පොදු 35 මාරාන්තිකයි. ප්‍රවේශමෙන් පරිහරණය කරන්න
September 2nd, 2025රජිත් කීර්ති තෙන්නකෝන්
රහස් පොලීසියට හිටපු ජනපති ලේකම් සමන් ඒකනායක එපා වූයේ, භාරත තෙන්නකෝන්ගේ උදේ හෑල්ල නිසා පමණක් නොව තවත් හේතු කිහිපයක්ම නිසාය.
ජනාධිපති ලේකම්වරුන් පත්වන්නේ ව්‍යවස්ථාවේ 41 (1) වගන්ති ප්‍රකාරව ය. ඔවුන්ගේ වගකීම නැත්තම් රස්සාව විධායක ජනාධිපතිවරයාගේ ‘ජනාධිපති ධූරයේ බලතල, කාර්ය සහ කර්තව්‍ය ක්‍රියාත්මක කිරීමේලා සහ ඉටු කිරීමේලා තමාට සහාය දීම පිණිස තම මතය අනුව……………’’ කටයුතු කිරීමකි.
ජනපති රනිල්, තම ලේකම් සමන් ‘මට ලන්ඩන් යන්න ඕනි’ කියූ විට රාජ්‍ය නායකයා යන්නේ කොහෙද? නිදාගන්නේ කොහෙද? නිදාගන්නේ කා සමඟදැයි විමසීමට ඔහුට හැකියාවක් නැත. තානාපති කාර්යාල සහ ප්‍රොටකෝල් නිලධාරීන් එය කලමනාකරණය කරන අතර, ජනාධිපතිවරු සමාන්‍යයෙන් ගුබ්බෑයම්වල ලගින්නේ ද නැත. ජනාධිපතිවරුන් තමන් කරන කියන දෑ, හැම කොල්ලා – බල්ලා සමඟම කියන්නේ ද නැත! රාජ්‍ය නායකයා යනු තම ලේකම්වරුන් සමඟ ‘එක ගේ කන්නෙකු’ නොවේ.
හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කුමක් පැවසූව ද, තවමත් හිටපු ජනාධිපතිවරුන්ගේ මුක්තිය ව්‍යවස්ථා පොතෙන් ඉවත් කර නැත. ඒ නිසා, හිටපු ජනපතිවරයෙකු සිය ධූර කාලය තුල ලබාදුන් නියෝග සම්බන්ධයෙන් ඔහුට මුක්තියක් තිබේ.
රනිල් ගේ කාර්යාලය මේ ගමනට අදාල ලේඛන කිහිපය් එළියට දමා තිබුණි. මේ සියළු ලේඛන විදේශ අමාත්‍යාංශය හා තනාපති කාර්යාලයේ තිබූ/තිබිය යුතු දේ ය. ලන්ඩන් හි ලංකාව නොවන විදේශ තානාපති කාර්යාලයකින් ද ලේඛන ලැබී ඇති සෙයකි. නගර සභාව විසින් සිය සභා වාරයේ වර්තාව ද සපයා දී තිබුණි.
සමන් අද එන්න අවශ්‍ය නැත! රහස් පොලීසිය කියන්නට ඇත්තේ ඒ නිසාය.
ජනාධිපතිවරයාගේ බලතල හා ජනාධිපති ලේකම් ගේ සීමා මායිම සලකුණු කරන සුවිශේෂ නඩුකරයක අත්දැකීම ඒ අනුව රටට අහිමි විය.
පොදු ජන දැනුම සඳහා ලියා තැබිය යුතු දේ නම්, සමන් ඒකනායක මේ සිද්ධියේ දී කියන රජයේ මුදල් රුපියලක් හෝ තම පරිහරණයකට ගෙන නොතිබුණි. ඔහු එම මුදල් කිසිවක ප්‍රසම්පාදන ක්‍රියා සිදු කර නොතිබුණි (එය තානාපති කාර්යාලයේ වැඩකි). ඇස්තමේන්තුවට මුදල් අනුමත කිරීම පමණක් ඔහු සිදු කර තිබුණි. සරළව සමන් ගණුදෙනුවේ පොදු 35 වියදම් වව්චරයක්වත් අත්සන් කර නැත! දැකලා ද නැත. නමුත්, පොදු 35 වත් අත්සන් නොකර හිටපු ජනපති ලේකම්වරයෙකු වුව ද, රාජ්‍ය සේවකයෙකුට පත් විය හැකි බලවත්ම අවමානයට, හිංසනයට පත් කළ හැකි බව ක්‍රියාවෙන් ඔප්පු වී ඇත.
රනිල් ගේ ලන්ඩන් ගමන රාජ්‍ය නායක, සේනාධිනායක, මුදල් ඇමතිවරුන්‍ගේ විදේශ සංචාර පිළිබඳ කිසිදා ඇති නොවිය යුතු අමිහිරි අප්‍රසන්න සිද්ධි රැසක් ද, තානාපති අංශවල හාස්‍යයට හා උපහාසයට ද ලක්වී ඇත. රනිල් – සමන් හිරේ ගියත් – නැතත් රාජ්‍යය විසින්ම මේ අවුල විසඳාගත යුතුය.
මුදල් අනුමැතිය ලබාදීම, පොදු 35 අත්සන් ගැසීම අනතුරු සහිතය. ප්‍රවේශමෙන් පරිහරණය නොකරන්නේ නම්, අපරාධ පරීක්ෂණයකින්, නින්දා අපහාස ලැබෙන ප්‍රවෘත්ති සිරස්තල සිය ගණනකින්, නඩුව අසා අවසන් වන තුරු රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමකින් හා වසර ගණන් ඇදෙන නඩු හබයක් දක්වා දීර්ඝ විය හැකිය. බව දැන් සක් සුදක් සේ පැහැදිලියි. බී වාර්තාව පදනම් වන්නේම පොදු 35 වව්චර මත ය. එම අනුමැති ලැබුණු කොන්දේසි/පදනම ඇත්තේ ලිපි ගොනුවේය. අනාගතයේ උසාවියට කරුණු වාර්තා කර ඇප අයඳුම් කරන විට චූදිත රාජ්‍ය නිලධාරියා අනුමැතිය ලබා දුන් ලිපි ගොනුව නැත.
හිටපු ජනාධිපතිවරයා බන්ධනාගාර ගත වන්නේ ආරාධනා පත්‍රයේ විශ්වසනීයත්වය ගැන සැකකරන බව අධිකරණයේ දී පවසන නිසාය. අවම වශයෙන් ඊ මේල් පණිවුඩයකින් තහවුරු කර ගත හැකි දෙයක් වත් නොකර අත්අඩංගුවට ගැනීමට විමර්ශකයින්ට හැකියාව ඇත. අධිකරණය ද සැකය මත පදනම්ව හිටපු ජනපතිවරයෙකු ද රිමාන්ඩ් බන්ධනාගාර ගත කර එයට අනුකුලතාව දක්වා ඇත්තේය! ජනාධිපතිවරයෙකු හුදු සැකය නිසා රිමාන්ඩ් බන්ධනාගාර ගත වන්නේ නම්, පහල නිලධාරීන්ට දෙවි පිහිටමය.
රජයේ මුදල් පාලනය සම්බන්ධයෙන් පරිපාලන නිලධාරීන් සතු දැනුම, චක්‍රලේඛන, ව්‍යවහාරයන් කිසිදු නිදහසට කරුණක් නොවන බව පැහැදිලිය.
අභ්‍යන්තර විගණන අංශය මුදල් කාබාසිනියා කරන තැනක් මිසක් වැඩක් හරියට නොකරන බව මේ නඩුකරය සාක්ෂි ය. අද අට වන්නම නටා පිහිටවු ‘ස්වාධීන විගණන කොමිසමට’ හෝ කෝපා වලින් රිංගා ජනාධිපතිවරයාට විදේශ රටක තානාපති වරප්‍රසාද සහිතව හොර ගමණක් යා හැකි බවට දැන් අධිකරණයට කරුණු කියා ඇත.
සමන් තවමත් අත්අඩංගුවට පත් නොවූයේ මන්ද?
පී.බී. මැනික්දිවෙල ගේ සිට සමන් ඒකනායක දක්වා එදා මෙදා තුර ජනපති ලේකම්වරු සියළු දෙනා ජනපතිවරුන්ගේ පුද්ගලික හා රාජකාරි සම්බන්ධ වියදම් — ආරක්ෂාව, ප්‍රොටකෝල්, ගමන් විදයම්, පිළිබඳ කටයුතු කළ ව්‍යවහාරයක් ඇත. ජනපති හිටපු ලේකම්වරු හා ගණනාධිකාරීවරුන් විශේෂඥ සාක්ෂිකරුවන් ලෙස සමන්ට පක්ෂව අධිකරණයට කරුණු දක්වනු නිසැකය.
ලංකා ඉතිහාසයේ එදා මෙදා තුර සියළුම ජනපති ලේකම්වරුන් විදේශ ගමන් සම්බන්ධයෙන් ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවත්, වගකීම් පැහැර ඇති බවත්, රජයේ අධිනීතිඥවරයාට අධිකරණය හමුවේ ‘සාධාරණ සැකයෙන් තොරව’ ඔප්පු කර පෙන්වීමට සිදු වන්නේය. එය ‘සිදු කළ නොහැකි’ වැඩක් ලෙස පෙනීයයි.
මෙතැන අධි ගෙවීමක් සිදුව ඇතැයි මොහොතකට උපකල්පනය කරමු. ප්‍රශ්නය ඇත්තේ, සමන් ඒකනායකගේ අනුප්‍රාත්තික නිලධාරීයා (එනම් කුමානායක) එම මුදල් අය කර ගැනීමට ගනු ලැබූ පියවර කුමක් ද? යන්නය. උත්තරය, කිසිවක් නැත!
සමන් වරදක් කර ඇති නම්, වත්මන් ලේකම් ද, අනුප්‍රාප්තික නිලධාරියා ද ඒ හා සමාන වරදක් කර ඇත.
මෙහි අනෙක් පස තර්කය, ජනාධිපති ලේකම්ට ආයතන සංග්‍රහය හා මුදල් රෙගුලාසි අදාළ නොවේ! යන්නය.
වත්මන් ලේකම් කුමානායක ‘ජනාධිපති ලේකම්ට ආයතන සංග්‍රහය හා මුදල් රෙගුලාසි අදාල නොවේ යන ස්ථාවරයට යන්නේ නම්, ඔහු රනිල් – සමන්ට විරුද්ධ පැමිණිල්ල සිදු කළේ ඇයි ද? යන්න මතුවන්නේ ය. දැන් මේ නූල් බෝලය හොඳටම අවුල් කර ගෙන ඇත.
1973 ෆීලික්ස් ඩයස් ගේ යුගයේ ඉයන් වික්‍රමනායක මෙවැනිම ආකර්ශනීය ප්‍රවේශකින් කටයුතු කළ ආකාරය ‘සාරයක් මැද’ චිත්‍රපටියේ කතාවයි. ‘ලෝරන්ස් මාෆියාව’ නමින් රණසිංහ ප්‍රේමදාසගේ යුගයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති ලෝරන්ස් පෙරේරා හොරු අල්ලන්ට මෙලෙස ම කටයුතු කර ඇත. එම අවස්ථා දෙකේදීම ඊයන් වික්‍රමනායක මෙතඩ් එක ද, ලෝරන්ස් මෙතක් එක ද, ජනතාවට ආකර්ශනීය විය. දේශබන්දු තෙන්නකෝන් ගේ ‘යුක්තිය මෙහෙයුම’ ට අත් පොලසන් දුන් පිරිසක් ද රටේ වූහ.
කුමන හෝ වාසනාවකට, සමන්ටත්, රනිල් වික්‍රමසිංහටත් මේ උත්සවයේ නිල ආරාධනා පත්‍රය පමණක් නොව දිවා භෝජන සංග්‍රහයේ සමරු කාඩ් පත ද, මෙනූ පත, විඩියෝ, මෙට්‍රපොලිටන් පොලීසියේ වාහනය ගැන පවා සාක්ෂි සොයා ගැනීමට හැකිවී ඇත. එවැනි වාසනාවක් – හැකියාවක් රාජ්‍ය සේවයේ අවශේෂ සියළු දෙනාට තිබිය නොහැකිය. රාජ්‍ය සේවයේ සියළු නිලධාරීන් තමන් අත්සන් කරන, නිර්දේශ – අනුමත කරන පොදු 35වව්චරයක පමණක් නොව අනුමත – නිර්දේශ නියෝගයක ද, පිටපත් කොට තබා ගැනීම මතු ආරක්ෂාවට වැදගත් වනු ඇත. සෑම පොදු 35 වව්චර අත්සනක්ම, රාජ්‍ය දේපල අයථා පරිහණ නඩු නිමිත්තක් විය හැකිය. හෘර්දය වස්තුවේ කිරීට ධමනි අවහිරවී නැති නම් නඩුව අවසන් වන තුරු රිමාන්ඩ් බන්ධනාගාර ගත විය හැකිය.
පොදු 35 අනතුරුදායකයි. ප්‍රවේශමෙන් පරිහණය කරන්න.
රජිත් කීර්ති තෙන්නකෝන්









In the annals of Sri Lankan political history, few leaders have faced the daunting challenge of navigating a nation through complete economic collapse. Former President Ranil Wickremesinghe stands as a unique figure who has twice assumed the monumental responsibility of rescuing Sri Lanka from its worst economic crises—first in 2001 when the economy dropped below zero under CBK, and again in 2022 under Gotabaya. Despite holding just one parliamentary seat during the latter crisis, Wickremesinghe demonstrated the rare combination of expertise and courage required to pull a nation back from the brink of economic catastrophe.
Vietnamese Ambassador Trinh Thi Tam, in an interview with Daily Mirror, speaks about the way forward for enhancement of bilateral ties. She shares her views in this regard on the occasion of the 80th Anniversary of Viet Nam’s Independence Day (1945-2025) and the 55th anniversary of diplomatic relations between Viet Nam and Sri Lanka (1970–2025).
The state visit of President Anura Kumara Dissanayake to Viet Nam in May 2025 was a landmark event, marking the first state visit to Viet Nam by a Sri Lankan President since 2009. 


