බඩගෙඩි හා මොළගෙඩි
Posted on August 8th, 2022

ජයන්ත හේරත්

පාර්ලිමේන්තු

අයියලාගේ

බඩගෙඩිවල   

සයිස්

එක දැක්කාම

හරිම දුකක් දැනෙන්නේය,

කොහොම ඔය

ඉදිරියට නෙරා ආ බඩගෙඩි

උස්සා ගෙන ඉන්නේදැයි සිතේය.

මුළු මේන්තුවේම

ඉන්නේ අසාධ්ය බඩගෙඩි ලෙඩ්ඩුය,

සැත්කම් කර ගන්නට

නිතර නිතර දුවන්නේ

සිංගප්පුරුවටය,

ඉන්දියාවටය

තයිලන්තයටය 

වැය කරන්නේ

මහජන බදු මුදල්ය

කිසි ලජ්ජාවක් නැත.

මේන්තුවෝ

මුලින්ම කල යුත්තේ

ඉදිරියට නෙරා ආ බඩගෙඩි

අඩු කර ගැනීමය,

සුද්ද කර ගැනීමය.

එසේ කිරීමෙන්

සිරුරේ බර අඩු වේය,

කඩිසරකම ඇතිවේය,

ඉවරයක් නැතුව කරන ගොන් කථා

අඩු කර ගන්නට හිතෙන්නට පුළුවන

රට වෙනුවෙන් වැඩ කිරීමට

උද්යෝගයක් වුනත්  ඇති වන්නට  බැරි නැත.

ගිල දමන

මස් ප්රමානය හා

තෙල් බැඳුම්

අඩු කර ගන්නේ නම්

ඔයාකාරව තෙල් තට්ටු

තට්ටු පිටින් බැදෙන්නේ නැත.

එළවලු පලතුරු කෑම

ඔය බඩ ගෙඩි අඩු වෙන්නට උදව් වේය,

එළවලු සුප් බීම රෙකමදාරුය,

රාත්රී ආහාර වේල කපා දැමිය යුතුය,

වේල් දෙකක් කෑම

හොඳටම ප්රමාණවත්ය,

මත්පැන් බීම ද නවතා දැමිය යුතුය,

ඔවුනට විශේෂයෙන් පොළොව කෙටිම

පැල සිටුවීම, වතුර දැමීම, කාණු සුද්ධ කිරීම වැනි දේ

අනිවාර්ය කල යුතුය,

එසේ කිරීමෙන්

අනිවාර්යයෙන් බඩගෙඩි අඩු වන්නේය.

එහෙම නැතුව

ව්යායාමයට කියා

කාර් එකෙන් ගොස්

පැයක් හමාරක් ව්යායාම කර

රෙස්ටෝරන්ට් එකකින් 

අඩියක් ගසා

මේධය අධික ආහාර වේලක් භුක්ති විඳ

ආයෙමත් කාර් එකට නැග ගෙදර ඇවිත්

රූපවාහිණිය ඉස්සරහ වාඩි වී සිටියාට

බඩගෙඩි මේ සම්ම ජාතියට

බහින්නේ නැත.

හරක් කිරි නිෂ්පාදන ආහාරයට නොගෙන 

කැකුළු බත්

හෝ

දුඹුරු පාන්,

සමග කොළ එළවලු,

ශාක ප්රෝටීන

හා

විටමින් B12 දිනකට මයික්රෝ-ග්රෑම් 1.5ක් ගැනීමෙන්

බොහෝ NCD වලින් මිදී,

ලේ වල සීනි HbA1C

අඩු කර ගන්නට පුළුවන්ය.

සුදු පාන්,

සුදු හාල්,

හරක් කිරි නිෂ්පාදන, මත්පැන් 

ආනයනය අඩු කිරීමෙන්

ඩොලර් ටිකක් ලේසියෙන්

ඉතිරි කර ගන්නටත් පුළුවන්ය.

අපේ අන්තරේ

ළමයින්ගේ

බෙල්ලේ නිතර බැඳ ගත්

යන්තරයක් ඇත,

ඉතා බලසම්පන්නය

මිල අධික යන්තරයක්ය.

වරින් වර නව යන්තර එන්නේය,

පරණ එකට වඩා හොඳය කියා වෙළෙන්දෝ

කියන නිසා ඒ යන්තරය මිලට ගන්නට

ඕනෑම මගඩියක් කරන්නටද

අම්මා අප්පා උනත්

විකුණන් කන්නටද

මේ ළමයින් කැමතිය.

මේ යන්තරේට

තත්පරයකට

ඔපරේෂන්

බිලියන් 7-8 ක්

කල හැකිය,

ඒ වුනාට මේ ළමයින්

මේ යන්තරය පාවිච්චි කරන්නේ

ඉහලින් එන නියෝග

අකුරටම පිලිපදින්නටය.

ගිනි තියපියව්

කියා අණ ලැබුණු සැනෙන්

පෙනුමට තිබෙන ගෙවල් දොරවල්

දේපල ගිනි ලන්නේය,

අලුත් වාහන පේන්නට බැරිය

ගිණි තියන්නේය.

නැති ඉන්ධන ඉබේ මතු වෙන්නේය-

පුදුම හිතේය.

ගිණි තැබීමෙන් පසුව

ආදරය වපුරන කථාය,

එය නම් එසේ මෙසේ ආදරයක් හෙම නොවේය.

හරියට

අර ගිනි තැබූ ගෙවල් දොරවල් හා වාහන

නැවත තිබු තත්වයට ගන්නට

ඒ වැපිරීමෙන් පුළුවන් යයි හිතන

තරමට මේ ළමයින්ගේ

මොළ සෝදා හැර ඇත.

තමන්ගේ මොළයෙන්

ලෝකය දිහා බලන්නට බැරි,

ලෝකයේ දැනට ඇති ප්රශ්න අඳුනා ගන්නට බැරි,

ඒ අනුසාරයෙන්

තමන්ගේ රටට විය හැකි දුර්විපාක නොතේරෙන

විසඳුම් වෙනුවට තවත් ප්රශ්න මැවීමට උර දෙන

ළමයින් පිරිසක් සිටීම

ශෝකජනකය.

බඩගෙඩි වර්ධනයට වඩා

අන්තරේ මල්ලිලාගේ

මොළගෙඩි

වර්ධනයට

මේ යන්තර

සූත්තර

පාවිච්චි කිරීමට

මේන්තුවේ අයියල

වැඩ කලයුතුය.

අවුරුදු 50ක් විතර වයස

අන්තරේ

තහනම් කර

මල්ලිලාගේ

ඔළු ගෙඩි සුද්ද කිරීමට 

කාලය එළඹ ඇත.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress