යුද්ධයේ අවසන් දින කිහිපය මෙහෙයවූයේ ගෝඨාභය රාජපක්‍ෂයි.. ජනපතිගේ නිවුයෝක් ප‍්‍රකාශය ෆොන්සේකා යළි පතුරු ගහයි
Posted on September 30th, 2018

Lanka Lead News

ශ්‍රී ලංකාවේ පැවති යුද්ධය ගැන කවුරුන් වුවද වැරදි තොරතුරක් කියන්නේනම් එය නිවැරදි කිරීමට තමන් පසුබට නොවන බව වනජීවී ඇමති සරත් ෆොන්සේකා මහතා පවසයි.

යුද්ධය පැවති අවසන් දින කිහිපයේදී හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ලංකවේ සිටි බවත් ඔහු සිටියදී වෙනත් කිසිදු ඇමතිවරයෙකුට ඊට අතගැසීමේ අවශ්‍යතාවයක් නොවූ බවත් ෆොන්සේකා මහතා අවධාරණය කර සිටියි.

යුද්ධය පැවති කාලසීමාව තුළ ඉන්දියාවෙන් ශ‍්‍රී ලංකාවට කිසිම තර්ජනාත්මක දෙයක් නොතිබූ බවත් ඉන්දියවෙන් ආශිර්වාදය තිබූ බවත් එවකට හිටපු හමුදාපතිවරයා වූ සරත් ෆොන්සේක මහතා සදහන් කරයි.

දෙරණ රූපවාහිනියේ ‘මොකද වුනේ’ වැඩසටහන හා එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

කොටි සංවිධානය ඉන්දියාවේ හෝ වෙන කොහේ හෝ සිට කොලඹට ගුවනින් දැවැන්ත ප‍්‍රහාරයක් එල්ල කරනු ඇති බවට ලද තොරතුරු මත යුද්ධයේ අවසන් සති දෙකේදී හිටපු ජනාධිපතිවරයා, හිටපු අගමැතිවරයා, හිටපු හමුදාපතිවරයා, හිටපු ආරක්ෂක ලේකම්වරයා එම කාලයේදී ලංකාවේ නොසිටි බවත් තමන් වැඩ බලන ආරක්‍ෂක ඇමතිවරයා ලෙස එම යුද්දයේ කටයුතු මෙහෙයවූ බවත් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පසුගියදා නිවුයොක් හිදී කරන ලද ප‍්‍රකාශයකට පිළිතුරු ලෙස ෆොන්සේකා මහතා මෙම අදහස් පළ කළේය.

2 Responses to “යුද්ධයේ අවසන් දින කිහිපය මෙහෙයවූයේ ගෝඨාභය රාජපක්‍ෂයි.. ජනපතිගේ නිවුයෝක් ප‍්‍රකාශය ෆොන්සේකා යළි පතුරු ගහයි”

  1. Dilrook Says:

    Yes; Gotabaya was in the country. Sirisena is wrong in that. However, he is partly correct about Fonseka and Mahinda who were absent on some crucial days in May 2009.

    Don’t place too much emphasis on what Fonseka says here. He made a public statement in January 2010 alleging Gotabaya ordered to shoot them (surrendered terrorists which is a war crime). Now he is trying to be consistent with that allegation.

    Fonseka’s supporters (at least 4) have been arrested recently on possession of narcotics and weapons. Now he seems to trying to join the other political camp for his own survival.

  2. Randeniyage Says:

    One thing I noticed is Fonseka has been consistent.

    1. He always insisted “strong armed forces” and he wanted to make it stronger after the war but Mahinda kicked him out. Even now he is insisting this which is right.

    2. He always said Gota is responsible for overall running of armed forces, but he siad “men in a/c rooms’ didn’t win the war and he (Fonseka) himself is the mastermind.

    3. He said South Indian politicians as bunch of jokers.

    How could Sirisena take the command when Gota is there ? Whole country knows this, he can’t fool people of Sri Lanka.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress