නලින්දගේ අද බොරුවක් රනිල් හෙලි කරයි..
Posted on April 29th, 2025

 lanka C news

කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මාධ්‍ය ඒකකය විසින් නිකුත් කළ නිවේදනයක් මෙහි දැක්වෙයි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අල්ලස් කොමිසමට කැඳවීමේ සිද්ධිය සම්බන්ධයෙන් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද(29) කැබිනට් මාධ්‍ය හමුවේදී සදහන් කළ කරුණු අසත්‍යය.

එම මාධ්‍ය හමුවේ දී අමාත්‍යවරයා කියා සිටියේ රනිල් වික්‍රමසිංහ මහතා අල්ලස් කොමිසමට කැඳවීමෙන් පසුව අප්‍රේල් 11 දා ඔහු තමන්ගේ සමාජ මාධ්‍ය වල 11 වැනි දා එන්න විදියක් නැ යනුවෙන් සඳහන් කර තිබූ බවයි.

11 වැනිදා එන්න විදියක් නැති බවත් 17 වෙනිදා කොමිසමට එන බවත් රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළැයි නලින්ද ජයතිස්ස මහතා කැබිනට් මාධ්‍ය හමුවේදී සඳහන් කර තිබිණි.

කෙසේ වෙතත් අප්‍රේල් 12 වැනිදා මඩකලපුවේ පැවති රැස්වීමකදී ජනාධිපති අනුර කුමාර දිසානයක මහතා ” ලියුමක් දුටු බව සඳහන් කර කියා සිටියේ හිටපු ජනාධිපතිවරයා 17 එන්න විදිහක් නැ අවුරුදු කනවලු” සදහන් කරමින්.

නමුත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කිසිම අවස්ථාවක අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ෂණ කොමිසම වෙත ලිපියක් මගින් දැනුම් දීමක් කර නොමැත. කොමිසම වෙත පැමිණිමේ දිනය කල් දමන ලෙස ඉල්ලා ලිපියක් යොමු කළේ ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා මහතා විසිනි. ඒ් මහතා එහිදි ඉල්ලා සිටියේ අප්‍රෙල් 17 වන දා දිනය වෙනුවට අප්‍රෙල් 28 වනදා යින් පසු දිනයක ලබා දෙන ලෙසයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රකාශයෙන් අනතුරුව අප්‍රෙල් 11 වනදා ලිපිය ට අනුව සාක්කි දිමට පැමිණන ලෙස සදහන් කලත් අප්‍රේල් 21 වැනිදා අල්ලස් කොමිසම මගින් හිටපු ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපිය මගින් 2023 අංක 09 දරණ දුෂණ විරෝධී පනතේ ප්‍රකාරව චෝදනාවක් ද එල්ල කර තිබිණි.

ඉන් පසුව අප්‍රේල් 25 වැනිදා අල්ලස් කොමිසමෙන් එවා තිබූ ලිපියේ තවදුරටත් සදහන් කර තිබුණේ හිටපු ජනාධිපතිවරයා අනවශ්‍ය ලෙස මැදිහත් වීමක් කර ඇති බවයි.

මීට අමතරව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත අප්‍රේල් 11 වැනිදා ලිපිය යොමු කර තිබුණෙ අල්ලස් කොමිසමේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අසිත ඇන්තනි මහතා වන අතර ඉන් පසුව ලැබුණු ලිපි දෙකම යොමු කර තිබුනේ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් අර්.එස්. ඒ. දිසානායක මහතා වීම ද විශේෂත්වයකි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress