Author Archive for Nalin De Silva

ශ්‍රී ල නි ප දිනවීමට මෛත්‍රිපාලට බැහැ

Monday, April 27th, 2015

නලින් ද සිල්වා මෛත්‍රිපාල සිරිසේන රසිකයෙකි. ඔහුට කවි හා විරිදු කීමට හැකි ය. ඔහු ඉඳහිට විහිළු ද කරයි. ජනතාව ඔහුගේ විහිළුවලින් රසයක් විඳිති. එහි වරදක් නැත. ජනාධිපති ජනතාව සතුටු කළ යුතු ය. ඔහු බොරු කියන්නේ යැයි මම නො කියමි. රහතන් වහන්සේට අනුව නම් අප වැනි පෘථග්ජනයන්ගේ සියළු දැනුම් මුසා ය. එහෙත් මා මෙහි දී බොරු […]

More >

19 ට පෙර 20 ගත යුතු ය

Monday, April 27th, 2015

නලින් ද සිල්වා මාතෘකාව දුටු විගස ම මගේ අංකගණිත දැනුම ගැන ප්‍රශ්න කිරීමට ඉදිරිපත් වන්නෙක් සිටියි. වාසනාවකට ඔහු සිටින්නේ කැනඩාවේ ය. එහෙත් එයින් කියැවෙන්නේ එවැන්නන් ලංකාවේ නැති බව නො වේ. සිංහල බෞද්ධයන්ට නිරවුල් ව පැහැදිලි ව කල්පනා කිරීමට නොහැකි බව මා තේරුම් ගෙන බොහෝ කල් ය. අප රටේ ව්‍යාකූලත්වයට එක් හේතුවක් වන්නේ ද එය ය. […]

More >

දහනවවැනි සංශෝධනය කා සඳහා ද?

Sunday, April 26th, 2015

නලින් ද සිල්වා දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා බව මාදුළුවාවේ සෝභිත හිමියෝ පවසති. එම සංශෝධනය සම්මත වන තුරු උපවාසයක යෙදීමට ද උන්වහන්සේ බලාපොරෙත්තු වෙති. සෝභිත හිමියන් ප්‍රසිද්ධියට අකමැති නොවන බව අපි දනිමු. උන්වහන්සේගේ යෝජිත උපවාසය ගැන අපි පුදුම නො වෙමු. උන්වහන්සේ ප්‍රජාතන්ත්‍රවාදයට පක්‍ෂ බැවින් විධායක ජනාධිපති  ධුරයේ බලතල කපා දැමීමට පක්‍ෂව උපවාස කරති. එහෙත් […]

More >

19 හා රනිල්

Sunday, April 26th, 2015

නලින් ද සිල්වා 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන්නේ මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ඊනියා සාධාරණ සමාජයවත් අතුරලියේ රතන හිමියන්ගේ ඊනියා පිවිතුරු හෙටක්වත්් ඇතිකිරීමට නොවන බව අපි දිගිට ම කීවෙමු. සංශෝධනයේ අරමුණ දෙමළ ජාතිවාදීන්ට කප්පන් දීමත් සිංහල බෞද්ධ සංස්කෘතියට මෙරට හිමිතැන තවදුටත් අඩු කිරීමටත් රනිල් වික්‍රමසිංහට විධායක බලතල හැකිතාක් හිමිකර දීමටත් ය. රනිල්ට ජනාධිපතිවරණයකින් ජයගෙන සම්මම ජාතියේ […]

More >

අර්ජුන් වැඩ අල්ලයි

Saturday, April 25th, 2015

නලින් ද සිල්වා අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරු වැසියෙකි. ඔහු ශ්‍රී ලංකාවේ මහා බැංකුවේ අධිපති ය. ඔහු සිංහල අවුරුද්ද පැවැත්වී දැයි නො දනිමු. එහෙත් ඔහු අවුරුද්දෙන් පසු නැවතත් බැංකුවේ වැඩ අල්ලා ඇත. මහා බැංකු බැඳුම්කර නිකුතුවක් සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව චෝදනාවක් විය. ඔහු ඒ චෝදනාවෙන් නිදහස් වී ඇත. ඉතින් ඔහු වැඩ ඇල්ලීමේ වරදක් ඇතැයි කියන්නේ කෙසේ ද? මුදල් […]

More >

උගත් කුහකයෝ 

Saturday, April 25th, 2015

නලින් ද සිල්වා බුදුන් වහන්සේගේ විනය පිටකය නීතියක් ලෙස ගතහොත් ඒ හැරෙන්නට නීතිය ලෝකයේ කිසි දිනෙක කිසි තැනක  සියළු දෙනාට එක ම ආකාරයෙන් ක්‍රියාත්මක වී ඇතැයි මම නො සිතමි. එයට ප්‍රධාන හේතුව නීතිය ද පෘථග්ජනයන්ගේ දැනුම් පද්ධතියක් වීම හා දැනුම් පද්ධතියක් ලෙස එය සාපේක්‍ෂ වීමත් නීතිය පෘථග්ජනයන අතින් ක්‍රියාත්මක වීමත් ය. සාපේක්‍ෂ දැනුම් ඒ ඒ […]

More >

ශ්‍රී ල නි පක්‍ෂය ප්‍රමුඛ සංධානය 19 ට පක්‍ෂව ඡන්දය නොදිය යුත්තේ ඇයි?

Friday, April 24th, 2015

නලින් ද සිල්වා ශ්‍රී ල නි පක්‍ෂය ප්‍රමුඛ සංධානය 19 ට පක්‍ෂව ඡන්දය නොදිය යුත්තේ ඇයි? ශ්‍රී ල නි පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්‍ෂව ඡන්දය දීමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි. සෝලංගආරච්චි, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ආදීන්ගෙන් සමන්විත මධ්‍යම කාරක සභාවක් මෛත්‍රිපාල සිරිසේනට අවශ්‍ය තීරණ ගැනීම ගැන අපි පුදුම නො වෙමු. එහෙත් ඒ […]

More >

මෛත්‍රිපාල නොකී දේ

Friday, April 24th, 2015

නලින් ද සිල්වා මෛත්‍රිපාල සිරිසේන අප්‍රේල් 23 වැනි දා ජාතිය ඇමතී ය. ඔහු ජනතාවගේ ඡන්දයෙන් ජනාධිපති වූවෙකි. ඒ අතින් ඔහු අගමැතිකම පික්පොකට් ගැසූ රනිල් වික්‍රමසිංහට වඩා වෙනස් ය. මහා බැංකු කොල්ලයේ මුල සිටින රනිල් සංධානයේ මැති ඇමතිවරුන් ගැන කතාකරන්නේ ඔවුන් හොරුන් ලෙස හඳුන්වමිනි. රාජිත ද ඒ හොරුන් අතර වේ දැයි අපි නො දනිමු. කෙසේ වෙතත් […]

More >

අපි නැවතත් වහල්ලු වෙමු

Thursday, April 23rd, 2015

නලින් ද සිල්වා මෛත්‍රිපාල සිරිසේන ජාතිය අමතා කරන ලද කතාවෙන් ඉතා වැදගත් දෙයක් කීවේ ය. ඔහු කියා සිටියේ ඒබ්‍රහම් ලින්කන් වහලුන් නිදහස් කිරීමෙන් පසුව ද ඇතැම් වහලුන්ට වහල්කම අවශ්‍ය වූ බව ය. අද ලංකාවේ සිදු වී තිබෙන්නේ එයට කිට්ටු දෙයකි. මහින්ද යටතේ වහල්කමින් මිදුණු අපි නැවතත් වහල්බව වුවමනාවෙන් වැළඳ ගත්තෙමු. ජනවාරි 8 වැනි දා සිදු […]

More >

අජිත් පෙරේරාගේ තර්ජනය

Wednesday, April 22nd, 2015

නලින් ද සිල්වා අජිත් පෙරේරා නියෝජ්‍ය ඇමතිවරයා ජනමාධ්‍ය සාකච්ඡාවක දී තර්ජනයක් කර ඇත. ඔහු කියනු ඇත්තේ ඒ තර්ජනයක් නොවන බව ය. ඔහු කියා ඇත්තේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අප්‍රේල් 28වැනි දාට සම්මත කරගැනීමට නොහැකි වුවහොත් එදින ම ජනාධිපති පාර්ලිමේන්තුව විසුරුවා හරින බව ය. ඔහුගේ තර්ජනය ඇතිව හෝ නැතිව හෝ ශ්‍රී ල නි පක්‍ෂය පාර්ලිමේන්තුවේ දී […]

More >

දහනවයට පළමු රනිල් ඉවත් කළ යුතුයි

Wednesday, April 22nd, 2015

නලින් ද සිල්වා මෙරට බිහි වූ කපටි ම දේශපාලනඥයකු වූ මෛත්‍රිපාල සිරිසේන ශ්‍රී ල නි පක්‍ෂය ගොනාට ඇන්දවීමට සැරසෙයි. එහෙත් ඔහු පරාජය කිරීම අපහසු කාර්යයක් නො වේ. ජනාධිපති ලෙස පත් වී ඇති මෛත්‍රිපාල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අද හෙට ගෙදර යැවිය හැකි නො වේ. එහෙත් පාර්ලිමේන්තුවට ඕනෑම අවස්ථාවක රනිල් ගෙදර යැවිය හැකි ය. විජාතික බලවේගවල සහය […]

More >

කිරිඇල්ලගේ තවත් හෙළිදරවුවක්

Tuesday, April 21st, 2015

නලින් ද සිල්වා මෛත්‍රිපාලට කෙසේ වෙතත් රනිල්ට ගෙදර යෑමට කාලය පැමිණ ඇත. ඔහු යන දිනය නිශ්චිත ව කීමට නොහැකි වුවත් බරක් ඔබාමාට, ජෝන් කෙරීට, නරේන්ද්‍රසිං මෝදිට, සෝනියා ගාන්ධිට, ඩේවිඩ් කැමරන්ට, එඩ් මිලිබෑන්ඩ්ට, විදේශීය ඔත්තු සේවාවලට හා දෙමළ ජාතිවාදීන්ට අවශ්‍ය අන්දමට මෙරට පාලනය කිරීමට නොහැකි බව රනිල් මෙන් ම මෛත්‍රිපාල ද තේරුම් ගත යුතු ය. මෛත්‍රිපාල […]

More >

සිංහලයන්ට සුද්දන්ගේ ඒරාෂ්ටකය ලබයි

Tuesday, April 21st, 2015

නලින් ද සිල්වා මේ  ලැබූ අවුරුද්ද බතින් බුලතින් කෙසේ වෙතත් බුලටින් (වෙඩි උණ්ඩ මෙන් ම නිවේදන ද යන ද්විත්ව අරුතින්) සපිරි අවුරුද්දක් වීමට ඉඩ ඇත. මෙය ජ්‍යොතිෂය අනුව කරන අනාවැකියක් නොව දේශපාලන ලෝකයෙහි සිදුවීමට ද එහෙත් වළක්වා ගැනීමට ද හැකියාව (සම්භාවිතාවක්) ඇති කරුණකි. සුද්දන්ගේ ඒරාෂ්ටකයක් සිංහලයන්ට ලබා ඇත. සිංහලයන්ගේ ලග්නාධිපති නීච ය. අඟහරු ද නීච […]

More >

අල්ලස් කොමිසමේ සභාපතිනිය ඉවත් කළ යුතුයි

Monday, April 20th, 2015

නලින් ද සිල්වා  යමපාලනයට දින සියය පිරී ඇත. මේ දින සියය ඇතුළත කෙරී ඇත්තේ මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව විසින් වැඩ අරඹන ලද ගොඩනැගිලි පාරවල් ආදිය විවෘත කිරීමත් සුදු කොඩි කතාව කියමින් ඊනියා යුද්ධාපරාධ චෝදනා ඇරඹූ සරත් ෆොන්සේකාට දිය නොහැකි ෆීල්ඩ් මාෂල් ධුරයක් ලබාදීමත්, නොයෙකුත් දුෂණවල නිරත වීමත්, දේශපාලනය වෙනුවට මෛත්‍රිය පාලනය කර ද්වේෂය වර්ධනය කිරීමත් ය. […]

More >

මහා බැංකු කොල්ලය

Sunday, April 19th, 2015

නලින් ද සිල්වා කිනම් අතකින් බැලූව ද සිදු වී ඇත්තේ මහා බැංකු කොල්ලයකි. එය මහා බැංකුවේ සිදු වූවක් නිසා මහා බැංකු කොල්ලයක් ලෙස හැඳින්විය හැකි ය. අනෙක් අතට බැංකු කොල්ලය ඉහළ පරිමාණයේ එකක් වීම නිසා ද මහා බැංකු කොල්ලයක් වෙයි. එය හෙට අනිද්දා රටේ බොහෝ තැන්වල පැවැත්වෙන මහා බත් දන්සල්වලින් වෙනස් වෙයි. මහා බත් දන්සල් එසේ වන්නේ […]

More >

19 පැරදවිය යුත්තේ ඇයි?

Sunday, April 19th, 2015

නලින් ද සිල්වා 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය යනු තවත් ව්‍යවස්ථා සංශෝධනයක් නො වේ. එය සිංහලයන්ගේ මිනී වළ කපන සංශෝධනයකි. බැලූ බැල්මට එහි ඇත්තේ ජනාධිපතිගෙන් විධායක බලතල අගමැතිට පැවරීම ය. ඒ සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ කඩිමුඩියේ ය. ඊනියා දින සියයේ වැඩසටහනෙන් රනිල් වික්‍රමසිංහ උනන්දුවක් දැක්වූයේ ද 19 වැනි සංශෝධනයට හා අමතර ව උතුරු සහ නැගෙනහිර පළාත්වල […]

More >

මෛත්‍රිපාලට බටහිර හා ඉන්දීය බලපෑම්

Saturday, April 18th, 2015

නලින් ද සිල්වා පසුගිය දිනෙක එක්සත් සංධානයේ නායකයන් මෛත්‍රිපාල සිරිසේන මුණගැසුනු අවස්ථාවක ඔහු පවසා ඇත්තේ එංගලන්තය, ඇමරිකාව, කැනඩාව, යුරෝපා සංගමය ඇතුළු බටහිර රටවල් හා ඉන්දියාව තමන්ට මහත් බලපෑම් කරන බව ය. ඒ රටවල් වඩා විශ්වාසය තබන්නේ රනිල් වික්‍රමසිංහ කෙරෙහි බවත් මහින්ද රාජපක්‍ෂ හා ගෝඨභය රාජපක්‍ෂ ඇතුළු හතළිස් එක් දෙනකුට යුද්ධාපරාධ පිළිබඳ නඩු විභාග කළ යුතු […]

More >

සෝමවංශ හා ජ වි පෙ වෙස්මුහුණ

Saturday, April 18th, 2015

නලින් ද සිල්වා සෝමවංශ ජ වි පෙරමුණෙන් ඉවත්වීම මෙරට දේශපාලනයට බලපාන කරුණක් නොවන නමුත් ඒ හේතුවෙන් ජ වි පෙ තවදුරටත් හෙළිදරවු වීම අප නොසලකා හැරිය යුතු නො වේ. ඒ සම්බන්ධයෙන් ජ වි පෙරමුණෙන් කැඩී ගිය පෙරටුගාමීන් කියන්නේ ජ වි පෙරමුණේ අද ඇත්තේ දකුණ හා දකුන අතර අරගලයක් බව ය. ඔවුන්ගේ තඹ දොයිතුවකටවත් වැඩක් නැති මාක්ස්වාදය […]

More >

අවුරුද්ද දෙමළ වූයේ කෙසේ ද?

Friday, April 17th, 2015

නලින් ද සිල්වා එංගලන්තයේ කම්කරු පක්‍ෂයේ නායක වූ ද එලිසබෙත් වින්ඩිසර්ගේ විරුද්ධ පක්‍ෂයේ නායකයා වූ ද එඩ් මිලිබෑන්ඩ් දෙමළ ජනයාට පමණක් අලුත් අවුරුදු පණිවුඩයක් නිකුත් කිරීම බොහෝ සිංහල ජාතිකවාදීන්ට ප්‍රශ්නයක් වී ඇත. එහෙත් ඒ බොහෝ දෙනා සිංහල හා දෙමළ අවුරුද්දක් ගැන කතාකරති. අවුරුද්ද සිංහල හා දෙමළ වූයේ කෙසේ ද යන්න ඔවුන්ට ප්‍රශ්නයක් නො වේ. ඔවුහු […]

More >

ෆෝටෝනයේ ශක්තිය හා ස්කන්ධය

Friday, April 17th, 2015

නලින් ද සිල්වා  ඩී එස් සී උපාධිධාරි සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතාගේ සහයට පැමිණි බෝධි ධනපාල මහතා බොහෝ විට කරන්නේ අමරතුංග මහතා මෙන් ම තමන් අවබෝධයකින් තොරව කිසිවකුගෙන් හෝ පොතපතින් හෝ අහුලාගත් අදහසක් අනෙක් අයට පැවසීම ය. ධනපාල මහතා තම ගුරුවරයකු වූ ද කැනඩාවේ භෞතික විද්‍යාඥයකු ලෙස සේවය කරන්නා වූ ද ආචාර්ය චන්ද්‍රසිරි  ධර්මවර්ධන […]

More >

සෝමවංශ ඉවත්වෙයි

Friday, April 17th, 2015

නලින් ද සිල්වා තමා ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස් වූ බව සෝමවංශ අමරසිංහ කියා ඇත. එහෙත් ජ වි පෙ ඒ ඉල්ලා අස්වීම භාරගෙන ඇති බවක් නො පෙනෙයි. විජිත හේරත්ට අනුව ජ වි පෙ පක්‍ෂයෙන් ඉල්ලා අස්නොවන ලෙසට සෝමවංශගෙන් ඉල්ලා ඇත. සෝමවංශ ඒ ඉල්ලීම පිළිගෙන ඇති බවක් ද වාර්තා නො වෙයි. සෝමවංශ කියා ඇත්තේ තමා […]

More >

බහුමැතිවරණ බල ප්‍රදේශ එපා

Wednesday, April 15th, 2015

නලින් ද සිල්වා මැතිවරණ කොමසාර්ස් හෙවත් මැකො විසින් ඉදිරිපත් කරන ලද අදහසක් ක්‍රියාවට නංවමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 225 දෙනකුගේ සිට 250 දක්වා වැඩි කිරීමට ශ්‍රී ල නි පක්‍ෂය යෝජනා කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි. මේ වාර්තා අනුව ම කටයුතු සිදු නොවන බව අපි දනිමු. එහෙත් ඒ අදහස පිටුපස ඇත්තේ කුමක් දැයි අප විශ්ලේෂණය කළ […]

More >

නොනගතය

Wednesday, April 15th, 2015

නලින් ද සිල්වා අවුරුදු දවස්වල රූපවාහිනී නාලිකා මගින් විවිධ පඬියෝ විවිධ කතා කියති. බොහෝ පඬියන්ට ද පඬි නිවේදකයන්ට ද අනුව මේ ගෙවී යන්නේ සිංහල දෙමළ අලුත් අවුරුද්දකි. ඇතැම්හු තම පඬි බව තවත් ප්‍රදර්ශනය කරමින් සිංහල දමිළ අවුරුද්දක් ගැන කියවති. මෙරට උගත් යැයි සම්මත සිංහල බෞද්ධයනට සිංහල බෞද්ධ චින්තනය ගෑවීවත් නැත. ඔවුහු අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර පවත්වති. […]

More >

සිංහලයන්ට භයානක අවුරුද්දක්

Tuesday, April 14th, 2015

නලින් ද සිල්වා  ඇමරිකාවේ රාජ්‍ය ලේකම් ජෝන් කෙරී අලුත් අවුරුද්දට සුබ පැතුම් නිකුත් කර ඉංගිරිසි පැය විසිහතරක් ගතවීමට පෙර එංගලන්තයේ අගමැති ඩේවිඩ් කැමරන් හා විපක්‍ෂ නායක එඩ් මිලිබෑන්ඩ් ද  සුබ පැතුම් එකතු කර ඇත. ඇංග්ලො සැක්සන්වරුන් අපේ අවුරුද්ද ගැන මෙතරම් උන්දුවක් දැක්වීමෙන් පෙන්නුම් කරන්නේ කල්පනාවෙන් වැඩ නොකළහෙත් සිංහලයන්ට  භයානක අවුරුද්දක් උදා වන බව ය. අපේ රටට හා […]

More >

සංස්කෘතික ආවර්ජනා

Tuesday, April 14th, 2015

නලින් ද සිල්වා සිංහල සංස්කෘතියට තර්ජන දෙකක් වෙයි. අවුරුදු කටේ දී ඒ පිළිබඳ කෙටියෙන් කෙරෙන හැඳින්වීමකි. පළමු තර්ජනය සිංහල සංස්කෘතියෙහි විරුද්ධවාදීන්ගෙනි. ඔවුහු සිංහල සංස්කෘතිය දඬු කඳේ ගසති. සිංහල සංස්කෘතිය ගැන කතාකරන්නන් ළිං මැඩියන්, පසුගාමීන්, ආදීන් ලෙස හඳුන්වමින් ඔවුහු බටහිර මතවාද පට්ටා ගසති. ඔවුන්ගෙන් සමහරෙක් පඬියෝ වෙති, එසේත් නැත්නම් ප්‍රබුද්ධයෝ වෙති. ඒ අතර පිචං නමින් හැඳින්වෙන්නෝ […]

More >

ජෝන් කෙරී අවුරුද්දට සුබ පතයි

Monday, April 13th, 2015

නලින් ද සිල්වා ඇමරිකන් රාජ්‍ය ලේකම් (විදේශ ඇමති) අපට හෙට ලබන අලුත් අවුරුද්්දට සුබ පතා ඇති බව ජාතික රුපවාහිනිය වාර්තා කළේ ය. ඇතැමුන් අසන ආකාරයට කාට ද ආඩම්බරේ යනුවෙන් අප ඇසිය යුතු ද? එසේත් නැත්නම් අප හැඬිය යුතු ද? මේ සුළුවෙන් තැකිය යුතු සුබ පැතුමක් නො වේ. අප හඳුනන අයකු අපට අවුරුද්දට සුබ පැතූ විට අපි […]

More >

විපක්‍ෂ නායකත්වය

Monday, April 13th, 2015

නලින් ද සිල්වා එක්තරා ආකාරයකින් ගතහොත් දුෂ්ටගාමිණී සද්ධාතිස්ස ගැටුමේ නව පිටපතක් දැන් ක්‍රියාත්මක වෙයි. දුෂ්ටගාමිණී යනු ගාමිණි අභය රජුට එතුමාගේ විරුද්ධවාදීන් දුන් නමකි. ඒ අතර තිස්සට සද්ධාතිස්ස යන නම පටබැඳිණි. අභය ගාමිණී කුමරුට විරුද්ධ වූයේ එළාර හා ඔහුගේ පුරෝහිතයා හා ආධාරකරුවන් පමණක් නො වේ. තිස්ස නමින් වූ සහෝදරයා ද විරුද්ධ විය. එමෙන් ම අශෝක රජුගෙන් […]

More >

මෛත්‍රිපාලට බලයක් නැහැ

Sunday, April 12th, 2015

නලින් ද සිල්වා මෛත්‍රිපාල සිරිසේනගේ අත්සනින් නිකුත්කර ඇති ලිපි මගින් ශ්‍රී ල නි පක්‍ෂයේ මධ්‍යම කාරක සභිකයන් හතරදෙනකුගේ මධ්‍යම කාරක සභා සාමාජිකත්වය තහනම් කෙරී ඇතැයි වාර්තා වෙයි. මා ඒ ලිපි එකක්වත් දැක නැත. එමෙන් ම ඒ හතර දෙනාගෙන් එක් අයකුටවත් කතාකිරීමට මට අවස්ථාවක් ලැබී නැත. එබැවින් මේ ලිපිය මුළුමනින් ම ජනමාධ්‍ය වාර්තා මත පදනම් වෙයි.  […]

More >

මහින්ද මෛත්‍රීපාල සමගියක් අවශ්‍ය නැහැ

Sunday, April 12th, 2015

නලින් ද සිල්වා අද ඇතැමුන් ශ්‍රී ල නි පක්‍ෂයේ ඊනියා සමගියක් සඳහා මහින්ද රාජපක්‍ෂ හා මෛත්‍රීපාල සිරිසේන එකතු කිරීමක් ගැන කතාකරනු දැකිය හැකි ය. සමහර දෙනකු කියන්නේ එකතුවට බාධාවක් වී ඇත්තේ චන්ද්‍රිකා කුමාරතුංග බව ය. චන්ද්‍රිකාට අද දේශපාලනයේ කළ හැකි දෙයක් නැත. ඇය බණ්ඩාරනායක පවුලේ දියණීයක වුව ද විජය කුමාරතුංගගේ භාර්යාව වෙයි. විජය යනු ඊනියා […]

More >

19 පැරදවීම අවුරුදු තෑග්ගකි

Saturday, April 11th, 2015

නලින් ද සිල්වා 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධ ඡන්ද විමසීම අවුරුද්දට සතියකට පමණ පසුව කෙරෙනු ඇති බව වාර්තා වෙයි. එහෙත් එය එසේ ම වේදැයි අපි නො දනිමු. රටට දේශපාලන නොනගතයක් හෙවත් සාංක්‍රමණික කාලයක් උදා කර ඇති මේ වකවානුවේ කිසිම දෙයක් නිශ්චිත ව සිදුවේ යැයි කීමට නො හැකි ය. ඉතා පැහැදිලි ව ම මෛත්‍රිපාල සිරිසේනට ශ්‍රී […]

More >

Copyright © 2026 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress