’’සෙනෙවිරත්න ඒක පුද්ගල කොමිසමෙන්’’’ රට නිදසුන් සමග පළාත් සභා ගැන පාඩමක්
Posted on April 4th, 2026

ධර්මසිරි සෙනෙවිරත්න—-ඇමරිකාවේ සිට  

19 සියවසේ සිට  20 සියවස දක්වාම  ඇමරිකානු කලුජාතීන් කොන්කිරීමේ ජිම් ක්‍රෝ  නීතිය  ඔවුන්ගේ උපතේ සිට මරණ මන්චකය දක්වා  සෑම අංශයක ම   ඇමරිකාවේ  ඉතා කුරිරු අන්දමින්  ක්‍රියාත්මක විය.රටේ විවිධ ප්‍රාන්තවල විවිධ මතධාරීන් එක පොදුමතයකට ගෙන රට එක්සත් කරතබා ගැනීමට  ෆෙඩරල්  හෙවත් මධ්‍යමරජය ගන්නා බොහෝ සාධනීය පියවර  නිෂ්ක්‍රිය හෝ අකර්මන්‍ය කිරීමටහෝ හැකිතාක් කල් ප්‍රමාදකිරීමට බොහෝ  බලලෝභී ආත්මාර්ථකාමී ප්‍රාන්ත පාලකයන් විසින් පියවරගන්නා ලදී. 13 ව්‍යවස්තා සංශෝධනය මගින් 1863 වහලුන් නිදහස් කිරීමේ ප්‍රකාශනය නිකුත් වු පසුව  දකුණේ ප්‍රාන්ත බොහොමයක්  මධ්‍යම රජය සමග වයිර බැඳගත්හ .

                                                                           දකුණේ ප්‍රාන්ත  වලට  අ වශ්‍ය වුනේ කළු වාර්ගිකයින් සදා වහලුන් ලෙස තබාගනීමටය.. මධ්‍යම රජයේ නියෝගයෙන් ලද නිදහසෙන් පසුව වෙනත් පලාත්වල  රැකියා සොයා යන කළු මිනිසුන්,එසේ යාම  වැලකීමට නොහැකිනම්   බුරුතු පිටින්  මරා දැමීමට පවා   සුදු  මිනිසුන් පැකිලුනේ නැත .වගා කටයුතු සඳහා වහලුන් අවශ්‍ය දකුණේ ධනවතුන් පමණක් නොව දුප්පත් සුදු මිනිසුන් පවා මධ්‍යම රජය විසින් වහලුන් නිදහස් කිරීමට  පමණක් නොව  ඔවුන්ට අවම  මානුෂික අයිතිවාසිකම් දීමටත් විරුද්ධ වුහ ..දකුණේ පමණක් නොව අනෙකුත් පළාත් වල සුදුමිනිසුන් අතරද  ඒ අදහස් ඇති අ ය බොහෝ වුහ .

                                                                             1873  සිට  ‘ස්ලෝටර් හෞස් ,විලියම්ස් හා වෙනත් අ ය නඩුවේදී  සුප්‍රීම් උසාවි විනිසුරුවන් පවා  13 ,14 ,15  ව්‍යවස්ථා මෙන්ම ENFORCEMENT AND FORCE   පනත පැනවූ විගසම   ඉතා සියුම් ලෙස හා සැක ඉපදවියයුතු  අයුරින්  එයත් ලත් තැන ලොප් කිරීමට කටයුතු කරතිබුණි   .                            .(((ලංකා! ,ප්‍රවේසම් වෙනු :පළාත්  සභාවේ වුව මධ්‍යම රජයේ වුව දේශද්රෝහී මත ඇති විනිසුරන්ගෙන්  සිදුවිය නොහැකි දෙයක් නැත )))

   ‘’ෆෙඩරල් ව්‍යවස්ථාවට අකුරටම කීකරු වෙන අතරම නිග්‍රෝ  වරු  සුදු ජාතියට සමානය යි උන්ට හැඟවෙන හිතෙන යම් දෙයක් යම් පනතක  ඇත්නම් එහි  ‘’ජීව වායුව ‘ අකාමකා බෙලහීන කිරීමට  අපි  කඩිසර වුනෙමු ‘’ යයි   ජෝර්ජියා සෙනෙට් සභික  වෝ ල්ටර් ජෝර්ජ්  උදම් ඇනුවේ ය                   ((ලංකා ,ප්‍රවේසම් වෙනු .ලන්දේසි කාලයේ සිට යාපනේ කුලපීඩි තයෝ  අදත් දුක් විඳිති  .))                           1903  GILES .v HARRIS නඩුවේදී  HOLMS විනිසුරු මෙසේ සටහන් කළේය ‘’’ ප්‍රාන්ත රජයන් හෝ එහි නියෝජිතයන් විසින් කරන  වැරදි ක්‍රියාවන්ට  විරුද්ධ වීමට ව්‍යවස්ථාමය ලෙස  හෝ ප්‍රායෝගික බලයක් හෝ   ෆෙඩරල් උසාවිය ට  නැත ‘’.            ((ලංකා !,ප්‍රවේසම් වෙනු: අග විනිසුරුවරයෙක් ව සිට මහා ඇමතිවරයෙක් වූ පසුව එක අයෙක් වැමෑරූ බෙදුම්වාදී අදහස් මතක් කරගන්න  )).

                                                                                         මෙවන් අදහස් මත වැඩකළ බොහෝ ප්‍රාන්ත මධ්‍යම රජයේ මානුෂීය හා නිදහස් මතවාදී අණ පනත් වලට විරුද්ධව කළහැකි සියලු කෙනෙහිලිකම් හා  විරුද්ධ වාදිකම්  කළහ . කිසිදු අධ්යාපනයක්  තහනම් කර සිටි  කළු මිනිසුන් ට අධ්‍යාපනයට අවසර දීමටත්  විරුද්ධ වූ සුදු මිනිස්සු  ඊළඟට  යුදවැදුනේ  සුදු දරුවන් සිටින පාසල් වලට  කළු දරුවන් ඇතුල් කිරීමට විරුධ්ධවය . මෙම වාර්ගික කොන්කිරීම   රටේ ව්‍යවස්ථාවේ  14 හා 5 වගන්ති වලට පටහැනි බව  1952  BROWN  v. TOPEKA BOARD OF EDUCATION නඩුව අනුව 1954   දී සුප්‍රීම් උසාවිය  තීරණය කළේය.  තම අරමුණුවෙනුවෙන්   යුදවැදීම සඳහා  අවි ගබඩා පුරවමින් සිටි  දකුණේ දේශපාලකයනට මෙම තීරණය  සැබවින්ම යුද්ධ ප්‍රකාශ කිරීමක් විය. .       .((ලංකා! ,ප්‍රවේසම් වෙනු ))                                      .                                                                                                                                         

.    .  .                                                                                   කළු විරෝධී සියලු ක්‍රියාවන්ට එරෙහිව සටන් වැදුන NAACP ආයතනය  1935 තරමේ  සිට  එවන් ව්‍යවස්ථා විරෝධී  ව්‍යාපාරවලට  විරුද්ධව   රට පුරා  එක පිට එක නඩු පවරමින්  උනදුවෙන් කටයුතු කළේය .මේරිලන්ඩ් සරසවියට එරෙහිව  1935 දී මේ ආයතනය  පටන්ගත් පළමු  නඩු පැවරීම  මිසුරි ,ටෙක්සාස් , ඔක්ලහෝමා ,ඩෙලවෙයා , වර්ජිනියා ,දකුණු  කැරෝලයිනා,,වොෂින්ටන් DC, කැන්සාස්  හා තවත් පෙදෙස් දක්වා ගෙන ගියේය .   1950 වන විටත්  දකුණ කරෝලයිනාවේ  19 කවුන්ටියේ කලුදරුවන්ට එකදු  උසස් ((HIGH SCHOOL) පාසලක් නොවීය .ක්ලරන්ඩන් කවුන්ටියේ සුදු දරුවන්ට පාසල් බස් 30 ක් තිබුනත් කලුදරුවන්ට  එක බසයක් හෝ  දුන්නේ නැත ..’’මම ආන්ඩු කාරයාව සිටින තුරු  සුදු පාසල්වලට එකදු කලු  දරුවෙක් වත් ඇතුල් කරනොගනිමි ‘’ යි ජෝ ර්ජියා ප්‍රාන්තයේ  ආණ්ඩු කාරයා 1949 දී  වහසි බිනුවේය  .  මේ  කඩාකප්පල් කාරී අමානුෂික ක්රියා  වර්ධනය වීම නිසා , කළු සුදු ලෙස වර්ගවාදීව පාසල් බෙදීම අත්හිටුවීමේ කාර්යය වේගවත් කරන ලෙස  1955 05 01  නැවතත්  ප්‍රකාශ කිරීමට  සුප්‍රීම් උසාවිය  කටයුතු කළේය 

                                                                    වර්ගවාදීන් නැවතුනාද ? නැත .’’ප්‍රාන්ත තීරණ වලට විරුද්ධව මධ්‍යම රජය  තීරණ නොගත යුතුය .මධ්‍යම රජයේ සුප්‍රීම් උසාවි තීරණ ප්‍රාන්ත රාජ්‍යයේ කටයුතුවලට කරන අනවශ්‍ය ඇඟිලි ගැසීමකී  ‘’  වර්ජිනියා ප්‍රාන්තය ප්‍රකාශ කළේය .    —-…..’’’’’ දේශසීමා මායිම් ප්‍රශ්නවලදී  හැර   ප්‍රාන්තයක වෙනත්  කිසිදු තීරණයකට විරුද්ධ වීමට  අධිකරණ බලයක්  මධ්‍යම රජයේ උසාවි වලට නැත ‘’’ යි  1956 දී ජෝර්ජියා ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කළේය .            ((ලංකා !,ප්‍රවේශම් වෙනු ))

                                                                                ””  මහා රජයේ සුප්‍රීම් උසාවියේ 1952  බ්‍රවුන් නඩු තීන්දුවේ  තීරණ මිසිසිපි  ප්‍රාන්ත සීමා  තුල දී ව්‍යවස්ථා විරෝධී ය .ප්‍රාන්ත සීමා තුල ඒ තීරණ බල රහිතය ””යි මිසිසිපි ප්‍රාන්තය ප්‍රකාශ කළේය .   —-  ‘’’මධ්‍යම රජයේ  ඒ බ්‍රවුන් නඩු තීරණය  හෙලාදකිමි . මෙය මධ්‍යම රජය කරන අනීතික නොමනා ඇඟිලි ගැසීමක් මෙන්ම ප්‍රාන්ත ස්වාධිපත්‍යයට  එරෙහිවීමකි ‘’ යි  දකුණු කරෝලය්නා ආණ්ඩු කාරයා පැවසුවේය .                           ((((ලංකා ! නීති කණපිට හරවා අර්ථකතන දීමට  හැකි නීතිඥයන් හා විනිසුරුවන්ද  පළාත් සභා මහා ඇමති වරු විය හැකි බවත් එසේ වූ බවත්  හිතේ තියා ගන්න )).

                                                                            මධ්‍යම රජයේ   සියලු ප්‍රගතිශීලී පියවරයන්ට එරෙහිව   බලලෝභී ආත්මාර්ථකාමිත්වය ජනතාව තුල අවුළුවා  සිය අභිලාෂයන් මුදුන් පත් කර ගැනීමටඋත්සාහගත්   මේ  මිනිසුන්ට  රටේ ඉදිරිගමන හෝ මනුෂත්වය ගැන  අල්පමාත්‍ර හැඟිමක්  තිබුනේ නැත    එනිසාම  ඕනෑම දුෂ්ට කමක් කිරීමට පසුබට   නොවූ  මොවුන් ගිය දුර  මෙන්න  පහතින් දැන් කියවන්න . හිතේ ධාරණය කර ගන්න .

.                            ’’ඇමරිකන් ව්‍යවස්ථාවේ  අංක 13 ,14 , හා 15  වෙනි වගන්ති  සංශෝධනය කල යුතුය . මේ වගන්ති බලාමක කරන තීරණ ගන්නා විනිසුරුවන් දෝෂාභියෝගයට  ලක් කල යුතුය ‘’යි ජෝර්ජියා ප්‍රාන්තය යෝජනා සම්මත කර ඉන් නොනැවතී  1956 ජුලි 1 දින  අලුත් කොඩියක් ද  හඳුන්වාදී වහල් සේවය අත්‍යවශ්‍යම බවත්  වර්ණ භේද වර්ගී කරණය  රැකගැනීමට  තමන් දිවි පුදා  සටන් කරන බවත්  ප්‍රකාශ කලේ   මධ්‍යම රජයට අනතුරු  ඇඟවීමක් ලෙසිනි .                                   .(((ලංකා ! උතුරේ තේසවලාමේ නීතිය රැකගෙන සිංහල පදිංචිය නැතිකිරීමටත් එළවීමටත්   හා  නලවාර් කොවියාර් වැනි පීඩිත කුල  මර්ධනය කිරීමටත්  නැගෙන හිර අමානුෂික ෂරියා නීති හිතුමතේ ක්‍රියාත්මක කරමින්   ඒ පලාතෙන් සිංහලයන් එළවීමටත්  සියලු බලතල සහිත පළාත්  මහඇමති වරු  ක්‍රියා කිරීමට ඕනෑ  තරම් ඉඩ ඇත )) 

                                                                                                 ව්‍යවස්ථාවේ සංවරණය හා තුලනය –checks and balances– ඉවත් කිරීමේ අරමුණින්  ටෙක්සාස් ප්‍රාන්තය මෙවන් යෝජනාවක් ගෙනා වේය .  ””””සුප්‍රීම් උසාවිය කොන්ග්‍රසයට  වග කිව යුතුය යනුවෙන් ව්‍යවස්ථාව වෙනස් කල යුතුය””””

 ‘’’ 

                                                                             ((ඉහත සඳහන් කල )   බ්‍රවුන් නඩුවේ  තීරණ  ක්‍රියාත්මක කරන මධ්‍යම රජයේ  ඕනෑම විනිසුරු වරයෙක් හෝ මාෂල් වරයෙක්   ලුයිසියානා ප්‍රාන්තය තුලදී අත් අඩංගුවට ගැනීමට  ලුයිසියානා ආණ්ඩුකාරයා තම   පොලිසියට   බලය පැවරුවේය .

                                                                                    යම් කාලයක් ඇවෑමෙන් කෙසේ හෝ හෝ මධ්‍යම රජය සිය අපේක්ෂාවන් මුදුන් පත් කරගන්න බවත් තමන් ට පසු බැ සීමට සිදුවෙන බවත් දැන දනම  බොහෝ අ ය  කිසියම්  කාලයකට හෝ හැකිපමනින් විශේෂ වරප්‍රසාද රැකගනුවස්   මධ්‍යම රජයේ කටයුතුවලට අවහිර වෙන සේ හැකි පමණින් කටයුතු කිරීමට උත්සාහ ගත්හ. මේ  ප්‍රයත්නය  සාර්ථක විය  1963 වෙන තුරුත්  ඇලබාමා , මිසිසිපි , හා වර්ජිනියා  ප්‍රාන්තවල  සුදු පාසල් ලෙස වෙන්කළ  පාසල් වලට එකම කළු ළමයෙක් හෝ  ඇතුල් නොකර සිටින්නට ඔවුන්ට හැකිවිය .

                                                    විරෝධය කෙතෙක් දුර ගියාදැයි යන්න ආකන්සෝ ප්‍රාන්තයේ  මේ  බරපතල ප්‍රකාශයෙන්   පෙනී යායුතුය ‘’’’   තම ප්‍රාන්ත භුමි සීමා තුල බලපැවැත් විය යුතු නීති රෙගුලාසි –  LAW OF THE LAND,– මොනවාදැයි තීරණය කිරීමේ  බලය ඇත්තේ ඇමරිකන්  සුප්‍රීම් උසාවියට නොව.ප්‍රාන්තයේ ආණ්ඩු කාරයාටය .’’((((ලංකා ! උතුරේ නිජබිම් සංකල්පයක් ඇත .’’භුමිය’ යන වචනය  ගැන සැලකිලිමත් වෙමු )))                                                   

                                                                              ඇමරිකන් මහා රජයේ මේ  ප්‍රගතිශීලී  වැඩදායී මානුෂික  මෙහෙවර දාමය  පරාද කිරීමට හා  කඩා කප්පල්  කිරීමට  මෙසේ මේ ප්‍රාන්ත  කටයුතු කළහ . ලංකාවේද පරාජය දැකදැකත්  අමානුශිකයයි දැන දැනත් තම ජීවිත කාළය තුල හෝ විශේෂ වරප්‍රසාද රැක ගැනීමට උත්සාහ කරන අන්තවාදී පිරිසක් උතුරේ හා නැගෙන හිර  කටයුතු කරන විට  අපි ප්‍රවේසම් විය යුතුය 

                                                                           අමරිකාව  වැනි  විශාල රටකට  ප්‍රාන්ත ක්‍රමය  නැතුව බැරුවා වියහැක .මේ ත රම් විඳවන්නට සිදු වුනෙත් එනිසාය . එහෙත් අපි කුමට  විඳවමුද ? පුංචි ලංකාවේ  රජයේ  ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට  රාජ්‍ය  නිලධාරීන් හොඳටම  ප්‍රමාණවත්ය . පළාත් සභා අ පමත බලෙන් පැටවූ එකකි.මේ බෝම්බයේ කැබැල්ලක් වත් ඉතිරි නොකර විනාශ කල යුතුය.කැබලි ඉතිරි කළහොත් දිනෙක හතුරෝ ඒවා පුරුද්දා ගනු ඇත .   SWRD අගමැති   රන්පවුම් වතු  හා විදේශ සමාගම් ජනසතු කරමින්  බැරෑරුම් කාරය භාරයක් කලේ  ද  සිරිමාවෝ මැතිනිය රට ස්වයං පෝෂිත කිරීමේ  පරමාර්ථයෙන්     දේශීය නි ශ් පාදන නංවමින්  සල්ලහුක දිවියකට රට හුරු කිරීමේ භාරධුර කාර්යයට  අ ත ගැසුවේත්,, එමෙන්ම  අපට කිසිදා නුපුරුදු    හෙළුවැලි ආර්ථිකය ක්  JR විසින් අවලං ලෙස බලවත් විරෝධයන් මැද වුවද  ක්‍රියාත්මක කලෙත්  නිලධාරී න් මගින් පමණි . ඉදින්  මේ කාරියට  නිලධාරීන්ට අමතරව  මේ පුංචි රට කරවන්නට පළාත් සභා මන්ත්‍රීවරු ((2024 ගණන )) 455 + පාර්ලිමේන්තු මන්ත්රීන් 225  කුත් අවශ්‍යද ?  නිලධාරීන් ගේ වංහුං  අ යථා වැඩ සොයා බැලීමට  අවශ්‍යම නම්  සොයාබලා  බලා වාර්තා කිරීමට පමණක්(((( රාජකාරියට ඇඟිලි ගැසීමට නොව )) ‘’ජනතා මණ්ඩල’’ පත් කල හැක එය දුෂණ විරෝධීන්ගේ යුතුකමකි . ඒ අනුව ක්‍රියා කිරීමට 225 ඕනෑවටත් වඩා ප්‍රමාණවත්ය . නිලධාරීන්  ගසා කෑවත් මන්ත්‍රීවරු ගසාකන ප්‍රමාණයෙන් දාහෙන් එකක් වත් ගසා කන්නේ නැත .  ‘’ කුරුළු පාළුව ‘’’කුඹුරු ගොවියාටද පුරුදු එකක් නිසා  ඒ පාඩු දරා ගැනීම අපට එතරම් අපහසු නොවේ. ප

ධර්මසිරි සෙනෙවිරත්න—-ඇමරිකාවේ සිට         .

Comments are closed.

 

 


Copyright © 2026 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress