Author Archive for Nalin De Silva

බහුසංස්කෘතික බහුබූතය 3

Tuesday, April 5th, 2016

නලින් ද සිල්වා කිසිම රටක වාසය කරන ජනතාව සංස්කෘතික වශයෙන් සමජාතීය නො වෙයි. අද ලංකාවේ සිංහල ජාතිය සමග දෙමළ, මුස්ලිම්, මැලේ, වැදි ආදී ජනවර්ග වාසය කරති. ඒ ඒ අයගේ සංස්කෘති වෙනස් වෙයි. එහෙත් මේ සියළු දෙනාට ම සංස්කෘතික මහා පොදු සාධකයක් වෙයි. මැලේ හා වැදි ජනතාව ක්‍රමයෙන් සිංහල බවට පත්වෙමින් සිටිති. අනෙක් අතට සිංහලයන් අතර […]

More >

මහින්දට හා ඒකාබද්ධ විපක්‍ෂයට වචනයක්

Monday, April 4th, 2016

නලින් ද සිල්වා මේ ලිපිය ලිවිය යුතු දැයි කිහිප වරක් ම කල්පනා කෙළෙමි. මා කියන කිසිවක වටිනාකමක් නැතැයි දේශපාලනඥයන් ද ජනමාධ්‍යවේදීන් (රිවිර හැර) ද තීරණය කර ඇතැයි මට සිතෙයි. ඒ එතරම් දෙයක් නො වේ. තව ටික කලකින් මිය යන මට ඔවුන්ගේ පිළිගැනීම යන්න කිසිම වටිනාකමක් ඇති කරුණක් නො වේ. එවැනි පිළිගැනීමක්, කීර්තියක්, ධනය හෝ වස්තුව […]

More >

බහුසංස්කෘතික බහුබූතය 2

Sunday, April 3rd, 2016

නලින් ද සිල්වා සිංහලයන් ජාතියක් වීම ඇරඹුණේ පණ්ඩුකාභය රජු දවස ය. එතුමා මුළු ලංකාවේ ම රජකළ බවට සාක්‍ෂි නැත. කෙසේ වෙතත් අනුරාධපුරය අගනුවර කරගෙන එතුමා රාජධානියක් ගොඩනැගුවේ ය. එය එක් වංශයක හෝ ජනකොටසක හෝ රාජධානියක් නො වී ය. එහි නොයෙකුත් ආගමිකයන් විසූ බවට ද රජතුමා ඔවුන්ට තම ආගමික කටයුතු සිදුකිරීම සඳහා ආගමික මධ්‍යස්ථාන (සිද්ධස්ථාන) පිහිටුවූ […]

More >

බහු සංස්කෘතික බහුබූතය 1

Friday, April 1st, 2016

නලින් ද සිල්වා අද ලෝකයේ හැම රටක ම පාහේ විවිධ සංස්කෘතිවල ජනතාව වෙසෙති. ඒ අර්ථයෙන් ගතහොත් බොහෝ විට ඕනෑම රටක  බහුසංස්කෘතික රටක් ලෙස හැඳින්විය හැකි ය. එහෙත් මේ ඕනෑම රටක මෙන් විශේෂිත හෝ අධිපති හෝ සංස්කෘතියක් ඇත. සංස්කෘති සමාන නැත. පිටරටවල වාසය කරන සිංහලයෝ ඒ බව හොඳින් දනිති. එංගලන්තය, ඕස්ටේ‍ර්ලියාව වැනි බටහිර රටක සිංහල බෞද්ධයන් වාසය කරන […]

More >

මිනිසුන්ගේ සමානකම ඇත්තේ කොහේ ද?

Thursday, March 31st, 2016

නලින් ද සිල්වා මිනිස්කම යන්න අගය කළ යුත්තකි. ඒ පිළිබඳ වාදයක් තිබිය නො හැකි ය. නීතිය ඉදිරියේ මිනිසුන් සමාන වේ යැයි කියැවෙයි. එය ද වටිනා අදහසකි. එහෙත් අවාසනාවකට මිනිස්සු සමාන නො වෙති. එක් එක් අයගේ දක්‍ෂතා විවිධ ය. ඇතැමුනට දක්‍ෂතා ඇති බවක්වත් අපි නො දනිමු. ඒ එවැනි දක්‍ෂතා සමාජය විසින් පිළිගෙන නොතිබීම නිසා ය. සමාජය […]

More >

ප්රභාකරන්ගේ බාප්පලා 4

Wednesday, March 30th, 2016

නලින් ද සිල්වා මෙය 1995 දී පළ වූ ප්රයභාකරන් ඔහුගේ සීයලා, බාප්පලා හා මස්සිනාලා පොත් පිංචෙනි. නන්දිකඩාල් ජයග්ර හණය එයට ම පමණක් සීමා වී දෙමළ ජාතිවාදය පැරදවීමට ක්රි,යා නොකෙරුණේ ප්රාභාකරන් ත්රනස්තවාදියකු ලෙස පමණක් සැලකීම හේතුකොට ගෙන ය. ප්රාභාකරන් යනු දෙමළ ජාතිවාදයේ විකාශයක් බව තේරුම් නොගත් සිංහලයෝ නන්දිකඩාල් ජයග්රීහණයෙන් පසුව නැවතත් ප්රකභාකරන්ගේ මස්සිනාලාට හිස එසවීමට ඉඩ […]

More >

අද කළ යුත්ත

Tuesday, March 29th, 2016

නලින් ද සිල්වා   අප රටේ දෙමළ දේශපාලන බලය දෙමළ ජනතාවගේ ප්‍රතිශතයට හෝ දෙමළ මන්ත්‍රීවරුන්ගේ ප්‍රතිශතයට හෝ වඩා බෙහෙවින් වැඩි බව දැනගැනීමට දේශපාලනඥයකු වීමට අවශ්‍ය නො වේ. අෂ්රොෆ්ගෙන් පසුව මුස්ලිම් දේශපාලන බලය ද වර්ධනය වෙමින් පවතියි. පසුගිය ජනාධිපතිවරණයේ දී හා පාර්ලිමේන්තු මැතිවරණයේ දී මුස්ලිම් ජනයා ද මුළුමනින් ම මෙන් මුස්ලිම් පක්‍ෂවලට ඡන්දය දුන්හ. දෙමළ හා […]

More >

ජනතාව, නායකත්වය හා සිංහල සංස්කෘතිය

Sunday, March 27th, 2016

නලින් ද සිල්වා පසුගිය දහහත්වැනිදා කොළඹ පිලිප් ගුණවර්ධන පිටියට එක්වූ ජනතාවගෙන් සිංහල සංස්කෘතියේ එක් ලක්‍ෂණයක්  විදහා දැක්වෙයි. එහෙත් ඒ ගැන කතාකිරීමට පෙර සිංහල උගතුන්ගේ සංස්කෘතියේ ලක්‍ෂණයක් ගැන යමක් කිව යුතු ය. මේ පිටිය හයිඩ් පිටිය ලෙස නම්කරනු ලැබුයේ සුද්දන් විසිනි. ඒ ලන්ඩන් නුවර ඇති හයිඩ් පිටිය අනුගමනය කරමිනි. එහෙත් පසුව මෙරට කම්කරුවන් නමින් ඇතිකළ පක්‍ෂ […]

More >

ප්‍රභාකරන්ගේ බාප්පලා 3

Sunday, March 27th, 2016

නලින් ද සිල්වා මෙය 1995 දී පළ වූ ප්‍රභාකරන් ඔහුගේ සීයලා, බාප්පලා හා මස්සිනාලා පොත් පිංචෙනි. නන්දිකඩාල් ජයග්‍රහණය එයට ම පමණක් සීමා වී දෙමළ ජාතිවාදය පැරදවීමට ක්‍රියා නොකෙරුණේ ප්‍රභාකරන් ත්‍රස්තවාදියකු ලෙස පමණක් සැලකීම හේතුකොට ගෙන ය. ප්‍රභාකරන් යනු දෙමළ ජාතිවාදයේ විකාශයක් බව තේරුම් නොගත් සිංහලයෝ නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පසුව නැවතත් ප්‍රභාකරන්ගේ මස්සිනාලාට හිස එසවීමට ඉඩ දුන්හ. […]

More >

ප්‍රශ්නයේ විකාශය දකිමු.

Friday, March 25th, 2016

ආචාර්ය නලින් ද සිල්වා මහතාගේ විග්‍රහයක්  

More >

ජාතික ගීය ගැන තවදුරටත් 1

Thursday, March 24th, 2016

නලින් ද සිල්වා  ජාතික ගීය දෙමළෙන් ගැයීමට කිසිම ඓතිහාසික, සංස්කෘතික හෝ දේශපාලන හෝ හේතුවක් නැති බව අපි පසුගිය ලිපියෙන් පෙන්වා දුන්නෙමු. මෙරට ස්වාධීන දෙමළ රාජ්‍යයක් කිසිදා කිසිතැනක තිබී නැත. එපමණක් නොව ක්‍රිස්තුවර්ෂයෙන් දොළොස්වැනි සියවසට පෙර මෙරට දෙමළ රාජ්‍යයක් නොව ස්ථිර දෙමළ වාසස්ථාන පවා නොතිබූ බව යාපනය විශ්වවිද්‍යාලයේ ප්‍රථම ඉතිහාස මහාචාර්යවරයා වූ කාර්තිගේසු ඉන්ද්‍රපාල ලන්ඩන් විශ්වවිද්‍යාලයට […]

More >

ජාතික ගීයේ පදනම

Wednesday, March 23rd, 2016

නලින් ද සිල්වා  ජාතික ගීය ගැන මෙරට අනුකාරක උගතුන් බොහෝ දේ කියා ඇත. සිංහල බුද්ධාගමට විරුද්ධව ගිනි පෑගු කාලෝ ෆොන්සේකාට අනුව ජාතික ගීය සිංහලෙන් පමණක් ගැයීම ඒ දෙමළ ජනයාගේ උගුරෙන් පහළට තල්ලු කිරීමකි. (මේ ලිපිය කාලෝ ෆොන්සේකාට ද යැවෙයි) . ඊනියා විද්‍යාත්මක  යථාර්ථවාදී බුද්ධිමතකු ලෙස රටේ පිළිගැනීමක් ඇතත් කාලෝට අනෙක් බොහෝ දේ ගැන මෙන් ම […]

More >

අපි අලුතෙන් හිතමු

Wednesday, March 23rd, 2016

නලින් ද සිල්වා අප නොදැනුවත් ව නමුත් හිතන්නේ සුද්දන්ට (බටහිරයන්ට) වුවමනා අන්දමට ය. අපේ පාසල්, විශ්වවිද්‍යාල හා වෙනත් එවැනි ආයතනවලින් අප පුරුදු කෙරෙන්නේ සුද්දන් අනුව සිතීමට ය. අද පිරිවෙණෙන් හා දහම් පාසලෙන් ද කෙරෙන්නේ ඒ කාර්යය ම ය.අප බොහෝ දෙනාට ඒ බව නොවැටහෙයි. ඒ අපට ලබාදෙන දැනුම සුද්දන්ගේ දැනුම නිසා ය.  සුද්දන්ගේ දැනුම් විද්‍යාත්මක බව […]

More >

ප්‍රභාකරන්ගේ බාප්පලා 2

Monday, March 21st, 2016

නලින් ද සිල්වා මෙය 1995 දී පළ වූ ප්‍රභාකරන් ඔහුගේ සීයලා, බාප්පලා හා මස්සිනාලා පොත් පිංචෙනි. නන්දිකඩාල් ජයග්‍රහණය එයට ම පමණක් සීමා වී දෙමළ ජාතිවාදය පැරදවීමට ක්‍රියා නොකෙරුණේ ප්‍රභාකරන් ත්‍රස්තවාදියකු ලෙස පමණක් සැලකීම හේතුකොට ගෙන ය. ප්‍රභාකරන් යනු දෙමළ ජාතිවාදයේ විකාශයක් බව තේරුම් නොගත් සිංහලයෝ නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පසුව නැවතත් ප්‍රභාකරන්ගේ මස්සිනාලාට හිස එසවීමට ඉඩ දුන්හ. […]

More >

මොකක් ද මේ සිංහල ජාතිවාදය

Sunday, March 20th, 2016

නලින් ද සිල්වා දෙමළ ජාතිවාදීන්ගේ පමණක් නොව ඊනියා රාජ්‍ය නොවන පඬියන්ගේත්, සිවිල් සාමාජිකයන්ගේත්, විශ්වවිද්‍යාලවල හා වෙනත් ඊනියා පර්යේෂණ ආයතනවල සේවක බැළයන්ගේත් පමණක් නොව ශ්‍රී ල නි පක්‍ෂයේ යැයි කියාගන්නා ඇතැම් ඇමතිවරුන්ගේත් ශ්‍රී මුඛවලින් නිතර පිටවන වචන වී ඇත්තේ සිංහල ජාතිවාදය ය. මහින්ද කණ්ඩායම නමින් හැඳින්වෙන කණ්ඩායමේ ද ඇතැමුනට අනුව සිංහල ජාතීවාදයක් ඇත. ඒකාබද්ධ විපක්‍ෂයේ මාක්ස්වාදීන් […]

More >

යකුන් කොළඹ ඇවිත්

Friday, March 18th, 2016

නලින් ද සිල්වා   පසුගිය 17 වැනි දා කොළඹ පිලිප් ගුණවර්ධන (හයිඩ්) පිටියට පැමිණි පිරිස මහින්ද රාජපක්‍ෂගේ බැතිමතුන් යැයි වමේ යැයි කියන එක් පඬියකු කියා තිබිණි. එහි ඇත්තක් නැතිවා ම නො වේ. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි ප්‍රධාන සංරචකය යැයි කිවහැකි යක්‍ෂ සංස්කෘතියෙහි නායකයන් දේවත්වයෙන් පිදීම ද වෙයි. මහසෙන් දෙවියන් නමින් හැඳින්වෙන්නේ එවැනි රජෙකි. එයට බොහෝ කලකට […]

More >

ප්‍රභාකරන්ගේ බාප්පලා 1

Thursday, March 17th, 2016

නලින් ද සිල්වා  මෙය 1995 දී පළ වූ ප්‍රභාකරන් ඔහුගේ සීයලා, බාප්පලා හා මස්සිනාලා පොත් පිංචෙනි. නන්දිකඩාල් ජයග්‍රහණය එයට ම පමණක් සීමා වී දෙමළ ජාතිවාදය පැරදවීමට ක්‍රියා නොකෙරුණේ ප්‍රභාකරන් ත්‍රස්තවාදියකු ලෙස පමණක් සැලකීම හේතුකොට ගෙන ය. ප්‍රභාකරන් යනු දෙමළ ජාතිවාදයේ විකාශයක් බව තේරුම් නොගත් සිංහලයෝ නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පසුව නැවතත් ප්‍රභාකරන්ගේ මස්සිනාලාට හිස එසවීමට ඉඩ දුන්හ. […]

More >

Order reserved on Fundamental Rights case on Bond issue

Wednesday, March 16th, 2016

Nalin de Silva Order was reserved in the Fundamental Rights application citing the Right to Information with regard to the COPE report of the previous Parliament, regarding the bond issue of the Central Bank. The Petition filed in August of 2015, states that all citizens including the Petitioner are entitled to every right to all […]

More >

ප්‍රභාකරන්ගේ සීයලා 4

Tuesday, March 15th, 2016

නලින් ද සිල්වා මෙය 1995 දී පළ වූ ප්‍රභාකරන් ඔහුගේ සීයලා, බාප්පලා හා මස්සිනාලා පොත් පිංචෙනි. නන්දිකඩාල් ජයග්‍රහණය එයට ම පමණක් සීමා වී දෙමළ ජාතිවාදය පැරදවීමට ක්‍රියා නොකෙරුණේ ප්‍රභාකරන් ත්‍රස්තවාදියකු ලෙස පමණක් සැලකීම හේතුකොට ගෙන ය. ප්‍රභාකරන් යනු දෙමළ ජාතිවාදයේ විකාශයක් බව තේරුම් නොගත් සිංහලයෝ නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පසුව නැවතත් ප්‍රභාකරන්ගේ මස්සිනාලාට හිස එසවීමට ඉඩ දුන්හ. […]

More >

කුමට අයවැය හා මුදල් ඇමති 

Monday, March 14th, 2016

නලින් ද සිල්වා අගමැති රනිල් වික්‍රමසිංහ පසුගිය කුජ දා තවත් විශේෂ ප්‍රකාශයක් කෙළේ ය. ඔහු යම් දිනෙක සාමාන්‍ය ප්‍රකාශයක් කිරීම විශේෂයක් වනු ඇත. කෙසේ වෙතත් කුජ දා කුජ හෙවත් අඟහරු ග්‍රහයාගේ (පඬියන්ගේ දැනගැනීම සඳහා ග්‍රහ වස්තුවේ නොව) දිනය වෙයි. අඟහරු යුද්ධයට අධිපති ග්‍රහයා වෙයි. රනිල්ලා දෙමළ ජාතිවාදයේ ත්‍රස්තවාදයට එරෙහිව කළ මෙහෙයුම් (පඬියන්ට අනුව යුද්ධය, එහෙත්– […]

More >

ගුරුත්වාකර්ෂණය හා ඊනියා විද්‍යාත්මක ක්‍රමය හා විදුසර කතෘගේ ආධාරයෙන් අමරතුංග පළා යෑම 

Sunday, March 13th, 2016

 නලින්ද සිල්වා  ඩී එස් සී උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා පසුගිය මාර්තු 03 වැනි දා ලිපියෙන් කාල නීර්ණය ගැන කතාවකට ද මග පාදා ගෙන ඇත. අප ඒ මහතාගේ සුදුසුකම් සෑම ලිපියක ම මුල සඳහන් කරන්නේ ඒ මහතා ඇගයීම සඳහා ය. ඒ මහතා තම ලිපි අවසානයේ දී තම සුදුසුකම් අපට නිතර නිතර මතක්කර දෙන්නේ […]

More >

ප්‍රභාකරන්ගේ සීයලා 3

Wednesday, March 9th, 2016

නලින් ද සිල්වා x ඊළඟ ප‍්‍රතිසංස්කරණ වලින් තත්ත්වය වෙනසක් වුණා ද ? නැවත ප‍්‍රතිසංස්කරණයක් වූයේ 1924 වසරේ දීයි. එහි දී නිල ලත් මන්ත‍්‍රී සංඛ්‍යාව 12 දක්වා අඩු වුණු අතර නිල නොලත් මන්ත‍්‍රී සංඛ්‍යාව 37 දක්වා වැඩි වුණා. එම 37 දෙනා ගෙන් 34 දෙනකු ම ඡුන්දයෙන් තෝරා පත් කර ගත යුතු ව තිබුණා. ආණ්ඩුකාරයා පත් කළ […]

More >

ජ වි පෙ, විශ්වවිද්‍යාල හා නව සංධානය

Monday, March 7th, 2016

නලින් ද සිල්වා ඕනෑම ගොනකුට යුද්ධ කළ හැකි යැයි කී ලක්‍ෂමන් කිරිඇල්ල ඕනෑම ගොනකුට විශ්වවිද්‍යාල කටයුතු පිළිබඳ ඇමතිවරයා විය හැකි යැයි කී බවක් දැනගන්නට නැත. කෙසේ වෙතත් ඔහු නීතිඥයකු බව පැවසෙයි. එබැවින් ඔහු අ පො ස (සාමාන්‍ය පෙළ) පරීක්‍ෂණය සාමාන්‍ය අන්දමටවත් සමත් යැයි අපි විශ්වාස කරමු.  එහෙත් ඔහු විශ්වවිද්‍යාලයක ඉගෙනගත් බවක් දැනගන්නට නැත. විශ්වවිද්‍යාලයක ඉගෙන […]

More >

ප්‍රභාකරන්ගේ සීයලා 2

Saturday, March 5th, 2016

නලින් ද සිල්වා මේ 1995 දී පළකළ පොතකිනුයි  x දෙමළ නායකයන් සිංහලයන් බහුතරය බව නොපිළිගැනීම පිළිබඳ ව ඇති සාක්ෂි මොනවාද ? කලින් සඳහන් කළ ආකාරයට දෙමළ නායකයන්ට සිංහලයන් බහුතරය බව නොපිළිගැනීමට ප‍්‍රධාන ම හේතුව වූයේ ඔවුන්ගේ වරප‍්‍රසාද රැුක ගැනීමයි. සිංහලයන් බහුතරය බව පිළිගතහොත් ජන අනුපාතයට වඩා රැුකියා හා වෘත්තීන්හි තමන් යෙදී සිටීම ගැටලූවක් වන බව […]

More >

දර්ශනය හා මතවාදය

Thursday, March 3rd, 2016

නලින් ද සිල්වා ඩී එස් සී උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා පඹගාලක පැටලී සිටියි. එහෙත් ඒ මහතාට තමා එසේ පැටලී සිටින බවවත් අවබෝධ කරගැනීමේ හැකියාවක් නැත. ගුණදාස අමරසේකර මහතාගේ ඉතා ලිහිල් අදහසක් වූ ජාතික චින්තනය යන්නෙන් ඔබ්බට ගොස් නැති අමරතුංග මහතාට චින්තනය යන සංකල්පය ගැන තබා තෝමස් කූන්ගේ සුසමාදර්ශය (paradigm) ගැනවත් කිසිදු අවබෝධයක් […]

More >

ප‍්‍රභාකරන් ගේ සීයලා  – 1

Tuesday, March 1st, 2016

නලින් ද සිල්වා x ඇතැමුන් කියන්නේ උතුරු හා නැගෙනහිර පළාත්වල ඇති ප‍්‍රශ්නයට හේතුව දෙමළ ජනයාට සිදු වී තිබෙන අසාධාරණය බවයි. එය සැබෑවක් නොවේද ?   මේ අසාධාරණකම් මොනවා දැ යි ඔබට කිව හැකි ද ?   x සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීම, ප‍්‍රමිතිකරණය, ජනපදකරණය ආදිය.  මේ සියල්ල සිදු වූයේ 1950 ට පසුවයි. එහෙත් වවුනියාවේ හිටපු […]

More >

ප්‍රවාද නැතිව බැටකන සිංහලයෝ 

Monday, February 29th, 2016

නලින් ද සිල්වා ඊනියා නිජබිම් සංකල්පය ගැන අප සාකච්ඡා කෙළේ අවුරුදු විසිපහකට පමණ පෙර ය. දෙමළ ජනයාගේ ව්‍යාජ ඉතිහාසය, බුදුදහම පාවාදීම, ජාතික කොඩිය, ජාතික ගීය සහ තවත් නොයෙකුත් දේ අපේ සාකච්ඡාවට භාජනය විය. දෙමළ ජාතිවාදය පිළිබඳ අපේ ප්‍රවාදයක් විය. ඒ අනුව එහි ආරම්භය ලන්දේසි කාලය දක්වා දික් විය. 1650න් පසු දුම්කොළ වගාවට ලන්දේසීන් අද දකුණු […]

More >

මෙන්න මෝදි

Monday, February 29th, 2016

නලින් ද සිල්වා   නවසීලන්්ත අගමැති ජෝන් කී ලංකාවට පැමිණ ආපසු ගියේ ය. ඔහු ලංකාවේ සිටි කාලයේ දී දළදා මාළිගාවට ද ගියේ ය. දැන් දැන් ලංකාවට පැමිණෙන සිංහල බෞද්ධ විරෝධීන් දළදා මාළිගාවට යෑම සිරිතක් කරගෙන ඇත. ජෝන් කී පමණක් නොව මානව අයිතිවාසිකම් කුමරු හුසේන් ද දළදා මාළිගාව නැරඹීමට ගියේ ය. මෙය හුදෙක් සිංහල බෞද්ධ සංස්කෘතිය […]

More >

ප්‍රභාකරන් ඔහු ගේ සීයලා, බාප්පලා හා මස්සිනාලා-ප්‍රථම මුද්‍රණයේ පෙරවදන

Saturday, February 27th, 2016

නලින් ද සිල්වා දෙමළ ජාතිවාදය ඇතිවූයේ 1956 න් පසු ව ය යන්න අද සමාජයේ තහවුරු කර ඇති මතයකි. එය අද දැනුමක් බවට පත් වී ඇත. දැනුම බලය වේ ය යන්න බේකන් ගේ කාලයේ සිට ම සවිඥානික ව බටහිර බලපවත්නා මතයකි. එය ද දැනුමකි. දහසය වැනි සියවසේ සිට ලෝකය යටත් කර ගැනීමේ දී බටහිරට මේ දැනුම […]

More >

බහුවචනයෙන් ඒකවචනයට

Friday, February 26th, 2016

නලින් ද සිල්වා ඩී එස් සී උපාධිධාරි සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා එක් පැත්තකින් තමා කලින් කියා ඇති කරුණු නිසා අමාරුවේ වැටී ඇත. අනෙක් පැත්තෙන් විසංවාද නොමැතිව, නිරවුල් ව කල්පනා කිරීමට නොහැකිව පරස්පර කතා කීමට ඒ මහතාට සිදු වී ඇත. අපි සුපුරුදු පරිදි ඒ මහතා ලියූ ලිපියක කොටසක් පසුව විචාරයට ලක්කරමු. එහෙත් පළමුව මෙරට […]

More >

Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress