සාමනලීගේ සාපය (1) – 2017 අප්‍රේල් හා සාමනලීගේ සාපය (2)- 2025 දෙසැම්බර්
Posted on December 8th, 2025
චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B.,Ph.D.
රුපියල් මිලියන 900 ක් පමණ වියදම් කර දෙසැම්බර් 12 දා පවත්වන්නට ගිය ශ්‍රි ලංකා දිනය සංවිධානය කරන්නට භාරදී සිටි සමනලී එය කොට උඩ යාමේ හිතේ අමාරුව, <සිද්ධාර්ථ> කුමාරයාගේ පිටින් යැවීමේ සිද්ධියක් වාර්තා විය. කලින් 2017 දී ජේතවනාරාමයට (මඩු පල්ලියට නොව) මීතොටමුල්ලේ කුණු කන්ද ගෙන ගොස් දමන පින්තූරයක් සිය මුහුණු පොත් ගිනුමෙන් ප්‍රසිද්ධ කල සමනලී, මේ වර යම් අන්ද මන්ද වූ භික්ෂුවක් විසින් ලියන ලද සිද්ධාර්ථ කුමාරයාට මඩ ගැසීමේ කවි පෙලක් ඇගේ ගිණුමෙන් ප්‍රසිද්ධ කර ඇත.
මාක්ස්වාදී, නිරාගමික, මවක් වීමේ අත්දැකීමක් නැති, මැදි වයසේ ස්ත්‍රීන්ට, සිද්ධාර්ථ කුමාරයා හිසරදයක් වීම වෙන රටවල මෙන් නොව ලංකාවේ නිරාගමික යන ආගම, බෞද්ධ විරෝධීන්ගේ ව්‍යාපරයක් වීමේ ප්‍රතිපලයකි. මීට පෙර නටාෂා එදිරිසූරිය සුද්දෝධනගේ කොළු පැටියා ගැන විහිළු කලේය. ඇය එසේ කර රටින් පැනයාමට පෙර ගුවන් තොටු පලේදී (?) පොලිස් අත් අඩංගුවට ගන්නා ලදී (2023 මැයි).
තමාගේම කවියක් හෝ ක්‍රියාවක් මඟින් බුද්ධාගමට අපහාස කිරිමේ ශක්තියක් මේ සමනලීට නැති සේය. ඒ නිසා ඇය කරන්නේ අන් අයගේ ක්‍රියාවලට ප්‍රසිද්ධියක් ලබා දීමය. සමහරු කියන්නේ මේ සිද්ධාර්ථ ප්‍රචාරය නිසා ඇයට විරුද්ධව ICCPR පනත යටතේ චෝදනාවක් ගොණුකල හැකි බවය.
කෙසේ වෙතත් ඇගේ jvp ආණ්ඩුවේ ක්‍රියා නිසා ඇතිවූ ශාපය මෙවර ඇයට බලපෑවේය. ඇයට ලැබුණ බිස්නස් ඩීල් එක ගිලගන්නට ඉඩක් නොලැබුණි. මේ ශ්‍රි ලංකා දිනය සිංහල බෞද්ධ ජනයාට විරුද්ධව කරණ කුමන්ත්‍රණයකි. එය 1923/24 කාලයේ සිට ආරම්භවුණ ලංකාවේ වෙනම දෙමළ රටක් යන ව්‍යාපාරය, 2009 මැයි මාසයේදී යුදමය වශයෙන් පරාජය කලත්, එම මතවාදය දැන් 2025 අගදී ඉතාමත් බලවත් තර්ජනයක් වී ඇත. ජාති වාදය හා ජාතික වාදය අතර වෙනස නොතේරෙන AKD, මුස්ලිම්, දෙමළ හා මාක්ස්වාදීන් සමඟ එක්වී ජාතික සමඟියක් හදන්නට යෑම චන්ද ගරා ගැනීමට සිතා කරණ ප්‍රෝඩාවක් පමණය. රාසමානික්කම් මන්ත්‍රී කැනඩාවට ගොස් දෙමළ රටක් සදා ගැනීමට හොඳ අවස්ථාවක් දැන් ලැබී ඇති බව පවසා තමන්ගේ ජීවිත කාලය තුල එය ලබා ගන්නට උදව් කරණ ලෙස ඉල්ලා සිටිද්දී, ලංකාවේ මාක්ස්වාදීන් කතා කරන්නේ මොන ජාතික සමඟියක් ගැනද?
ලංකාවේ ව්‍යවස්ථාවට අනුව රාසමානික්කම් කැනඩාවට ගොස් කර ඇත්තේ දඩුවම් කල හැකි වරදකි. ඒ වෙනුවට ශ්‍රි ලංකා දින පැවැත්වීම නොන්ජල්, සිරි සංඝබෝ ක්‍රියාවකි. මීට කලින් ප්‍රේමදාස, චන්ද්‍රිකා හා මහින්ද යන අය සිරි සංඝබෝ වෙලා ඔවුනුත් රටත් විනාශ කලේය. මේ නිසා දේව ශාපයකින් මහා ගංවතුරකින් ශ්‍රී ලංකා දිනය (කැළුම් ජයසුමන කේන්තියට කියන්නේ රී ලංකා දිනය කියාය) සෝදාගෙන යාම රට කැඩීමේ හතුරු ක්‍රියාව නිෂේදනය කිරීමකි.
ලංකාවට දේශපාලකයින් කල විනාශය ගැන සිතන විට ලංකාව සුනු විසුනු නොවී බේරී තිබෙන්නේ මේ දිවයින ආරක්ෂා කරණා යම් අදෘෂ්‍යමාන බලවේගයක් හා ලෝකයේ වෙන කොහේවත් නැති ගම-වැව-දාගැබ මත පදනම්වූ මුර දේවතා සංකල්පයද නිසා බව සමනලී සිහියේ තබාගත යුතුය.
සමනලීගේ ශාපය
Posted on April 27th, 2017
චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B.,Ph.D.
සමනලී ෆොන්සේකා නමැති තරුණිය හැඩරුව ඇති පංචකළ්‍යාණියක් නොවුනත් ප්‍රියංකර මුහුණක් හා නන්දා මාලිනීගේ හා මාලිනී බුලත්සිංහලගේ ගී ඉතා හොඳට ගයන්නට පවා හැකියාවක් ඇති පංචස්කන්දයකි. එසේ නැත්නම් තිස් දෙකක් කුණප ඇති පොලොවට පස් වන මස් හා ඇටකටු ගොඩකි. ඇගේ ළදරු පින්තූර වල පෙන්වූ තරබාරුකම අනුව සිතනවිට ඇය ඇත්තටම දළඹුවා සමනලයා වුනා වගේමය. ඇය කියන්නේ මේ ජිවිතය හැර නැවත ඉපදීමක්, ස්වර්‍ගයට යෑමක් නැති බවය. ඇය ඕමාර් කයියාම් කෙනෙකි.
යම් පිස්සෙක් විසින් ජේතවනාරාමයට මීතොටමුල්ලේ කුණු දැමූ පින්තූරයක් මුහුණු පොතේ පලකර ඇත. මේ කවුරුත් නොදන්නා පිස්සාට සපෝට් එකට සමනලී ඉදිරිපත්‌ව එය ඇගේ මුහුණු පොතේද දමා ඇත. සමනලී යනු ගිය චන්දකාලයේ දේශපාලනයද කරපු ප්‍රසිද්ධ තරුණියෙකි. ඇය මෙසේ හැසිරීම පටාචාරා නිරුවතින් ගියා වගේ නොවේ. හරිහමන් හැදීමක් නැති, අක්මුල් සිඳගත් ඉරාජ් වීරරත්න-උපුල් සන්නස්ගල අළුත් පරම්පරාවට අයත් වන මේ තරුණිය රුක්මණී දේවිය ගැන සිහිපත් කරගත යුතුය.
රුක්මණී දේවිය කාටවත් වචනයෙන්වත් හිංසාවක් කල බවක් අප අසා නැත. නමුත් ඇය මියගියේ ශරීරය කැබලි කැබලි වලට වෙන්වීය. කර්‍මයට අමතරව තවත් නියාම හතරක් බුදු දහමේ ඉගැන්වෙයි. විජය කුමාරතුංග නළුවාගේ මිනියේ මුහුණක්, හිසක් නොවීය. ප්‍රේමදාස පංචස්කන්දය හඳුනාගත්තේ මිනීකාමරයේ මේසයක් යට තිබුණු ශරීර කෑල්ලකිනි. මේ දෙන්නා නම දේශපාලනය නිසා මියගිය අයය. රන්ජන් විජේරත්න, ජෙයරාජ් ෆර්නැන්ඩු පුල්ලේ එසේ මියගියේ කරුමය නිසාද?
රුවන්වැලි මහසෑය, ථූපාරාමය, සෝමාවතිය, සමාධි පිළිමය, අවුකන පිළිමය දකිනවිට ශ්‍රද්ධාවට අමතරව ඇඟ කිළිපොළායන ජාතික අභිමානයක්ද ඇතිවන මිනිසුන් සිටින රටක මෙවැනි ජඩහැසිරීමක් එළිදරව් කරන්නේ කුමන මානසික මට්ටමක්ද? මෙවැනි දෙයක් යුදෙව් ජාතියට විරුද්ධව ඇමෙරිකාවේදී කළොත් ඊට විරුද්ධව ක්‍රියාකරන බලවත් ලෝක/ඇමෙරිකන් යුදෙව් සංවිධානයක් තිබේ. මුස්ලිම් රටක නම් සමනලීගේත් අනිත් පිස්සාගේත් හිස් වලට ෆත්‌වා නිකුත් වන්නේය.
බුද්ධාගම මෙසේ පාච්චල් කිරීමට සමනලීලාට ඉඩදිය යුතුද? මෙය වල්බූරු නිදහසක් නොවේද? ජේතවනාරාමයට සමකල හැකි අපහාසයට ලක්කල හැකි මිනිස් නිර්‌මාණයක් ඇමෙරිකාවේ නැත. බකින්හැම් පැලස් එකද එවැන්නක් නොවේ. මක්කම හෝ වටිකන් එකට මීතොටමුල්ලේ කුණු නැවෙන් ගෙනියන්න යෝජනා කලොත් කොහොම හිටීවිද?
රුක්මණී දේවීත් මේ සමනලී මෙන් ඇගේ පංචස්කන්දය නැවත උපදින්නේ නැත, එය කාර් එකක් වගේ මේ ජීවත්වන කාලයේදී උපරිම ලෙස පාවිච්චි කලයුතු බඩුවක් ලෙස සැළකුවාදැයි අපි නොදනිමු. නමුත් රුක්මණී දේවිට අත්‌වූ ඉරණම තමන්ටත් අත්වේය කියා සිතීමටවත් සමනලී අකමැති බව නිසැකය. සමනලීගේ ක්‍රියාවට විරුද්ධව ඇගේ නිවාසය ඉදිරිපිට විරෝධය පළකිරීමටවත් බෞද්ධ සංවිධානයක් නැතිසේය. අඩුතරමින් සමනලීගේ අළුත් දෙවැනි සැමියාවත් මැදිහත්‌වී ඇගේ නොසන්ඩාල ක්‍රියාවට රටේ බෞද්ධ ජනතාවගෙන් සමාව ගන්නට ඇගේ මොළය පාදා දුන්නොත් ලක්‍ෂ සංඛ්‍යාත ජනයාගේ හිතෙන් ඉබේම මතුවන ශාපයෙන් මිදීමට ඇයට ඉඩක් ලැබෙනු ඇත
3 Responses to සමනලීගේ ශාපය”
ranjit Says:
April 27th, 2017 at 9:24 pm
Prostitute is a prostitute you cannot change the habits overnight. God will punish these kind of creatures eventually. Nobody will cry for them. E
Ancient Sinhalaya Says:
April 29th, 2017 at 4:06 am
I have a feeling this low life isn’t Buddhist. Catholic run Sri Lankan media will of course give the maximum
possible exposure to a story like these. Catholic run UNPatriotic party is ruling Sri Lanka today and anything helping
to destroy Buddhism will be always welcome by them. These low lives know it and they use it. Remember Rome
wasn’t built in one day. They are slowly slowly eroding Buddhism in Sri Lanka knowing Sinhala modayas will
surrender one day!
Ancient Sinhalaya Says:
April 29th, 2017 at 4:07 am
Catholic run UNPatriotic party’s handy work to destroy Buddhism in Sri Lanka.
http://ltte-christian-ties.blogspot.com/
https://www.lankaweb.com/news/items/2016/05/27/ranil-wickremasinghes-new-unp-3/
http://www.lankagrid.com/soma-thero/
https://www.youtube.com/watch?v=V_eJ1gX_fuU
http://jaffnahistory.com/Northern_Province/Sinhala_Villages_of_Jaffna_1695.html