ගෝඨාභය කාදිනල්තුමා බොරු කියනවද? ඇත්ත සඟවනවාද? – ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
Posted on April 27th, 2024

උපුටා ගැන්ම  ලංකා ලීඩර්

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා විසින් කාදිනල්තුමා විසින් ඔහුට එල්ල කරන්නට යෙදුණු චෝදනාවලට පිළිතුරු බඳිමින් යවන ලද ලිපිය පිළිබඳව ‘ලංකා ලීඩර්‘ ජාතික සංවිධානවල මතය   විමසන ලදී මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස ඔහුගේ වචනයෙන්.

ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පාස්කු ප්‍රහාරයට පසුව ඉස්ලාම් අන්වාතවාදය ශ්‍රී ලංකාවේ භූමියෙන් අතුගා දැමීම සඳහා යෝජනා 57ක් අඩංගු අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් සම්මත කළ. එම යෝජනා පදනම වූයේ පාර්ලිමේන්තුවේ ආංශික කාරක සභා වාර්තාවක් මතය. නමුත් එම වටිනා යෝජනා බැසිල් රාජපක්ෂගේ මැදිහත්වීම මත  එකක් හෝ ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ බව මහජනයා දන්නේ නැත. බැසිල්-  හකිම් – රිෂාඩ් රහස් සාකච්ඡාවක් අනුව එය සිදුවූ  බවට මතයක් ඇත.

එසේ වුවත් ගෝඨාභය රාජපක්ෂ විසින් එවැනි නිවැරදි සහ වැදගත් පියවරක් ගනු ලැබූ බව කියන්නට මැලි වන්නේ ඇයි? ඒ බව සඳහන් කළා නම් කාදීනල් තුමාට උත්තර  නැති වනු ඇත. ඊට හේතුව කාදිනල්තුමා ඉස්ලාම් අන්තවාදයට විරුද්ධව වචනයක් හෝ කතා නොකිරීමයි. පාස්කු ප්‍රහාරයෙන් මියගියවූවන්ට සැබෑ ලෙසම සාධාරණය ඉටු කළ හැක්කේ ඔවුන්ගේ දරුවන්ට ඊළඟ ප්‍රහාරයට ලක්වීමට සිදු නොවන බව සහතික කිරීමෙන් නොවේද?

https://smartecampaign.com/runningimages/candidate/lankaleader/media/image/1714202946.pdf

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress