ත්‍රයේ ප්‍රධානීන්ගෙන් සමන්විත උත්තරීතර ජාතික උපදේශක සභාවක  උපදෙස් අනුව සිදුවිය යුතුයි.

ඒ මණ්ඩළය මෙසේ විය යුතුයයි මම යෝජනා කරමි. නව ව්‍යවස්ථාව නිර්මාණය කරනවිට මෙයද අනිවාර්යෙන්ම එහිද අඩන්ගු කළ යුතුය

1ත්‍රයිනිකායික මහනාහිමිවරුන් හතර දෙනා                                     4

2කෝට්ටේ, කැළණි,දඹුල්ල, රුහුණු  නායක හිමිවරුන්                   4

3.මහානායක හිමිවරුන් විසින් වසර 5 කට නම්කරණු ලබන

 පඬිහි හිමිවරුන් දෙනමක්(විද්‍යෝදය හා විද්‍යාලන්කාර))                 2

4.ශ්‍රීලන්කා කතෝලික සභාවේ නියෝජිතයෙක්                                1

5 හින්දු පූජක වරයෙක්                                                                         1

6මුස්ලිම් පූජකවරයෙක්                                                                        1

7.නීතිපති.                                                                                             1                                                                                                                       

8 විගණනාධිපති                                                                                   1

9 පාර්ලිමේන්තුවේ කථානායක සහ                                                    1

10 රාජ්‍ය සේවයේ ප්‍රධානියා (භාණ්ඩාගාරයේ ලේකම්)                        1

     සභාවේ මුළුගණන                                                                        17                                   

1.රට පාලනය කළයුත්තේ රජයන් මාරුවීමත් සමඟ වෙනස් නොවන උක්ත ප්‍රඥප්තියේ සඳහන් ජාතික ප්‍රතිපත්ති අනුවය.

2. එම ප්‍රඥප්තියට එකඟ නොවෙන කිසිම පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට මේ රටේ දේශපාලනය කිරීම තහනම් කළයුතුය.

මේ අනුව දේශීය ශිෂ්ඨාචාරය පදනම්කොටගත් නව ශ්‍රී ලන්කා ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කෙරෙණු ඇත

ඊලඟට

3. මෙ ම ප්‍රතිපත්ති මාලාව රටතුල ක්‍රියාත්මක කිරීමට ඇපකැපවන දේශපාලන කණ්ඩායමක් සොයා ගත යුතුය.

මෙය දෙයාකාරයකින් කිරීමට යෝජනා කෙරේ,

පළමුවැන්න අප සන්විධානය විසින් සකස්කරන ජාතික වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරිමට එකඟවන කන්ඩායමක් දැනට රටතුල තිබෙන දේශපාලන සන්විධාන අතුරෙන් තෝරාගැනීම.

දෙවැන්න ඔවුන් කිසිවෙක් එම වැඩපිලිවෙල ක්‍රියාත්මක කිරීමට අකමැති වුවහොත් අප සන්විධානය විසින් තෝරාගණු ලබන දේශප්‍රේමී ජාති හිතඉෂි කන්ඩායමක් ලවා එම අයිථිහාසික ජාතික මෙහෙවර ක්‍රියාත්මක කිරීම.

4 මෙම වැඩපිවෙල ක්‍රියාත්මක කිරිම සඳහා ශ්‍රී ලංකා ජාතික ජනරජ පෙරමුණ” ( ශ්‍රී. ලං. ජා. ජනරජ. පෙ.) යන පක්ෂ නාමය යටතේ දීප ව්‍යාප්ත ජනතා සන්විධානයක් ගොඩනැගීම සහ ඒ තුලින් ඉහත අන්ක 2 හි සඳහන් ජාතික රජ්‍යසභා නියෝජිතයින් සඳහා අපේක්ෂකයින් තෝරා ගැනීම

•             5.දේශපාලන පක්ෂ විසින් ඉදිරිපත් කරණලද මැතිවරණ ප්‍රකාශ වලට ජනතාව එකඟ කරවා ගැනීම වෙනුවට ජනතාව විසින් සකස්කරණ ලද මැතිවරන ප්‍රකාශයකට දේශපාලන පක්ෂ එකඟ කරවා ගන්නා ක්‍රමයක්

•             එම උතුම් ජාතික මෙහෙවර සඳහා පහත සඳහන් ක්‍රියා මාර්ගය ගැනීමට   යෝජනා කෙරේ

6.දීප ව්‍යාප්ත ජනතා සන්විධානය

ඉහත 3 යටතේ ක්‍රියා කිරිමට පෙර පහත අන්ක 7 සඳහන්වන අප පක්ෂයෙයේ 29,500 බල ඇනිය  පිහිටුවා ගෙන අවසන් කළ යුතුය.

7මෙම වැඩපිලිවෙල ක්‍රියාත්මක් කරන ආකාරය

අනතුරුව එම වැඩ පිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා දීපව්‍යාප්තව පහත සඳහන් දසබල සන්විධානය ජාලය පිහිටුවා ගතයුතුය ඒ සඳහා සඟවෙදගුරු ගොවිකම්කරු සිටු-නිළදරු, මා-වියතුන්, මානමානවිකා යන ජනතා බල වේග 10 මුළු‍රටම ආවරණය වන පරිදි සකස් වේ.

 1 දිසා, 2. ප්‍රාදේශ 3.මහ නගර සභා 4.උපනගර සභා 5.ගම් මට්ටමින් දීපව්‍යාප්තව සන්විධානය කිරීම.

8.ඊලඟට මේ යටතේ පළමු අදියර මෙසේ ක්‍රියාත්මක කළයුතුයයි යෝජනා කෙරේ.

1. දිසා නායකයින්(25)

   පැවිදි අනුශාසක                                       25

   ගිහි නායාක්යින්                                       25                                                   

2ප්‍රාදේශීය නායකයින්(331)

 පැවිදි අනුශාසක                                           331                          

 ගිහි නායකයින්                                             331                            

3. මහ නගර

පැවිදි අනුශාසක   (24)                                    24

ගිහි නායකයින්                                                 24

4.සුළුනගර   (41)

    පැවිදි   අනුශාසක                                         41

. ගිහි නායාක්යින්                                             41                              

ප්‍රාදේසීය සභා  (276)  

 පැවිදි   අනුශාසක                                           276

 ගිහි නායකන්                                                276

5. ග්‍රාමීය නායකයින්.(14,008)

පැවිදි       අනුශාසක                                   14,008

ගිහි නායකන්                                             14,008 

මුළු ගණන  දළ වශයෙන්                            29,428

8.මෙම කණ්ඩායමට විශ්ව විද්‍යාල, මූල්‍ය, වානිජ හා ව්‍යාපාරික  අන්ශය වැනි අන්ශවලින් තෝරාගණු ලබණ ජාතික මට්ටමේ උගත් බුද්ධිමත් දේශප්‍රේමී 100 ක පමණ විශේෂඥයින් පිරිසක්ද එකතුකර ගැනීමට යෝජනා කෙරේ.

9.මේ සෑම මට්ටමක් සඳහාම අපගේ ප්‍රතිපත්ති පිලිගන්නා අදාල කොට්ඨශයේ පදින්චි චරිතවත්, වැදගත්, උගත් සමාජය පිලිගත්, අපරාධ වාර්තා නැති සමාජ සේවාවට ලැදි පන්සිල් පද පහ රකින රට , දැය  සමයට හදවතින්ම ආදරය කරණ අයම තෝරාගැනීම වැදගත් වේ.ඒ අනුව ජාතික සන්විධානයේ මුළු සන්ක්‍යාව 29,500 ක් පමණ විය හැක.

තුන් සින්හෙලේ ජනජය පෙරමුණේ (තු.සි. ජන. ජය. පෙ.) ක්‍රියාකාරි ජාතික ජන බල බලකාය 30,000ක් පමණවණු ඇත. මෙයින් රිජුව දේශපාලනයේ යෙදෙන ගිහි 15,000 න් අවම වශයෙන් 3750 (25%) හෝ කාන්තාවන් විය යුතුය.

10.එම සන්විධානයේ සකැස්ම

මෙම සන්විධානය ජාතික, දිසා, උපදිසා නගර, උප නගර සහ ගම් මට්ටමින් සකස් කෙරේ.

සන්විධානයේ දිසා, උපදිසා නගර, උප නගර සහ ගම් යන සෑම මට්ටමේම අනුසාශක වරුන් භික්ෂූන් විය යුතුය. එහෙත් ඒ කිසිවෙක් රිජුව දේශපාලනය නොකරයි.උන්වහන්සේලාගේ කාර්‍ය භාරය, රාෂ්ට්‍රපාලනය පිළිබඳ පාලකයින්ට දැහැමින්, සෙමෙන් උපදෙස් දීම, සැළසුම් කිරීම, මෙහයවිම, අඛණ්ඩ අධීක්ෂණය සහ රාජ්‍ය කටයුතු පිළිබඳ නිරන්තර පසුවිපරමෙන් සිටීම සහ සමස්ථයක් වශයෙන් දසරාජ ධර්මයෙන් සහ සතර සන්ග්‍රහ වස්තු අනුව සහ පන්චසීලය පිළිපදිමින්, බහුජන සුඛාය බහුජන හිතාය යන බෞද්ධ ප්‍රතිපත්තිය අනුව පාලකයින් රටේ        ආරක්ෂාව                                                                                             පාලනයසහසන්වර්ධනය,                                 අනලස්ව,අප්‍රමාධව, දුෂනයෙන් හා අගතියෙන් තොරව ඉටුකරණ  කරන බවට වගබලාගැනීමය.

11.රාෂ්ට්‍රපාලනය ක්‍රියාත්මක කිරීම ගිහි නායකයින්(දේශපාලකයින්) විසින්ම කළයුතුය.

12. පෙරමුණේ ප්‍රතිපත්ති ගැන දිසා නායකයින් දැනුවත් කිරීම දිසාව භාර උපදේශක ස්වාමීන් වහන්සේලාගේ මූළිකත්වයෙන් කළයුතුය.

13.ඊලඟට දිසා නායකයින් ලවා උපදිසා නායකයින් සහ ග්‍රාමීය නායකයින් දැණුවත් කිරීම කෙරේ

සන්විධාන ජාලය

14. දිසා, උපදිසා, මහ නගර, සුලු නගර, සහ ග්‍රාම මට්ටමේ ඉහත සඳහන්     10 බලයෙන් එකකින් එක්කෙනා බැගින් දිසා 25 න් 250 තෝරාගත යුතුය.

15. මෙම 250න් පෙරමුණේ මධ්‍යයම කාරක සභාව තෝරාගැනේ

16. අනතුරුව මහනුවරදී පැවැත්වෙන මහ සභාවකට දිවයිනේ සියළුම දේශපාලන පක්ෂ නායකයින් සහ ලේකම් වරුන් කැඳවා අප පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශකිරීම.

17.පෙරමුණේ ප්‍රතිපත්ති පිළිගෙන ඒ අනුව රට පාලනය කිරීමට එකඟ වන අයෙකුට/කණ්ඩායමකට මැතිවරණයේදී අප සන්විධානයේ පුර්ණ සහාය දීපව්‍යාප්තව දෙන බව ප්‍රකාශකිරීම. එම කණ්ඩායමේ යටත් පිරිසෙයින් ½ (50%) වත් අප සන්විධානය නම්කරන අයට ලබා දීමටද ඔවුන් කැමති විය යුතුය. ඉන් පසු ඉහත දැක්වූ 30,000 ම සක්‍රීයව මැතිවරණ කටයුතු වලට සාභාගීවීම.

18.කිසිවෙක් එසේ කිරීමට සූදානම් නැත්නම් ඉහති දක්වනලද අපේ 15,000 (ගිහී) තුන් සින්හෙලේ ජනරජ පෙරමුණ (තු. සි. ජ. පෙ.) කණ්ඩායම ත්‍රයිනිකායික මහා නායක මාහිමිවරුන් ප්‍රාදේශීය නා හිමිවරුන් සහ මේ රටේ සිව්දෙස වැඩවසන සියලුම භික්ෂූන් ප්‍රමුඛ භික්ෂූන් වහන්සේලා ඇතුළු සියලුම දෙශප්‍රේමී, ජාති හිතශීන් ගේ ආශිර්වාදය මධ්යයේ, රට දැය සමය බේරාගැනීමේ මහා මැතිවරණයට ඉදිරිපත් කිරීම සහ පෙරමුණේ මුලු බලකායමවන 30,000 ම ඒ අයිතිහාසික මැතිවරණය මෙහෙයවීම.

19 තුන් සින්හලේ

ශ්‍රී ලංකා ජාතික ජනරජ  පෙරමුණ (ශ්‍රී. ලං. ජා. ජ. පෙ.) රජයක් පිහිටුවීම.

මෙහිදි පළමුව මතුවන ප්‍රශ්නය කව්ද මේ පක්ෂයේ නායකයා? කියන ප්‍රස්නයයි. මෙම පක්ෂය දැනට පාර්ලිමේන්තුවේ සිටින, අප පක්ෂයේ ප්‍රතිපත්ති පිළිගන්නා දුෂන චෝදනා නැති ජාතික ප්‍රස්නවලදී පාර්ලිමේන්තුවේ කැපී පෙණෙන කාර්‍යභාරයක් ඉටුකොට ඇති 25ක් හෝ 50 දෙනකු පමණ හඳුනාගෙන ඊට අමතරව විවිධ ක්ෂේස්ත්‍රවල ප්‍රවීනත්වයක් ඇති 50 හෝ  100 දෙනකුද සම්භන්ද කොට ගෙන ඒ අතරින් මෙම පක්ෂය පිහිටුවීමට මුල්වු අය අතුරි 05 දේනකුගේ නායකත්ව මණ්ඩලයක් පත්කොට ඒ අතරින් කෙනකු සම්මුතිතියෙන් පක්ෂයේ නායකයා වෂයෙන් පත්කර ගමු.එහෙත් තීරණ ගැනීමේදි 05 දෙනාගේම සම්මුතියෙන් ඒවා ගණු ලැබේ.අපි සම්මුති වලට එළඹෙන්නේ සාකච්චාවෙනි

පක්ෂයේ ව්‍යවස්ථාවේ මේ ප්ළිබඳ විස්තර දක්වනු ඇත.මෙහිදී අමාරුම වැඩේ තමා ජනාධිපතිකමට(ලකිසුරු) විශිෂ්ඨ ගණයේ සින්හල බෞද්ධ නායකයෙක් හඳුනා ගැනීම.

ඔහු, තම අනාගත නායකයා වශයෙන් රටේ ජනතාවට පෙනෙන පෞරුෂයක් ඇති, රටට හා ජාතියට විශිෂ්ඨ සේවයක් කොට ඇති අයකු විය යුතුය.එසේම ආකර්ෂනීය, නොකැලල් චරිතයක් ඇති පන්සිල්පද 5 රකින සින්හල බෞද්ධයෙක්ම වියයුතුය. මම හිතන්නෙ අපි එවැනි 3 දෙනෙක් ගැනවත් සිතිය යුතුයි. එවිට රටේ ජනතාව ඉන් වඩාත්ම සුදුස්සා තෝරාගණු ඇති. අතිගරු ත්‍රිනිකායිකමහා නායක හිමිවරුන්ගේද අනුමැතිය ඇතිව අප පක්ෂයේ මද්‍යම කාරක සභාවෙන් මේ 3 දෙනාගෙන් එක් අයකු තෝරාගණු ඇත.

දෙවැනි කාරනේ තමා අවශ්‍ය මුදල් සොයා ගැනිම.

ඒ සඳහා අපි අරමුදලක් පිහිටුවමු. තුසිත” නමින් බැන්කුවක්

 මම හිතල තියෙනවා රට ජාතිය බේරාගැනීමට තුසිත” නමින් බැන්කුවක් ගැන. තුසිත කියන්නේ තුන් සින්හලේ තහවුරු කිරීමේ බැන්කුව. තු.සි.ත. අරමුදල. මීට වසර10කට පමණ පෙර සෙන්කඩගල එක්සත් බෞද්ධ සන්ගමයට ඉදිරිපත් කළා මේ යෝජනාවනමුත් ක්‍රියාත්මක කළේ නැත

එය පසුව ජාතික බැන්කුවක් බවට පරිවර්ථනය කරගන්ට පුලුවන්

Xxxxxxxxxxxxxxxxxxxx

දැනට රටේ පවතින දේශපාලන තත්වය පිලිබඳ කෙටි සමාලෝචනයක්

දැනට රටේ සිදුවෙමින් පවතින දෙවල් දෙස විමසිල්ලෙන් බලනවිට මට පෙනෙන්නේ සියළුම දේශපාලාන්පක්ෂ අවුලෙන් අවුලට ගිහින්.

 දිනපතා වෙනස් වෙනවා.සිටින සහ ඉන් කැඩී ගිය අය කන්ඩායමේ එකා, දෙන්නා ප්‍රේමාදස එක්ක එකතුවෙනව. ටික දෙනෙක් රනිල්ට එකතු වේවි. තවත් පිරිසක් වෙන සන්ධානයක් හැදීමට උත්සාහ කරයි.කොහොම උනත් අවසානයේ ප්‍රේමදාගෙ කන්ඩායම අනුර කුමාරගෙ කණ්ඩායමට වඩා පර්ලිමෙන්තුව  තුල ප්‍රබලවෙයි.පර්ලිමෙන්තු චන්දය තිබ්බත් කිසිම පක්ෂයකට රජයක් පිහිටුවීමට ප්‍රමානවත් ආසන සක්‍යාවක් ලැබෙන්නේ නෑ. නමුත් පවතින තත්වය අනුව සහ ඉදිරියේදී වෙනස්වන සාධක අනුව අනිවාර්‍යෙන්ම ප්‍රෙමදාසගේ කණ්ඩායම කොහොමටත් මුල් තැනට එයි.  එසේ වූ විට අර පජතික ලැයිස්තුවෙන් ලැබෙන ඈයොයි අඩුපාඩුවට දෙමල, මුස්ලිම් මන්ත්‍රී වරුන් අරගෙන සජිත් පෙරහැර පටන් ගනියි.මේ අතර රට තුල පවතින අසහනය නිසා අනිවාර්‍යෙන්ම අනුර 2 වැනි තනට එයි ස්සම්හාර්විට ඔහුට 25-30වත් ලැබෙයි. එසේ වූ විට අනිවාර්යෙන්ම විපක්ෂයේ නායක කම ඔහුට හිමිවෙයි.

අනෙක් අතින් ජනාධිපති මැතිවරණය පළමුව පැවැත්වුවහොත් ඒත් ප්‍රේමාදස 1 මු තැනට එයි,එහෙත් කිසිම අපේක්ෂක්යෙකට 50% නොලැබෙන නිසා අනිවාර්යෙන්ම 2වැනි මනාපයට යන්ට වෙනවා.ජනතාව තුල දේශපාලකයින්ට සහ මෙම ක්‍රමයට ඇති අප්පිරියාව නිසාම මම හිතන්නේ 2 වැනි මනාපෙන්වත් 50% ප්‍රේමදාසට ළැබෙයි කියල මම හිතන්නෙ නෑ.ලැබුනොත් ඔහු ජනාධිපති

 මේ අතර කොලඹ කේන්ද්‍රකොට ගත් විශාල සින්හල බෞද්ධ විරෝධී ව්‍යාපාරික ප්‍රජාවක්, කතෝලික සභාව සහ ඇමෙරිකාව ඇතුලු විශාල පිරිසක් රනිල් වටේ එක්වෙයි. ඒ අතරේ රනිල් දිවාරෑ නිදි නැතිව උතුරේ නැගෙනහිර සහ උඩරට වතුකරයේ චන්ද ලබාගැනීමට වලිකනවා.දෙමල මුස්ලිම් චන්ද ටික එකතුකර ගත්තොත් දිනන්ට පුලුවන් කියන විස්වාසයෙන් ඔහු ක්‍රියා කරනවා.  ඒ ජනාධිපති මැතිවරණය පළමුවෙන් තිබ්බොත්. ඔහු හිතනවා ඇති ඉන්දියාවේ සහ ලෝක දෙමල සන්සදයේ ආධාරයෙන් ලන්කාවේ දෙමල මුස්ලිම් චන්ද ලබාගත්තොත් ඇමෙරිකාව ඇතුලු රටවල ආධාරයෙන් තමන්ට බලයට එන්ට පුලුවන් කියලා. හැබැයි ඒක දවල් හීනයක් පමණි. මොකද ඔහුට සින්හල බෞද්ධ චන්ද ලැබෙන්නෙ නෑ.සින්හල බෞද්ධ චන්ද නැතිව මේ රටේ කිසිවෙකුට ජනාධිපති වෙන්ට මේ කපේදීනම් බෑ. 

ඕනෑම පාර්ලිමෙන්තු චන්දයකදී දෙමලු චන්දෙ දෙන්නෙ දෙමල කෙනෙකුට. මුස්ලිම් මිනිසුත් මුස්ලිම් මනුස්සයෙකුට.ඊට පස්සෙ රජයක් පිහිටුවීමට ආසන නැති ප්‍රෙමදාට හේත්තුවෙලා ඇමැතිකම් ලබාගනීවි.පොහොට්ටුවෙන් ඉවත්වු අයට යනඑන තැනක් නැතිව ප්‍රේමදසාට එකතුවෙල ඇමැතිකම් ගනියි. මේ අනුව ඊලඟ චන්දෙදී පොහොට්ටුවට ආසන 10ක් ලැබුනොත් ඒකත් පුදුමයක්.අවසානයෙදී නොපෙපුන පොහොටොට්ටු කාරයින්ද හුලඟ හමන පැත්තට යයි. එසේ වූ විට ප්‍රේමදාස  විරෝදී සියලු දෙනාම එකතුවි අනුර දිසානයක විරුද්ධ පක්ෂයේ නායකයා කරගනියි. අවසානයේදී නැවතත් 1948 සිට මෙතෙක් සිදු වූ පරිදිම වසර 2566ක් පැරණි මේ සින්හල රට හා ජාතිය පාවාදීමේ මේ ශ්‍රී ලන්කාවේ මේ දේශපාලන පෙර හර ඉදිරියටම යනවා.

ජනාධිපති වරණය.

2024 ජනාධිපති වරණයත් මේ අවුරුද්දේ තියනවාළු. රනිලුත් පොදු අපේක්ෂ්කයා වශයෙන් එනවාලු. ඔහු ආවොත් සියළුම දෙමළුන්, මුස්ලිම්, කතෝලිකයින් ඔක්කොම රනිල්ට. ඇමෙරිකාව ඇතුලු සියලුම විදේශ බලවේගත් ඔවුන්ගේ $ ලුත් රනිල්ට. ඔහු දිනීමේ අවකාෂය එතකොට වැඩි.හැබැයි ඔහු දෙවනි වරටත් බලයට ආවොත් මේ රටේත් ,සින්හලයාගේත් බුද්ධාගමේත් අවශානය එතනයි. ඔහු දෙවනි දොන් ජුවන් ධර්මපාල කෙනෙක්වනවා නොඅනුමානයි. දොන් ජුවන් ධර්මපාල පෘතුගීසීන්ට දුන්නේ සීතාවක රාජධානිය පමණයි මේ පෘතුගීසිකාරය, රනිල්, ලන්කාව වටා මහසමුද්දරයද ඇතුලු මුළු රටම පාවාදෙනවා සිකුරුයි.

ඒ අභියෝගයට මුහුන දීමට ඇති එකම,එසේම හොඳම උපායක් ගැනයි මම මේ හිතන්නේ.හැබැයි සින්හල බෞද්ධයින් නම් ඔහුට චන්දය දෙන්නෙ නෑ දෙමළ ලෝක සන්සද්ය, බටහිර රටවල් සහ ඉන්දියාව ඇතුලු  සින්හල බෞද්ධයින්ට සහ ශ්‍රී ලන්කාවට විරුද්ධ සියලු දෙනාම ඔහුට සහයෝගය දෙයි. ඇමරිකාව ඩොලර් වපුරයි. එමනිසා සියලුම සින්හල බෞඩ්ද්ධයින් ඔහුට චන්දය දීමෙන් වැලකී නොසිටියහොත් ඔහු දිනනවා.  කිසිම ජනවරමක් නැතිව රාජ්පක්ෂලාගේ තකතිරු වැඩ නිසා පිනට අවිල්ලා වතු දෙමලුන්ට උඩරට දීමටත් උතුරු නැගෙනහිර මේ රටෙන් 1/3 සහ වෙරලි 2/3ක් 13 යටතේ දීමටත් ධීමටත් මේ තරම් එලිපිට දේශද්‍රෝහී ජාතිද්‍රෝහි ලෙස ක්‍රියා කරනවානම් චන්දෙනුත් දින්නොත් කොහොම කරයිද කියලා අපටට හිතාගන්ටවත් බෑ.

2024 ජනාධිපති වරණයත් මේ අවුරුද්දේ තියනවාළු. රනිලුත් පොදු අපේක්ෂ්කයා වශයෙන් එනවාලු. ඔහු ආවොත් සියළුම දෙමළුන්, මුස්ලිම්,  කතෝලිකයින් ඔක්කොම රනිල්ට. ඇමෙරිකාව ඇතුලු සියලුම විදේශ බලවේගත් ඔවුන්ගේ $ ලුත් රනිල්ට. ඔහු දිනීමේ අවකාෂය එතකොට වැඩි.හැබැයි ඔහු දෙවනි වරටත් බලයට ආවොත් මේ රටේත් ,සින්හලයාගේත් බුද්ධාගමේත් අවශානය එතනයි. ඔහු දෙවනි දොන් ජුවන් ධර්මපාල කෙනෙක්වනවා නොඅනුමානයි. දොන් ජුවන් ධර්මපාල පෘතුගීසීන්ට දුන්නේ සීතාවක රාජධානිය පමණයි මේ පෘතුගීසිකාරය, රනිල්, ලන්කාව වටා මහසමුද්දරයද ඇතුලු මුළු රටම පාවාදෙනවා සිකුරුයි.

ඒ අභියෝගයට මුහුන දීමට ඇති එකම,එසේම හොඳම උපායක් ගැනයි මම මේ හිතන්නේ.හැබැයි සින්හල බෞද්ධයින් නම් ඔහුට චන්දය දෙන්නෙ නෑ දෙමළ ලෝක සන්සද්ය, බටහිර රටවල් සහ ඉන්දියාව ඇතුළු  සින්හල බෞද්ධයින්ට සහ ශ්‍රී ලන්කාවට විරුද්ධ සියලු දෙනාම ඔහුට සහයෝගය දෙයි. ඇමරිකාව ඩොලර් වපුරයි. එමනිසා සියලුම සින්හල බෞද්ධයින් ඔහුට චන්දය දීමෙන් වැලකී නොසිටියහොත් ඔහු දිනනවා.  කිසිම ජනවරමක් නැතිව රාජපක්ෂලාගේ තකතිරු වැඩ නිසා පිනට ඇවිල්ලා වතු දෙමලුන්ට උඩරට දීමටත් උතුරු නැගෙනහිර මේ රටෙන් 1/3 සහ වෙරලි 2/3ක් 13 යටතේ දීමටත් මේ තරම් එලිපිට දේශද්‍රෝහී ජාතිද්‍රෝහි ලෙස ක්‍රියා කරනවානම් චන්දෙනුත් දින්නොත් කොහොම කරයිද කියලා අපටට හිතාගන්ටවත් බෑ.

මේ සියළු උවදුරු වලින් මේ රටත්, ජාතියත්, සම්බුද්ධ සාශනයත් බේරා ගෙන  මේ රට නැවතත් පෙරදිග ධාන්‍යාගාරය සහ ආසියාවේ ප්‍රාතිහාර්‍ය බවට පත්කර ගැනීමට ඇති එකම මඟ, ධීර,වීර, කෘථ හස්ථ ඔදවත්, තෙදවත්, චරිතවත්, එසේම ධර්මාසෝක රාස්ඨ්‍රපාලන සම්ප්‍රදාය දන්නා සින්හල බෞද්ධනායකයකු වටා යෝධ පෞරක් මෙන් රොක්වූ එවැනිම කෘත හස්ථ .විද්වත් ණැනවත් ජාති වාත්සල්‍යයෙන් හා දේශප්‍රේමයෙන් පිරුණු ජනහිතකාමි රාජ්‍යසේවා ජාතික බල හමුදාවක්  ගොඩ නැගීමෙන් පමණි.

මම යෝජනා කරණ පහත සඳහන් වැඩ පිලිවෙල අකුරට ක්‍රියාත්මක කලොත්, ඒ වටේ දෙශසප්‍රේමි පිරිසක් එක් උනොත්, අද දේශපාලකයින් ගැන රටේ තිබෙන කළකිරීම අනුව 2025 පර්ලිමෙන්තු චන්දයෙන් අපේ කන්ඩායමට නියත වශයෙන්ම ජයගන්ට පුළුවන් කියලා මම හිතනවා. ජාතිය මේ උවදුරෙන් බේ රාගැනීමට සහ නව මඟකට හැරවීමට ඇති එකම මඟ ඒකයයිද මම සිතමි.

තම උපන් රට සහ ජාතිය ගැන ආදරය ඇති පිරිසක් එක්වුවහොත් අදිෂ්ඨානය, නොපසුබස්නා උත්සාහය සහ ඇප කැපවීම ඇත්නම්, බැරිය කියා දෙයක් මේ ලෝකයේ නැත. මිනිසුන් හඳටත් ගියා නේ..

සකස්කිරීම:දේශමාන්‍ය ආචාර්‍ය සුදත් ගුණසේකර.

(2023 අප්‍රේල් 23 ද මගේ නිවසට වැඩි ගරු ඕමාරේ කස්සප නායක හිමියන් සමඟ කරන ළද සාකච්චවකින් පසු උන්වහන්සේගේ ඉලිම මත සකස් කරණ ළද ලිපියක්)

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress