මේ රටේ පලාත්සභා ඡන්දය වහාම පවත්වන්මෙන් කෑමොර දෙන දේශපාලකයින් ඇතුලු සියලුම පිස්සන් ජීවිතාන්තය දක්වා යැවිය යුත්තේ අන්ගොඩටය.
Posted on July 2nd, 2026

ආචාර්ය සුදත් ගුණසේකර අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ හිටපු ස්ථිර ලේකම් සහ ශ්‍රී ලන්කා පරිපාලනසේවා සන්ගමයේ සභාපති (1991-94))

මේ රටේ පලාත්සභා ඡන්දය වහාම පවත්වන්මෙන් කෑමොර දෙන දේශපාලකයින් ඇතුලු සියලුම පිස්සන් ජීවිතාන්තය දක්වා යැවිය යුත්තේ අන්ගොඩටය. එසේත් නැතිනම් ඔවුන් දේශද්‍රෝහීන්, ජාතිද්‍රෝහීන් සහ බෞද්ධ විරෝධීන් වශයෙන් වහාම මේ පින් බිමෙන් යළි කිසිදාක ආපසු ආ නොහැකි පිටසක්වලකටම පිටුවහල් කළ යුතුය.

ආචාර්ය සුදත් ගුණසේකර අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ හිටපු ස්ථිර ලේකම් සහ ශ්‍රී ලන්කා පරිපාලනසේවා සන්ගමයේ සභාපති (1991-94))

(මා මෙසේ කියන්නේ මන්දැයි තේරුම් ගැනීම සඳහා මේ ලිපිපෙලේ හැඳින්වීමේ (ලන්කාවෙබ් 2026 06. 06) සිට අවසානය, V1 හෝ V111 විය හැක)

පලාත් සභා හූනියම V වන කොටස

1987 දී 13 වන ව්‍යවස්ථා සන්ශෝධනයෙන්, ජේ.ආර්. මේ මුළු රටත්,ජාතියත්, වසර 2500 ක ජාතියේ අවිච්චින්න ජාතික උරුමය වන සින්හල බෞද්ධ ශිෂ්ඨාචාරයත්, ඉතිහාසයේ ප්‍රථම වතාවට පහත සඳන් අන්දමින් ඉන්දියාවට පාවාදෙන ලදි.

ජනාධිපති ජේ.ආර්.ගේ දොලොස්විධ සින්හලයේ මහා පාවාදීම්

13 වන ව්‍යවස්ථා සන්ශෝධනයෙන් ඉන්දියාව විසින් නිර්දේශිත, 

1 මේ රටට පලාත්සභා ක්‍රමය පිළිගැනීම

2. උතූරු නැගෙනහිර පලාත් දෙක ඒකාභද්ධ කිරීමට එකඟවීම 

3.එවකට මේ රටතුල සිටි ඉන්දීය සම්භවයක් ඇති, එහෙත් පුරවැසි බව නැති සියළු දෙනාටම ශ්‍රී ලන්කා පුරවැසි පනතේ සම්පූර්න කළයුතු අවශ්‍යතාවන්  නොසලකා,  සාමාදාන විනිශ්චයකාර යෙකු ඉදිරියේ රුපියලක මුද්දරයක් මත අතසන්කළ ලිපියකට ලන්කා  පුරවැසි බව  දීම.

4. දෙමළ භාෂාවද මේ සිහල රටේ, රාජ්‍ය භාශාවක් වශයෙන් පිළිගැනීම

5.උතුරු නැගෙනහිරට ස්වයංපාලනය දීමට එකඟ වීම

6.උතුරු නැගෙනහිර පලාත් දෙක දෙමළ ජනයාගේ ඓතිහාසික පාරම්පරික නිජබිම වශයෙන් පිළිගැනීම (මේ දෙපලාතේ පදින්චි සියළු දෙමළයයි දැන් කියා ගන්නා මොවුන් 1799 න් පසු මලබා ප්‍රදේශයෙන් සුද්දන් විසින් ඔවුන්ගේ වහල් මෙහෙයට ගෙන ආ මලබා වැසියන් මිස දෙමළ ජාතීන්ද නොවේ. එම නිසා ඔවුන්ගේ අයිතිහාසික නිජභූමිය පිහිටා ඇත්තේ දකුණු ඉන්දියාවේ මිස මේ සින්හල රටේ නොවේ.)

ඉතිහාශයේ ආරම්භයේ සිටම මේ මුළු රටම සින්හලයින්ගේ ඒකච්චත්‍ර මව් බිමය.

7.එම පලාත් දෙකටම මධ්‍යම රජය සතු ඉඩම්,පොලිස් සහ අධිකරණ බලතල ලබා දීම

8දෙමළ භාෂාවත් මුළු රටේම රාජ්‍ය භාෂාවක් කිරීම

9 13 වන ව්‍යවස්ථා සන්සෝධනය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය නීති රීති පාර්ලිමේන්තුවෙන් සම්පාදනයට එකඟ වීම සහ1978 ලන්කාණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 138 සහ 154 සන්ශෝධනය

කොට, 154 ඒ සිට ටී දක්වා ද, උපග්‍රන්ත 3 ද, ලැයිස්තු 3 ද. ක්‍රියාත්මක කිරීමට එකඟවීම.

11 යනාදී ඉන්දියාව විසින් ඉල්ලාසිටින ලද සියලුම ඉල්ලීම් 1977 මහමැතිවරණයේදී මේ රටේ ජනතාවගෙන් 35 ක චන්දයෙන් පත්කොටගත් රජයක පාර්ලිමේන්තුවක් විසින් අනුමතකොට තිබුණු 1978 ලන්කාණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එම ජනතාවගේ අනුමැතියක් නැතිව ඉන්දියාවට, ඉහත දැක්වූ සියලුම ඉල්ලීම් ලබාදීමට එකඟවීම

12.මේ සෑම පාවාදීමක්ම රට පුරා හදිසි නීතිය සහ ඇඳිරිනීතිය පනවා රටේ ජනතාව මර්ධනයකොට පාර්ලිමේන්තුවේ මැති, ඇමතිවරුන්, සියල්ලද නිවාස අඩස්සියේ තබාගෙන, විපක්ශයද රාජ්‍යබලයෙන් මර්ධනයකොට, ජනතා පරමාධිපත්‍ය උල්ලන්ඝනයකොට , බලහත්කාරයෙන් ඉන්දියාවට පාවාදීම.

මේ වූ කලී මේ රටේ වසර 2500කට වැඩි ඉතිහාශයේ මින් පෙර කිසිම අවස්ථාවක කිසිම රජෙකු හෝ පාලකයෙකු නොකළ, ජාතිද්‍රෝහී,දෙශ්ද්‍රෝහී පාවාදීම් මාලාවකි.

(මේ මර උගුලෙන් රට,ජාතිය, බුදුසසුන සහ 2500 ක අපගේ උරුමය වූ සින්හල බෞද්ධ ශිෂ්ඨාචාරය බේරා ගැනීමට ඇති එකම මඟ, රටේ ජනතාවගේ කිසිම අනුමැතියක් නැතිව, තම ජීවිතය ආරක්ශාව සඳහා ජේ.ආර් විසින් සිදුකොට ඇති මේ 13 වන ව්‍යවස්තා සන්ශෝධනය නමැති මළ හූනියම වහාම අහෝසි කිරීම මිස වෙනත් කිසිම විකල්පයක් මේ මිහි පිට නැති බව මම ප්‍රකාශ කරමි).

13 වන ව්‍යවස්ථා සන්ශෝනය අහෝසි කිරීමට

ජේ.ආර්.විසින් සිදුකළ මෙම මර උගුලෙන් මේ රටත් සින්හල බෞද්ධ  ජාතියත් බේරා ගැනීමට ඇති එකම සහ කෙටිම මෙන්ම සුදුසුම ක්‍රමය ජේ. ආර්. ගේ 1978 ව්‍යවස්තාව සහ එහි සියළුම සන්ශෝධනද එම සන්ශෝධන යටතේ පාර්ලිමේන්තුවේ සම්මත කරගන්නාළද සියළුම අනපනත් මෙන්ම එකී අනපනත් යටතේ පනවා ඇති සියළුම චක්‍රලේඛ,සහ රෙගුලාසි සියල්ලද අහෝසි කොට, ඒ යටතේ ලබාදී ඇති සියලුම ප්‍රථිලාබද අහෝසිකොට, මේ රටේ 2500 ක ශිෂ්ඨාචාරය මත පදනම්වූ, මේ රටට ගැලපෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ජනතා සම්මුතියක් ඇති ජාතික රාජ්‍යසභාවකින් සම්මත කර ගැනීමය.

නව ව්‍යවස්තාව සම්මත කරගන්නාතුරු රට පාලනය කරන්නේ කෙසේද?

නව ව්‍යවස්ථාවක් පාර්ලිමේන්තුවෙන් සම්මත කරගැනීම සඳහා යටත් පිරිසෙයින් වසරක්වත් ගතවනු ඇත.

එතෙක්,

රටේ පාලනය අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා විකළ්පයක් වශයෙන් ඇති කෙටිම සහ යෝග්‍යතම ක්‍රමය නම්, එකී අන්තර්කාලීන පාලනය පවත්වාගෙන යාම සඳහා, 1978 ජනරජ ව්‍යවස්ථාව (එහි අඩන්ගු සියළුම සන්ශෝධන සහිතව) අහෝසිකොට,1972 ජනරජ ව්‍යවස්ථාව නැවත බලගන්වා, නව ව්‍යවස්තාව ජාතික රාජ්‍යසභාවෙන් සම්මත කරගන්නාතුරු1972 ව්‍යාවස්තාව යටතේ රට පාලනය කිරීමය. මා දකින ඉතාම සුදුසුම, කෙටිම සහ ව්‍යවස්ථානුකූල ක්‍රමය එය බව මම සිතමි.

ඒ සඳහා සිදුකළ යුත්තේ

1. 1978 ව්‍යවස්තාව සහ එහි 13 වන සන්ශෝධනය ඇතුලු සියළුම සන්සෝධන අහෝසි කිරීම,

සහ

2.1972 ජනරජ ව්‍යවස්තාව නැවත බල ගැන්වීම

යන කාර්‍යන් දෙක පාර්ලිමේන්තුවේ 2/3 ඡන්දයෙන් සම්මත කොටගෙන, එය ජනමත විචාරණයකින් සම්මත කරගැනීම පමණි. එකී ජනමත විචාරණයෙන්ම නව ව්‍යව්ස්තාවක් සම්පාදනය සඳහාද   ජනතා අනුමැතියද ලබා ගත හැක. එක් ගලකින් කුරුල්ල තිදෙනෙකු බා ගන්න මෙනි.

 වර්ථමාන පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයට 2/3 ක් තිබෙණ නිසා එහි පළමු පියවර ඉතා පහසුවෙන්ම කළ හැක. අනතුරුව ජනමත විචාරණයක් පවත්වා පහසුවෙන්ම ඊට ජනතා අනුමැතියද ලබා ගත හැකියයි මම තරයේ විශ්වාස කරමි.

1971 දී ජා.වි.පෙරමුණේ ප්‍රසිද්ධ පන්ති 5 න් ඉතා වැදගත් එකක්වූ ඉන්දීය ව්‍යාප්තවාදයට එරෙහිව නැගි සිටීම යළි මතක් කොට, වර්තමානයේ එදාටත් වඩා දරුණු අන්දමින් ඉන්දීය ව්‍යාප්තවාදය සිදුවන නිසා, යළි දෑස හැර වර්තමාන රජයේ ඉන්දීය ලෙන්ගතු ආකල්පය වෙනස්කොට, නව ඇසකින් ඒ දෙස බලා මවිසින් මෙහි යෝජනාකොට ඇති   වැඩ පිලිවෙල අනුගමනය කොට, මේ රටත්, ජාතියත් ඉන්දීය ආක්‍රමනයෙන් බේරා ගැනීමට පියවර ගන්නා මෙන් වර්තමාන රජයට මම යෝජනා කරමි.

මන්ද අද ඔබට හිමි පාර්ලිමේන්තු 2/3 බලය, ඔබට පමණක් නොව, නැවත මේ රටේ කිසිම පක්ෂයකට තවත් වසර 50 කට හෝ යළි  කිසිදාක නොලැබෙන බව මා දකින නිසාය. මා එසේ කියන්නේ 2024 දී ඔබට 2/3 ලැබුණේ 1977න් පසුව බැවිනි. ඒ මීට වසර 47 වසරකට පෙරය.

 13 වන ව්‍යස්ථා සන්ශෝධනයෙන් ඊලම  පිහිටුවීමට අවශ්‍ය පාර කපා දීමෙන් වසර 2500 කට වැඩි ඉතිහාසයක් ඇති මේ රටත් සිහල බෞද්ධ ජාතියත් එසේම අපගේ ශ්‍රේෂ්ඨ ශිෂ්ඨ චාරයත් මේ මහ පොලවෙන් අතුරුදන් වන හැටි තේරුම් ගත්විට 1987 ව්‍යවස්තාවද,එසේම 13 වන සන්සෝධන්යද ඒ යටතේ පනවා ඇති සියළුම අනපනත්  අහෝසිකිරීම  සඳහා ජනතාව එක හඬින් අනුමතිය දෙණු නොඅනුමානය .1978 න් පසු මේ රටේ බලයේ සිටි නායකයින්ගේ බලය රැක ගැනීම සඳහා සිදුකොට ඇති සියළුම දේශද්‍රෝහී, ජාතිද්‍රෝහි මෙන්ම සමාජ ද්‍රෝහි සන්ශෝධන මඟින් මේ රටට සිදුකොට ඇති විනාශයන් තේරුම් ගිය විට  ජනතාව එක හඬින් ඊට අනුමැතිය දෙණු ඇත.

13වන ව්‍යවස්තා සන්ශෝධනයෙන් පසු, 1978 ජේ.ආර් ගේ අමෙරිකානු සහ ප්‍රන්ශ දෙබිඩි ව්‍යවස්ථාවේ දැන් ඉතිරිව ඇත්තේ 13 වන සන්ශෝධනය පමණක් බැවින්, 13 වන සන්ශෝධනය අහෝසිකළවිට 78 ව්‍යවස්ථාවක්ද නැත. එමනිසා මෙවැනි ලෝක විහිලුවක් වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් මගින් 38 වසරක් අප රට පාලනය කිරීමද නව ලෝක වාර්තාවක් වී හමාරය.

ඕනෑම රටක ජනනායකයෙක් ඒ රටේ ශ්‍රේෂ්ඨ ජාතික නායකයියෙකු  වශයෙන් ඉතිහාශගත වණුයේ ඔහු හෝ ඇය තම මව්බිමට සහ එහි ජනතාවට සිදු කරනලද දේශප්‍රේමී ජාති හිතයිෂීසේවය අනුවය. එසේම ඔහු ඉතිහාශගත වනුයේ ඔවු තම, මව්රටේ භූමියේ ආරක්ෂාව,ධාර්මික පාලනය,සහ ජනතා ශුභසෙත වෙනුවෙන් සිදුකරණ ඇප කැප කැපවීම සහ ජනතා හිතකාමි සේවාව අනුවය. කෞටිල්‍ය ඔහුගේ අර්ථ ශාශ්ත්‍රයේ රක්ෂ, පාලන සහ යෝගක්ෂේම වශයෙන් දැක්වූයේ මේ කරුණු තුනය.

එබැවින් වර්තමානයේ මේ රටේ පාලනය භාරව සිටින සෑම දේශපාලකයෙකු මෙන්ම, අනාගතයේ පාලන බලයට පත්වන කිසිවෙකු, තමාත්, තවත් එක් ජේ. ආර්. ජයවර්ධන කෙනෙකු නොවීමට නම් මවිසින් යෝජිත මෙම ක්‍රියා මාර්ගය වහාම ගත යුතුය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2026 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress