ජෝෂප් ස්ටාලින් ත‍්‍රස්තවාදියෙක්.. ඔප්පු කරන සාක්‍ෂි TIDයට..
Posted on July 23rd, 2021
උපුටා ගැන්ම ලංකා සී නිව්ස්
ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා මෙරට පැවති යුද්ධය අවසාන කාලයේදි ඊට බාධා කළ පුද්ගලයකු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා සඳහන් කරයි.
එවන් සිදුවීම් කිහිපයක් පිළිබඳ තොරතුරු තමන්ට ලැබී ඇති බවත් එම තොරතුරු ත්‍රස්ත විමර්ශන අංශයට ලබාදීමට කටයුතු කරන බවත් මන්ත්‍රීවරයා පැවසීය.
යුද සමයේ දී රටේ ආරක්ෂාවට යොදවා තිබූ මාර්ග බාධක ඉවත් කරන්නැයි ජෝසප් ස්ටාලින් පැවසූ බවත් එනිසා ඔහු හැඳින්විය හැක්කේ ත්‍රස්තවාදියෙකු ලෙස බවත් මන්ත්‍රීවරයා තවදුරටත් කීය.
වර්තමානයේදී ද ඔහු සිදුකරන්නේ සිසු දරුවන් හා ගුරුවරුන් බිල්ලට ගනිමින් ත්‍රස්තවාදී ක්‍රියාවක් යැයි ද පැවසූ මන්ත්‍රීවරයා සිසු දරුවන්ට හෝ ගුරුවරුන්ට ඔහු ආදරය කරන කෙනෙකු නොවන බවද සඳහන් කළේය.
කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කරන ලදී.