ශ්‍රී මුඛයෙන් පවසන වදන් යනුවෙන් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාසට ඉල්ලීමක්
Posted on October 5th, 2019
උපුටා ගැන්ම හිරු පුවත්
අමාත්‍ය සජිත් ප්‍රේමදාස කොළඹ පැවති මැතිවරණ ප්‍රචාරක රැස්වීමකට ඊයේ එක්වෙමින් ඔහුගේ ශ්‍රී මුඛයෙන් පවසන වදන් යනුවෙන් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් සමාජය තුළ පුළුල් සංවාදයක් මතුව තිබෙනවා.
බුදු පියාණන් වහන්සේ උදෙසා වූ ගෞරවය දේශපාලනයට යොදා නොගන්නා ලෙස සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කරන බවයි සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ සභාපති පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් ප්‍රකාශ කළේ.
උන්වහන්සේ මේ බව කියා සිටියේ හෘද සාක්ෂියේ ආමන්ත්‍රණය යන තේමාව යටතේ සුරකිමු ශ්‍රී ලංකා සංවිධානය කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටින් ආරම්භ කළ පාද යාත්‍රාව අතරතුර පේරාදෙණිය – ගැටඹේ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
පාද යාත්‍රාව අද මහනුවරින් අවසන් කෙරුණා.