දුරාචාරය පතුරවන පනත් ගෙනවිත් ශ්‍රී ලංකාව හයිටියක් කරන්න එපා! – නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)
Posted on April 27th, 2024

උපුටා ගැන්ම  ලංකා ලීඩර්

සමලිංගික චර්යා ප්‍රචලිත කරන පනත හා දුරාචාරයට ඉඩකඩ සැලසීමට ගෙනන පනත් තුළ අන්තර්ගත කරුණු පාර්ලිමේන්තුවේ සිටින මැති ඇමැතිවරුන් සහ විශේෂයෙන්ම මන්ත්‍රීවරියන් කියවා බලා ඇත්දැයි බරපතළ සැකයක් ඇති බවත්, තමන්ටත් දරුවන් සිටින දෙමාපියන් ලෙස ඔවුන්ට මෙබඳු සමලිංගික හැසිරීම් ප්‍රචලිත කරන පනත්වලට  සහාය දිය හැකිදැයි යන්න ගැටලුවක් ඇති බවත් නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.

ඒ මහත්මිය මේ බව පැවසුවේ ජාතික සංවිධාන එකමුතුව මගින් පැවැත්වූ මධ්‍ය හමුවකට එක් වෙමිනි.

මෙවැනි පනත් ගෙන එන්නෙ කවුදැයි යන්න මෙරට ජනතාව සොයා බැලිය යුතු බවද, මෙම පනත් හරහා සිදුකරනු ලබන්නේ රටේ පවතින සංස්කෘතියට සහ සභ්‍යත්වයට පහර ගැසීම බවද ඇය සඳහන් කරයි.

මෙය බටහිර රටවල් විසින් උසස් සංස්කෘතියක්, සභ්‍යත්වයක් පවතින රටවලට  දියත් කරන එක් උපක්‍රමයක් බවත්, උදාහරණයක් ලෙස හයිටි රාජ්‍යයට සිදු කළේද මෙබඳුම දෙයක් බවත්, අද වන විට හයිටියට සිදුව ඇති දේ සොයාබැලූ විට එරට සම්පත් මංකොල්ලය සඳහා බටහිර රටවල් විසින් දියත් කළ මෙම කූඨ උපක්‍රමයන් වටහාගත හැකි බවත් ඒ මහත්මිය වැඩිදුරටත් පවසයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress