Author Archive for Nalin De Silva

ප්‍රභාකරන් ඔහුගේ සීයලා බාප්පලා හා මස්සිනාලා 

Friday, February 26th, 2016

හතරවැනි මුද්‍රණයේ පෙරවදන නලින් ද සිල්වා මේ ප්‍රභාකරන් ඔහුගේ සීයලා බාප්පලා හා මස්සිනාලා කෘතියෙහි 2013 ජූලි මස පළ වූ හතරවැනි මුද්‍රණයට ලියූ පෙරවදන ය. එය තරමක් දීර්ඝ නමුත් ඉවසිල්ලෙන් කියවන මෙන් ඉල්ලා සිටිමි. අපට කිරීමට බැරි වූ දේ මෙහි සඳහන් වෙයි.    රාජ්‍ය භාෂාව, ජාතික කොඩිය, ජාතික ගීය, දෙමළ ජනයාගේ ඉතිහාසය ආදිය පිළිබඳ ප්‍රවාද, පොතෙහි පළමු […]

More >

සිංහල සංස්කෘතිය හා යුදෙවු ක්‍රිස්තියානි ආධිපත්‍යය

Sunday, February 21st, 2016

නලින් ද සිල්වා සිංහල සංස්කෘතිය යනු කුමක් ද? මා ලියන්නේ හා කියන්නේ ප්‍රධාන වශයෙන් ම සිංහල බෞද්ධ සංස්කෘතියට හිමිවිය යුතු තැන දිනාගැනීම සඳහා ය. එහෙත් අභාග්‍යයකට මා සිංහල සංස්කෘතිය විසින් ප්‍රතික්‍ෂෙප කරනු ලැබ ඇත. ඒ ප්‍රවාද ගෙතීම සම්බන්ධයෙනි. මා සංස්කෘතිය ගැන කතාකරන විට ව්‍යාජ ධාර්මිකයන් අසන්නේ මා එකී සංස්කෘතියෙහි අයිතිකරු ද කියා ය. ඔවුන් එසේ […]

More >

ඊනියා ගුරුත්වාකර්ෂණ තරංග

Friday, February 19th, 2016

නලින් ද සිල්වා ඩී එස් සී උපාධිධාරී සේවාර්ජිත (සම්මානීිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා පසුගිය පෙබරවාරි 10 වැනි දා ලිපියෙන් ද තම මතය බටහිරෙන් හෝ නැගෙනහිරෙන් ගත් එකක් නොවන බව කීමට දැඩි උත්සාහයක් ගනියි. ඒ මහතා එහි මෙසේ කියයි. ජීවිතයේ අරුත පිළිබඳ අප ගේ මතවාදය සමඟ එකඟ වන හෝ නො වන කරුණු විද්යානවේ හෝ දර්ශනයේ ඇත්නම් […]

More >

සිංහල සංස්කෘතියේ් සොප්‍රානෝ තලයේ සංඛට නැති කිෂානිට ඇති වැදගත්කම

Wednesday, February 17th, 2016

නලින් ද සිල්වා  සංඛ අමර්ජිත්ගේ වැඩ තහනම් කිරීමට දෙරණ ආයතනය තීරණය කර ඇත්තේ කිෂානි ජයසිංහගේ දන්නෝ බුදුන් ගීතය ගැයීම ගැන කරන ලද අදහස් දැක්වීමක් සම්බන්ධයෙනි. එය බලපෑමක් යටතේ සිදුවිණි ද නැද්ද යන්න ගැන මම නො දනිමි. එහෙත් එය රනිල් වික්‍රමසිංහ බදුල්ලේ දී කරන ලද තවත් විශේෂ ප්‍රකාශයකට පසුව සිදු වී ඇත. දෙරණ මාධ්‍යවේදීන්ගෙන් මා තරමක් […]

More >

සිංහල බෞද්ධ චින්තනය හා ජාතික ගීය

Monday, February 15th, 2016

නලින් ද සිල්වා මට පුවත්පත්වලට ලිපි සැපයීම ගැන නැවත සිතීමට සිදු වී ඇත. අවුරුදු තිහක පමණ කාලයක් මා ලියූ ලිපිවලින් ප්‍රතිඵලයක් ලැබී නැති බව පැහැදිලි ය. ඒ ගඟට ඉණි කැපීමක් විය.  මේ ලිපි කියවන්නන් පිරිස ඉතා අල්ප ය. ලිපි නොකියවීමට හේතුව මා කිසිම දෙයක් අළුතෙන් නොකීම යැයි පැවසෙයි. ඔවුන්ට අනුව මා සැමදාමත් කියන්නේ එකම කරුණ […]

More >

රනිල්, කිෂානි, සංඛ හා දන්නෝ බුදුන්ගේ

Sunday, February 14th, 2016

නලින් ද සිල්වා  දෙරණ නාලිකාවේ සංඛ අමරජිත් සේවයෙන් අස්කර ඇතැයි කියැවෙයි. කෙසේ වුවත් අඩුම තරමෙන් ඔහුගේ වැඩ තහනම කෙරී ඇත. අද (පෙබරවාරි 14 බටහිර සංස්කෘතියේ ආදරවන්තයන්ගේ දිනයෙහි) දෙරණ අරුණ වැඩ සටහන ඉදිරිපත් කළ යුතුව තිබුණේ ඔහු වුව ද ඒ වෙනත් අයකු විසින් (කාන්තාවක විසින්) කෙරිණි. දෙරණ ආයතනය බටහිර ආදරවන්තයන්ගේ දිනයෙහි සංඛ අස්කර හෝ ඔහුගේ වැඩ […]

More >

කතානායකගේ කතාව

Saturday, February 13th, 2016

නලින් ද සිල්වා  කතානායක යනු ඉංගිරිසි ආකෘතියේ පාර්ලිමේන්තුවක වැදගත් ධුරයකි. ඒ තනතුර දරන්නාගේ මූලික වගකීම පාර්ලිමේන්තුවේ හා එහි මන්ත්‍රීවරුන්ගේ ගෞරවය රැකීම ය. එහෙත් කරු ජයසූරිය කතාකරන්නේ ශ්‍රී ල නි පක්‍ෂය දෙකඩ කිරීම ගැන ය. ඔහුට අනුව ශ්‍රී ල නි ප දෙකඩ කිරීමට හවුල්වීම පාපකර්මයකි. ඔහු එයින් කියන්නේ ඔහු ශ්‍රි ල නි පක්‍ෂය රැකීමට ක්‍රියාකරන බව […]

More >

ඊතලයෙන් බුදුදහම විකෘත කිරීම

Friday, February 12th, 2016

 නලින් ද සිල්වා  ඩී එස් සී උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා පසුගිය පෙබරවාරි 03 වැනි දා ලිපියෙන් ද දැනුම සංස්කෘතියට සාපේක්‍ෂය යන අදහස ඉදිරිපත් කර ඇත. කවදත් කොතැනත් ඇත්තේ එකම විද්‍යාව යැයි කී අමරතුංග මහතා දැන් අඩුම තරමෙන් 2016 දී විද්‍යා දෙකක් ඇති බව පිළිගනියි. ඒ මහතාගේ පෙබරවාරි 03 වැනි දා ලිපියෙහි මෙසේ […]

More >

සිංහල බෞද්ධ සංස්කෘතිය සුරකිමු. මහින්ද අගමැති කරමු. සම්මන්ත්‍රණය

Thursday, February 11th, 2016

 සිංහල බෞද්ධ සංස්කෘතිය සුරකිමු-01   Nalin de Silva – 2016 02 08 – සිංහල බෞද්ධ සංස්කෘතිය සුරකිමු මැ‍ය‍ෙන් චින්තන පර්ෂදය විසින් පවත්වනු ලැබු සම්මන්ත්‍රණය-2016 02 08 -පළමු ‍‍‍‍‍ක‍ොටස  සිංහල බෞද්ධ සංස්කෘතිය සුරකිමු-02 Nalin de Silva – 2016 02 08 – සිංහල බෞද්ධ සංස්කෘතිය සුරකිමු මැ‍ය‍ෙන් චින්තන පර්ෂදය විසින් පවත්වනු ලැබු සම්මන්ත්‍රණය-2016 02 08-‍ ද‍ෙවන කොටස

More >

පක්‍ෂය ගොඩගැනීම හා ජාතිය ගොඩනැගීම

Monday, February 8th, 2016

නලින් ද සිල්වා අද ගොඩනැගීමක් හා ගොඩගැනීමක්් ගැන දේශපාලනයෙහි කතාවෙයි. එකක් ශ්‍රී ල නි පක්‍ෂය ගොඩගැනීම ය. අනෙක ඊනියා ශ්‍රී ලාංකික ජාතිය ගොඩනැගීම ය. ශ්‍රී ල නි පක්‍ෂය දෙකඩ වීමක් නිසා දුර්වල වන බව  ශ්‍රී ල නි පක්‍ෂයෙහි සිට මෛත්‍රිපාල සිරිසේන සමග ගොස් ආණ්ඩුවේ ඇමතිකම් ලබාගත්තෝ කියති. ඔවුන්ට අනුව මහින්ද රාජපක්‍ෂට හිතවත් අය ශ්‍රී ල […]

More >

අමරතුංග මහතාගේ විශ්වය

Friday, February 5th, 2016

 නලින් ද සිල්වා  ඩී එස් සී උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා දැනුම සංස්කෘතියට සාපේක්‍ෂ බව පිළිගනියි. ඒ මහතා පසුගිය ජනවාරි 20 වැනි දා විදුසර පුවත්පතෙහි පළකළ  ලිපියෙන් ඒ බව සඳහන් කර ඇත. එහෙත් තමා එසේ කළ බව අමරතුංග මහතා නොදන්නේ යැයි සිතමි. අපි ඒ මහතාගේ ලිපියෙහි පළමු ඡෙදය මෙසේ උපුටා දක්වමු. එහෙත් අප […]

More >

උදුරාගත් නිදහස නැවත දිනාගනිමු

Wednesday, February 3rd, 2016

නලින් ද සිල්වා අපට 1948 පෙබරවාරි 4 වැනි දා ලැබුණු නාමික නිදහස අර්ථවත් වූයේ 1972 මැයි 22 වැනි දා ජනරජයක් වීමෙන් පසුව ය. 2009 මැයි 18 වැනි දා අපි දෙමළ ත්‍රස්තවාදය පැරදවීමු. බටහිරයෝ ද ඉන්දියානුවෝ ද ඒ පිළිබඳ ව, එකම හේතුව නිසා නොවූව ද, විරුද්ධ වූහ. ඔවුන්ට සැමදාමත් අවශ්‍ය වූයේ සිංහල බෞද්ධ සංස්කෘතිය දියකර සිංහලත්වය […]

More >

සිංහල බෞද්ධ සංස්කෘතියේ සුවිශේෂත්වය

Sunday, January 31st, 2016

නලින් ද සිල්වා  මෙහි සිංහල බෞද්ධ සංස්කෘතියේ සුවිශේෂත්වය යන්න සන්දර්භ දෙකකින් විස්තර වෙයි. එකක් ලෝක මට්ටමෙන් ය. අනෙක ලංකාව වශයෙනි. අපට වඩා දැනෙන්නේ ලංකාව සම්බන්ධයෙන් සිංහල බෞද්ධ සංස්කෘතියේ සුවිශේෂත්වය ය. එහෙත් ලෝක මට්ටමෙන් ද එහි ඇති සුවිශේෂත්වය නොදැන රටේ වත්මන් දේශපාලනය අවබෝධ කරගත නො හැකි ය. සිංහල බෞද්ධයනට ලෝක මට්ටමෙන් එහි ඇති සුවිශේෂත්වය අවබෝධ නො […]

More >

රාමු දෙකක කතාව

Wednesday, January 27th, 2016

නලින් ද සිල්වා  ඩී එස් සී උපාධිධාරි සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා ජීවිතයේ අරුත කෙසේ වෙතත් තම ලිපිවල අරුතවත් පැහැදිලි කර දෙන බවක් පෙනෙන්නට  නැත. කෙසේ වෙතත් පසුගිය ජනවාරි 20 වැනි දින ඒ මහතාගේ ලිපිය වෙනුවට කැනඩාවේ ක්විබෙක් ප්‍රදේශයේ තාක්‍ෂණික පාසලක උගන්වන බෝධි ධනපාල මහතා මා සමච්චලයට පත්කරමින් ලියූ ලිපියක් පළවිණි. මම ධනපාල මහතාට […]

More >

නව පක්‍ෂයක් කුමකට ද?

Saturday, January 23rd, 2016

නලින් ද සිල්වා (සංස්කරණය නොකළ ලිපිය -රිවිර මේ ලිපිය  පළකර ඇත්තේ සංස්කරණය කිරීමෙන් පසුව ය) අද මෛත්‍රිපාල සිරිසේන ක්‍රියා කරන්නේ ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට නො වේ. ඔහුට ලබන මැතිවරණයෙන් පසු විධායක අගමැතිකම (මෙවැනි පදවියක් නැතැයි ඊනියා උගතකු පැවසීමට ඉඩ ඇත. එහෙත් අගමැතිවරුන් ක්‍රියා කරන්නේ විධායකයන් ලෙස ය.) නොලැබෙන බවට රනිල් වික්‍රමසිංහ ක්‍රියාවෙන් සහතික වී ඇත. අවුල් […]

More >

දෙවියන් හා ගුරුත්වාකර්ෂණය

Thursday, January 21st, 2016

නලින් ද සිල්වා ඩී එස් සී උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා පසුගිය ජනවාරි 13 වැනි දින විදුසර ලිපියෙන් ජීවිතය පිළිබඳ ඊනියා අරුත ගැන තම අදහස් සම්පිණ්ඩනය කර දක්වා ඇත. එසේ කිරීම පිළිබඳ ඒ මහතාට අපේ ස්තුතිය හිමිවන අතර ඒ කරුණු අප මෙහි උපුටා දක්වන්නේ ඒ ලිපිය නොකියවූ අයට ඒ ගැන දැනුමක් ලැබීමටත් ඒ […]

More >

ඉන්දියාවට හා එංගලන්තයට එරෙහිව නව පක්‍ෂයක් හා නායකත්වයක්

Sunday, January 17th, 2016

නලින් ද සිල්වා ජනවාරි 17 වැනි දා ඉරිදා රිවිර පුවත්පතට නොලියූ එහෙත් පළ කිරීමට ලබන ඉරිදා වන තුරු බලා සිටීමට නොහැකි කරුණු කිහිපයක් ඉතා කෙටියෙන් පහත දැක්වෙයි. අද මෛත්‍රිපාල සිරිසේන ක්‍රියා කරන්නේ ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට නො වේ. ඔහුට ලබන මැතිවරණයෙන් පසු විධායක අගමැතිකම නොලැබෙන බවට රනිල් සහතික වී ඇත. අවුල් ආණ්ඩු දීගය ලබන මැතිවරණය […]

More >

ආණ්ඩුවේ විජාතික සිංහල බෞද්ධ විරෝධය

Sunday, January 17th, 2016

නලින් ද සිල්වා පසුගිය නවවැනිදා සම්මත කරගැනීමට බලාපොරොත්තු වූ ව්‍යවස්ථා සංශෝධන කෙටුම් පත් පණත 12 වැනි දා දක්වා ද ඉන්පසු 26 වැනි දා දක්වා ද කල්තැබීමට ආණ්ඩුවට සිදු වී ඇත. ආණ්ඩුව එක් පියවරක් පස්සට ගෙන ඇත්තේ පසුව පියවර දෙකක් ඉදිරියට තැබීමට ද යන ප්‍රශ්නය අපට ඇත.  ඒකාබද්ධ විපක්‍ෂය කළ යුත්තේ මේ කෙටුම් පත අස්කරගැනීමට ආණ්ඩුවට […]

More >

පොල් ගෙඩිය සමග වැටීම

Friday, January 15th, 2016

නලින් ද සිල්වා  ඩී එස් සී උපාධිධාරි සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා යුදෙවු ක්‍රිස්තියානි සංකල්පයක් වූ ජීවිතයේ අරමුණ ඇතැම් බටහිර විද්‍යාඥයන් කියා ඇති ආකාරයට විශ්වයේ යහපත සඳහා ජාන ප්‍රවර්ධනය බව කීමට විදුසර පුවත්පතෙහි පිටු නාස්ති කරයි. ඔහු දැන් ප්‍රෝටින නැමුම ගැන කතාකිරීමට තව තවත් අනවශ්‍ය තොරතුරු පාඨකයාට පටවයි. ඔහුට දැනට ඒ කරගෙන යෑමට ඉඩ […]

More >

නව ව්‍යවස්ථාව කුමක් සඳහා ද?

Tuesday, January 12th, 2016

නලින් ද සිල්වා  තවමත් නව ව්‍යවස්ථාව ජනතාවට තබා පාර්ලිමේන්තුවටවත් ඉදිරිපත් කර නැත. ඒ වෙනුවට ආණ්ඩුවේ ඇමැත්තෝ විවිධ කතා මාධ්‍ය මගින් රටට කියති. අද ඇත්තේ මාධ්‍ය දේශපාලනයකි. ඇතැම් දේශපාලනඥයන් තම තමන්ගේ ජනමාධ්‍යවේදීන් නඩත්තු කරන බව ද රහසක් නො වේ. දේශපාලනය පමණක් නොව කලාව ද, සාහිත්‍යය ද, ආගම ද, ඉතිහාසය ද, මාධ්‍ය විසින් පාලනය කෙරෙය්. ජාතික ව්‍යාපාරය […]

More >

අප නැවතත් යටත්විජිතයක් වූ දා

Friday, January 8th, 2016

නලින් ද සිල්වා අප රට නැවතත් යටත්විජිතයක් බවට පත්වූයේ අදින් අවුරුද්දකට පෙර 2015 ජනවාරි 8 වැනි දා ය. එයට සිංහල බෞද්ධයන්ගෙන් බහුතරය අකමැති වුවත් මෛත්‍රිපාල සිරිසේන දෙමළ හා මුස්ලිම් ජනයාගේ අති විශාල බහුතර ඡන්දයකින් ජනාධිපති ලෙස තේරී පත්විය. ඔහු සැබවින් ම ඉන්දියාවේ අපේක්‍ෂකයා විය. ඔහුට එංගලන්තයේත් ඇමරිකාවේත් සහාය ලැබිණි. අද මෙරට පාලනය කෙරෙන්නේ මේ රටවල් […]

More >

අමරතුංග මහතාගේ ගණිතය හා යථාර්ථය

Thursday, January 7th, 2016

නලින් ද සිල්වා   ඩී එස් සී උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතාට තමා කලින් කියා ඇති දේ අමතක ය. ඔහු අසංගතව ඇතැම් කරුණු සඳහන් කරයි. ඔහු දැන් කතා කරන්නේ යුදෙවු ක්‍රිස්තියානි සංකල්පයක් වූ ජීවිතයේ ඊනියා අරුත ගැන ය. එය සිංහල බෞද්ධ චින්තනයට පටහැණි ය. කෙසේ වෙතත් ඔහු ප්‍රෝටීන නෑමුම ගැන කතාකිරීමට ජනප්‍රිය ඉංගිරිසි පොතපතින් […]

More >

ඉන්දියාවට හා එංගලන්තයට අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධනය

Monday, January 4th, 2016

නලින් ද සිල්වා  ආණ්ඩුව කලින කියා සිටියේ නව ව්‍යවස්ථාදායක සභාවක් පිහිටුවීම සඳහා සමස්ත පාර්ලිමේන්තුව ම ව්‍යවස්ථාදායක සභාවක් බවට පත්කරන බව ය. ඒ ව්‍යවස්ථා විරෝධී බව අපි පසුගිය 30 වැනි දා රිවිර පත්‍රයෙන් පෙන්වා දුන්නෙමු. ඒ අතර ආණ්ඩුවේ පිරිසක් තම මතය වෙනස්කරගෙන ඇති බව පෙනෙයි. ජනවාරි 9 වැනි දා පාර්ලිමේන්තුවේ විවාද කිරීමට බලාපොරොත්තු වන බව කියන […]

More >

ව්‍යවස්ථා විරෝධී ව්‍යවස්ථාදායක සභාව 

Thursday, December 31st, 2015

නලින් ද සිල්වා  පාර්ලිමේන්තුව ව්‍යවස්ථාදායක සභාවක් බවට පත්කර නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට ආණ්ඩුව උත්සාහ ගනිමින් සිටියි. මෙය සම්පූර්ණයෙන් ම පරාජය කළ යුතු ය. අප සෑමවිටමත් කියා ඇත්තේ ඉන්දියාව හා එංගලන්තය අවුල් ආණ්ඩුව පත්කරගත්තේ දෙමළ ජාතිවාදයට අවශ්‍ය දොළපිදේනි දීමට බව ය. එ ජා පක්‍ෂය හා ශී්‍ර ල නි ප වෙන ම සිටින විට එක් පක්‍ෂයක් ආණ්ඩු […]

More >

ආණ්ඩුවේ පරාජය

Monday, December 28th, 2015

නලින් ද සිල්වා 2016 වසර සඳහා වූ අයවැය තුනෙන් දෙකක ඡන්දයෙන් සම්මත වූ බව අපට පෙනෙන්නට ඇති කරුණ ය. එහෙත් එසේ සම්මත වූයේ මුදල් ඇමති රවි කරුණානායක ඉදිරිපත් කළ අයවැය නො වේ. ඒ අයවැය යෝජනා දියවන්නාවට විසි කෙරිණි. සම්මත වූයේ ඒකාබද්ධ විපක්‍ෂයේ විරුද්ධත්වය හේතුවෙන් රනිල් වික්‍රමසිංහ විසින් සංශෝධනය කෙරී ඉදිරිපත් කෙරුණු අයවැයකි. මුල් අයවැය මුළුමනින් […]

More >

ගුරුත්වාකර්ෂණය පට්ටපල් බොරුවකි

Friday, December 25th, 2015

නලින් ද සිල්වා ඩී එස් සී උපාධිධාරී සේවාර්ජිත මහාචාර්ය අශෝක අමරතුංග මහතා පසුගිය දෙසැම්බර් 16 වැනි දා ලිපියෙහි තමා කියවා ඇති පොත්පත්වලින් කරුණු උපුටා දක්වයි. ඒ මහතා එසේ කරන්නේ ජීවිතයේ අරුතක් හෝ අරමුණක් හෝ ගැන කීමට ද? මොන්ටිකාලෝ ක්‍රමය ගැන කීමෙන් ජීවිතයේ ඊනියා අරුත ගැන ලබාගත හැකි සාක්‍ෂි කවරේ ද? එය ප්‍රොටින නැමුම පිළිබඳ කතාකිරීමට […]

More >

අයවැය හා වරාය නගරය

Tuesday, December 22nd, 2015

නලින් ද සිල්වා  මේ ආණ්ඩුව විසිඑක්වැනි සියවසට ඔරොත්තු නොදෙන එකකි. එහි එ ජා ප නායකයෝ තවමත් රාජකීය විද්‍යාලය ආරම්භ කළ 1835 ජීවත් වෙති. මෛත්‍රිපාල සිරිසේන මහතා ජීවත්වන්නේ එයටත් වසර විස්සකට පමණ පෙර සුද්දන්ට ශ්‍රී වික්‍රම රාජසිංහ රජු පාවාදුන් වකවානුවෙහි ය. ඔහුට ඇත්තේ මහින්ද රාජපක්‍ෂ, බැසිල් රාජපක්‍ෂ ආදීන්ගෙන් පළිගැනීමේ චේතනාව පමණකි. ඔහුට අගමැති කම නොලැබුණු බැවින් […]

More >

ප්‍රෝටීන හා ෆෝටෝන

Monday, December 21st, 2015

නලින් ද සිල්වා  ඩී එස් සී උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා තමා වෙනත් අයකුගෙන් ගත් මත, අදහස් ආදිය විස්තරාත්මක පිටු අංක සහිත ව කීමට මැළිවෙයි. ඔහු පිටු අංක තබා මූලාශ්‍රයවත් පැහැදිලිව නො කියයි. ඔහු දැනට ඉදිරිපත් කරන ඊනියා ජීවිතයේ අරුත ගැන අදහස් මා කලින් ද සඳහන් කර ඇති පරිිදි බටහිර ලෝකයෙහි සාකච්ඡා කෙරී […]

More >

නුතනත්වය බටහිර විද්‍යාව හා සිංහල වෙදකම

Monday, December 14th, 2015

 නලින් ද සිල්වා  මේ මාතෘකාව අනුව දීර්ඝ ලිපියක් ලිවිය යුතු නමුත් නැවතත් මගේ අසනීප තත්ත්වය අයහපත් වීම හේතුවෙන් එසේ කිරීමට නොහැකි ය. නුතනත්වය යන්නට විවිධ තේරුම් ඇත. ඒ මුලින් ම භාවිතයට පැමිණිaයේ කලාවෙහි හා සමාජ විද්‍යාවන්හි ය. එයින් මූලික වශයෙන් පහළොස්වැනි සියවසේ මැදභාගයෙන් පසු යුරෝපයේ ඉතිහාසය හැඳින්වෙයි. අද වන විට  ආලෝකනය, බුද්ධිවාදය ආදිය ද බටහිර […]

More >

නැති මම හා ඇති ලෝකය

Saturday, December 12th, 2015

නලින් ද සිල්වා  ඩී එස් සී උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහචාර්ය අශෝක අමරතුංග මහතාගේ ලිපිවල ඇති පරස්පර හා අවුල් කතා ගැන ලිවීම මගේ ලිපිවල තේමාවට බාධාවක් නමුත් යම් ප්‍රමාණයකට වුවත් ඒ ගෙනහැර දැක්විය යුතු ය. එහි දී ඒ මහතාගේ ලිපිවලින් කොටස් උපුටා දැක්වීම අත්‍යවශ්‍ය වන්නේ අමරතුංග මහතාට කෙසේ වෙතත් පාඨකයාට ඒ කොටස් තමන්ට ම කියවා එහි […]

More >

Copyright © 2026 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress