තෙල්දෙණිය – දිගන අවසනාවන්ත සිදුවීම් ව්‍යාප්තවීමට පොලීසියේ ඇදහිය නොහැකි අකාර්යක්ෂමතාව හේතුවී තිබෙනවා.   ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය නිවේදනයක්
Posted on March 5th, 2018

පුවත්පත් නිවේදනය විධායක අධ්‍යක්ෂ/කැෆේ සංවිධානය

 මාර්තු 4 සහ 5 දින (ඊයේ සහ අද) මහනුවර තෙල්දෙණිය සහ දිගන ඇති වු පහරදීම්, දේපල අලාභ කිරීම්, ගිණි තැබීම් වලක්වා ගැනීමට පොලීසිය අසමත් වූ අතර ඔවුන්ගේ ඇදහිය නොහැකි අකාර්යක්ෂමතාව පුදුමයට කරුණක් බවත් ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍යේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

සිංහල ලොරි රථ රියදුරෙකුට බීමත් මුස්ලිම් තරුණයින් පිරිසක් පහරදී ඇති අතර තුවාල හේතුවෙන් මාර්තු 3 දින රියදුරු මරණයට පත් විය.  ඔහුගේ අවසන් කටයුතු අද දින සිදු කිරීමට නියමිතව තිබුණි. මරණය සිදුවීමෙන් පසුව සෙනසුරාදා දිනයේ තෙල්දෙණියේ කඩ සහ නිවාස කිහිපයකට පහරදී තිබුණි.  ඒ සම්බන්ධයෙන් සැක පිට පුද්ගලයින් 24 දෙනෙකු අත්අඩංගුවට පත් විය.  අද පෙරවරුවේ මෙම අත්අඩංගුවට පත් පිරිස නිදහස් කරන ලෙස තෙල්දෙණිය නගරයේ උද්ඝෝෂණයක් පැවැත්විණි. 

මාර්තු 4 දින මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් ප්‍ර‍කාශ කර සිටියේ අවමගුල් කටයුතු සිදුවන දින (අද) අවශ්‍ය පරිදි පොලිස් නිලධාරින් පිරිසක් මෙම ප්‍රදේශය පුරා යොදවන බව සහ කිසිදු සාමය කඩවීමකට ඉඩක් නොමැති බවයි.  අද පෙරවරු 7 පමණ සිට පොලීසිය තෙල්දෙණිය ආසන්නයේ සැරිසරනු ලැබිය. සමාජ ජාලා මගින් පෙ.ව. 10 ට තෙල්දෙණිය නගරය වෙත පැමිණෙන ලෙස සිංහල ජනතාවට ඉල්ලීම් කර තිබුණි. පෙ.ව. 11 වන විට ගැටුමක් ඇති විය හැකි තත්වයක් නිර්මාණය වී තිබුණි.  මෙම පිරිස් තෙල්දෙණිය පොලිස් ස්ථානය වෙත පැමිණ විරෝධය පළ කරන්න වූ අතර මුස්ලිම් වෙළෙදසැල්, නිවාස සහ වාහන ගිණි තැබීම ආරම්භ වූයේ සවස 1 ට පමණය. 

අද පෙරවරුවේ සිට සංවිධානාත්මක පිරිස් තෙල්දෙණිය සැරිසැරූ අතර ඒ අතර මඩකලපුව, ගල්කිස්ස, බේරුවල වැනි ස්ථානයන් හි ජාතිකවාදී ගැටුම් සම්බන්ධයෙන් මෙයට පෙර නම් කියැවී ඇති පිරිසක් ද විය.  ජනතා ප්‍රකෝප කිරීම් ආරම්භවන විට ආරක්ෂක අංශ ඒ සදහා මැදිහත් නොවී පැය 4 කට ආසන්න කාලයක් ගත කළේය.  සෙනසුරාදා (3) දින සිදුවීම් අනුව නිවාස හා දේපල අලාභ කිරීමේ අවදානම පිළිබද අවබෝධයක් ආරක්ෂක අංශ වෙත පැවතිය යුතුව තිබූ නමුත් අවසන් මෙහොත දක්වාම පොලීසිය ජනතාව එක් රැස්වීම වැලැක්වීමට පියවර ගැනීමට අසමත් විය.  දිගන සහ තෙල්දෙණිය නගරවල මුස්ලිම් ජාතිකයින් සතු දේපල ගණනාවක් අද දින සිදු වූ ප්‍ර‍හාර හේතුවෙන් විනාශයට පත් වී ඇත.

පොලීසිය විසින් ගැටුම් පාලනය සදහා දක්වන ලද අකාර්යක්ෂමතාව ඇදහිය නොහැකි බව ත්, ජාතිවාදී ගැටුම් මහනුවර දිස්ත්‍රික්කය පුරා ව්‍යාප්තවීම වලක්වා ගැනීමට වහා සියළු පියවර ගත යුතු බවත් ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය අවධාරණය කරයි.

කීර්ති තෙන්නකෝන්

විධායක අධ්‍යක්ෂ/කැෆේ සංවිධානය

2018 මාර්තු 5

5 Responses to “තෙල්දෙණිය – දිගන අවසනාවන්ත සිදුවීම් ව්‍යාප්තවීමට පොලීසියේ ඇදහිය නොහැකි අකාර්යක්ෂමතාව හේතුවී තිබෙනවා.   ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය නිවේදනයක්”

  1. NeelaMahaYoda Says:

    කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මුස්ලිම් කලහකාරී පිරිස බීමත් මුස්ලිම් තරුණයින් පිරිසක් වශයෙන් හදුන්වා දී ඇත්තේ ඔවුන් මත සුදු හුනු ආලේපකර කර ඇති වරද සුලු කොට දැක්වීම සඳහානොවේද? මුස්ලිම් තරුණයින් බීමත්ව සිටියානම් ඔවුන් මුස්ලිම් තරුණයින් හැටියට නම් කිරීමට නොහැකිවන්නේ ඔවුන් ඌරු මස් සේම මත්බීමෙන්ද වැළකී සිටින නිසාය.

  2. Nanda Says:

    Yes. If Keerithi can come very straight against Ranil and claim he is the mastermind of the bank robbery and also on others on other robberies, his use of words are deplorable at this instance. It is certainly seen as a white wash.

    “සිංහල ලොරි රථ රියදුරෙකුට බීමත් මුස්ලිම් තරුණයින් පිරිසක් පහරදී ඇති අතර තුවාල හේතුවෙන්..” is far too soft when compared to the possible truth,
    “එදින රාත්‍රියේ කුමාරසිංහගේ ලොරි රථය ත්‍රීරෝද රථයකට ඉස්සර කිරීමට ඉඩ ලබා නොදුන් බව සහ මාර්ගය අවහිර කර ඇති බවට සඳහන් කරමින් ත්‍රීරෝද රථයක සිටි තරුණයන් හතරෙදෙනෙකු ඔහුට අමානුෂික ලෙස පහරදී ඇත.
    සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ ඔහු පසුව රෝහල් ගත කර ඇති අතර මියයන තෙක්ම ඔහු මැෂින් අධාරයෙන් සිට ඇති බවද වාර්තාවෙයි”
    Here, this poor innocent Sinhala man’s body has been used to white wash the Muslim murderes terrorist act. How on this earh a slow moving 3 wheeler overtake a lorry ?

  3. Dilrook Says:

    I agree with Neela and Nanda.

    More Sinhala people get intoxicated than Muslims but they don’t go killing people of different ethnic communities.

    Intoxication is a foolish excuse for racial violence. It is in fact a carefully planned cover up for well planned racial violence as happened before. In 1983 some rioters were drunk and under the influence of narcotics. But they didn’t kill because of that. They planned to kill well before and consumed intoxicating agents supposedly to ease the commission of the killings and use it as an excuse to reduce the gravity of the crime in court.

    All those arrested in connection with the murder (possibly racially motivated) of an innocent Sinhala man must face punishment for aggravated murder. Otherwise social unrest will only boil over and spread to other parts of the country as people are convined murderers of a certain ethnic group always get away.

  4. Leela Says:

    කලහයක් අැති උනහම වත් බොරැ ‘සංහිඳියා’ කතා නැතිව පොලීසියට බර පටවන්නෙ නැතුව බහුතර ජනතාව අද රටේ අැති ජාතික ප්‍රශ්ණය තේරැම් ගත යුතුය්.
    අද රටේ නීතිය හැම ජාතියටම එක හා සමානව ක්‍රියාත්මක වෙන්නෙ නැහැ. උදා: බොහෝ නගර වල මුසල්මනයා මෝටර් බය්සිකල් පදින්නේ හෙල්මට් නැතිවය්. අද රටේ නීති මහ ජාතියට පමණක් විරැද්ධව ක්‍රියාත්මක කරනවා කියන බහුතරයේ හැගීම තමය් අද අාවේගයට සහ බොහෝ ප්‍රශ්ණ දුර දිග යෑමට මුල. රටේ සංස්කෘතිය ගරැ කරන ජාති භේදයකින් තොරව කාටත් එකසේ සලකන රජයක් පත් උනහම ජාතික සංහිඳියාව ඉබේම අැති වේවි. දුර්දාන්ත යහපාලනය පන්නමු.

  5. Ananda-USA Says:

    This Muslim – Sinhala CLASH in Theldeniya is a normal civil incident that has been EXPLOITED to PRE-TEXTUALLY ENGINEER a COMMUNAL CONFLICT by those who want to DIVERT ATTENTION AWAY from the INSTABILITY of the Yamapalanaya Govt, and PREVENT ITS IMPENDING FALL.

    The arrival of HIGHLY ORGANIZED GROUPS from Ampara to Theldeniya to BURN Muslim Shops in retaliation for the DEATH of the Sinhala man who died on Sunday after being hospitalized on Feb 22nd, and the subsequent KILLING of a Muslim Youth yesterday, was HIGHLY ORCHESTRATED to keep the communal fires BURNING!

    It is also an ATTEMPT to ALIENATE and DRIVE the tens of thousands of Muslims who VOTED AGAINST the Yamapalanaya in the RECENT LOCAL GOVT ELECTION away from the JO/Pohottuwa.

    Finally, it is an ATTEMPT to CREATE an EMERGENCY and JUSTIFY the APPOINTMENT of Sarath Fonseka as the Minister of Law & Order, so he can FREELY SUPPRESS LEGITIMATE CIVIL PROTESTS against the Yamapalanaya by the JO/Pohottuwa that were scheduled to BEGIN with a Massive Meeting in Nugegoda on March 7, 2018.

    These are the VERY SAME GOONS who created COMMUNAL CONFLICTS in 2014 to alienate minority groups, be they Christians, Muslims and Tamils, and DRIVE them away from the MR/UPFA Govt into the arms of the Yamapalanaya.

    Ask YOURSELVES … who STANDS TO BENEFIT from this CIVIL UNREST on the EVE of the VOTE OF THE NO-CONFIDENCE against the PARA-GATHI AGA-MATHI Ranil Baba of the 40 Thieves?

    The ANSWER is: None other than the CRIMINALS of the Yamapalanaya, DESPERATE to ILLEGALLY HOLD ONTO POWER at ALL COSTS, by FAIR MEANS or FOUL!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress