ජනාධිපති තුමනි, “ශ්‍රී ලංකා හදබිම අධිකාරිය ඉරහඳ පවතිනාතුරු මේ රටේ නොවැසියයුතු ඉතා වැදගත් ජාතික ව්‍යාපාරයකි. එය වසා දැමීම මේ රටේ සකළ ජීවි පද්ධතියේ සහ ශිෂ්ඨාචාරයේ අවසානයට මුල පිරීමකි. .
Posted on January 25th, 2026
දේශමාන්‍ය ආචාර්‍ය සුදත් ගුණසේකර
(ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ” නිර්මාතෲ සහ 1986 අප්‍රේල් 01 සිට 1992.07.17. දක්වා එහි ස්වර්ණමය යුගය උදාකළ ප්‍රථම විධායක අධ්‍යක්ෂ).
2025.12.16.
ශ්‍රී ලන්කා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපති තුමා වෙත ඉදිරිපත්කෙරෙන සන්දේශයයි.,
2025.12.16.
ගරු ජනාධිපති තුමනි,
මා එසේ ප්‍රකාශ කරණුයේ, “ශ්‍රී ලන්කාවේ භූගෝලීය හදබිම” වශයෙන් 1991දී මවිසින් නම්කරණු ලැබූ මධ්‍යම කඳුකර ප්‍රදේශය තුල ක්‍රියාත්මක වු ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ” ප්‍රධාන අරමුණ වණුයේද මේ රටේ සමස්ථ ජීවී පද්ධථියේ මෙන්ම ශිෂ්ඨාචාරයේ පැවැත්මේ පදනම වන රටේ හදවත” බඳු මධ්‍යම කඳුකරය රැකගැනීම වන නිසාය. මේ රට මැද පිහිටා ඇති මෙම ප්‍රදේශයේ භෞථික ස්ථාවරත්වරය නැතිවූ දාට, ඉන් ආරම්භවී අටදිසාවට වසරපුරා ගලායන ගන්ගා සියල්ලම වියළීගොස් මුලු දිවයිනේම සකළ ජිවී පද්ධතිය මෙන්ම ශිෂ්ඨාචාරයද අවසන් වණු ඇත. 1978 දී ලෝක බැන්කුව $ මිලියන 4.5 ක ප්‍රදානයකින් ආරම්භ වූ නැඩ්සා” ව්‍යාපාරයේද ප්‍රධාන අරමුණ වූයේද මධ්‍යම කඳුකරයේ ජලපෝශක ප්‍රදේශ ආරක්ෂාකිරීම වීමෙන්ම, එහි භෞථික ස්ථාවරත්වය ආරක්ෂාකිරීමේ ඇති ජාතික වැදගත්කම මැනවින් පැහැදිළි වේ.
2025.03.17. වන දින පැවැති අමාත්‍යමන්ඩල රැස්වීමේදී, සමාලෝචන මණ්ඩලයක නිර්දේශයක් මත ගනු ලැබු අමප/25/0288/802/005 තීරණය අනුව 20225. 12. 31. වන දින සිට ඉහත සඳහන් අධිකාරිය වසා දැමීමට අමාත්‍ය මණ්ඩලය තීරණයකොට ඇති බව මට දැන ගැනීමට ලැබී ඇත.අමාත්‍ය මණ්ඩලය තීරණයකොට ඇත්තේ ඉහත සඳහන් භයානක ජාතික ඛේධවාචකයකට දොර ඇර තැබීමක් වශයෙන්දැයි මම නොදනිමි.
මේ රටේ දේශපාලනඥයින් අතර විශිෂ්ඨතම ලන්කා පුත්‍රයෙක් වූ එවකට කෘෂිකර්ම ඇමති වූ මගේ මිත්‍ර ලලිත් ඇතුලත්මුදලි 1990 දී ලන්කාවේම තියෙන විශිෂ්ඨම මෙන්ම අර්ථවත්ම සන්වර්ධන යෝජනා ක්‍රමය වශයෙන් හැඳින්වු, හදබිම අධිකාරිය වසාදැමීමට එම සමාලෝචන මණ්ඩලය නිර්දේශ කළේ මෙම අධිකාරියේ පුළුල් අරමුණු හෝ එහි සැබෑ ඉතිහාසය අනිවාර්‍යෙන්ම ඔවුන් නොදන්නා නිසායයි සිතමි. එසේම මේ රටේ රාජ්‍ය සේවයද මෙවැනි සාවධ්‍ය වාර්තා වලින් අමාත්‍ය මන්ඩලය නොමඟ යවන, අභාග්‍ය සම්පන්න තත්වයකට වැටී තිබීම ගැනද මම අතිශයින්ම කණගාටුවෙමි. මානව ඉතිහාශයේ සෑම සාර්ථක රජ කෙනෙකුම රාස්ට්‍රපාලනයේදී උපදෙස් ලැබුවේ මහුෂධ පඬිවරයා (වේදේහ රජුගේ පුරෝහිත වරයා වූ බෝසතානන් වහන්සේ), කෞටිල්‍ය (මෞර්‍ය චන්ද්‍රගුප්ත. (322–185 BC) වන්ශික අධිරාජ්‍යය පරම්පරාව බිහිකළ -අසෝක අධිරාජ්‍යයාගේ පියාගේ පුරෝහිතයා) වැනි ප්‍රාඥයින්ගෙන් බව ඔබ තුමාද හොඳින් දන්නා කරුණකි.
එම නිසා සමාලෝචන මණ්ඩලයක අතිශයින්ම අසම්පූර්ණ, සාවද්‍ය, අශාස්ත්‍රීය එසේම අමාත්‍ය මණ්ඩලය නොමඟයවන සුළු තොරතුරු මත අමාත්‍ය මණඩලය ගෙන ඇති මෙම තීරණය වහාම අත්හිටවා මේ විසල් ජාතික ව්‍යාපාරය සමස්ථ ජාතියේත් එසේම ඔබතුමාගේමත් හදවත” මෙන් ආරක්ෂා කරගන්නාමෙන් ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ නිර්මාතෲ” වශයෙන් ඉතා ගෞරවයෙන් මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිමි.
ඉහත සඳහන් සමාලෝචන මණ්ඩලය මෙය වසා දැමීමට හේතු වශයෙන් දක්වා ඇති,
1.මෙම ආයතනයේ කාර්‍යභාරය පසුගිය දසක කීපය තුල විවිධ ආමාත්‍යාන්ශ සහ දෙපාර්තමේන්තු යටතට පවරා තිබීම
සහ
2මෙම ආයතනය පවත්වාගෙන යාම මහාභාන්ඩාගාරයට අධික වැය බරක් වීම,
යන නිගමන දෙකම අදාල වනුයේ මෙම අධිකාරියේ 1992 ජූලි17 න් පසු අද දක්වා කාලයට පමණි.
එසේම, සමාලෝචන මණ්ඩලය මෙය වසා දැමිමට හේතු වශයෙන් පෙන්වා දී ඇති හේතු දෙකටම මූලික හේතුව මා පහත සඳහන්කොට ඇති පක්ෂ දේශපාලන අකටයුතුකම්ය.එබැවින් පළමුව කළයුත්තේ රෝග නිධානයට පිළියම් කිරීම නොවේද.එසේ නොකොට කිසිසේත්ම රෝගය සුවකළ නොහැක.
එබැවින්, 1948 ලැබුණායයි කියන ඊනියා නිදහ සින් පසු 1978 දී මේ රටේ ආරම්භවූ ඉතාම වැදගත් ජාතික ව්‍යාපාරයක් පිළිබඳ කර ඇති එම ප්‍රකාශය අසම්පූර්ණ, සාවද්‍ය, අතාර්ථික, අවිධ්‍යාත්මක, පදනම් විරහිත, බොලඳ සහ අමාත්‍ය මණ්ඩලය නොමඟ යවන තර්කයක් මෙන්ම දිරච්චි ළණුවකි. එමෙන්ම මෙම ඉතා වැදගත් අධිකාරියේ අරමුණු හෝ එහි සම්පූර්ණ ඉතිහාශය පිළිබඳ සැබෑ තොරතුරු නොදැන මෙවැනි නිගමනයට ඒම අලියෙකුගේ වලිගය, හොඬ වැල, කකුලක් සහ කන වැනි තැන් පමණක් අතගා බලා අලියා මෙවැනි සතෙකැයි කී අන්ධයින් හත්දෙනාගේ ප්‍රකාශය බඳු”නිගමනයකි.
තවද මෙම අධිකාරිය අසාර්ථක වීමට මූලික හේතුව
මේ රටේ සියළුම රාජ්‍ය ආයතන තමන්ගේ සහ තම පක්ෂයේ සුඛවිහරණය සහ තම ඥාතින්ට, හිතවතුන්ට සහ මැතිවරණයේදි තමන්ට සහාය දැක්වූ අයට රැකියා සපයන කල්පවෘක්ෂ පමණක්යයි” යනුවෙන් සිතාගෙන 1978-1985 සහ 1992- ජූලි 17 න් පසු මේ දක්වාත් කටයුතුකළ දේශපාලකයින්ගේ අකටයුතුකම් නිසා බව මෙම සමාලෝචන මණ්ඩලය නොපැවැසූයේ මන්දැයි අමාත්‍ය මණ්ඩලය ඔවුන්ගෙන් විමසිය යුතුයයි මම සිතමි.
නැඩ්සා ව්‍යාපෘතිය” 1978 දී ලෝක බැන්කුව විසින් එවකට ලෝකයේ සිටි ඩඩ්ලි සිඅර්ස් (Asian Drama) ගුනාර් මිර්දාල් (Developemt and Underdevelopment) වැනි ලෝකයම පිළිගත් සමාජ ආර්ථික විශාරදයින්ගේ තත්කාලීන සන්වර්ධන චින්තනයන් අනුව සකස්වුනු වැඩ පිලිවෙළක් යටතේ $ මිලියන 4.5 ක ප්‍රදානයකුත් සමඟ මේ රටට ලැබුණු, ජලපෝශක ප්‍රදේශ කළමනාකරණය,පාරිසරික,ආර්ථික සහ සමාජ සන්වර්ධනය පිලිබඳ මේ රටට අතිෂයින්ම සුදුසු එමෙන්ම කාලීන සහ විශිෂ්ඨ ජාත්‍යන්තර ව්‍යාපාරයකි.
National Agricultural Diversification and Settlement Authority (නැඩ්සා) ජාතික කෘෂිභෝග විවිධාන්ගීකරණ සහ ජනපද අධිකාරිය” ශයෙන් හැඳින්වු මෙම ව්‍යාපරයේ මූලික අරමුණු වූයේ
1.Watershed area Management (මු. ම. මි.300-1000 අඩි 1000-3500) අතර ජලපෝශක ප්‍රදේශ කලමනාකරණය
2.Agricultural Diversification (කෘශිකාර්මිකභෝග විවිධාන්ගීකරණය) සහ
3. Setllement Development) (ජනාවාශ සන්වර්ධනය යන) අරමුණු තුනය.
මෙහිදී ඔවුන්ද මුල් තැන දී ඇත්තේ ජල පෝශක ප්‍රදේශ කළමනාකරණයටය. එහෙත් මු. ම. මි. 3500 න් ඉහල පිහිටි මේ රටේ සැබෑ ජලපෝශක ප්‍රදේශය, නැඩ්සා ව්‍යාරයට ඔවුන් ඊට ඇතුලත් කර තිබුණේ නැත.
එමනිසා මේ රටේ සැබෑ ජලපෝෂක ප්‍රදේශය වන්නේ සමස්ථ මධ්‍යම කඳුකරයම බැවින් මම 1990 දී මුලු කඳුකරයම මෙම යෝජනා ක්‍රමයේ සන්වර්ධන කලාපයට මම ඇතුලත් කළෙමි. ඒ අනුව, ඔවුන් විසින් නිර්දේෂිත මු.ම.මීටර් 300-1000 (අඩි 1000) -3500) අතර කලාපයට අමතරව ඉන් ඉහල මෙන්ම පහල සමාන භූ-දේශගුනික ලක්ෂණ ඇති උස්කඳු මෙන්ම පා කඳු ප්‍රදේශයද (foot hils) ඇතුළු සමස්ත කඳුකරයම මෙම ව්‍යපාරයේ සන්වර්ධන කලාපයට මම එකතු කළෙමි.
මන්ද මේ රටේ සකළවිධ ජීවි පද්ධතියේ මෙන්ම ශිෂ්ඨාචරයේම පැවත්ම රඳා පවත්නේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මකවන මධ්‍යම කඳුකරයෙන් ආරම්භවී අට දිසාවට ගලාබසිමින් මුළු රටටම දියවර ලබාදෙන 103 ක් වූ ගන්ගා පද්ධතියේ පැවැත්ම මතය. (කරුණාකර පහත සඳහන් සිතියම බලන්න). එකී ගන්ගා පධතියේ නිරන්තර ගලායාම රඳා පවත්නේ මධ්‍යම කඳුකරයේ භෞතික ස්ථාවරත්වය මතය.
මේ රටේ සකළවිධ ජීවී පද්ධතිය මෙන්ම ශිෂ්ඨාචාරයේ පැවැත්ම රඳා පවත්න්නේ දිවයිනේ හදබිම වශයෙන් මවිසින් (1990) හඳුන්වා ඇති මුලු රටේ වර්ගප්‍රමාණයෙන් 1/3 පමණවන වන මධ්‍යම කඳුකරයේ සහ තදාසන්න ප්‍රදේශවල භෞතික ස්තාවරත්වය මතය. එය නැතිවූදාට මේ රටේ සමස්ථ ජීවී පධතිය මෙන්ම ශිෂ්ඨාචාරයමද ස්ථිරවම අවසන් වනු ඇත. ශ්‍රී ලන්කා හදබිම අධිකාරියේ මූලික අරමුණ වන ‘ජලපෝෂක ප්‍රදේශ ආරෂාකොට ගැනීමේ ඇති තීරනාත්මක් වැදගත්කම ඉස්මතුවන්නේ මෙහිදීය.
එසේම හදවතක රුධිර සන්සරණය ක්‍රියාවළියෙන් සත්වයකුගේ ජීවය ආරක්ෂාවට ඉටුවන සේවයම ලන්කාව නමැති ජීවියාගේ සමස්ථ ජීවන පද්ධතියේම පැවැත්මට මධ්‍යම කඳුකරයෙන් උපදින ජලචක්‍ර ක්‍රියාවලියෙන්, සිදුවන බැවින් මේ දෙක අතර රූපණ සහ ක්‍රියාකාරිත්වයන් අතර තුල්‍යතාවක් මම දකිමි.පහතදැක්වෙනරූපසටහන බලන්න එසේම සිතියම 2
සුදත් ගුණසේකර 1990
මේ රටේ සකළවිධ ජීවි පධතියේ සහ මානව ශිෂ්ඨාචාරයේ පවැත්ම රඳාපවත්නේ මෙම ගන්ගා පද්ධතියේ නිරන්තර ගලා බැස්ම මතය. ඒවායේ නිරන්තර ගලා යාම නතරවුවහොත් ශ්‍රී ලන්කාව නැමැති ජීවියාගේ පැවැත්මද එදාටම අවසන්වනු ඇත. එමනිසා ඒවා අරක්ෂාකිරීම සඳහා ඊට උපස්තම්භක වන ප්‍රධාන ජලපෝෂක ප්‍රදේශය වන මධ්‍යම කඳුකරය ආරක්ෂා කිරීම අපි අපේ හදවත් මෙන් ආරක්ෂාකොට ගත යුතු බව අමුතුවෙන් කිවයුතු නැත.
1978 ලෝක බැන්කුව නැඩ්සා ව්‍යාපාරයේ ප්‍රථම අරමුණ, ජලපෝශක ප්‍රදේශ අරක්ෂාව වශයෙන් සඳන්කොට ඇත්තේද මේ නිසායයි මම සිතමි.එහෙත් එහිදී ඔවුන් නැඩ්සා ව්‍යාපාරයේ ඉහල මායිම මු ම. අඩි 3500 වශයෙන් ගෙන තිබුණ බැවින් ඊට ඉහලින් පිහිටි පිදුරුතලාගල (මිටර 2,524 අඩි 8,281) කෙලවරකොට ඇති මේ රටේ සැබෑ ජලපෝෂක ප්‍රදේශ ඇතුලත්කොට නොතිබුණු බැවින් සමස්ථ කඳුකරයම ආවරණය වන පරිදි හදබිම සන්වර්ධන වැඩපිලිවෙල යටතේ පහත දක්වා ඇතිපරිදි අදියර 6 කට 1990 දී මම බෙදුවෙමි.
එසේම, ඊට අමතරව භූවිෂමතාව, හා දේශගුනය අනුව සමානකම් ඇති මධ්‍යම, සබරගමුව ඌව සහ ණුදකුණු යන පලාත්වලද අඩි 1000 පහල තදාසන්න ප්‍රදේශවල්ටද මෙම ව්‍යාපාරය ව්‍යාප්ත කිරිමට මම යෝජනාකලෙමි. ඉහත සඳහන් සිතියම් (1+2) දැක්වෙන පරිදි එම තීරණයේ යථායෝගී බව ඔබතුමාට ද තවුරුවුරු වණු ඇත.
එහෙත්, 1978 දී මේ රටේ “මැද රටට “(මු. ම. මිටර් 300-1000- අඩි1000-3500) මෙම ව්‍යාපෘතිය හඳුන්වාදුන් ලෝක බැන්කුවට අමතරව එම වැඩපිලිවෙලේ වටිනාකම,1986 දී තේරුම්ගත් එකම පුද්ගලයා වශයෙන්, 1986 අප්‍රේල් 01 සිට 1992 ජූලි 17 දක්වා මෙම අධිකාරියේ විධායක අද්ධ්‍යක්ෂ වශයෙන් කටයුතුකළ මවිසින් මෙම ව්‍යාපාරයට ලබාදී ඇති එබඳු විශේෂී ජයග්‍රහනයන් කිසිවක් ගැන මෙම සමාලෝචන මණ්ඩලය කිසිවක් නොදන්නා සේය.
1990 දී මෙම ආයතනයේ අනාගත සන්වර්ධන සැලැස්ම පහත සඳහන් පරිදි අදියර හයක් යටතේ මම සැළසුම් කෙළෙමි.
පළමු අදියර1985 අප්‍රේල් 01- 1992 ජූලි 17 දක්වා
1978 දි ආරම්භවු මෙම ව්‍යාපාරය දේශපාලන, පරිපාලන සහ මූල්‍ය අක්‍රමිකතාවන් නිසා අසාර්ථක හා ගර්හිත ව්‍යාපාරයක් මෙන් නම්කොට ලෝක බැන්කුවෙන් දෙනලද $ මිලියන 4.5ප්‍රදානයද ආපසු ගෙන 1986 දෙ 31 දා වසා දැමීමට තීරණයකොට තිබිණ.
එසේ වසා දැමීමටද නියමිතව තිබුණු එය, එවකට කෘෂිකර්ම අමාත්‍යවරයාවූ ගාමනි ජයසූරිය ඇමතිවරයාගේ ආශිර්වාදයෙන් වසාදැමීම නතරකොට ගෙන 1985 අප්‍රේල් 1 මු සතියේදීම ලෝක ආහාර සන්විධානයේ කොලඹ නේවාසික නියොජිතයා හමුවී (WFP) මේ ව්‍යාපාරය ඉතා වටිනා සමාජ ආර්ථික සන්වර්ධන ව්‍යාපාරයක් නිසා මට ඒ සඳහා $ මිලියන 2.5 ක ආධාරයක් ඉල්ලා ලිපියක් භාර දුනුමි. එක්වරම ඔහු පැවසුවේ මෙම ව්‍යාපාරය ලෝක බැන්කුව විසින් අසාදුගත ආයතනයක් වශයෙන් නම්කොට ලෝක බැන්කුවෙන් ලබාදී තිබුණු$ මිලියන 4.5 ප්‍රදානයද ආපසුගෙන ඇති බැවින් එය කිසිසේතම නොකල හැකි බවය. කෙසේ වුවද මගේ ඉල්ලිමේ ලිපිය ප්‍රබල නිසා ඒ සති අන්තයේ ඔහු රෝමයට යනන නිසා එදා ඔහු කී පරිදි මගේ වාසනාව උරගා බැලීමට” එම ලිපිය රැගෙන යාමට එකඟ විය.
ඔහු කී පරිදි, මගේ වාසනාවටද එසේත් නැතිව අතරමන්කොට සිටි ඉඩම් ලාභීන් 7500 ක පමණකගේ වාසනාවටද නොදනිමි, මා ඉල්ලාසිටි $ මිලියන 2.5 වෙනුවට සාකච්චා අව්සානයේදී $ මිලියන 12.5 ලෝක ආහාර සන්විධාන ආධාරද ලබාගෙන, නවතම පරිපාලන, කළමනාකරණ සහ මූල්‍ය ක්‍රමවේදයන් සහ උපායමාර්ග යොදාගෙන එවකට කෘෂි කර්ම ඇමති ළලිත් ඇතුලත් මුදලි (1989 – 1990) සහ ඊට පසුව ජනාධිපති ප්‍රේමදාස යන දෙදෙනාගේ නොමඳ සහායද ඇතිව කිසිම දේශපාලන මැදිහත් වීමක් නොමැතිව, එය ඇද දමා තිබුණු අගාධයෙන් ගොඩගෙන ගොවි පවුල් 7500ක් එම ඉඩම්වල පදින්චිකොට මිනිසුන් 35,000 කට පුරා පුරාවසර 6 ක කාලයක් තුන්වේලක් ආහාර ආධාර ලබාදි (අහාර වේල් කෝටි 25ක් පමණ) ඔවුන් පෝෂනයකොට, ප්‍රභෝධමත් ජනතාවක් බිහිකොට ඔවුන්ද නව සන්වර්ධනයක කොටස්කරුවන් කොට තිබුණු බව සහ, 1986 අප්‍රේල් 1 සිට 1992 වසරේ ජූලි 17 වනවිට සමස්ථ අග්නිදිග ආසියාවේම ලෝ.ආ. සන්විධානයේ විශිෂ්ඨතම කුඩා ගොවිපල ව්‍යාපාරය බවට පත්කොට අහසෙහි ඔසවා තැබීම. (මවිසින් සිදුකොට තිබුණු එවැනි විශිෂ්ඨ මෙහෙයන් මෙම සමාලෝචන මණ්ඩලයට පෙනී තිබු ණේ නැත).
දෙවන අදියර
1978 ආරම්භයේදී මහනුවර සහ කෑගල්ල දිසා දෙකේ කුඩා ගන්ගානිම්න 6 කට පමණක් සීමාවී තිබුණු මෙම කුඩා ව්‍යාපාරය සමස්ථ මධ්‍යම පලාතටමද, ඌව සහ සබරගමුව පලාත් දෙකටද ව්‍යාප්ත කිරීමට යෝජනා කිරීම.
තුන්වන අදියර
මෙම පලාත් තුනටම යාබද සමාන භූවිෂමතා සහ දේශගුනික, මෙන්ම සමාජ ආර්ථික ගැටළු ඇති මූ.ම. මි 300 පහත ප්‍රදේශවලටද දකුණු පලාතදටද ව්‍යාප්ත කොට, මේ රටේ මුළු වර්ගප්‍රමාණයෙන් 1/3 පමණ වන ප්‍රදේශයකට එය ව්‍යාප්ත කිරීමේ විශේෂ විසල් වැඩපිලිවෙලක්ද සකස් කිරීම
සිව්වන අදියර
මූ.ම.මි.300-1000 අතර කලාපයේ හදබිම බෝග විවිධාන්ගීකරණ ජනාවාශ බඳපටියක්” පිහිටුවා එක් පවුලකට අක් 2.1/2 ක පමණ ඉඩමක් බැගින් ලබාදී ගොවිපවුල් 2,50,000 ක් පදින්චිකොටකන්ද උඩරට විසල් ආරක්ෂක බඳපටියක්” (The Great Wall of China වැනි) නිර්මානය කිරීම.
පස්වන අදියර
මූ.මට්. අඩි 5000 ඉහල සියළුම තැනීම් කටයුතු හා ජනාවශ තහනම්කොට (නුවර එලිය නගර ප්‍රදේශය හැර) එය අධිරක්ෂිත හා අධි ආරක්ෂිත කලාපයක් වශයෙන් ලන්කා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම නීති ගතකිරීමට යෝජනා කිරීම (රජකාලයේ පැවැති තහන්චි කලාපය වැනී අධි ආරක්ෂිත කලාපයක්)
මෙම අධි ආරක්ෂිත කලාපයට දැනටමත් ඉන්දීය රජයේ මැදිහත් වීමෙන් ලක් රජයේද අනුග්‍රහය ඇතිව නුවර එලිය දිත්‍රික්කය තුල පමණක් සිදුකොට ඇති හානිය දැක්වෙන එක් නිවාශ යෝජනා ක්‍රමයක් සහ ලැයිස්තුවක් පහතින් දැක්වේ.
දැනටමත් සාදා අවසන්කොට ඇති නිවාස ක්‍රමයකට උදාහරණයක් බොගවන්තලාව පරෙවි කූඩුනිවාස සන්කීරණයක් පහතින් දවා ඇත.
බොගවන්තලාව පරෙවි කූඩුනිවාස
No Place No:of Houses Elevation
1. Dancinan 404 5500
2. Dayagama 150 4800
3. Helboda 100 3600
4. Lidasal 160 7700
5. Sooriyakanda 36 5200
6. Harrow- kaippugala 15 3960
7. Sheen – Upper 25 4125
8. Sheen – Lower 25 3630
9. Frotop -mamalai 50 5115
10. Kandapola -Park street 20 6520
11. Boralanda 15 6200
12. Wewandan 58 3465
13. Wedamulla 20 4950
14. Ragala 35 4950
15. Agarapathana 32 4620
16. Thalawakale 15 4356
17. Holirod 35 3960
18. Kotagala 25 3960
19. Maifeld 35 4025
20. Unfield 35 4290
21. Bogawanthalawa 50 4370
එසේම මේ කිසිම නිවාස ක්‍රමයකට ගොඩනෑගිලි පර්යේෂන අධිකාරියේ අවසරද ලබාගෙන නැති බව කියවේ. මෙම ප්‍රදේශවල රජයේ ඉඩම් රාජකරි භාර දිසාපති ප්‍රාදේශීය ලේකම් වැනි කිසිම නිලධාරියෙකුටද මෙම නිවාශ පිහිටි ඉඩම් පිලිබඳව හෝ නිවාශ සෑදීම සඳහා යෝග්‍ය අයෝග්‍යතාවන් පිළිබඳව හෝ කිසිම බලයක් නැති බවද කියවේ. ලන්කා රජයේද අවසර ඇතිව ඉන්දීය රජය විසින් නිවාස සෑදීමට කිසිසේත්ම සුදුසු නැති ඉඩම්වල නිවාස සෑදීමෙන් මේ රටේ භුගෝලීය හදබිමට” සිදු සිදුකරමින් පවතින මහා පරිසර විනාශය මින් පැහැදිළිවේ. මේ රටේ සිටින ඉන්දීය දෙමළ වැසියන් සඳහා මෙවැනි නිවාස 60,000 ක් දැනටමත් සදා අවසන් යයි කියවේ.රටේ භූගෝලීය හදවත වන මධ්‍යම කඳුකරයට සිදුකරමින් පවතින මේ මහා පරිසර විනාශය දැන්වත් වහාම නතර නොකලොත් වැඩිකලක් යාමට පෙර මේ නිවාශ නායගොස් සමස්ථ කඳුකරයම එකම ගල්තලාවක් වී මේ රටට සිදුවිය හැකි මහා විනාශය පිලිබඳ වගකියන්නේ කව්ද.
ජනාධිපති තුමනි,
ගොඩනෑගිලි පර්යේෂන අධිකාරිය මෙන්ම මධ්‍යම පරිසර අධිකාරියද මේ මහා විනාශය නතර නොකරන්නේ කුමක් නිසාදැයි මට නොතෙරේ. මවිසින් මෙම ලිපියෙන් යෝජිත වැඩපිළිවෙල ක්‍රියාත්මක නොකර කිසිදාක මේ රටේ ජලපෝශක ප්‍රදේශවලට සිදුකෙරෙන, විසේශයෙන්ම ඉන්දීය සම්භවයක් ඇති දෙමළ ජනයාගෙන් මේ රටේ ‘හදබිමට” සිදුකෙරෙන විනාශය”නතර කළ නොහැකිබව ආව්ධාරණය කරමි.
X
දිවයින පුරා සිටින ඉන්දීය වැසියන් වෙනුවෙන් සදා ඇතයි කියන නිවාශ 60,000 න් මේ එක් උදාහරනයක් පමණි. සියළුම දෙශපාලකයින්, මේ විජාතිකයින්න් පිරිස රටකට සිදුකරන විනාශය නොදුටු,නොතේරෙන නොඇසුණු මෙන් නිහඬව ගොලුවන්, බිහිරන් සහ අන්ධයින් මෙන් ඉන්නේ ඔවුන්ගේ ඡන්දය ලබා ගැනීමේ අදහසිනි.
ඔවුන්ට යාමට ඉන්දියාව හෝ ඇත.සින්හල අප මේ රට නැති වුනූදාට යන්නේ කොහාටද කියාවත් කිසිම සින්හල දේශපාලකයෙක් නොසිතයි.ඔවුන්ට ඕනෑ රටට ජාතියට හෙන ගහල ගියත් කාගේ චන්දයෙන් හෝ බලයට ඒම පමණි. මු.ම. අඩි3500 ට ඉහල සියළුම ජනාවාස 3500න් පහලට ගෙන ඒමට මා යෝජනා කරන්නේ මේ විනාශයෙන් රට් බේරා ගැනීමටය.එසේම අනාගත පාරම්පරාවට ජීවත්විමට මේ රට බේරා ගැනීම සඳහාය. වාසනාවට මෙන් මා දෙශපාලකයෙකු නොවන නිසා මට එසේ සිතිය හැක. ඔබ තුමා මෙන්ම මේ රටේ සියළුම දේශපාලකයින්ට මේ ගැන ගැඹුරින් සිතීමට දැනටමත් ප්‍රමාද වූවා වැඩියයි මම සිතමි.
හයවන අදියර
මු.ම. අඩි 3500 -5000 අතර කලාපයේද තේ කර්මාන්ත ශාලා සහ ඊට අත්‍යාවශ්‍ය කාර්‍යාල හැර අනෙකුත් සියලුම තැනීම් සහ ජනාවාශ ඉවත්කර එම ප්‍රදේශයේ තේ වතුවල පදින්චි සියලු දෙනාම මු.ම. අඩි 1000 ත් 3500 අතර යෝජිත කඳුරට ආරක්ෂක බඳපටි කලාපයේ” මෙම ක්‍රමය යටතේ ඉඩම් නැති උඩරට ගැමියන් සමඟ මිශ්‍ර ජනාවාශ වල පදින්චි කිරීම. (මෙම ජනාවාශ ක්‍රමය හදබිම අධිකාරියේ වාරියගල ජනපදයේ 1987 දී පළමු වරට මවිසින් සාර්ථකව අත්හදා බලා ඇත). මෙම ප්‍රස්නය විසඳිමට ඇති හොඳම පිළියම එය බව මගේ දැඩි විස්වාශසයයි.
එසේ කළවිට කඳුරටේ සිටින වතු ජනතාවටද ඉඩමුත් ලැබී ඔවුන් මේ රටේ රටවැසියන් වී ඉන්දියාවත් මේ රටේ අභ්‍යන්තර ප්‍රශ්නවලට ඇඟිළි ගැසීම නතරවී වසර 2500 කට අධික කාලයක් පුරා සින්හලයින් ජීවිත පරිත්‍යාගයෙන් රැකගත් ඔවුන්ගේ මව්බිමත් ආරක්ෂාවී රට හරි මැද ඉන්දීය ප්‍රාන්තයක් බිහිවීමත් නතරවි මේ සින්හලද්වීපයත් සින්හල ජාතියත් සම්බුද්ධ සාශනයත් මිහිපිටින් අතුගා දැමීමට 1799 සිට ක්ලෙග් හොර්න් වැනි සුද්දන් ඇටවූ මර උගුල උපායසීලීව අවසන්කොට වසර 2500ක් පැරනි සින්හලේ රාජධානිය ආරක්ෂාකොට ගත් රාජ්‍ය නායකයා වශයෙන් ඔබතුමා ඉතිහාසගත වෙනවා නියතය
අදියර පහ සහ හයෙන් යෝජිත වැඩපිළිවෙල ක්‍රියාත්මක නොකර මධ්‍යම කඳුකරයේ (ජාතියේ හදවතේ /හදබිමේ) ජලපෝශක ප්‍රදේශ හා භෞතික ස්ථාවරය කිසිදාක ආරක්ෂාකොට ගත නොහැක. එසේ නොකරන්නේනම් අප සියළුදෙනාම කරන්නේ ජාතියක් වශයෙන් එක්ව සියදිවි නසා ගැනීමකි.
මවිසින් යෝජිත වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමෙන් මේ රටේ හදවත බඳු හදබිමේ” භෞතික ස්ථාවරය උපරිම වශයෙන් ආරක්ෂා කරගන්නා අතර වර්තමානයේ කඳුරටේ පවතින සියළුම ජනවාර්ගික අවුල් වියවුල්ද සමනයවී, මේ සින්හල රට මැද එහි හදවතේ” රටට දැයට ආදරයක් නැති ඉන්දීය මලය නාඩුවක් බිහිවීමද නතරකොට, මව්බිමේ ආරක්ෂාව, භෞමික අඛණ්ඩ තාව මෙන්ම ස්වාධිපත්‍ය සහ වසර 2500 කට වැඩි සින්හල ශිෂ්ඨාචාරයද ආරක්ෂාකොට ගැනීම මෙන්ම 1815 න් පසු සුද්දන් විසින් අහිමි කරණලද භූමිපුත්‍රයින්ගේ මව්බිමේ අයිතිය නැවතත් ඔවුන්ට ආපසු ලබාදී මේ රටේ ඔවුන්ගේ ප්‍රවේනී ජාතික උරුමයද ආරක්ෂා කිරීමද යෝජන කෙරේ.
1992 දී මෙබඳු විසල් ජාතික සන්වර්ධන යෝජනා ක්‍රමයක් සකස්කොට එය මහපොලවේ ක්‍රියාවට නැන්විමට මා සූදානම් කිරීමත් සමඟම,
මෙම ජාතික වැඩපිලිවෙල පිළිබඳ මෙලෝ අවභෝධයක් නොතිබුණ කෘෂිකර්ම ඇමති ධර්මදාස බන්ඩා සහ මහනුවර දිසා ඇමති දිසානායක යන වෛරී සහ අමණ දේශපාලුවන් ඔවුන්ගේ පටු පක්ෂ දේශපාලන බෙර පදයට වසර 6 ක් පුරාම මා නැටවීමට නොහැකි රාජ්‍ය නිලධාරියෙක් වූ නිසා ජනාධිපති ප්‍රෙමදාසට ගතු කියා, (හදබිම ව්‍යාපාරයේ පියා වශයෙන් බොහෝ දෙනා සැළකූ) එවකට විධායක අධ්‍යක්ශ වශයෙන් කටයුතුකළ මා,1992 ජුලි 17 වන දින සිට කිසිදු පෙර දැනුම් දීමක් හෝ නොකොට වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කොට, සන්චිතයට යවා, සෙසු පලාත්වලට ව්‍යාප්තකිරිමට මවිසින් සැළසුම්කොට තිබුණු උත්සවයද, ඔවුන්ගේ ඡායා රූපද සහිතව, මෙම වැඩපිලිවෙලේ නිර්මාත්තෲ වු මා ගැන වචන යක්වත් සඳහන් නොකොට, දැවැන්ත ප්‍රවුර්ති පත්‍ර අතිරේකයක්ද සමඟ උත්සවාකාරයෙන් පවත්වා, මගේ දරුවාගේ මඟුල් ගෙදර කා නැවතත් හදබිම ව්‍යාපාරය 1978 -1985 අවිචාරවත් යුගයට ගෙනගොස් මවිසින් සකස්කළ, එසේම වසර 6 ක් තිස්සේ සිහින දුටු මෙම මහා ජාතික ව්‍යාපාරයද කා විනාශ කළහ.
ඒ සමඟම මේ රටේ සියළුම රාජ්‍ය ආයතන, වසර 5 හේ දේශපාලන කොන්ත්‍රාක් කාරයින්ගේ බූදලයක් සහ ඔවුන්ගේ ඥාති මිත්‍රාදීන්ට රැකියා ලබාදෙන කළ්පවෘක්ෂ පමණක්” යයි සිතන, බල තන්හාව, හොරකම සහ ආත්මාර්ථය පමණක් තම එකම පරමාර්තය කොටගත් රාෂ්ට්‍ර පාලනය ගැන මළපොතේ අකුරක් නොදන්නා ජනතා සේවය පිළිබඳ සිහිනෙන්වත් නොසිතන දේශපාලුවන්ගේ හොර ගුහාවක් බවට ශ්‍රී ලන්කා හදබිම නැවතත් පත්විය.
මේ රටේ රන්බිජු දමන කිකිළියක් බවට පත් කිර්‍රිමට මා සිහින දුටු මෙම වටිනා ජාතික ව්යාපාරය විනාශ වීමට ප්‍රධාන හේතුව එය වේ.
මෙම සනාතනික සත්‍ය ඉහත සඳහන් නිගමනයට බැසගත් විසේශඥ සමාලෝචන මණ්ඩලයට නොපෙනීම ගැන මම මවිතවෙමි.එසේම ලජ්ජා වෙමි. මේ යතාර්ථය ඔවුන් දැන සිටියේනම් මෙවැනි සාවද්‍ය, අසම්පූර්ණ සහ අමාත්‍ය මණ්ඩලය නොමඟ යවන සමාලෝචන වාර්තාවක් කිසිසේත්ම ඉදිරිපත් නොකරන බව මට විශ්වාසය.
ජනාධිපති තුමනි,
එම නිසා 1985 අප්‍රේල් 01 සිට 1992 ජූළි 17 දක්වා මෙම ආයතන යේ විධායක අධ්‍යක්ෂ වශයෙන් කටයුතු කළ, ශ්‍රී ලන්කා පරිපාලන සේවයේ වුර්තීය නිළධාරියෙකු වශයෙන්ද, මෙම ව්‍යාපාරයේ ඇති ජාතික වටිනාකම දන්නා කෙනෙකු වශයෙන්ද, මගේ මව්බිමට අසීමිතසේ ආදරය කරණ කෙනෙකු වශයෙන්ද, එසේම 1985 දී වසා දැමීමට තීරණය කොට තිබුණු මෙම ව්‍යාපාපරය ඉන් මුදවාගෙන, එදා සිට 1992 ජූලි 17 දක්වා වසර 6ක් තුල එය ආදරයෙන් රැක බලාගෙන, වසර 6 ක් තුලමිනිසුන් 35,000 කගේ හය වේලක්, (ආහාර වේල් කෝටි 25 කින් පමණ ) ඔවුන්ගේ බඩ කට පුරවා ඔවුන්ගේ සිහින සහ පැතුම් අහසෙහි ඔසවා තබා මේ රටේ ජාතික සන්වර්ධනය සහ භෞමික අඛණ්ඩතාවය මෙන්ම දේශයේ සහ ජාතියේ ආරක්ෂාව සහ අනන්‍යතාව පිළිබඳ හරවත් සන්වර්ධන සන්කළ්පයක් මෙන්ම කිසිවෙකුට ප්‍රතික්ෂේප නොකළහැකි ඊට පෙර කිසිම රාජ්‍ය නිලධාරියෙකු හෝ දෙශපාලනඥයෙකු හෝ වෙනත් කිසිම කෙනෙකු හෝ මෙතෙක් නොසිතූ, නොදුටු එසේම නොකළ, ජාතික සැලැස්මක් සැළැසුම් කොට ක්‍රියාත්මක කළ පුද්ගලයා වශයෙන්, මෙම ආයතනය වසා දැමිම මම කිසිසේතම අනුමත නොකරමි.
එසේම මේ ජාති ද්‍රෝහී දේශද්‍රෝහි තිරණය ගැන මගේ බලවත් විරෝධයද මින් පලකරමි. එකී ජාතික අපරාධයට සම්පූර්ණයෙන්ම වගකිවයුත්තේ ඉහතින් දැක්වූ ධූෂිත දේශපාලන ණඩයවේ.
එසේම
ශ්‍රී ලන්කා හදබිම අධිකාරියේ විනාශය පිළිබඳ මෙම සනාතනික සත්‍ය ඉහත සඳහන් නිගමනයට බැසගත් සමාලෝචන මණ්ඩලයට නොපෙනීම ගැන මම මවිතවෙමි.එසේම ලජ්ජා වෙමි.
තවද, 1985 අප්‍රේල් 01 සිට 1992 ජූළි 17 දක්වා මෙම ආයතනයේ විධායක අධ්‍යක්ෂ වශයෙන් කටයුතු කළ මා මෙම ව්‍යාපාරයේ ඇති ජාතික වටිනාකම දන්නා කෙනෙකු වශයෙන් සහ 1986 දී වසා දැමීමට තීරණය කොට තිබුණු මෙම ව්‍යාපාපරය ඉන් මුදවාගෙන 85 සිට 92දක්වා වසර 6 තුල එය අහසෙහි ඔසවා තැබූ පුද්ගලයා වශයෙන් මෙම ආයතනය වසා දැමිම මම කිසිසේතම අනුවත නොකරමි. එසේම මවිසින් ජාතක කොට ජාතියට දායාදකකළ එය වසා දැමීමට යෝජනා කරන මෙන්ම වසා දමන ඕනෑම කෙනෙකුට මගේ රට හා ජාතිය මගේම පණ දෙවැනිකොට මෙම ව්‍යාපාරයට ආදරය කරණ කෙනෙකු වශයෙන් ශාප කරමි.
එමනිසා මේ අවස්ථාවේදීද අප කළයුත්තේ, එය වසා දැමිම වෙනුවට මේ පස්අවුරුදු කොන්ත්‍රාක්කාර දුෂිත දේශපාලකයින්ගේ ග්‍රහණයෙන් එය මුදාගෙන අදාල විෂය පිළිබඳ මනා අවභෝධයක් ඇති, එසේම රට ජාතිය ගැන ආදරයක් ඇති, ජනතා සේවය දේව කාර්යක් වශයෙන් සලකන ඒ ගැන ඇපකැපවීමක් ඇති ධර්මාසෝක රජතුමා මෙන් රට වැසියන් තම දරුවන් මෙන් සලකා (සවේ පුරිසා මම පජා) රාජ්‍ය සේවය කරණ, එසේම අදාල විෂය පිලිබඳ මනා දැනුමක් සහ පළපුරුද්දක් ඇති, අවන්ක, දක්ෂ කළමනාකරණයක් යටතට මෙම ව්‍යාපාරය නැවතත් පත්කිරීමයයි මම සිතමි. එසේ කළහොත් අනිවාර්‍යෙන්ම ඔබ තුමාද දේශ හිතැති, ජාති හිතැති ජනාධිපතිවරයෙක් වශයෙන් ඉතිහාස ගතවනු නොඅනුමානය. එසේ නොකළහොත් මෙම වටිනා ජාතික ව්යාපාරය විනාශ කිරීමේ වගකීමෙන් ඔබතුමාටද කිසිදිනක කිසිදාක මිදිය නොහැක.
එමනිසා ‘”ශ්‍රී ලන්කා හදබිම ව්‍යාපාරය” වසා දැමීමට යෝජනා කරන, එමෙන්ම වසා දමන ඕනෑම කෙනෙකුට මවිසින් ජාතක කොට, රටට දායාද කළ එසේම එයට මගේ පණ දෙවැනිකොට ආදරය කරණ කෙනෙකු වශයෙන්, ජාතියේ නාමයෙන් මම ශාප කරමි.
1978 සිට මෙම ව්‍යාපාරය භාරවසිටි මේ රටේ සියළුම සම්ප්‍රදායික දේශපාලකයින් සිදුකොට ඇති ඒ මහා පාපකර්මයට තවත් එක් කොටස්කරුවෙකු නොවී මෙම උත්තුන්ග ජාතික අරමුණ ශාක්ෂාත් කර ගැනීම සඳහා ඔබතුමා විසින් කළයුත්තේ, (දැනටමත් එය වසා දමා ඇත්නම් වහාම එය නැවත පනගන්වා)
පළමුව, එය වසා දැමීමට ගෙන ඇති තීරණය වහාම අහෝසිකොට
දෙවනුව, දැනට පවතින සභාපති ඇතුළු අධ්‍යක්ෂ මන්ඩලයද වහාම අහෝසිකොට ඔබ තුමාගේ රිජු නායකත්වය යටතේ මෙහෙයවෙන ආයතනයක් බවට ශ්‍රී ලන්කා හදබිම අධිකාරිය පත්කිරීම
තෙවනුව මෙම අධිකාරිය ආරම්භවූ 1978 සිට 1986 දක්වා මෙන්ම 1992 ජූලි 17 සිට අද දක්වාත් විනාශ කළ මෙම අධිකාරියේ අරමුණු පිළිබඳව මෙලෝ අවභෝධයක් නොතිබුණ, ජරාජීරණ දේශපාලන පිළිකාවෙන් වහාම මෙම වටිනා ජාතික ව්‍යාපාරය මුදාගෙන, රටේ සහ ජනතාවගේ යහපත මුල්තැන්හිලා කටයුතු කළ හැකි එමෙන්ම මධ්‍යම කඳුකරය සිය හදවත මෙන් ආරක්ෂා කළහැකි, 1986 අප්‍රේල් 01 සිට 1992 ජූලි දක්වා මවිසින් ගොඩ නගා, ඇස්දෙක මෙන් රැක බලාගත්, පරිදිශ්‍රී ලන්කා හදබිම අධිකාරිය” ආරක්ෂා කළ හැකි, මා ඉහතින් දක්වා ඇති සුදුසුකම ඇති, දේශ හිතෛෂී ජාතිමාමක වෘතීය සභාපති වරයෙකුගේ ප්‍රධානත්වයෙන් නව අන්තර්කාලීන වුර්තීය කළමනාකරණයක් යටතට එය පත් කිරීමය.
එම අන්තර්කාලීන අධ්‍යක්ෂ මණ්ඩලය පහත සඳහන් පරිදි සකස්විය යුතුයයි මම යෝජනා කරමි.
අධ්‍යක්ෂ මණ්ඩලය
1සභාපති
2ජනාධිපති කාර්‍යාලයේ අතිරේක ලේකම් වරයෙකු
මහනුවර, මාතලේ, නුවර එළිය සහ කෑගල්ල දිසාපතිවරු 4 දෙනා
7කෘශිකර්ම අධ්‍යක්ෂ
8.සුළු අපනයන භෝග අධ්‍යක්ෂ
9.භාණ්ඩාගාර නියෝජිත/ නියෝජ්‍ය ලේකම් වරයකු
10.කෘෂිකර්ම අමාත්‍යාන්ශයේ නියෝජිතයකු
11ඉඩම් කොමසාරිස්
12 හදබිම අධිකාරියේ විධායක අධ්‍යක්ෂ
(මෙම තනතුරට මෙම ලිපියේ සඳන්කොට ඇති ජාතික සන්කල්පය නිවැරදිව අවභෝධ කොට ගෙන අපේක්ෂිත ඉලක්කයන් කරා 1986-92 කාලයටත් වඩා හොඳින් එය මෙහෙයවිය හැකි අයෙකු, ඒ සඳහා විවුර්ත දැන්වීමක් මගින් තෝරාගැනීමට ඔබ තුමාගේ එකඟත්වය, එම අධ්‍යක්ෂ මණ්ඩලයට ලැබෙණු ඇතැයි මම අපේෂා කරමි).
එම අන්තර්කාලීන අධ්‍යක්ෂ මණ්ඩලයේ වගකීම්
1දැනට පවතින ශ්‍රි ලන්කා හදබිම ධිකාරියේ කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම
2නව ශ්‍රී ලන්කා හදබිම අධිකාරි පනත සකස්කොට එය පාර්ලිමේන්තුවෙන් සම්මතකොට ගැනීම
3නව පනත යටතේ වැඩ කටයුතු ආරම්භ කෙරෙන තුරු, අධිකාරියයේ කටයුතු භාරව සිටීම.
4. 2014 දී වසා දමනලද උඩරට ගැමිකොමිෂන් සභාවේ සහ උඩරට සන්වර්ධන මණ්ඩලය යන ආයතන දෙකේ විශය පථයද ශ්‍රී ලන්කා හදබිම අධිකාරියට පැවරීම සහ එම ආයතන දෙක සතුව තිබුණු ගොඩනැගිලි සහ ගිනුම්වල ශේෂයන් ඇතුළු සියළු සම්පත් මෙම අධිකාරියට පැවරීම.
5. දැනට වතුකරයේ දෙමළ ජනතාවට පමණක් සීමා වූ කඳුර යටිතල සන්වර්ධන අමාත්‍යාන්ශය ඇතුළු සියළුම ආයතන වසාදමා ඒවායේ සියළුම බලතල සහ සම්පත් ශ්‍රී ලන්කා හදබිම අධිකාරියට පැවරීම
විශේෂ සටහණක්
අධිකාරියේ නව සභාපති තනතුරට එවැනි කළමනාකාරිත්වයක් සොයා ගැනීමේ අපහසුතාවක් ඔබතුමාට ඇත්නම්, 1985 අප්‍රේ 01 දා සිට 1992 ජූළි 17 දක්වා මෙම අධිකාරිය ගොඩ නැන්වූ, මෙම ජාතික ව්‍යාඅපාරයයේ නිර්මාර්තෲ වශයෙන් එය ආරක්ෂාකොට රැකගැනීම සඳහා එවැනි වෘතීය නිළධාරියෙකු සොයා ගන්නාතුරු, පලමුව, වසර දෙකක කාලයක් සඳහා මගේ සේවය යලිත් ඔබතුමාට ලබා දීමට මා සූදානම් බවද මෙහි ලා සඳහන් කරණු කැමැත්තෙමි.
මෙම අධිකාරිය මට යලිත් භාර දෙන්නේනම් කිසිදු වැටුපක් නොගෙන, මෙතෙක් මේ රටේ ඉතිහාශයේ කිසිම රාජ්‍ය සේවකයකු නොකළ පරිදි රටේ සහ ජාතියේ යහපත වෙනුවෙන් ජාතික ආයතනයක් බවට එය පත්කොට මෙම ව්‍යාපාරය නැවතත් වසර දෙකක් ඇතුලත යථා තත්වයට පත්කර දීමට මම පොරොන්දු වෙමි.
ඒ සඳහා මට අවශ්‍යවනුයේ මෙම ව්‍යාපාරය මෙහෙයවීමේදී සියළු දේශපාලන බලපෑම්වලින් තොරව රටේ හා ජාතියේ යහපත සඳහා විවුර්ත සම්මුක පරික්ෂන මගින් අදාල කාර්‍යට සුදුසු පුද්ගලයින් පමණක් තෝරා ගැනීම ඇතුලු කටයුතු කිරීමේ නිදහස පමණි.
මේ රටේ ජනතාවගේ බදු මුදලින් අධ්‍යාපනය ලබා රැකියාව කළ සමයේ ද එම බදු මුදලින්ම වැටුප් ද, අදටත් ඔවුන්ගේ බදු මුදලින්ම විශාම වැටුපද ලබාගන්නා නිසා ඔවුන්ට සහ මගේ රටට කෙරෙන උපහාරයක් වශයෙන් සහ මගේ රටදැය වෙනුවෙන් කිසිදාක ගෙවා නිමකළ නොහැකි ණයක් ගෙවීමක්, සහ රටදැය වෙනුවෙන්, සිදු කෙරෙන උතුම් පුන්‍ය කටයුත්තක් මෙන් සලකා මෙම මෙහෙය මම කිසිදු වැටුපක් නොලබා මගේ රට සහ ජනතාව වෙනුවෙන් කිරීමට මම පොරුන්දුවෙමි. ඒ සඳහා මට අවශ්‍යවනුයේ ඉහත සඳන්කළ පරිදි ඒ සඳහා අවශ්‍ය බලතල සහ රජයෙන් වැටුප් ගෙවන රියදුරෙකු සමඟ වාහනයක් පමණි.
තව දුරටත් මේ පිළිබඳ කරුණු දැනගැනීමට ඔබතුමාට අවශ්‍යනම් මහනුවර දිසාපති තුමා සමඟ ඔබතුමා හමුවීමට මට පැමිනිය හැක. ඔබතුමා මගේ යෝජනාවට එකඟ වන්නේනම් ඒ සඳහා සුදුසු දිනයක් සහ වේලාවක් යොදාගෙන, මට දන්වා, එම අව්ස්ථාවට මා සමඟ එනමෙන් මහනුවර දිසාපති තුමාට කරුණාකර දන්වනමෙන් ඉල්ලා සිටිමි.
අවසානවශයෙන් මෙම වැඩපිළිවෙල සාර්ථක කරගැනීමටනම් 1951 උඩරට ගැමිකොමිෂන් සභා වාර්තාවේ (Part 1 පිටු අන්ක 41 සහ 42) අන්ක 157 යටතේ යෝජිත පරිදි (පිටු 42) 158, 159 සහ 60 සඳහන් බලතල සහිතශ්‍රී ලන්කා හදබිම සන්වර්ධන අධිකාරියක්” දැන්වත් පිහිටුවන මෙන් මම යෝජනාකරමි. (පවතින ව්‍යවස්ථාව යටතේ මෙහි අගමැති වෙනුවට ජනාධිපති යන්න ආදේශ කළයුතුය).
ඔබ තුමාගෙන් මීට කඩිනම් පිලිතුරක් මම අපේෂාකරමි.
මීට දෑ හිතකාමී,
දේශමාන්‍ය ආචාර්‍ය සුදත් ගුණසේකර
ශ්‍රී ලන්කා හදබිම අධිකාරියේ නිර්මාර්තෘ දෑ හිතකාමී,
දේශමාන්‍ය ආචාර්‍ය සුදත් ගුණසේකර
අන්ක 21. ගැමුණු මාවත, හන්තාන පෙදෙස.මහනුවර
071 1780 449-081 2232744- 071 8075326
පසුවදනක්
ජනාධිපති තුමනි,
මේ රටේ,භූගෝලීය හදවත වන මධ්‍යම කඳුරට හා සම්භන්ධ භෞතික,ආර්ථික සමාජ සහ දේශපාලන ගැටළු, “එම කඳුරටේ භෞථික සන්යුතිය මෙන්ම” ඉතාමත් සන්කීරණය. එබැවින් ඉහත සඳහන් මගේ යෝජනාව ඔබතුමා පිලිගන්නේනම්, ඉහත සඳහන් වැඩ පිලිවෙල අනුව වසර දෙකක් ඇතුලත එම වැඩපිළිවෙල සාර්ථකව ක්‍රියාත්මක කිරිම සඳහා අවශ්‍ය පදනම සකස්කොට දීමේ වගකීම මම භාර ගැනිමට සූදානම්.
මවිසින් යෝජිත පරිදි ඉහත සඳහන් නව අන්තර්කාලීන මණ්ඩලයේ කටයුතු ආරම්භ කිරීමෙන් පසු, යෝජිත සවිස්තරාත්මක, පරිපාලන, නෛතික සහ මූල්‍ය ව්‍යුහය අඩන්ගු කෙටුම් පතක් (යෝජිත ශ්‍රී ලන්කා හදබිම සන්වර්ධන පනතේ කෙටුම්පතකුත් (Draft) මට ඉදිරිපත් කළ හැක).