මෛත්‍රී පක්ෂයට කරන සේවය !
Posted on September 8th, 2017

කංචන  විජේසේකරගෙන් පක්ෂ නායකයාට අධි චෝදනා පත්‍රයක්

  • 2014 නොවෙම්බර් මස පක්ෂයෙන් ඉදිරිපත් කල අපේක්ෂකයා පරාජයට පත් කිරීමට එක්සත් ජාතික පක්ෂය සහ අනෙකුත් කණ්ඩායම් සමග අත්වැල් බැඳ ගැනීම .
  • 2015 ජනවාරි 09 වන දින පාර්ලිමේන්තුවේ සන්ධානයට හිමිව තිබු අගමැතිධුරය සහ ආණ්ඩු බලය සුළුතරයක් හිමිව තිබු රනිල් වික්‍රමසිංහට ලබා දීම. 
  • 2015 ජනවාරි මස සන්ධානයට බලය තිබුනු ඌව පළාත UNP එකටත්, නැගෙනහිර බලය Muslim congress එකටත් ලබා දීම. 
  • පක්ෂයේ මධ්‍යම කාරක සභාවක් තිබියදී දුමින්ද දිසානායක ලේකම් ලෙසත් , S.B. නාවින්න භාණ්ඩාගාරික ලෙස පත් කර ගත් මධ්‍යම කාරක සභාවක් නම් කිරීම. 
  • පක්ෂයේ නව සභාපති ලෙස කලබල මැද පත්වී , භාණ්ඩාගාරිකව සිටි ඩලස් අලහප්පෙරුම ඉවත් කිරීම. 
  • මධ්‍යම කාරක සභාවේ සිටි මහින්ද රාජපක්ෂ හිතවාදින් ඉවත් කර සහ ආසන සංවිධායකවරු ඉවත් කර හංසයාට කතිරය ගැසූ සහ දුර්වල පිරිසක් ඒවෙනුවට පත් කිරීම. 
  • පළාත් පාලන ආයතන විසුරුවා සන්ධානයට තිබු ග්‍රාමීය බලය නිෂ්ක්‍රීය කිරීම
මහමැතිවරණය 2015
  • නාම යෝජනා ලබා දීමේදී මහින්ද හිතවාදීන් ලෙස සලකා පිරිසකට නාම යෝජනා ලබානොදීම 
  • නාමයෝජනා ලබාදී පැය 48 කට පසුව ප්‍රසිද්ධ ලිපියක් මගින් මහින්ද මහතාට අගමැතිකම නොදෙන බව සඳහන් කිරීම. 
  • පක්ෂයේ සභාපති වශයෙන් මැතිවරණයට දායක නොවීම. 
  • ඡන්දයට පැය 48 ට පෙර පක්ෂයේ සහ සන්ධානයේ ලේකම් වරු දෙපළ ඉවත් කිරීම. 
  • පළමු වතාවට පක්ෂයේ සභාපතිවරයාගේ ආසනය පරාජයට පත් වීම 
  • අභියෝග සහ බාධක හමුවේ ලබාගත් මන්ත්‍රීධුර මගින් සන්ධානයට ආණ්ඩුවක් සැදීමට තිබු අවස්ථාව අහිමි කර ජාතික ලිස්තුවට පරාජිතයන් පත් කර රනිල්ට අගමැතිධුරය ලබා ගැනීමට අවකාශ සැලසීම.
  • අවුරුදු දෙකකට ජාතික ආණ්ඩුවකට අත්සන්කර රනිල්ගේ ආණ්ඩුව ශක්තිමත් කිරීම. 
  • විපක්ෂ නායක ධුරය මන්ත්‍රීවරු16ක් සිටින TNA එකට ලබා දීම.
  • මන්ත්‍රීවරු 6ක් සිටින JVP එකට විපක්ෂයේ සංවිධායක ධුරය ලබා දීම 
  • පළාත් පාලන මැතිවරණය දිගින් දිගටම කල් දැමීම 
  • අවුරුදු දෙක ඉක්මවන්න පෙර අවුරුදු පහකට ජාතික ආණ්ඩු දීගය දීර්ඝ කිරීම 
  • පක්ෂයේ ප්‍රතිපත්ති වලින් බැහැරව රාජ්‍ය දේපල විකිණීම 
  • පළාත් සභා තුල සිටින පක්ෂයේ ජේෂ්ඨ ඇමතිවරු ඉවත් කිරීම. 
  • පළාත් සභා ඡන්දය කල් දැමීමට යෝජනා ඉදිරිපත් කර මධ්‍යම කාරක සභාවේ තීරණය නොසලකා උතුරැ මැද සභාවේ එය සම්මත කිරීම. 
  • පළාත් පාලන ඡන්දයට සංශෝධන එකතු කර පක්ෂයේ විශාල පිරිසකට නැවත තරඟ කිරීමට තිබෙන අයිතිය අහිමි කිරීම සහ එයට පක්ෂව පාර්ලිමේන්තුවේ ඡන්දය ලබා දීම. 
  • UNP විරෝධී සටනේ සිටින පාක්ෂිකයන්ගේ සාමාජිකත්වය අහෝසි කිරීමට තීරණ ගැනීම. 

    මෙම කරුණු සලකා බලා පක්ෂයෙන් ඉවත් කළ යුත්තේ කවුද?

කංචන විජේසේකර

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress