අධිකරණයකට අපහාස කිරීම පනත අහෝසි කළ යුතුද / නැද්ද විමසානීතීඥවරුන්ගේ ඡන්ද විමසීමක් පවත්වන ලෙස ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපතිට ඉල්ලීමක්….
Posted on May 17th, 2025

මාධ්‍ය අංශය, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන

2024 අංක 8 දරන අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම පනත  අහෝසි කළ යුතුද / නැද්ද විමසා ශ්‍රී ලංකා නීතීඥ සංගමය සියලුම නීතීඥවරුන්ගේ ඡන්ද විමසීමක් පවත්වන ලෙස  වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහනේ සමායෝජක නීතීඥ අරුණ ලක්සිරි උණවටුන මහතා සභාපතිවරයා වෙත ඉල්ලීමක් කර ඇත.

නොකළ වරදකට වසර 38ක් සිරගතකර සිටි පීටර් සුලිවන් 2025 මැයි 13 දින නිදහස් කිරීමට බ්‍රිතාන්‍යය ක්‍රියා කිරීම ජාත්‍යන්තර නීති ඉතිහාසයේ සංධිස්ථානයක් බවත්, විනිසුරුවරුන්ට එරෙහිව නඩු පවරන තැනැත්තන්, නෛතික කරුණු දැක්වීමට අධිකරණයට යන නීතීඥවරුන්, ඇප ලබා දීමට අධිකරණයට යන තැනැත්තන් දුරකථනය නාදවීමෙන් රක්ෂිත බන්ධනාගාරගත කරවන 2024 අංක 8 දරන අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම පනත අහෝසි කළ යුතුද / නැද්ද විමසා ශ්‍රී ලංකා නීතීඥ සංගමය සියලුම නීතීඥවරුන්ගේ ඡන්ද විමසීමක් පවත්වා එහි ප්‍රතිඵල ජනාධිපතිවරයාටපාර්ලිමේන්තු කතානායකවරයාට, අධිකරණ ඇමතිවරයාට, විපක්ෂ නායකවරයාට සහ අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් වෙත දැනුම් දෙන ලෙස මෙමගින් ඉල්ලා ඇත.

2024 අංක 8 දරන අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම පනත
පිළිබඳ ජනාධිපති නීතීඥවරුන්ගේ විමර්ශන කමිටු මගින් තීරණ ගැනීම එකී පනත මගින් සිදුකර ඇති නීතීඥවරුන්ගේ වෘත්තීය ස්වාධීනත්වය සහ පුරවැසියන්ගේ අයිතිවාසිකම් අහිමි කරවීම නතර කිරීමට හේතු වන්නේ නැති බවද මෙම ඉල්ලීම මගින් වැඩිදුරටත් නීතීඥ සංගමයේ සභාපතිවරයාගේ අවධානයට යොමු කර ඇත.

මෙම ඉල්ලීමේ පිටපත් ජනාධිපති අනුර දිසානායක මහතාට, කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට,අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාට, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහ අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් අයේෂා ජිනසේන මෙනෙවිය වෙත යොමු කර ඇත.

http://neethiyalk.blogspot.com/2025/05/blog-post_17.html?m=1

මාධ්‍ය අංශය, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන. දුරකථන 0712063394
(2025.05.17)

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress