මෝඩි –වන්දනා හා අපේ උන්ගේ මෝඩ -වන්දනා
Posted on April 8th, 2025

ධර්මසිරි සෙනෙවිරත්න

මෝඩි ඉන්දියාවේ ශ්‍රී මහා බෝධියටත් මෙහෙම වඳිනවද?. මෝඩි,.සිකිමයට භූතානයට නේපාලයට කලදේ දැන දැනත් ඉ න්දියා ලංකා දෙරට එසේම යාකරනන්නට එනවිට එහි භයානකත්වය නොදැනද හාමුදුරුවෝ පිරිත් නුල්බැඳ ”හොඳ එකා ”කියා පිටටත් තට්ටු කරලා ආශීර්වාද කරන්නේ . අපේ උන්මයි රට පාවාදෙන්නේ. මිතුරු කම එකක් පාවාදීම වෙන එකක් .ලංකාවේ බෞද්ධ කාන්තාවන්ට අඩිය තියන්න නොදෙන ශ්රී මහා බෝධියේ උඩමළුවට මිසදිටුවෙකුට අඩිය තියන්න දෙනවා රට රවටන්න. අපි ගියා නම් බලන්න ඕන එයාලගේ ”රැස්පොට් ‘.. වීඩියෝවේ නිවේදකයා පුන පුනා කියනවා මෝඩි භික්ෂුන්ගේ දෙපා අල්ලා වැන් ඳ බවත් ඒ තරම් බැතිමත් නිරහංකාර බවත් පෙන් වන්න. එයා නිකන් දෙකට නැමුන විතරයි . මෝඩි ලා බෞද්ධයන් කළඟ දනින් වැටෙන්නේ නැහැ,අපි නොදැක්ක තැනක දෙපා වැන්ද කියමුකෝ. එත් ඔය ඒ ක උලුප්පා කියන්නේ මෝඩ සිංහල බෞද්ධයෝ මුලා කරන්න..මටනම් හිරිකිත හිතුනා හාමුදුරුවෝ මෝ ඩි ගේ පිටට තට්ටු කරන කොටයි මෝඩි වඳින කොට භික්ෂුව මොඩිගේ අ ත් අල්ල ගන්න කොටයි දීන විදිහට. ඉන්දියාව එක්ක විතරක් නොවෙයි හැම රටක් එක්කම මිත්‍රව ඉම්මු . වසර දාස් ගණනක් ඉන්දියාව අපව ආක්‍රමණය කල හැටි විනාශ කල හැටි ,හා අශෝක වැනි අ ය බුද්ධ ධර්මය ඉදිරියට දමා සිංහලේ රජු තිස්ස ”නැවත අභිෂේක කල හැටි ‘ ‘ත් අමතක නොකර ඉන්දියාව සමග කට යුතු කරමු . දැන් ඔය අත්සන් කරන ආරක්ෂක ගිවිසුම් නිසා ඉන්දියාවයි චීනෙයි යුද්ධ කරන වෙලාවක චීන්නුන්ගේ බෝම්බ වල ට ලක් වීමේ අවදානමක් ඇතිවෙන්න ඉඩ නොදී සිටීමත් හරි වැදගත් .

මෝඩි ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් කර ලංකාව සංවර්ධනය කරන වගකීමක් කරමත තියා ගන්නේ නැහැ .ඒ වෙනුවට කරන්නේ සිංහලයෝ කාලබීල හරි හාමතේ ඉඳල හරි ඕන කුද යක් ගහ ගෙන ඉඳල ඉන්දියාව ගහන බෙර පදේට නටන ජාතියක් කිරීමයි. ඒ ක උන්ට වාසියි ලේසියි , ලාභ දායකයි .

.ඉන්දියාවේ ඩොලර් සොච්චමකට රට අනතුරේ දාලබලය රැකගන්න හදන්න එපා අනුර.

ඔබ ගමේ කොල්ලෙක් නේද ? ඔබව මෙයට පොළඹවන ලිබරල්ලු ඉන්නේ හිනාවෙවී ..රනිල් හා හරිනී ඉන් දෙන්නෙක් .

එදා දේශප්‍රේමියෝ අද දේශද්‍රෝහියෝ නොවිය යුතුය . ජන මත විමසුමකින් අනුමත කලයුතුදේ අඩුගනනේ පාර්ලිමේන්තුවටවත් කැ බිනේට්ටුවටවත් ඉදිරිපත් නොකර, යහපාලන ද්‍රෝහීන්ගේ ”2016 අංක 12 දරන තොරතුරු දැනගැ නීමේ ”’ පනතේ ”හොර වගන්ති වලින් මුවාවී රටල් සමග හොරෙන් ගිවිසුම් අත්සන් කරන දේශද්‍රෝහී තත් වයට පත් වීමට, වරක් දේශප්‍රේමීන් ව සිටියවුන් පත් වුයේ කෙසේද ?

68 ලක්ෂයක් රැ වටෙව්වේ කවුද ?කෙසේද ?

68 ඇස් ඇරෙයිද ? සදහටම අන්ධ වෙයිද ?

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2026 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress