ලෝක ආර්ථිකය අවිනිශ්චිතයි.. සූදානම් වන්න.. – මහ බැංකුව අනතුරු අඟවයි
Posted on April 17th, 2025

Courtesy Lanka Leader

ලෝක ආර්ථික පරිසරයේ අවිනිශ්චිත බව සැලකිල්ලට ගෙන ඊට මුහුණ දීම සඳහා ප්‍රතිපත්තිමය සූදානම ඉහළ නැංවීම අත්‍යවශ්‍ය බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

විශේෂයෙන් නව නිදහස් වෙළෙඳ ගිවිසුම් සක්‍රීයව ක්‍රියාත්මක කිරීම සහ භාණ්ඩ වෙළෙඳාම වෙනස් වීමේ අවස්ථා ශ්‍රී ලංකාවට වාසිදායක අයුරින් යොදා ගැනීම සඳහා ප්‍රතිපත්තිමය සූදානම ඉහළ නැංවිය යුතු බවද මහ බැංකුව කියයි.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගියදා නිකුත් කළ පසුගිය වර්ෂය (2024) සඳහා වන මහ බැංකුවේ වාර්ෂික ආර්ථික විවරණ වාර්තාවේ මේ බව සඳහන් වේ. තවදුරටත් එම වාර්තාවේ මෙසේද සඳහන් වේ.

ඇමෙරිකාව විසින් ශ්‍රී ලංකාවේ අපනයන සඳහා පනවන ඕනෑම අන්‍යොන්‍ය තීරු බද්දකින් රටෙහි අපනයන අංශයට විශාල බලපෑමක් ඇති කළ හැකිය.

මීට අමතරව ඇමෙරිකානු රජයේ ප්‍රතිපත්ති ගැළපීම්වලින් ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රධාන වෙළෙඳ හවුල්කරුවන්ට ඇති විය හැකි බලපෑමෙන් ශ්‍රී ලංකාවේ අපනයන සඳහා අහිතකර බලපෑමක් ඇති විය හැකිය.

– Divaina

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress