සිංහලයාගේ අතීත ශ්‍රී විභූතිය
Posted on February 4th, 2024

චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B., Ph.D

යෝධ ඇලට ලංකාවේ බූරු (මගේ ආමන්ත්‍රණය) B.Sc. ඉන්ජිනේරුවන් විසින් කරණ ලද විනාශය පිළිඹඳව ගාර්වින් කරුණාරත්න මහතා විසින් ලියූ ලිපිය  කියවූ විට (Lankaweb, Feb 4, 2024), මීට වඩා ඉතාමත් සුළු, එහෙත් මේ බූරුවන්ගේ බටහිර ගැති හැසිරීම (European/western/modern technology is far superior to local, native knowledge) එලිදරව් කරණ උදාහරණයක් කලක් මහවැලි සංවර්ධන මණ්ඩලයේ  සභාපතිව (DG) සිටි ජයතිස්ස සමරනායක මහතා මට පැවසුවේය.

හරකුන්ට ඇලවල් හරහා යාමට කොන්ක්‍රීට් පාලම් සදා තිබුණත් උන් යන්නේ ඒවායින් නොව ඇලේ ඉවුර කඩා දමමින් පාලම ලඟ බිමින්ය. මෙය ගොවියන් හා ටෙක්නිකල් ඔපිසර්ලා අතර විරසක මතුකලේය.

මෙම අලකලංචිය විසඳාගැනීම පිණිස මේ දෙපාර්ශය අතර රැස්වීමක් පැවැත්වීමට DG කොළඹ සිට ජනපද කාර්යාලයට පැමිණියේය.

ඉන්ජිනේරුවන් කියා සිටියේ ඇල ඉවුරු කැඩීයාම නිසා නිතරම රෙපයාර් කිරීමට සිදුවන බවය. කොළඹින් ආ ඉන්ජිනේරුවන්, ලෝකල් ඉන්ජිනේරුවන් හා ගොවියන් වාද විවාද කරමින් සිටියේය. අන්තිමේදී එක ගොවියෙක් නැගිට්ටේය.

හරකුන් පාලමෙන් නොයන්නේ පාලම රත්වීම නිසා ලාඩම් නැති ගම් හරකුන්ගේ කකුල් (කුර) පිච්චෙන නිසායි. මේ නිසා මේ පාලම් වලට පස් තට්ටුවක් දමන්න යයි ඔහු පවසුවේය.

ඉන්ජිනේරුවන් මවිතයට පත්විය. යමෙක් මේ සඳහා පේටන්ට් බලපත්‍රයක් ගත හැකි යයි කිව්වේය. මේ ගැන DG කියාසිටියේ එම පේටන්ට් අයිතිය එම ගොවියාට ලබා දෙන ලෙසය.

මේ වර්ගයේ උදාහරණ අප්‍රමාණය. තවත් මා ඇසු කතාවක් නම් ඈත නගරයක සේවය කරණ එක ගමේ දෙන්නෙකුගෙන් එක් අයෙක් තම යාළුවාට තමන්ගේ ගමට හෙට අනිද්දා වෙනවිට වහිනවා යයි පැවසුවේය. උඹ කොහොමද එහෙම කියන්නේ යයි අනිකා ඇසුවේය. මං කතාකල විට මගේ සීයා කිව්වා. සීයා කොහොමද එහෙම කියන්නේ මිතුරා කුතුහලයෙන් විමසුවේය. ඔහු එසේ කියන්නේ ගෙදර අසල ඇති ගහට වේයෝ නඟිනවා දැකලා. වහින්න එන බව දැණුන විට බිම ඉන්නා වේයෝ ගහට නඟිනවා!

සුනාමියට කලින් සත්තු මුහුදු වෙරළ ආසන්නයේ සිට ඈත ගොඩබිම දෙසට දිව්වා මෙන්ය.

ඉංග්‍රීසීන් විසින් ටොන් ගණනින් ලංකාවේ පැරණි පුස්කොලපොත් ලන්ඩන් ගෙනයාම වෙස්වලාගත් භාග්‍යයකි. නො එසේ නම් මේවා අපේ අයියලා විනාශකර දමන්නේය. හරිනම් මේවායේ පිටපත් ලන්ඩන් මියුසියම් එකෙන් ලබාගෙන මුද්‍රණය කිරීමට රජයේ දෙපාර්තමේන්තුවක් පිහිටුවිය යුතුය. තිස්ස ජනනායක වරක් මේ ගැන කතා කලත් නූගත් දේශපාලකයින්ටමෙන්ම නිලධාරී/මහාචාරීන් වැනි අය මෙවැනි ජාතික සේවා හරහා ඩොලර් කුට්ටි කඩාගත හැකි ngo නඩ නැති නිසා හොර මීයන්සේ හැසිරේ. සිංහල ජාතියට අබසරණයි!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress