යෝජිත “අධිකරණ, විනිශ්චය අධිකාර සහ ආයතන ඉදිරියේ කරුණු දක්වන තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත” අධිකරණ ඇමතිවරයාට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ ජනාධිපතිවරයාට….
Posted on April 17th, 2024

නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col) සමායෝජක – වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන.

අධිකරණ, විනිශ්චය අධිකාර සහ ආයතන ඉදිරියේ කරුණු දක්වන තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත

1.මෙම පනත 2024 අංක …. දරන අධිකරණ, විනිශ්චය අධිකාර සහ ආයතන ඉදිරියේ කරුණු දක්වන තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත යනුවෙන් හදුන්වනු ලැබේ.

2.අධිකරණ, විනිශ්චය අධිකාර සහ ආයතන ඉදිරියේ කරුණු දක්වන තැනැත්තන්ට මෙම පනතේ විධිවිධාන අදාල වේ.

3. අධිකරණ, විනිශ්චය අධිකාර සහ ආයතන ඉදිරියේ කරුණු දක්වන තැනැත්තන්ට වෙනත් ලිඛිත නීති වලින් ආරක්ෂා කර ඇති සාධාරණ නඩු විභාගයකට අදාල නීතිමය ප්‍රතිපාදන, 2024 අංක 8 දරන අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම පනතේ 15 වන වගන්තිය අභිබවා ක්‍රියාත්මක වන්නේය.

4. අධිකරණ, විනිශ්චය අධිකාර සහ ආයතන ඉදිරියේ යම් ලිඛිත නීතියක ප්‍රතිපාදන මත කරුණු දක්වන තැනැත්තන්ව ඒ මත අත්අඩංගුවේ රඳවා  ගැනීමට හෝ රීතියක්  නිකුත් කිරීමට නොහැක්කේය.

5. මෙම පනතේ සිංහල සහ දෙමළ භාෂා පාඨ අතර අනනුකූලතාවයක් ඇතිවුවහොත්, එවිට සිංහල භාෂා පාඨය බලපැවැත්විය යුත්තේය.

යෝජිත අධිකරණ, විනිශ්චය අධිකාර සහ ආයතන ඉදිරියේ කරුණු දක්වන තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පතේ පිටපතක් ඉහත දැක්වෙන අතර අධිකරණ ඇමතිවරයා හෝ යම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු විසින් මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටින අතර, පාර්ලිමේන්තුව විසින් එය ප්‍රතික්ෂේප කළහොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 85.2 ව්‍යවස්ථාව යටතේ එය ජනමතවිචාරණයක් මගින් ජනතාව වෙත ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටිමි.

යෝජිත……
“අධිකරණ, විනිශ්චය අධිකාර සහ ආයතන ඉදිරියේ කරුණු දක්වන තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත”
අධිකරණ ඇමතිවරයාට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ ජනාධිපතිවරයාට

http://neethiyalk.blogspot.com/2024/04/blog-post_16.html?m=1


නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col) සමායෝජක – වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන.
විද්‍යුත් ලිපිනය arunaunawatuna@gmail.com
දුරකථන 0712063394 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress