1.පල්ලේකැලේ හමුදා කඳවුරේ අවි ජවිපෙ පැහැරගත් හැටි -එය ‘දේශප්‍රේමීන්ගේ’ ප්‍රථම හමුදා කඳවුරු ප්‍රහාරයයි
Posted on April 20th, 2024

Voice of Dharman

0 දශකයේ(1980 සිට 1990 දක්වා) ධවල භීෂණයේ අඳුර විනිවිදි සත්‍ය සිදුවීමක තිත්ත ඇත්ත කියන youtube චැනල් එක @ භීෂණය සියැසින් දුටු සහ වාර්තාකළ ගවේෂණාත්මක මාධ්‍යවේදී ධර්මන් වික්‍රමරත්න කියයි. ලාංකීය දේශපාලන ඉතිහාසයේ ගමන්මග වෙනස්කල සන්ධිස්ථානයක් ලෙස 1986 සිට 1990 දක්වා පැවති ජවිපෙ 2වැනි කැරැල්ල හැඳින්විය හැකිය. එම කාලය තුළ ඝාතනයට ලක්වූ සහ අතුරුදන් වූ සංඛ්‍යාව 41,813 වේ. එහෙත් මානව හිමිකම් සංවිධාන වාර්තාවන්ට අනුව 2වැනි කැරළි සමයේදී ඝාතනයට සහ අතුරුදන් වීමට ලක්වූ සංඛ්‍යාව 67,652කි. මින් 6,661 කැරළිකරුවන් අතින් ඝාතනයට ලක්වූ අතර ප්‍රා සංවිධානය මගින් ඝාතනය කරන ලද සංඛ්‍යාව 1,222කි. සෙසු සියළු දෙනා ඝාතනයට පත්වූයේ ආරක්ෂක අංශ ඇතුළු එයට සෘජු සහ වක්‍ර සම්බන්ධකම් පැවතුනැයි කියන අතුරු හමුදා කණ්ඩායම් වූ කලු බළල්ලු, ප්‍රා, උකුස්සා, රාජාලියෝ, කහ බළල්ලු, කොළ කොටි, රතු මකරු, මාපිලා, ගෝනුස්සා, නී, කේසර සිංහයෝ, ලේ මාපිල්ලු, කළු කොටි වැනි සංවිධානයන් ගෙනි. මෙම සටහන් කියනු ලබන ‍ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ධර්මන් වික්‍රමරත්න එම ඇතැම් සිද්ධි සියැසින් දුටු සහ බොහෝ කතා වාර්තාකළ, ඉන් නැගුණු සිද්ධීන් ගවේෂණය කළ දිවයින පුවත්පතේ එවකට සිටි කතෘ මාණ්ඩලිකයෙකි. ශ්‍රී ලංකාවේ දේශපාලන නායකයින්, කැරලි නායකයින්, ශිෂ්‍ය ව්‍යාපාරයේ නායකයින් සහ ක්‍රියාකාරිකයින් දහසකට ආසන්න සංඛ්‍යාවක් වෘත්තීය වශයෙන් ඇසුරු කළ ධර්මන් වික්‍රමරත්න අදාළ පාර්ශ්වයන් සමඟකළ සම්මුඛ සාකච්ඡා, ගවේෂණ, පර්යේෂණ සහ සමීක්ෂණ මගින් සොයාගත් දත්ත වලින්ද මෙම කතා පොහොසත්ය. වසර 1980 සිට 1990 දක්වා 80 දශකයේ ධවල භීෂණයේ ඇතුලාන්තය පිළිබඳව මෙතෙක් බොහෝ දෙනා ඇසූ සහ කියවූ උපකල්පන, විකෘති කිරීම්, වැරදි වැටහීම් සහ වැරදි මත වෙනුවට සත්‍ය ඉතිහාසය මෙම Voice of Dharman youtube චැනලය මගින් විවරකර තිබේ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress