දකුණු ඉන්දීය කම්කරු පිළිලය 6
Posted on October 13th, 2016
ධර්මසිරි සෙනෙවිරත්න
ඉංග්‍රීසින්ගෙන් පසුව ලංකාවේ දේශපාලන හා ආර්ථික බලය ලබාගත් අ ය ඉංග්‍රීසින් නිසාම ධනපති ප්‍රභූ පන්තියට රිංගු අයමිස දුටුගැමුණු විජයබා පරපුරේ ය නොවෙති 1818 නිදහස් සටන මර්ධනයකිරීමට ඉංග්‍රීසින්ට සහය දුන් ජාති බ්‍ර්ෂ්ට ස්වදේශිකයන්ට 1833 වවිටම අක්කර 50,000 පමණ ඉංග්‍රීසින් විසින් ප්‍රදානය කර තිබු බව පැට්‍රික් ෆීබල්ස් ට අනුව පෙනී යය් .
මේ ප්‍රදාන ලාභීන්ගෙන් වැඩි හරියක් පහතරට මුදලිවරුය.. උඩරැටියන් ඉංග්‍රීසින්ගේ කුලීකාරයන් වීමෙන් වලකිනවිට එහිගිය පහතරැටියෝ ඉංග්‍රීසින් යටතේ කුලී කාරයන් වී ධනය උපයාගත් අතර මුඩුබිම් පනත යටතේ අක්කරය සිලිම් දෙකතුනට විකුණනවිට උඩරට ඉඩම් මිලදී ගත්හ. 1860-1889අතරවිකුණු ඉඩම්වලින් අක්කර83700 කමමිලටගත්තේ පහතරටින්පැමිණි කරාව වන්ශිකයන් වනඅතරආරම්භක ගැනුම්කරුවන් 28 අතරින් 22ක් ම එම වංශිකයෝ වෙති ගොවිගම අය 6 කි. මොරටුවේ වඩුකාර්මිකයෝ සහ වෙනත් මේසන් හා මිකනික් වරු වූ පහතරට ශ්‍රමිකයන්ගේ මාසිකවැටුපපවුම්5ක් වූ අතරමෙකල වතුකම්කරුවෙකුගේ වැටුප මසකට පවුම් 1 කි. මෙසේඉංග්‍රීසින්ට පක්ෂපාතීවූ අය ආර්ථික වශයෙන් වර්ධනය වුහ බටහිර පළාතේ රේන්දකරුවන් 189 න් 158 ක් ම කරාව වංශිකයන්ය. ගොවිගම අය මේ වුර්තිය බාර ගත්තෙම නැති තරම්ය. 1825 දී සාමාන්‍ය දැව සපයන්නෙකු වූ මොරටු පළාතේ ජෙරෝනිස් ද සොය්සා අරක්කු රේන්ද කරුවෙකු වීමෙන් පසුව 1837-1842 අතරකාලයේදීම පවුම් 1200 ක් පමණ යොදා අක්කර 908 ක් මිලදී ගත් බව ෆීබල්ස් වාර්තාකරය්.. 1839දීඇරඹුන ලංකාවේ ප්‍රථම බැංකුවේ හිමිකරුවාවූ ඔහුට වාසල මුදලි තැන තුරක් ඩ පිරි නමන ලදී 1863 වන විට ඔහුට කෝපි අක්කර 2035 ක් හිමිවූ බව මය්කල්රොබට්ස් වාර්තාකරය්
ඩේන්හම් සංගණනයට අනුව 1911වනවිට තැබෑරුම් කරුවෝ 1561 ක් විය ෆීබල්ස්ට අනුව බදුල්ලේ රෙන්දකරු ඩයස් ගේ වසරක් ශුද්ධ ලාභය රුපියල් ලක්ෂයකි මධ්‍යම පළාතේ අයෙකුගේ ලාභය ලක්ෂ පහකි . ප්‍රභූ පැලැන්තියක්වුනේ මෙහෙව් අයය් රටේ පාලනය හැසිරවුයේ මොවුන්ය. බටහිර ගැති මොවුන් අනුගමනයකල සාමාන්‍ය ජනතාවද මං මුලාවුහ.. බුරුමය ෆීජි මැලේසියාව උගන්ඩාව සිංගප්පුරුව ආදී රටවල ඉන්දියානුවන් පිටවීමෙන් පසුව ඒ රටවල ස්වදේශිකයන් සැනසුම් සුසුම් හෙලද්දී අපේරටේ උඩරට අහිංසකයෝ එක පසෙකින් දෙමලුන්ටත් අනෙක් පසින් පහතරට රෙන්දකරුවන්ටත් මැදිවී හව් හරණක් නැතිව අසරණවුහ.
මතු සම්බන්ධය
October 14th, 2016 at 4:27 am
කොලඹ අදත් ඔක්කොම ඉන්දියානු පරපෝසිතයන්ය
October 14th, 2016 at 12:39 pm
“1860-1889අතරවිකුණු ඉඩම්වලින් අක්කර83700 කමමිලටගත්තේ පහතරටින්පැමිණි කරාව වන්ශිකයන් වනඅතරආරම්භක ගැනුම්කරුවන් 28 අතරින් 22ක් ම එම වංශිකයෝ වෙති ගොවිගම අය 6 කි. මොරටුවේ වඩුකාර්මිකයෝ සහ වෙනත් මේසන් හා මිකනික් වරු වූ පහතරට ශ්‍රමිකයන්ගේ මාසිකවැටුපපවුම්5ක් වූ අතරමෙකල වතුකම්කරුවෙකුගේ වැටුප මසකට පවුම් 1 කි.”
Nevrtheless, Veera Puran Appu was a Fernando from Moratuwa of කරාව cast. Who cares the cast ?